දැඩි කොන්දේසි සහිතව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප නියම කළ බද්දේගම මහේස්ත්‍රාත් චන්දන එදිරිමාන්න මහතා බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පොලිසි අටකට ඇතුළුවීම තහනම් කළේය. රුපියල් ලක්ෂ පහ බැගින් වූ සමීපත ම ඥාතීන්ගේ ශරිර ඇප දෙකක් මත මුදාහළ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද උසාවි භාරයට ගත්තේය. ඔහුට තරයේ අවවාද කරමින් මහේස්ත්‍රාත් පැවසුවේ ඔහු වරෙන්තු පිට සිටිය දී සිංගප්පූරුවට යන අවස්ථාවේ දී උසාවියට ගරු කරමින් 29 දා උසාවියට ඉදිරිපත් වන්නේයැයි මාධ්‍යයට කළ ප්‍රකාශය සළකා බලමින් ඇප ලබාදෙන බවයි. ඔහු වැනි මහජන නියෝජිතයන්ගේ චර්යාව දෙස ලෝකයම බලා සිටින බැවින් ආදර්ශවත් ලෙස හැසිරෙන්නැයි ද මහේස්ත්‍රාත් වරයා අවවාද කළේය.
මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු මෙත්සිරි චාමින්ද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම නඩුව අවසන්වනතුරු වදුරඹ, බද්දේගම, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම, නාගොඩ හා පෝද්දල පොලිසිවලට ඇතුළු වීමට අවසර නැත. ඒ යම් පොලිසියකට පැමිණිල්ලක කිරීමට අවශ්‍යනම් එය සහකාර පොලිස් අධිකාරී වරයකුට ඉදිරිපත් කරන ලෙස උසාවිය නියෝග කළේය. නඩුව යලි ජනවාරි 26 දිනට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුතුහෙට්ගමට පොලිසි අටකට ඇතුළුවෙන්න බෑ
ප්‍රනාන්දු Monday, 29 December 2014 04:21 PM
ඇතුළු වුනොත් පිට වෙන්නත් බෑ.(හේ)
ඉසුරන්දි Tuesday, 30 December 2014 07:37 AM
මේ මහත්වරුන්ගේ තරබාරු කමෙන් පේනවා දුවල පැනල ජනතාවට සේවයක් කරන උදවිය කියලා.
බන්දුල ද සිල්වා Monday, 29 December 2014 05:24 PM
අනේ මන්දා! මේ මොන රටේ වෙන දේවල්ද කියලා හිතාගන්නවත් බැහැ (නි)
කමල් Monday, 29 December 2014 06:42 PM
ගිරවෝ, කොන්ද? (නදී)
හසිත් Monday, 29 December 2014 09:10 AM
මේ මනුස්සය විතරක් අල්ලාගෙන ලෝකෙට පේන්න අච්චු කරලා හරියන්නේ නැහැ. දැන් අන්න අර කලා කරුවන්ට ගහපු නිල පාට ඇඳ ගත්ත කට්ටිය අල්ල ගන්න ඕන නේද ? (නදී)
කුමාර් Monday, 29 December 2014 09:11 AM
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගෙයි. දැන් ඉතින් ඡන්දෙ ඉවරවෙනකන්ම ගාලු දිස්ත්‍රික්කයේම ගිහින් ඩෙගා නටයි.(නදී)
ගගන Monday, 29 December 2014 07:46 PM
සලමන් ඛාන් නෙමෙයි මෙය නේ නළුවා. (ර)
සමීර Monday, 29 December 2014 09:31 AM
ඒක හොදයි.මෙයා තව ටික දවසක් ඇතුලේ තියන්න තිබ්බේ.(හේ)
ද සිල්වා Monday, 29 December 2014 08:44 PM
මොහු එළියේ ඉන්න එකෙන් අනෙක් පැත්තටයි වාසි (නි)
කුමාර් Monday, 29 December 2014 09:32 AM
නීතිය කාටත් සමාන විය යුතුයි.(හේ)
මොහමඩ් Monday, 29 December 2014 09:48 AM
ජනවාරි 26 නව රජය යටතේ නිසි දඬුවම ලබා දෙමු.(නදී)
සරත් Monday, 29 December 2014 09:57 AM
මොකද අප්පේ මේ එක පාරටම නීතියේ ආධිපත්‍ය පියාඹල ඇවිත් තියෙන්නේ ලංකා දෙරණට. මට අට වෙනිදාට වැරදීමක් වත් වෙයි ද (නදී)
ලලිත් Monday, 29 December 2014 11:46 PM
අවවාද කරලා වැඩක් තියෙයිද? (නි)
නඩරාජා Monday, 29 December 2014 10:30 AM
නිශාන්ත මහතාට ජයවේවා(දිල්)
සුජාන් Monday, 29 December 2014 10:41 AM
මෙයා ඡන්දේ ඉවර වෙනකන් හංගලා තිබ්බා නම් නරකද?(හේ)
අශේන් Monday, 29 December 2014 10:43 AM
මේ වගේ අයට ඡන්දේ දෙන අයට ගහන්න ඕනේ.(හේ)
උපාලි Monday, 29 December 2014 10:43 AM
මාධ්‍යවලට කරන ප්‍රකාශ වුනත් සැලකිල්ලට ගන්නවා එහෙනම්? හොඳ උපදේශයක් මෙයාවගේ හැසිරෙන අනික් අයටත්.(හේ)
පෙරේරා Monday, 29 December 2014 10:47 AM
අපේ කාලයේ වීර සුර එඩිතර පුංචි පුතෙක් .! මෙච්චර සැර පොලිසියටවත් බය නෑනේ (දිල්)
මගලි ෆොන්සේකා Monday, 29 December 2014 11:05 AM
ඔව් දැන් ඡන්දේ නිසා නීතිය ක්‍රියාත්මකයි.(හේ)
සල්ගාදු ප්‍රංශය Monday, 29 December 2014 11:31 AM
එකතරා නාඩගමක් මෙහෙම අවසන් වුනා , විනිසුරුගේ අවවාදය ඉතා වටිනා එකක් , මොහු මෙන් හැසිරෙන අනික් දේශපලුවන්ටත් පාඩමක් මේක.(හේ)
දිනේෂ් Monday, 29 December 2014 12:37 PM
කට්ටියට දැන් සතුටුද? (නි)
අභය Monday, 29 December 2014 12:39 PM
පංචස්කන්ධයේ තරමට මොළය තිබුනා නම් මොනතරම් වටිනා කියන කෙනෙක්ද? (නි)
අබේපාල Tuesday, 30 December 2014 02:56 AM
ජයවේවා! (නි)
විපුල Tuesday, 30 December 2014 04:44 AM
මේ තියෙන්නේ යහපාලනය. තව මොකටද මෛත්‍රී පාලනයක්.(දිල්)
දමිත් Saturday, 03 January 2015 04:43 PM
අනේ මන්ද මිනිහ හොදයි කියන කට්ටියක් ඉන්නවනේ මම ජනාධිපති නම් ගහනවා මඩු වලිගෙන් (නදී)