වරෙන්තු නිකුත්ව තිබියදී නියොජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් ලංකාදීප එසැණ පුවත් ඇසූ ප්‍රශ්න සහ ලැබුණු පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාමට ගුවන් තොටුපළට එන බවට බ්‍රහස්පතින්දා (25) රාත්‍රී 10.56 ට 119 දුරකථන අංකයට යමෙකු දැනුම් දී තිබේද? ඊට පසුව දෙවරක්ම ඔබේ කාර්යාලයටත් දැනුම්දී ඇද්ද?
පිළිතුරු - මට එසේ තොරතුරු ලැබී තිබෙනවා. ලැබුණු දුරකථන අංකය පිළිබඳව රාජකාරි නොකරම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වනවා.
ප්‍රශ්නය - නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ප්‍රකට පුද්ගලයකු ගුවන් තොටුපළින් පලා ගියේ කෙසේද?
පිළිතුරු - ඔහු ගොස් තිබෙන්නේ ප්‍රභූ පර්යන්තය ඔස්සේ එහි පොලිස් නිලධාරීන් නැහැ. අනෙක අප ඔහුට රටින් පිටව යාම තහනම් කර අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණෙත් නැහැ.
ප්‍රශ්නය - බද්දේගම අධිකරණය මේ වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ පොලිස්පතිවරයා වෙතටය.
පිළිතුරු - ඔව්, එය බදාදා තැපැල් කළ බවට ආරංචියි කෙසේ වෙතත් මේ වන විට එය පොලිස්පතිවරයාට ලැබී තිබුණේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද සිංගප්පුරුවට පැනලා යනකෙටත් ඔහොම තමයි කිව්වේ. (නදී)
අද මම තීරණය කලේ මෛත්‍රීට ඡන්දය දෙන්න. මේ සේරම බබාලා . මේ දෙයම ඇති වෙනසකට යන්න. සාමාන්‍ය ජනතාවට පිහිටක් කොයින්ද? (නදී)
අනේ අපේ පොලිසිය! (නි)
ප්‍රභූ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් නැද්ද? (නි)
මේක හරියට තුනේ පන්තියේ පොඩි අයගේ සුරංගනා කතාවක් වගෙයි මට නම් (නි)
රජයටයි විපක්ෂයටයි එක හා සමාන විදියට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කිවුවනේ. හරි. ජනවාරි 8න් පසුව හරියට නීතිය ක්‍රියාත්මක කළ හැකිවේවි. (නි)
සාමාන්‍ය මිනිසුන්ගෙ නම් අවශ්‍ය අනවශ්‍ය හැමදේම බලනවා සැකහිතුනහම. මුලු රටම දන්නවා එතුමාට වරෙන්තු තියෙනවා කියලා. ඒත් නීතිය? මේ ඡන්දය තියෙන වෙලාවෙවත් මේවාට විරුද්ධව වැඩ කරන්නෙ නැත්තේ ඇයි? ගස් බැඳපු එකයි, අමතක වුණ එකයි, මේකයි තුනම එකයි. යහපාලනයක මේවා වෙන්න පුලුවන්ද? (නි)
මුතුහෙට්ටිගම මහත්තයා මී පැටියෙක් විතර ඇතිනේ? එයා යනකොට කවුරුත් දකින්න නැතුව ඇති. (නි)
මෙහෙම කතා කරන්නේ කොහොමද දන්නෙ නැහැ (නි)
හොඳ වෙලාවට තැපෑලේ වර්ජනයක් තිබුනේ නැහැ. නැත්නම් වර්ජනේ එහෙම ඉවරවෙලා වරෙන්තුව තැපෑලෙන් එනකොට කොච්චර කල් යයිද? (බ)
අනේ පවු අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා (නි)
දැන් ඊළඟට කියයිද දන්නේ නැහැ, යනකොට පෙනුනේ නැහැ කියලා. (නි)
ඔබ තුමා බබා (බ)
හොරු සමඟ හෙලුවෙන්. නීතිගරුක සාදාරණ යුක්ති ගරුක සමාජයක් උදෙසා මෛත්‍රී වටා එක්වෙමු. (නදී)
හිනා යනවා මේ කතා වලට (දිල්)
ජනතාවට විහිලු සපයන්නෝ (දිල්)
ඡන්දෙන් පස්සේ මිනිහ එයි කිසි කරදරයක් නැතුව.(දිල්)
අර කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණලුනේ ?(දිල්)
ටෙනිසන් ,බන්දු මොන විහිළු කාරයෝද මෙයා එක්ක බලද්දී (දිල්)
බබාලන්තේ බබලගේ බබා (අ)
ඔබ වගකීමෙන්ද ඔය කියන්නේ. වී.අයි.පී එකෙන් ගියොත් ඕන ජඩ වැඩක් කරලා වරෙන්තු සීයක් තිබ්බත් රටින් පිටව යා හැකියි කියලද ඔබ තුමා කියන්නේ. එ්ක සිද්ද වෙන්ඩ පුළුවන් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ විතරයි නේද. අනේ අපොයි අපේ පොලිසියට ගිය කල දසාව. (නදී)
මොන නීතියක්ද මේ?(හේ)
මත්තල ගිහින් එලියට ගිය නම් මාර වටිනවා.(හේ)
21 සියවසේ නේද අපි ඉන්නේ (අ)
ජ්‍යෙෂ්ට විහිලු අදිකාරී කෙනෙක් දැක්කමයි . (අ)
ගුවන් තොටුපලට තහනම් නියෝගයක් ලැබිල නැත්නම් යන්න පුළුවන්. ගුවන් තොටුපල දැනුවත් කරලා තියෙනවනම් ආපහු එනකොට අල්ලන්න පුළුවන්' (අ)
එතකොට නිල ඇඳුම ඇඟේ තිබුණාද ? (අ)
හිනවෙන්නද අඩන්නද මන්ද මේවාට.(හේ)
මටනම් හිනායන්නේ නැහැ ඇඩෙනවා. (අ)
අනේ පොලිස් මහත්වරුණේමේ වගේ බාල්දු වෙවී මොනවට ඔය සේවයේ යෙදී ඉන්නවද? (අ)
මිතුරණි... ගරු අධිකරණයෙන් වරෙන්තු නිකුත් කල විට එම අධිකරණය තුල සිටින පොලිස් නිලධාරියකු වහාම එතැනින් නැගිට විත් පොලිස්පති තුමා සොයමින් කාර්යාලයට හෝ නිවසට දුවගොස් වරෙන්තු නිකුත් කල බව වාචිකව දැනුම් දීම ප්‍රායෝගික නොවන වගකීම් විරහිත රාජකාරී ක්‍රමයකි. ඒ සදහා නිසි රාජකාරී ක්‍රම වේද තිබේ. (අ)
ඔව් සහන්......මෙයා බබා ..(හේ)
ඔය බොරු කියන්න වෙන්නේ ටික දවසනේ. (දිල්)
දැන් කට්ටියට තේරුම්ගන්න පුළුවන්නේ, රටේ නීතිය කොයිබටද කියලා (නි)
ඔබතුමාත් ඔය නිල ඇඳුම ගලවල තියල ගෙදර ගියානම් මීට වඩා හොඳයි (නදී)
අනේ අපොයි! (නි)
මෙයා කිව්වා වදුරඹ ඕ.අයි.සී නිවටයෙක් කියා. දැන් කව්ද නිවටයා/ කවටයා කියා ජනතාවට පේනවා.. 8 වැනිදා අපි මේවට පිළිතුරු දෙමු. උදේම ඡන්දය දීල ගෙදර එමු. (නදී)
අද තියෙන පොලිස් දෙපාර්තමේන්තුවයි ඔයවගේ නිලධාරියෝයි රටටම ලැජ්ජාවක්. (ම)
මේ වගේ පොලිස් කාරයෝ ඉන්නකන් රටේ නීතිය නෑ. ඉස්සෙල්ල මේ වගේ උන්ට ගහන්න ඕන. (ම)
ඇයි අනේ ඔබ ඔච්චරම විහිළු සපයන්නේ (නදී)
මහා වේදිකා උඩ නැගල මොනවද මේ කියන්නේ ? මේකද රටේ නීතිය ? මේකද රටේ යහ පාලනය මේවා දිහා බලලම අපේ සිරිසේන මැතිතුමාව දිනවිය යුතුයි. (නදී)
කට්ටිය නම් කියයි. කරන්න ඕනේ අපිනේ (නදී)