පාර්ලිමේන්තුව අද පස්වරු 3.05ට දෙවැනි වරටත් කල් තැබිණි.
ඊට හේතු වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මොහාන් පීරිස් හා අගවිනිසුරු පදවිය ගැන කළ ප්‍රකාශයයි. එම ප්‍රකාශය ගැන විවාදයකට ලබන පස් වැනි දා ඉඩ දිය හැකි බව අගමැති කීවේය.
ඊට පෙර විවාදයක් අවශ්‍ය බවත්, ලබන දෙවැනි දා එය දෙන ලෙසත් දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය. ඔහුට සහාය දක්වමින් විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරු ද කතා කළහ.
කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසුවේ එවැනි විවාදයකට දින වෙන් කිරීම ස්ථාවර නියෝග අනුව සිදු විය යුතු බවයි.
පක්ෂ නායකයන් යළිත් හමු වී තීරණයක් ගැනීම සඳහා රැස්වීම මිනිත්තු 10කට කල් තැබුණේ ඉන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහාන් පීරිස් නැතිව කට්ටියට උන ගැනිල වගේ. ඉස්සරහට හොද හොද සෙල්ලම් බලා ගන්න පුළුවනි. (නදී)
විමල් මේ දඟලන්නේ නීතිය ගැන මොනවා දැනගෙනද ? (නදී)
මොහාන් ගිය පාඩුව විමල්ට තදට දැනෙනවා ඇති. නෝනගේ පාස්පෝර්ට් දෙක හින්දා (නදී)
විමල් වීරවංශ කියන දේශපාලනයට නුසුදුසු පුද්ගලයට වත්, දිනේෂ් ගුනවර්ධන කියන මුලාවට පත්වී දේශපාලනයේ අතරමන් උන පුද්ගලයට වත් ඊළඟ පාර පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ජනතාව එයාලට ඡන්දෙ දෙන්නේ නැහැ. (නදී)
කරුණාකර විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්න. (නි)
මොහාන් පීරිස් ගිය පාඩුව විමල් වීරවංශට නම් දැනෙනවා ඇති. නෝනගේ පාස්පෝට් එකයි කරලා තියෙන වැඩයි නිසා. එ්ත් අයි දිනේෂ් ගුණවර්දන මේ තරම් බය වෙන්නේ (නදී)
බොහෝ දෙනාගේ දේශපාලන අනාගතයට ජනතාව මීළඟ මැතිවරණයකදී නියත වශයෙන්ම තිත තබනු ඇත. (නි)
නීතියක් තිබෙන රටක නම් විමල් ගහල තියෙන ගැහිලි වලට අඩුම වශයෙන් බරපතල වැඩ ඇතිව අවරුදු 20 ක් හිරේ යවන්න පුළුවනි. ජීවිතේට රැකියාවකුත් නොකර, හරි හමන් අධ්‍යාපනයකුත් නැතිව, පරම්පරාවෙන් කියල කිසිම දේපලකුත් නැතිව පසු ගිය අවරුදු 4-5 තුලදී කෝටි ප්‍රකෝටිපතියෙක් උනේ කොහොමද කියල සොයන්න. (නදී)
විමල් ගහල තිබෙන එක බස් නැවතුන් පොලක් රුපියල් ලක්ෂ 28 ක් වෙනවා. කොහොම ගැහිල්ලක් ගහල තිබෙනවද? (නදී)
මහා මැතිවරණයට නාම යෝජනා දෙනකොට උගත් කමත් සලකලා නාම යෝජනා දෙන්න. නැතිනම් අපිට කුඩුකාරයන්ගෙන්, ස්ත්‍රී දුෂකයන්ගෙන්, වාචාලයන්ගෙන් පිරුන උත්තරිතර තැනක් තමයි ලැබෙන්නේ. (නදී)
මම නිකන්ද කියන්නේ ලංකාවේ සමාජ වාදියෝ කියල කියා ගන්න අය ඒකාධිපතියෙකුගේ දෙපා ලෙව කන "පට්ට ගැහිච්ච" කට්ටිය ගැන හිතනකොට තුක් නොදකින් කියල හිතෙනවා කියල. (නදී)
මෙතෙක් කල් එහෙයියන් වූ අය දැන් සද්දේ දාන්න පිස්සු වැටිලා. විමල්ලා දෙන්නෙක්ද කියලා ගමන් බලපත්‍ර බලමු. අනිත් එක්කෙනා රෝදය මුලට කෝ දාගෙන වගෙයි (නදී)
විමල් වීරවංශට හිතට අමාරු ඇති දැන් ගහපු ගැහිලි ළඟදීම උසාවියට ඉදිරිපත් වන නිසා. නෝනගේ හොර පාස්පෝර්ට් එකත් අතේ කෝට් වෙලා තියෙන්නේ ජයවේවා ! (නදී)