ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ලබන අඟහරුවාදා (3 වැනිදා) කොළඹ ඕවල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ ශමින්ද එරංග නැවතත් ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවනු ලැබ ඇත.
දණහිසේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටි මැතිව්ස් නැවතත් සුවය ලබා සිටින අතර ඔහු කණ්ඩායමට කැඳවා ඇත්තේ මැද පෙළ පිතිකරු චාමර සිල්වා වෙනුවෙනි. වමතින් වේග පන්දු යවන කී‍්‍රඩක චානක වෙළගෙදර පාදයේ ඉහළ කොටසේ ආබාධයක් නිසා දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි නොවන හෙයින් ඔහු වෙනුවට ශමින්ද එරංග කණ්ඩායමට කැඳවා තිබේ.
දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය
මහේල ජයවර්ධන (නායක), තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, තරංග පරණවිතාන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ප‍්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, සුරාජ් රන්දිව්, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද් සහ ශමින්ද එරංග.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd