වරෙන්තු නිකුත් කර සිටි නියෝජ්‍ය ඇමැති නිශාන්තමුතුහෙට්ටිගම රටින් පැන යාම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසූයේ ඔහු සිංගප්පූරුවේ සිට එනවිට අත් අඩංගුවට ගන්නා බවයි.
යද්දී අත් අඩංගුවට නොගත්තේ ඇයි දැයි ඇසූවිට ඔහු කෙළින් පිළිතුරක් දුන්නේ නැත.
මුතුහෙට්ටිගම දක්ෂිණ අධිවේගයෙන් කටුනායකට යන බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා බ්‍රහස්පතින්දා රාත්‍රී 10.56ට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූ බව කියයි.
වහාම මේ බව කටුනායකට දන්වන බව ඇමතුම ගත් පොලිස් නිලධරයා ඔහුට කියා ඇත.
අනතුරුව රාත්‍රී 11.01ටත් 11.02ටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ කාර්ය භාර නිලධරයාට දුරකථන ඇමතුම් දෙකකින්ම දන්වා ඇත්තේ තව පැය දෙකකින් මුතුහෙට්ටිගම රටින් පිටවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ නියෝගයක් මඟ හරීන්න තරම් නෝන්ජල් වෙච්ච ලෝකයේ එකම පොලිසිය මේක වෙන්න ඇති නේද අජිත් මහත්තයෝ? මේක බලාගෙන ඉන්න තරුණ තරුණියන්ට තමන් ඉපදුන රටේ නීතිය හා සදාචාරය ගැන කොච්චර නම් කලකිරීමක් ඇති වෙනවද? (නදී)
සියලුම වැරැදි දේශපාලුවන්ට අපරාධයකින් හැංගිලා ඉන්න සිංගප්පූරුව හොද භූමි භාගයක්.(හේ)
සාමාන්‍ය පුරවසියෙක් එහෙම ඔහොම යන්න ගියානම් කොහොම මොනවා වේවිද?(හේ)
නීතියක් නැති රටක්. යහපාලනයක් නැති බව මේකෙන්ම පේනවා.(හේ)
නැවත ඔප්පුකරා නීතියක් නැති රටක්, මත්තලින් යන්න ගුවන් යානා නැද්ද ? එ්කනේ වෙනසක් අවශ්‍ය (නදී)
ආයෙමත් නාවට කමක් නැහැ සෛබීරියාවට යවන්න (නදී)
ඔය ඇමැතිලාගේ බරටම පොලිසියේ කොදු නැමිලා ඉතින් කෙලින් වචනයක් දෙන්න පුළුවන්ද?.(නදී)
රටේ නීතියේ හැටි තමයි ඔය. අපේ ළමයිටවත් හොඳ කලක් තියෙයිද මන්දා (නදී)
මෙයා මයිනනේ ..එයා කට අරින්නේ ආණ්ඩුවේ දේශපාලුවන් කියන විදිහට නේ....පව් මෛත්‍රී පාලනනයක් අාවහම වත් පොලිස් සේවය නිදහසින් කටයුතු කරයිනේ (බ)
වැඩක් නෑ කතා කරලා.(හේ)
මහින්ද චින්තනයේ තවත් එක් ඉදිරි පියවරක්.(හේ)
"අනේ කලේ වනේ වාසේ" යනකොට අල්ලගන්න බරී එකේ එනකොට මොන කතාද? (ර)
නීතිය හිමි පොඩි මිනිහට විතරයිද? (ර)
මෙතන, මොකද්දෝ දෙයක් සිද්ධ වෙනවා. (ර)