IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මත්ස්‍ය තහනම ඉවත් කරගන්න එතෙර යයි

යුරෝපා සංගමය ගිය රජය කාලයේදී ශ්‍රී ලංකාවට පැනවූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමේ සාකච්ඡා සඳහා රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන 30 වැනිදා බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර බලා යෑමට නියමිතය.

යුරෝපා සංගමය මඟින් මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම සඳහා නියම කළ  කෙනේදේසි වලින් 95%ක් ම මේවන විට සම්පූර්ණ කර ඇති අතර රජයේ බලධාරීන් යුරෝපා සංගම් නියෝජිතයින් බ‍්‍රසල්ස් නුවරදී හමුවීමෙන් පසු මෙරට මත්ස්‍ය නිෂ්පාදන නැවතත් බාධාවකින් තොරව යුරෝපා සංගමයේ රටවල් වෙත අපනයනය නිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි කියයි.

කෙලවල්ලා (ටූනා) මසුන් ඇතුළු මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් 2014 වසරෙදී ඩොලර් මිලියන 252.7 (රුපියල් මිලියන 36667)ආදායමක් ලැබුණු අතර 2015 ජනවාරියේ යුරෝපා සංගම් මත්ස්‍ය තහනමෙන් පසු එය 35% කින් පමණ පහළ වැටී ඇත.



අදහස් (0)

මත්ස්‍ය තහනම ඉවත් කරගන්න එතෙර යයි

සරත් Sunday, 20 March 2016 01:36 PM

ඔය විදේශ ගමන් වලට වියදම් කරන සල්ලි අපරාදේ. රටේ විධායක බලතල සියල්ල තමන්ට විශ්වාස රජයක් හෝ පිරිසක් අතට 100%ක්ම ලැබෙනතුරු එයාලා අපිට වැඩි සහයෝගයක් දෙන්නේවත් ආයෝජකයන් එවන්නේවත් නැහැ. වැඩිම වුණොත් තව අවුරුදු තුනක් බලාඉන්න වෙනවා. හැබැයි ඒ වෙනකොට ඉන්දියාව කේරලයේ ඉන්දිකරන්නට පටන්ගත් හම්බන්තොට වරායට වඩා විශාල වරායේ වැඩ කටයුතු අවසන් කරනවා. ඉන්පස්සේ විදේශ ආයෝජකයන් මෙහෙට එයිද කේරලයට යයිද දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි. (නි)

:       0       0

සිරිමල් Monday, 21 March 2016 05:36 AM

ඊට පස්සේ ලංකාවේ මාළු මිල අඩුවෙනවයි ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site