වරෙන්තු නිකුත් කර සිටි නියෝජ්‍ය ඇමැති නිශාන්තමුතුහෙට්ටිගම රටින් පැන යාම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසූයේ ඔහු සිංගප්පූරුවේ සිට එනවිට අත් අඩංගුවට ගන්නා බවයි.
යද්දී අත් අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූවිට ඔහු කෙළින් පිළිතුරක් දුන්නේ නැත.
මුතුහෙට්ටිගම දක්ෂිණ අධිවේගයෙන් කටුනායකට යන බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා බ්‍රහස්පතින්දා රාත්‍රී 10.56ට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූ බව කියයි.
වහාම මේ බව කටුනායකට දන්වන බව ඇමතුම ගත් පොලිස් නිලධරයා ඔහුට කියා ඇත.
අනතුරුව රාත්‍රී 11.01ටත් 11.02ටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ කාර්ය භාර නිලධරයාට දුරකථන ඇමතුම් දෙකකින්ම දන්වා ඇත්තේ තව පැය දෙකකින් මුතුහෙට්ටිගම රටින් පිටවන බවයි.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුතුහෙට්ටිගම යන බව පොලිසියට තුන්පාරක්ම කියලා
සරත් ආනන්ද Friday, 26 December 2014 06:49 AM
අධිකරණ නියෝගයක් මඟ හරීන්න තරම් නෝන්ජල් වෙච්ච ලෝකයේ එකම පොලිසිය මේක වෙන්න ඇති නේද අජිත් මහත්තයෝ? මේක බලාගෙන ඉන්න තරුණ තරුණියන්ට තමන් ඉපදුන රටේ නීතිය හා සදාචාරය ගැන කොච්චර නම් කලකිරීමක් ඇති වෙනවද? (නදී)
සෙන්සා Friday, 26 December 2014 07:05 AM
සියලුම වැරැදි දේශපාලුවන්ට අපරාධයකින් හැංගිලා ඉන්න සිංගප්පූරුව හොද භූමි භාගයක්.(හේ)
ගාමිණි Friday, 26 December 2014 07:07 AM
සාමාන්‍ය පුරවසියෙක් එහෙම ඔහොම යන්න ගියානම් කොහොම මොනවා වේවිද?(හේ)
පතිරණ Friday, 26 December 2014 07:22 AM
නීතියක් නැති රටක්. යහපාලනයක් නැති බව මේකෙන්ම පේනවා.(හේ)
ප්‍රියා Friday, 26 December 2014 07:41 AM
නැවත ඔප්පුකරා නීතියක් නැති රටක්, මත්තලින් යන්න ගුවන් යානා නැද්ද ? එ්කනේ වෙනසක් අවශ්‍ය (නදී)
ජෙරමි Friday, 26 December 2014 07:51 AM
ආයෙමත් නාවට කමක් නැහැ සෛබීරියාවට යවන්න (නදී)
පද්මිණී Friday, 26 December 2014 08:02 AM
ඔය ඇමැතිලාගේ බරටම පොලිසියේ කොදු නැමිලා ඉතින් කෙලින් වචනයක් දෙන්න පුළුවන්ද?.(නදී)
සමන් Friday, 26 December 2014 08:26 AM
රටේ නීතියේ හැටි තමයි ඔය. අපේ ළමයිටවත් හොඳ කලක් තියෙයිද මන්දා (නදී)
මායාදුන්න Friday, 26 December 2014 08:32 AM
මෙයා මයිනනේ ..එයා කට අරින්නේ ආණ්ඩුවේ දේශපාලුවන් කියන විදිහට නේ....පව් මෛත්‍රී පාලනනයක් අාවහම වත් පොලිස් සේවය නිදහසින් කටයුතු කරයිනේ (බ)
සුගතපාල Friday, 26 December 2014 04:10 AM
වැඩක් නෑ කතා කරලා.(හේ)
ආකාශ් ලියනගේ Friday, 26 December 2014 04:12 AM
මහින්ද චින්තනයේ තවත් එක් ඉදිරි පියවරක්.(හේ)
gayan Friday, 26 December 2014 04:20 AM
"අනේ කලේ වනේ වාසේ" යනකොට අල්ලගන්න බරී එකේ එනකොට මොන කතාද? (ර)
ලක්මාල් Friday, 26 December 2014 04:22 AM
නීතිය හිමි පොඩි මිනිහට විතරයිද? (ර)
කරුණාජීව Friday, 26 December 2014 04:29 AM
මෙතන, මොකද්දෝ දෙයක් සිද්ධ වෙනවා. (ර)