ගිරිබාව රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමෙන් ජලයෙන් යටවූ බඹරේ, පාළුවැව අවතැන්වූවන් බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ගියේය.
ජනතාවට අවශ්‍ය වියලි ආහාර, මෙට්ට, මදුරු දැල් ආදිය ලබාදීමද එහිදී සිදුවිය.
ආණ්ඩුව සතියකට පමණක් සහනාධාර වෙන්කර ඇති බවත් එය ප්‍රමාණවත් නොවන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
‘‘ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා තවත් සතියකට සහනාධාර දෙන්න. අවතැන්වූවන්ට මුදල් දෙන්න ඕනෑ. වතුර තාම බැහැලා නෑ. දෙන සහන මුදල් මදි. මේ මුදල් වෙනත් වැඩවලට යොදවලා. ඡන්දවලට දන්සල් දැම්මේ මේ මුදල් වලින්. අවුරුද්ද අවසානයේ ඉතිරිවෙලා තියෙන මුදල් ටික දන්සල් දාන්නයි ඩිජිටල් කටවුට් ගහන්නයි යොදවලා.‘‘
‘‘මුතුහෙට්ටිගම රට අතහැරලා ගිහිල්ලා, අපි අහන්නේ කොහොමද ඒක වුණේ කියලා. වීඅයිපී එකේ යන්න නිකන් බැහැනේ. එතනත් ආගමන විගමන නිලධාරීන් ඉන්නවා. ආණ්ඩුවට ඕනෑ හින්දා මුතුහෙට්ටිගම රටින් ගිහින්‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිව්වත් ඔය කව්රුවත් අපිට ආදරේට නෙවෙයි එන්නේ. මොනවා නැතත් අපිට සුරක්ෂිත රටක් දුන්නේ ජනාධිපති විතරයි. අපි කාටවත් කඩේ යන්නේ නැහැ. එ්ත් කොන්ද තියෙන නායකයෙක් කියලා ඉන්නේ එයා විතරයි. (නදී)
උපාලි, වෙනදා ආධාර බෙදලා නැත්ද? (නදී)
උඩුගම ධනුෂ්ක අය වගේ ඔය පැත්තේ කට්ටියම තමා ඕවට වග කියන්න ඕන.(දිල්)
මෙතනට මොකටද ඔය කතා? (නි)
ගංවතුරෙන් හානි වූ අයට ආධාර දෙනවට වඩා එයා අරින එකද වැදගත්? (නි)
උපාලි අදද දැක්කේ ආධාර දෙනවා? (නි)
ඔය අහිංසක මිනිසුන්ට දේශපාලනයෙන් වැඩක් නැහැ මහත්තයෝ (නි)
එදා බුද්ධි අංශය , පොලිසිය කවුරුත් ඉන්න දීලා නැහැ වගේ. එයාට යන්නම දොර ඇරලා තියලාද කොහෙද? (නි)
මුතුහෙට්ටිගම ගියේ කොහෙද කියලා දැන් කාගෙන්ද අහන්නේ? (නි)
ආණ්ඩු බලය නොමැති ඔබ ආධාර බෙදන්නේ කොහොමද? ටිකක් හිතන්න, කොච්චර අවතැන් වෙලාද? කොච්චර මුදලක් යනවද ඒ අයට ආධාර බෙදන්න? කොහෙන්ද එච්චර සල්ලි? (නි)
උපාලි, සහනාධාර අවශ්‍ය පරිදි බෙදන්නේ නැත්නම් ඒ දේවල් කවුරුහරි කළහම ඔයාට තියෙන අමාරුව මොකද්ද? හිතන්න මේ මිනිස්සු මොනතරම් අසරණ වෙලාද ඉන්නේ කියලා.මේවා මානුෂිය ආධාර කියලා හිතන්න. (නි)
අවතැන් වූ දුප්පත් මිනිසුන්ට විකාර කතා කියා කියා ඉන්නේ නැතුව පුළුවන් උදව්වක් කරන එක නේද හොඳ? (නි)
අපේ නායකතුමා කවදත් එකයි (නි)
මේක හොඳට පැහැදිලි දෙයක්. මුතුහෙට්ටිගම සිංගප්පුරුවට ගියේ කොහොමද කියලා අපි දන්නවා (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
දකුණේ ඉපදුනු කෙනෙක් හැටියට මුතුහෙට්ටිගම වගේ කෙනෙක් පාර්ලිමේන්තු යැවීම ගැන කනගාටු වෙනවා. නමුත් මම බද්දේගම නොවෙයි. ඔහු නගර සභාවකට නම් හොඳයි එතනින් එහාට නම් එපා. (නදී)
මොන පක්ෂයක කට්ටියටවත් සාමාන්‍ය මිනිසුන්ට වෙන විපත් ගැන අනුකම්පාවක් නැහැ. දෙපැත්තේම දේශපාලුවෝ ගස් කපලා පරිසරය විනාශ කරලා ස්වාභාවික විපත් වලට පසුබිම සකස්කරලා අවසානයි (නි)
අන්න එහෙමයි විපක්ෂේ තියෙන්න ඕනෑ. හැබැයි ඔතන විතරක් ගිහින් නිකන් එක දවසක් හිනාවෙලා ආවාට වැඩක් නැහැ. අපිටත් යාන්ත්‍රණයක් තියෙනවා කියලා යු.එන්.පි. තරුණ සංවිධාන එක්ක පෙන්වන්න ඕනෑ. එහෙමයි මිනිසුන්ව දිනන්න පුලුවන්. එහෙනම් රනිල් මැතිතුමනි, දැන් යන්න. පාක්ෂිකයන්ට කියන්න එකතුවෙන්න. දැන් අසරණ මිනිසුන්ට අවශ්‍ය දේවල් එකතු කරන්න. ඒවා කළමනාකරණය කරමින් දෙන්න. ඔබ වීරයෙක් වේවි! (නි)
විපතක් වුණහමයි ආධාර බෙදන්න ඕනෑ වෙන්නේ. නැතුව හැමදාම ආධාර බෙදන්න ඕනෑද? (නි)
උපාලි, ලංකාවේ නෙමෙයිද හිටියේ? (නි)
උපාලි , මේ වෙලාවට වියළි සලාක මිසක් ගංවතුර ගලන පැති වලට පත්වීම් බෙදන්න කියලද ඔයා කියන්නේ? (නි)
මඩකළපුව පැත්තටත් ගියා නම් හරි ඔය ගමන්ම... (නි)
ඡන්ද කාලයේ වටිනා වැඩක් කරලා අපේ නායකතුමා. (නි)
උපාලි මහත්තයෝ, ආධාර බෙදන්න පුළුවන් එක් කෙනෙකුට විතරද? ඡන්දය ළඟ හින්දනේ ආධාර බෙදන්නේ. (නි)
උපාලි ,මෙතැන බෙදන්නේ අවතැන්වුවන්ට අවශ්‍ය කෑම ඇතුළු දේවල් ටිකක්. එහෙම නැතුව බයිසිකල් , රයිස් කුකර්, රූපවාහිනී නෙමෙයි. (නි)
අපිත් ආධාර කරනවා. උපාලිත් පුළුවන් දෙයක් කරන්න. (නි)
මේවා මොනවද අනේ අපේ පැත්තේ වැස්සටත් කලින් සමහරු බෙදපු බෙදිල්ලේ හැටියට. (නි)
රටේ දුර්භික්ෂයක් ඇති වෙලා තියෙන්නේ.මේ කරන දේවල් වලට අහස පොළව වුනත් උහුලන් ඉදීවිද?
දැන් ඉතින් අපරාදේ අනෙක් දේවල්.කලින් මෙහෙම ගංවතුර ගලන බව දන්නවා නම් සැමන්, පරිප්පු, කිරිපිටි ටිකක් ගෙන්වන්න තිබුනා. (නි)
මෙහෙම එකපාරට කාලගුණ විපත් සිද්ධවෙන්න හේතුවක් නැහැ. (නි)
දැන් ගංවතුර ආධාර බෙදන්න පුළුවන් ආණ්ඩු පක්ෂයේ අයට විතරද ? බලනකොට බෙදිල්ලයි ගැනිල්ලයි ඔක්කොම ඒ ගොල්ලන්ට විතරයිනේ. (නදී)
වියලි සලාක නැතිව මේ මිනිස්සුන්ට සිල් රෙදි බෙදන්න කියලද උපාලි කියන්නේ ? (නදී)
උපාලි ට දැන් මේ අවතැන් උන අයට බෙදන්න දෙයක් නැති නම් ඡන්දෙ දවසට ඡන්දෙ දාන්න යන්න. මේගොල්ලන්ට බෝට්ටු ටිකක් හරි එවන්න බැරියැ. (නදී)
දැන් ඔහොම කිව්වට ඡන්දෙ දවසට වතුරට බැහැලා මේගොල්ලන්ව කරේ තියාගෙන පීනලා යාවි ඡන්ද පොළවල් වලට. (නදී)
කොහොම වුණත් මුතුහෙට්ටිගම තනිවම ස්වාධීනව ඡන්දෙ ඉල්ලුවත් දිනනවා. (නි)
දැන් එතකොට අනිත් පැත්තේ බලවතුන් මේ පැත්තේ ආවාද? විපක්ෂයට බැන බැන ගංවතුර නැති පැති වල විතරක් ඇවිදිනවා වගෙයි අපිට පෙනෙන්නේ. (නි)
සමහරු මේ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරන්නේ නැතුව එක එක්කෙනාගේ සහන මලු වල එල්ලිලා ඉන්නවා. (නි)
උපාලි, ඇති නේද අහගත් හරිය. (නි)
ඔව් ඉතින්, මුණසිංහ වගේ කට්ටිය ඉන්නකම් මුතුහෙට්ටිගමලා දිනන එක අහන්නත් දෙයක්ද? (නදී)
උපාලි , සිල් රෙද්ද මීටර් 5 ක් වත් දෙන්න. රටින් ගෙනාවේ. ඔයාලගේ බෙදන අය 03 මීටර් බෙදල 02 මීටර් මාටියා ගහනවා. බොරු නම් ගාල්ලේ පන්සල්වලට ඇවිත් බලන්න (නදී)
ගංවතුර ආධාර බෙදන්න ගියා නම් බෙදල එන්නේ නැතුව මොකටද දේශපාලනයක් ගාගන්නේ. ඔන්න මහත්තයෝ ලකුණු කපාගන්නේ ඔන්න ඔය වගේ දෙකේ පන්තියේ වැඩ වලින් තමයි හොදේ. (නදී)
ආණ්ඩුවේ කරන හොඳ උපරිමෙන් දකිනවා. වැරදි අතහැර දමනවා. විපක්ෂයේ හොඳ අතහැර දානවා, අඩුපාඩු උපරිමෙන් දකිනවා. (නදී)
අසරණ වුන අය ගොඩේ ආණ්ඩුවට කැමති අයත් ඇති. එතකොට මේ වගේ දේවල් කිය කියා සහන බෙදනකොට මොනවා හිතෙන්න ඇද්ද නේද ? (නදී)
උපාලිත් එක්ක හැමෝටම තද වෙලා වගේ නේ. (නදී)
ඩිල්ශාන්/බන්දුල ඔබතුමාගේ නියම නමින් අදහස පල කරන්න බයද ? (නදී)
කුමාර්, පණ්ඩිත බන්දුලගෙන් අහන්න. (නදී)
ඔය උපාලි නමින් අදහස් දාන කඩේ යන්නා කවුද කියලා මම නම් දන්නවා. (නදී)
එහෙමනම් දීලා , ඔයා අවතැන් වූ අයව ලේබල් ගහලා පෙන්නන්නකෝ . මේ උදවිය ආණ්ඩුවට පක්ෂපාතියි. මේ කට්ටිය විපක්ෂයේ ආධාර කරුවෝ කියලා. එතකොට අදාළ පැත්තේ කට්ටිය ලේබල් බල බලා ආධාර බෙදාවී. (හේ)
මහත්තයෝ ඔය කරන වැඩේ බොහොම හොඳයි. ගොඩක් පින් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ.(හේ)
එතුමා අවංක දේශපාලඥයෙක් .... (ම)
ගල් පැලෙන බොරු වේදිකාවල මොරදෙන සමහරුන්ට රටේ මෙහෙම විපතක් තියෙනවද කියලවත් පෙනෙනවද. (ම)
ඡන්දය කල්දමන්නට තරම් ආත්ම ශක්තියක් මැතිවරණ කොමසාරිස්ට නැද්ද?(දිල්)
ශ්රී ලංකා දේශපාලනය අසූචි කන්දකි. (නි)
ජයවේවා, මේ සැරේ කොහොම හරි දිනන්න ඕනා. (නදී)
ඔව් අරයලු ගුවන් තොටුපලට ඇරලවල තියෙන්නේ. (නදී)
ඔව් ඒක හරි, අහයපත් පාලනය නිසා තමා මේ ආපදා සිදුවන්නේ. රෙද්දේ පාලනය වෙනස් කරලා කලිසම් පාලනයක් ගෙනෙමු. අපි යෝජනා කරනවා අහසට ඉටි රෙදි දමා වැස්ස නවත්වන්නට. වැව වෙනුවට ලින් හදා දෙන්න. ජයවේවා (නදී)
කවදාවත් නැතුව මොකද ආධාර බෙදන්නෙ (අ)