IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිසභා ’’බස් පත’’ ජනවාරි 31 න් අහෝසියි

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලයේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට  දෙන  බස් ගමන් බලපත ජනවාරි 31 වැනිදායින් පසු අහෝසි කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම බස් ගමන් බලපත ලබන මස  1 වැනිදායින් අහෝසි කිරීමට මුලින් තීරණය කර තිබිණ. යම් යම් ඉල්ලීම් හේතුවෙන් බලපත වලංගු කාලය මාසයකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

බස් ගමන් බලපත්‍රයේ  වලංගු  කාලය දීර්ඝ කරමින් පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා විසින් චක්‍රලේඛයක්ද  නිකුත් කරනු ලැබ ඇත.

එසේම පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහනය සඳහා ගමනාන්ත නවයක්  සඳහා  යොදවනු ලැබ ඇති ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ සේවාවද ලබන මස 31 වැනිදා දක්වා දැනට පවත්වාගෙන යන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එකඟ වී ඇතැයි එම චක්‍රලේඛයේ සඳහන්වේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට ලබාදෙන මෙම බස් බලපත වෙනුවෙන් මහ භාණ්ඩාගාරය වසරකට රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වෙන් කරන බව පැවසේ. පවතින ආර්ථික තත්වය හේතුවෙන් එපමණ මුදලක් වෙන් කළ නොහැකි බව භාණ්ඩාගාරය දැනුම්දී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් වෙන්කළ හැක්කේ රුපියල් කෝටි තුනක් පමණක්  බව භාණ්ඩාගාරය දන්වා  ඇත.



අදහස් (7)

මැතිසභා ’’බස් පත’’ ජනවාරි 31 න් අහෝසියි

සමන් Tuesday, 26 December 2023 09:24 PM

මැති සභා බස් පත විතරක් නෙවෙයි "බත් පතත්" වහාම නැවතිය යුතුයි. අවශ්‍යම නම් පුන්නක්කු දිය හැකියි.

:       1       0

Perera Tuesday, 26 December 2023 09:34 PM

මැති ඇමැතියන්ට මේක අදාළ නැහැනේ...

:       0       1

මයුරSunday, 31 December 2023 10:29 PM

එහෙම තමයි මෙයා. රටේ ජනතාව අන්දන්න පොඩි උන්ගේ වරප්‍රසාද කපනවා. මහ උන්ගේ වරප්‍රසාද එහෙම්මම තියෙනවා.

:       0       1

රනිත Tuesday, 26 December 2023 09:55 PM

මා දන්නා තරමින් පාර්ලිමේන්තුව සතුව බස් රථ තිබේ. එසේ නම් සේවකයින් ප්‍රවාහනයට ලංගම යොදාගන්නේ ඇයි? ඒ බස් රථ විකිණුවාද?

:       0       1

බස්තියන් Wednesday, 27 December 2023 07:30 AM

ඔය ස්ථානයේ රැකියා කරන අයට බත්පතට අමතරව බත්පතකුත් දෙනවා නේද?

:       1       0

Thilak mendis Wednesday, 27 December 2023 07:32 AM

අහෝසි කළ යුත්තේ බත් පතයි,

:       1       0

fairoos Wednesday, 27 December 2023 02:07 PM

අනේ පවු නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site