IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මුතුහෙට්ටිගම පනින බව පොලිසිය දනී

වරෙන්තු නිකුත්ව තිබියදී නියොජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ  මහතාගෙන් ලංකාදීප එසැණ පුවත් ඇසූ ප්‍රශ්න සහ ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාමට ගුවන් තොටුපළට එන බවට බ්‍රහස්පතින්දා (25) රාත්‍රී 10.56 ට 119 දුරකථන අංකයට යමෙකු දැනුම් දී තිබේද? ඊට පසුව දෙවරක්ම ඔබේ කාර්යාලයටත් දැනුම්දී ඇද්ද?

පිළිතුරු - මට එසේ තොරතුරු ලැබී තිබෙනවා. ලැබුණු දුරකථන අංකය පිළිබඳව රාජකාරි නොකරම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වනවා.

ප්‍රශ්නය - නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ප්‍රකට පුද්ගලයකු ගුවන් තොටුපළින් පලා ගියේ කෙසේද?

පිළිතුරු - ඔහු ගොස් තිබෙන්නේ ප්‍රභූ පර්යන්තය ඔස්සේ එහි පොලිස් නිලධාරීන් නැහැ. අනෙක අප ඔහුට රටින් පිටව යාම තහනම් කර අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණෙත් නැහැ.

ප්‍රශ්නය - බද්දේගම අධිකරණය මේ වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ පොලිස්පතිවරයා වෙතටය.

පිළිතුරු - ඔව්, එය බදාදා තැපැල් කළ බවට ආරංචියි කෙසේ වෙතත් මේ වන විට එය පොලිස්පතිවරයාට ලැබී තිබුණේ නැහැ.



අදහස් (0)

මුතුහෙට්ටිගම පනින බව පොලිසිය දනී

රත්නවීර Friday, 26 December 2014 05:01 PM

දුමින්ද සිංගප්පුරුවට පැනලා යනකෙටත් ඔහොම තමයි කිව්වේ. (නදී)

:       0       0

චන්දන Friday, 26 December 2014 05:14 PM

අද මම තීරණය කලේ මෛත්‍රීට ඡන්දය දෙන්න. මේ සේරම බබාලා . මේ දෙයම ඇති වෙනසකට යන්න. සාමාන්‍ය ජනතාවට පිහිටක් කොයින්ද? (නදී)

:       0       0

අශාන් Friday, 26 December 2014 06:01 PM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

සමන් Friday, 26 December 2014 06:59 PM

ප්‍රභූ පර්යන්තයේ ආගමන විගමන නිලධාරීන් නැද්ද? (නි)

:       0       0

කුමාර් Friday, 26 December 2014 07:14 PM

මේක හරියට තුනේ පන්තියේ පොඩි අයගේ සුරංගනා කතාවක් වගෙයි මට නම් (නි)

:       0       0

හෆීල් Friday, 26 December 2014 07:36 PM

රජයටයි විපක්ෂයටයි එක හා සමාන විදියට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කිවුවනේ. හරි. ජනවාරි 8න් පසුව හරියට නීතිය ක්‍රියාත්මක කළ හැකිවේවි. (නි)

:       0       0

ඩිල්ෂානි Friday, 26 December 2014 11:13 PM

සාමාන්‍ය මිනිසුන්ගෙ නම් අවශ්‍ය අනවශ්‍ය හැමදේම බලනවා සැකහිතුනහම. මුලු රටම දන්නවා එතුමාට වරෙන්තු තියෙනවා කියලා. ඒත් නීතිය? මේ ඡන්දය තියෙන වෙලාවෙවත් මේවාට විරුද්ධව වැඩ කරන්නෙ නැත්තේ ඇයි? ගස් බැඳපු එකයි, අමතක වුණ එකයි, මේකයි තුනම එකයි. යහපාලනයක මේවා වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

විජයසිරි Friday, 26 December 2014 11:27 PM

මුතුහෙට්ටිගම මහත්තයා මී පැටියෙක් විතර ඇතිනේ? එයා යනකොට කවුරුත් දකින්න නැතුව ඇති. (නි)

:       0       0

චමිලා Saturday, 27 December 2014 01:24 AM

මෙහෙම කතා කරන්නේ කොහොමද දන්නෙ නැහැ (නි)

:       0       0

උපාලි Friday, 26 December 2014 09:46 AM

හොඳ වෙලාවට තැපෑලේ වර්ජනයක් තිබුනේ නැහැ. නැත්නම් වර්ජනේ එහෙම ඉවරවෙලා වරෙන්තුව තැපෑලෙන් එනකොට කොච්චර කල් යයිද? (බ)

:       0       0

චලන Saturday, 27 December 2014 01:54 AM

අනේ පවු අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා (නි)

:       0       0

දිලාන් Saturday, 27 December 2014 02:07 AM

දැන් ඊළඟට කියයිද දන්නේ නැහැ, යනකොට පෙනුනේ නැහැ කියලා. (නි)

:       0       0

සහන් Friday, 26 December 2014 09:58 AM

ඔබ තුමා බබා (බ)

:       0       0

සුරංග Saturday, 27 December 2014 02:23 AM

හොරු සමඟ හෙලුවෙන්. නීතිගරුක සාදාරණ යුක්ති ගරුක සමාජයක් උදෙසා මෛත්‍රී වටා එක්වෙමු. (නදී)

:       0       0

කාංචන Friday, 26 December 2014 10:19 AM

හිනා යනවා මේ කතා වලට (දිල්)

:       0       0

අචින්ත Friday, 26 December 2014 10:20 AM

ජනතාවට විහිලු සපයන්නෝ (දිල්)

:       0       0

ඇසළ Friday, 26 December 2014 10:27 AM

ඡන්දෙන් පස්සේ මිනිහ එයි කිසි කරදරයක් නැතුව.(දිල්)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 26 December 2014 10:28 AM

අර කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුණලුනේ ?(දිල්)

:       0       0

ඇන්ටන් Friday, 26 December 2014 10:30 AM

ටෙනිසන් ,බන්දු මොන විහිළු කාරයෝද මෙයා එක්ක බලද්දී (දිල්)

:       0       0

ප්‍රනාන්දු Friday, 26 December 2014 10:34 AM

බබාලන්තේ බබලගේ බබා (අ)

:       0       0

දිලිනි Saturday, 27 December 2014 03:52 AM

ඔබ වගකීමෙන්ද ඔය කියන්නේ. වී.අයි.පී එකෙන් ගියොත් ඕන ජඩ වැඩක් කරලා වරෙන්තු සීයක් තිබ්බත් රටින් පිටව යා හැකියි කියලද ඔබ තුමා කියන්නේ. එ්ක සිද්ද වෙන්ඩ පුළුවන් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ විතරයි නේද. අනේ අපොයි අපේ පොලිසියට ගිය කල දසාව. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 26 December 2014 10:50 AM

මොන නීතියක්ද මේ?(හේ)

:       0       0

සෙනුර Friday, 26 December 2014 10:54 AM

මත්තල ගිහින් එලියට ගිය නම් මාර වටිනවා.(හේ)

:       0       0

සිරි Friday, 26 December 2014 11:01 AM

21 සියවසේ නේද අපි ඉන්නේ (අ)

:       0       0

පබා Friday, 26 December 2014 11:12 AM

ජ්‍යෙෂ්ට විහිලු අදිකාරී කෙනෙක් දැක්කමයි . (අ)

:       0       0

දහම් Friday, 26 December 2014 11:12 AM

ගුවන් තොටුපලට තහනම් නියෝගයක් ලැබිල නැත්නම් යන්න පුළුවන්. ගුවන් තොටුපල දැනුවත් කරලා තියෙනවනම් ආපහු එනකොට අල්ලන්න පුළුවන්' (අ)

:       0       0

හසිත් Friday, 26 December 2014 11:21 AM

එතකොට නිල ඇඳුම ඇඟේ තිබුණාද ? (අ)

:       0       0

ප්‍රනාන්දු Friday, 26 December 2014 11:39 AM

හිනවෙන්නද අඩන්නද මන්ද මේවාට.(හේ)

:       0       0

චින්තක Friday, 26 December 2014 11:53 AM

මටනම් හිනායන්නේ නැහැ ඇඩෙනවා. (අ)

:       0       0

චානක. Friday, 26 December 2014 12:17 PM

අනේ පොලිස් මහත්වරුණේමේ වගේ බාල්දු වෙවී මොනවට ඔය සේවයේ යෙදී ඉන්නවද? (අ)

:       0       0

රුවන් Friday, 26 December 2014 12:18 PM

මිතුරණි... ගරු අධිකරණයෙන් වරෙන්තු නිකුත් කල විට එම අධිකරණය තුල සිටින පොලිස් නිලධාරියකු වහාම එතැනින් නැගිට විත් පොලිස්පති තුමා සොයමින් කාර්යාලයට හෝ නිවසට දුවගොස් වරෙන්තු නිකුත් කල බව වාචිකව දැනුම් දීම ප්‍රායෝගික නොවන වගකීම් විරහිත රාජකාරී ක්‍රමයකි. ඒ සදහා නිසි රාජකාරී ක්‍රම වේද තිබේ. (අ)

:       0       0

චානක. Friday, 26 December 2014 12:19 PM

ඔව් සහන්......මෙයා බබා ..(හේ)

:       0       0

මහබාගේ Saturday, 27 December 2014 07:28 AM

ඔය බොරු කියන්න වෙන්නේ ටික දවසනේ. (දිල්)

:       0       0

නවීන් Saturday, 27 December 2014 07:50 AM

දැන් කට්ටියට තේරුම්ගන්න පුළුවන්නේ, රටේ නීතිය කොයිබටද කියලා (නි)

:       0       0

අාසිරි Friday, 26 December 2014 12:28 PM

ඔබතුමාත් ඔය නිල ඇඳුම ගලවල තියල ගෙදර ගියානම් මීට වඩා හොඳයි (නදී)

:       0       0

සජිත් Saturday, 27 December 2014 08:21 AM

අනේ අපොයි! (නි)

:       0       0

චන්දන Friday, 26 December 2014 12:33 PM

මෙයා කිව්වා වදුරඹ ඕ.අයි.සී නිවටයෙක් කියා. දැන් කව්ද නිවටයා/ කවටයා කියා ජනතාවට පේනවා.. 8 වැනිදා අපි මේවට පිළිතුරු දෙමු. උදේම ඡන්දය දීල ගෙදර එමු. (නදී)

:       0       0

හුසේන් මොහොමඩ් Friday, 26 December 2014 12:44 PM

අද තියෙන පොලිස් දෙපාර්තමේන්තුවයි ඔයවගේ නිලධාරියෝයි රටටම ලැජ්ජාවක්. (ම)

:       0       0

නිමල් Friday, 26 December 2014 12:46 PM

මේ වගේ පොලිස් කාරයෝ ඉන්නකන් රටේ නීතිය නෑ. ඉස්සෙල්ල මේ වගේ උන්ට ගහන්න ඕන. (ම)

:       0       0

ඉන්දික ගාලේවත්ත Friday, 26 December 2014 12:59 PM

ඇයි අනේ ඔබ ඔච්චරම විහිළු සපයන්නේ (නදී)

:       0       0

ඉන්ද්‍රා Friday, 26 December 2014 01:07 PM

මහා වේදිකා උඩ නැගල මොනවද මේ කියන්නේ ? මේකද රටේ නීතිය ? මේකද රටේ යහ පාලනය මේවා දිහා බලලම අපේ සිරිසේන මැතිතුමාව දිනවිය යුතුයි. (නදී)

:       0       0

ශ්‍රී ලාල් Friday, 26 December 2014 01:08 PM

කට්ටිය නම් කියයි. කරන්න ඕනේ අපිනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site