යුරෝපා සංගමය ගිය රජය කාලයේදී ශ්‍රී ලංකාවට පැනවූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමේ සාකච්ඡා සඳහා රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන 30 වැනිදා බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර බලා යෑමට නියමිතය.
යුරෝපා සංගමය මඟින් මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම සඳහා නියම කළ කෙනේදේසි වලින් 95%ක් ම මේවන විට සම්පූර්ණ කර ඇති අතර රජයේ බලධාරීන් යුරෝපා සංගම් නියෝජිතයින් බ‍්‍රසල්ස් නුවරදී හමුවීමෙන් පසු මෙරට මත්ස්‍ය නිෂ්පාදන නැවතත් බාධාවකින් තොරව යුරෝපා සංගමයේ රටවල් වෙත අපනයනය නිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි කියයි.
කෙලවල්ලා (ටූනා) මසුන් ඇතුළු මෙරට මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් 2014 වසරෙදී ඩොලර් මිලියන 252.7 (රුපියල් මිලියන 36667)ආදායමක් ලැබුණු අතර 2015 ජනවාරියේ යුරෝපා සංගම් මත්ස්‍ය තහනමෙන් පසු එය 35% කින් පමණ පහළ වැටී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විදේශ ගමන් වලට වියදම් කරන සල්ලි අපරාදේ. රටේ විධායක බලතල සියල්ල තමන්ට විශ්වාස රජයක් හෝ පිරිසක් අතට 100%ක්ම ලැබෙනතුරු එයාලා අපිට වැඩි සහයෝගයක් දෙන්නේවත් ආයෝජකයන් එවන්නේවත් නැහැ. වැඩිම වුණොත් තව අවුරුදු තුනක් බලාඉන්න වෙනවා. හැබැයි ඒ වෙනකොට ඉන්දියාව කේරලයේ ඉන්දිකරන්නට පටන්ගත් හම්බන්තොට වරායට වඩා විශාල වරායේ වැඩ කටයුතු අවසන් කරනවා. ඉන්පස්සේ විදේශ ආයෝජකයන් මෙහෙට එයිද කේරලයට යයිද දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි. (නි)
ඊට පස්සේ ලංකාවේ මාළු මිල අඩුවෙනවයි ? (ම)