IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිව්ස් - එරංග ජාතික සංචිතයට යළි කැඳවති

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ලබන අඟහරුවාදා (3 වැනිදා) කොළඹ  ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ ශමින්ද එරංග නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවනු ලැබ ඇත. දණහිසේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටි මැතිව්ස් නැවතත් සුවය ලබා සිටින අතර ඔහු කණ්ඩායමට කැඳවා ඇත්තේ මැද පෙළ පිතිකරු චාමර සිල්වා වෙනුවෙනි. වමතින් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදර පාදයේ ඉහළ කොටසේ ආබාධයක් නිසා දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවන හෙයින් ඔහු වෙනුවට ශමින්ද එරංග  කණ්ඩායමට කැඳවා තිබේ. දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය මහේල ජයවර්ධන (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, තරංග  පරණවිතාන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, සුරාජ් රන්දිව්, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද් සහ ශමින්ද එරංග.



අදහස් (0)

මැතිව්ස් - එරංග ජාතික සංචිතයට යළි කැඳවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site