IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මැතිව්ස් පන්දු යැවීමට සූදානම් !

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (1 වැනිදා) හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන විස්සයි-20 කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම් බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි. "ඔහුට දැන් සුවයි, මේ වගේ තරගයකදී පන්දු යවන්නට වෙන්නේ  ඕවර 4 ක් විතරයි. ඒ නිසා ඔහුට අන්තර්ජාතික තරග බිමේ පන්දු යැවීම නැවතත් ආරම්භ කිරීමට මෙය හොඳ අවස්ථාවක්”යයි ඊයේ සවස හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් කිරීමට පෙර මහේල ජයවර්ධන පැවසීය. ඇන්ජලෝ මැතිව්ස් ඊයේ ඉතාම සවස් වන තුරුත් පන්දු යැවීමෙන් වැළකී සිටියද පෙරේදා පන්දු යැවීමේ යෙදුණු බව දැනගන්නට තිබිණ. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපනායකයා වුවද දිගින් දිගටම දණහිසේ අබාධයකට ලක්වීම නිසා අන්තර්ජාතික තරග වලදී පන්දු යැවීමෙන් වැළකී සිටි ඇන්ජලෝ මැතිව්ස්, පිතිකරුවකු ලෙස ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළේය. එහෙත් පසුගිය අයි. පී. එල්. තරගාවලියේදී පූනේ වොරියර්ස් පිල වෙනුවෙන් පන්දු යැවීමට ඉදිරිපත් වූ මැතිව්ස් ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යවාවිද නැද්ද යන්න දැඩි කතාබහට ලක්වී තිබූ මාතෘකාවක් විය. ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන මෙම තරගාවලියේදී වැඩි දෙනාගේ අවධානය ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙත එල්ල වී තිබේ. එයට හේතු කිහිපයකි. මෙම තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අතුරින් හය හත් දෙනකුම අයි. පී. එල්. තරගාවලියට සහභාගි වීම නිසා විස්සයි-20 කි‍්‍රකට් තරග සම්බන්ධයෙන් හොඳින් පදම් වී සිටින නමුත් අයි. පී. එල්. තරගාවලිය පැවැති මාස දෙකකට ආසන්න කාලයේදී පාකිස්තානුවෝ කිසිම කි‍්‍රකට් තරගාවලියකට සහභාගි නොවී, පුහුණුවීම් කළහ. එහෙත් මහේල ජයවර්ධන මෙම තත්ත්වය දකින්නේ වාසි සහ අවාසි දෙකම ඇති ලෙසකිනි. සූරියවැව කී‍්‍රඩාංගණයේදී මේ දිනවල දැඩි සුළගක් පවතින අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම පවතින දේශගුණික තත්ත්වයන්ට හුරුවීම සඳහා පෙරේදා රාති‍්‍රය වන තුරුත් පුහුණුවීම් වල නිරත විය. "එහිදී අපි අපේ පිතිකරුවන්ට වගේම පන්දු යවන්නන්ටත් විවිධ අභියෝග දුන්නා. ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරය ගැන අවධානයෙන් සිටියා” යයිද ශී‍්‍ර ලංකා නායකයා පැවසීය. චාමර කපුගෙදර ශී‍්‍ර ලංකා විස්සයි-20 කණ්ඩායමට නැවතත් කැඳවා ඇති අතර කපුගෙදර අවසන් වරට විස්සයි-20 තරගයකදී ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළේ මාස 19 කට පෙරදී (වසර 2010 ඔක්තෝබර් මාසයේදී) ය. එබැවින් අද තරගයේදී කපුගෙදරට අවස්ථාවක් ලැබේද යන්න විමසිල්ලෙන් බලා සිටිය යුතුය. ඊයේ පැවැති පුහුණුවීම් වලදී කපුගෙදර ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් නමුත් ශී‍්‍ර ලංකා පිලට වැදගත් වන්නේ පුහුණු දැළ තුළදී පන්දුවට පහර දෙන ආකාරය නොව, තරගයකදී පන්දුවට පහර දෙන ආකාරය සහ ලබාගන්නා ලකුණු සංඛ්‍යාවත්ය. නවතම අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අනුව, විස්සයි-20 තරග වලදී, මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 117 ක් සමගින් තුන්වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර ප‍්‍රසාද ලකුණු 107 ක් හිමි පාකිස්තානු කණ්ඩායම පස්වැනි ස්ථානයේ පසුවෙයි. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ කුමන ස්ථානයක් හිමිකරගෙන තිබුණද දෙපිලේම නායකයන්ගේ උනන්දුව තව මාස දෙකකින් ශී‍්‍ර ලංකාවේදී ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පොරතුව හැකි තරම් හොඳින් තරග කරමින් මනා පූර්ව සූදානමක් ලබාගැනීමයි. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා සූරියවැව, පල්ලෙකැළේ සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණවලදී පැවැත්වෙයි. ශ්‍රේණිගත කිරීමේ සටහනේ තවදුරටත් ඉදිරියට යාමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරග දෙකම ජයගත යුතුය. එසේ වුවහොත් ප‍්‍රසාද ලකුණු 7 ක් ලබාගනිමින් ශ්‍රේණිගත ලයිස්තුවේ දෙවැනි ස්ථානය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකිවනු ඇත. එවන් තත්ත්වයකදී පාකිස්තානු කණ්ඩායම ශ්‍රේණිගත ලයිස්තුවේ හත්වැනි ස්ථානය දක්වා පහළ බසිනු ඇත. විස්සයි-20 කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම් අනුව මෙම තරගාවලියට සහභාගි වන කී‍්‍රඩකයන් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධනයි. මහේල පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතරේ 5 වැනි ස්ථානය හිමිකරගෙන සිටින අතර තිලකරත්න ඩිල්ෂාන් (6) සහ කුමාර් සංගක්කාර (8) සිය නායකයා ආසන්නයෙන්ම සිටිති. කෙසේ වෙතත් විස්සයි-20 පන්දු යවන්නන් අතරේ ලෝකයේ හොඳම පන්දු යවන්නා බවට පත්ව සිටින අජන්ත මෙන්ඩිස් පිටකොන්දේ ආබාධයක් නිසා මෙම තරගාවලියට සහභාගි නොවේ. මහේල ජයවර්ධන ඊයේ සවස කියා සිටියේ අජන්ත මෙන්ඩිස් සති තුනකට පමණ පෙර නැවතත් පන්දු යැවීම ආරම්භ කළ නමුත් සම්පූර්ණ සුවය ලැබීමට පෙර ඔහුට බර පැටවීම ඉදිරියේදී වඩාත් අහිතකර විය හැකි බවයි. ශී‍්‍ර ලංකා සංචිතය මහේල ජයවර්ධන (නායක), ටී. එම්. ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, කෞෂල්‍ය ලොකුආරච්චි, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, චාමර කපුගෙදර, උපුල් තරංග සහ ඉසුරු උදාන පාකිස්තානු සංචිතය මොහොමඞ් හෆීස් (නායක), කාලිඞ් ලතීෆ්, අහමඞ් ශෂාඞ්, ෂොයිබ් මලික්, උමාර් අක්මල්, ශකීල් අන්සාර්, සහීඞ් අෆ්රීඩි, යසිර් අර්ෆත්, උමාර් ගුල්, සොහේල් තන්වීර්, සයීඞ් අජ්මාල්, රාසා හසන්, හරිස් සොහේල්, මොහොමඞ් සමී සහ හමාඞ් අසාම් විනිසුරුවරු අසෝක ද සිල්වා සහ රැන්මෝ මාටිනස් (ශී‍්‍ර ලංකාව) ඇන්ජලෝ මැතිව්ස් පුහුණුවීම් අතරතුර (ඡායාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

මැතිව්ස් පන්දු යැවීමට සූදානම් !

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 193 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 223 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 457 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 746 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2367 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 627 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 488 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1148 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site