
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relationship and Protocol) දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇත්දැයි සෙවීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් විශේෂ විගණනයක් ආරම්භ කර ඇත.
එසේම මෙම කාර්යාලයේ කටයුතු විගණනය කිරීම කෙලින්ම විගණකාධිපතිවරයාට පැවරීමටද තීරණය කර ඇත.
එම කාර්යාලයේ කටයුතු මෙතෙක් විගණනයට ලක් කෙරුණේ පෞද්ගලික විගණන කණ්ඩායම් මාර්ගයෙනි.
විදේශ සංචාර සඳහා සහභාගී වන මැති ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට ඩොලර් පහසුකම් ඇතුළු විවිධ පහසුකම් සැපයීම මෙම කාර්යාලයට පැවරෙන ප්‍රධාන වගකීම වේ.
මේ අතර පාර්ලිමේන්තුවේ සෙසු සියලු කාර්යාලද දැඩි විගණනයට ලක් කිරීමට කතානායකවරයා තීරණය කර ඇත.
තවද පාර්ලිමේන්තුවේ මිලදී ගැනීමේ ක්‍රියාවලියද විධිමත් කිරීමට කතානායකවරයා නිලධාරීන්ට උපදෙස්දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්. හිටපු මහ ලේකමා දසනයකා ඕකෙන් හොඳට කෑව බිවුවා.
මේකටත් දැන් බනින්න දෙයක් හොයාගන්න ඕන.