දැඩි කොන්දේසි සහිතව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප නියම කළ බද්දේගම මහේස්ත්‍රාත් චන්දන එදිරිමාන්න මහතා බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පොලිසි අටකට ඇතුළුවීම තහනම් කළේය. රුපියල් ලක්ෂ පහ බැගින් වූ සමීපත ම ඥාතීන්ගේ ශරිර ඇප දෙකක් මත මුදාහළ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද උසාවි භාරයට ගත්තේය. ඔහුට තරයේ අවවාද කරමින් මහේස්ත්‍රාත් පැවසුවේ ඔහු වරෙන්තු පිට සිටිය දී සිංගප්පූරුවට යන අවස්ථාවේ දී උසාවියට ගරු කරමින් 29 දා උසාවියට ඉදිරිපත් වන්නේයැයි මාධ්‍යයට කළ ප්‍රකාශය සළකා බලමින් ඇප ලබාදෙන බවයි. ඔහු වැනි මහජන නියෝජිතයන්ගේ චර්යාව දෙස ලෝකයම බලා සිටින බැවින් ආදර්ශවත් ලෙස හැසිරෙන්නැයි ද මහේස්ත්‍රාත් වරයා අවවාද කළේය.
මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු මෙත්සිරි චාමින්ද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම නඩුව අවසන්වනතුරු වදුරඹ, බද්දේගම, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම, නාගොඩ හා පෝද්දල පොලිසිවලට ඇතුළු වීමට අවසර නැත. ඒ යම් පොලිසියකට පැමිණිල්ලක කිරීමට අවශ්‍යනම් එය සහකාර පොලිස් අධිකාරී වරයකුට ඉදිරිපත් කරන ලෙස උසාවිය නියෝග කළේය. නඩුව යලි ජනවාරි 26 දිනට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුළු වුනොත් පිට වෙන්නත් බෑ.(හේ)
මේ මහත්වරුන්ගේ තරබාරු කමෙන් පේනවා දුවල පැනල ජනතාවට සේවයක් කරන උදවිය කියලා.
අනේ මන්දා! මේ මොන රටේ වෙන දේවල්ද කියලා හිතාගන්නවත් බැහැ (නි)
ගිරවෝ, කොන්ද? (නදී)
මේ මනුස්සය විතරක් අල්ලාගෙන ලෝකෙට පේන්න අච්චු කරලා හරියන්නේ නැහැ. දැන් අන්න අර කලා කරුවන්ට ගහපු නිල පාට ඇඳ ගත්ත කට්ටිය අල්ල ගන්න ඕන නේද ? (නදී)
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි. දැන් ඉතින් ඡන්දෙ ඉවරවෙනකන්ම ගාලු දිස්ත්‍රික්කයේම ගිහින් ඩෙගා නටයි.(නදී)
සලමන් ඛාන් නෙමෙයි මෙය නේ නළුවා. (ර)
ඒක හොදයි.මෙයා තව ටික දවසක් ඇතුලේ තියන්න තිබ්බේ.(හේ)
මොහු එළියේ ඉන්න එකෙන් අනෙක් පැත්තටයි වාසි (නි)
නීතිය කාටත් සමාන විය යුතුයි.(හේ)
ජනවාරි 26 නව රජය යටතේ නිසි දඬුවම ලබා දෙමු.(නදී)
මොකද අප්පේ මේ එක පාරටම නීතියේ ආධිපත්‍ය පියාඹල ඇවිත් තියෙන්නේ ලංකා දෙරණට. මට අට වෙනිදාට වැරදීමක් වත් වෙයි ද (නදී)
අවවාද කරලා වැඩක් තියෙයිද? (නි)
නිශාන්ත මහතාට ජයවේවා(දිල්)
මෙයා ඡන්දේ ඉවර වෙනකන් හංගලා තිබ්බා නම් නරකද?(හේ)
මේ වගේ අයට ඡන්දේ දෙන අයට ගහන්න ඕනේ.(හේ)
මාධ්‍යවලට කරන ප්‍රකාශ වුනත් සැලකිල්ලට ගන්නවා එහෙනම්? හොඳ උපදේශයක් මෙයාවගේ හැසිරෙන අනික් අයටත්.(හේ)
අපේ කාලයේ වීර සුර එඩිතර පුංචි පුතෙක් .! මෙච්චර සැර පොලිසියටවත් බය නෑනේ (දිල්)
ඔව් දැන් ඡන්දේ නිසා නීතිය ක්‍රියාත්මකයි.(හේ)
එකතරා නාඩගමක් මෙහෙම අවසන් වුනා , විනිසුරුගේ අවවාදය ඉතා වටිනා එකක් , මොහු මෙන් හැසිරෙන අනික් දේශපලුවන්ටත් පාඩමක් මේක.(හේ)
කට්ටියට දැන් සතුටුද? (නි)
පංචස්කන්ධයේ තරමට මොළය තිබුනා නම් මොනතරම් වටිනා කියන කෙනෙක්ද? (නි)
ජයවේවා! (නි)
මේ තියෙන්නේ යහපාලනය. තව මොකටද මෛත්‍රී පාලනයක්.(දිල්)
අනේ මන්ද මිනිහ හොදයි කියන කට්ටියක් ඉන්නවනේ මම ජනාධිපති නම් ගහනවා මඩු වලිගෙන් (නදී)