
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක් වශයෙනි.
නව සංශෝධනය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3600ක් දක්වා වැඩි වනු ඇත. එසේම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ කෑම බිල රුපියල් 1500සිට 4000ක් දක්වා වැඩි කිරීමට කමිටුව තීරණය කර ඇත.
සේවකයන්ගෙන් ඉදිරිපත් වුණු යෝජනාවක් අනුව මාසික කෑම බිල මෙසේ වැඩි කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල වසර තුනකට වරක් සමාලෝචනයට ලක්කෙරේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම බිල රුපියල් 2000ක් දක්වා මෑතකදී වැඩි කෙරිණ. පාර්ලිමේන්තු ගෘහකාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(21) දහවල් රැස්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ කෑම බිල සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසික කෑම බිල 1000යි. මං හිතන්නේ ඩොලර් වෙන්න ඇති.
තවත් වැඩි කරන්න ඕනේ හරිනම්... මොකෝ අපි ඊට වඩා මාසෙකට කෑම වියදම් දරනවා ... පාර්ලිමේන්තුවේ කියලා අමුතු සහනයක් දෙන්න බෑනෙ... අපේ බදු මුදල් තමයි නිරපරාදේ වියදම් වෙන්නේ...
පස් ගුනකින් වැඩිකළ යුතුයි .
විධායක ශ්‍රේණියේ කියන්නේ අවම ලක්ෂ 3ක් 4 ක් පඩි ගන්න මිනිස්සු නේද .රුපියල් 4000 ක් බිල මාසෙකට කියන්නේ එක දවසකට 200 යි .අපට එළියෙන් බනිස් එක්ක ප්ලේන් ටි එකක් බිව්වත් 200 ක් යනවානේ අද කාලේ
රාජ්‍ය සේවයේ නම් විධායක ශ්‍රේණියේ ( SL - 1) ආරම්භක වැටුප රුපියල් 66, 726/= (නව වැටුප් වැඩි කිරීමට පසු)
නියමයිනේ මාසෙකට දාහක් ?
ඈ...මේ මොකද්ද මේ හරුපේ. ඒ කියන්නේ මේකේ වැඩකරන සේවකයින් පඩි නැතුවද වැඩ කරන්නේ?කෑම වියදම විතරද දෙන්නේ? ඔච්චර අඩු මාසික කෑම වියදමක් කියන්නේ සහගහන අසාධාරණයක්නේ අහිංසක මහජනයාට.
15 ගුණයකින් නැංවිය යුතුයි යකෝ. රටේ අනිත් උන් කන විදයටම කාපංකෝ.
එයාලා තාම නිකම් කනව වගේ.
ඉතාලියේ නම් පාර්ලිමේන්තුවේ තිබෙන පෞද්ගලික අංශයේ ආපනශාලාවෙන් ඹ්න කෙනෙක්ට කන්න බොන්න පුළුවන් හැබැයි නියමිත ගාන ගෙවලා.
හොඳටම මදි. මේ වෙනකම් උන් කාපු බීපු විදිය ගැන දන්නෝ හොඳාකාරවම දන්නවා...
චාමර සම්පත් දැන් උසට සරිලන බරක් එක්ක පාර්ලිමේන්තුවට එන්න පුළුවන්.