ජනාධිපතිවරණ මැතිවරණය සඳහා අවශ්‍ය පරිගණක වාර්තා එසැණින් ලබාදීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ සේවයේ නියුතු නිලධාරීන් 60-80 අතර පිරිසක් සහභාගී කරවන බව එම අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා පැවසීය.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිට එම නිලධාරීන් සිය සේවා කටයුතු සිදු කිරීමට නියමිතය.
මැතිවරණ කොමසාරිස්වරයාගේ අස්සන සහිතව ලබාදෙන ප්‍රතිඵල පරිගණකය හරහා ක්ෂණිකව නිකුත් කරනුයේද මැතිවරණ කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි වී තිබෙන මාධ්‍ය ආයතනවලට පමණක් බවත් මහාචාර්ය වික්‍රමනායක මහතා සඳහන් කළේය.
ඊට අමතරව මැතිවරණ කොමසාරිස්වරයාට පරිගණක හරහා අවශ්‍ය කරන සියලුම දත්ත ලබාදෙමින් මැතිවරණයේ පරිගණක සේවාව සම්බන්ධව ක්‍රියාකරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය බවත් මහාචාර්ය වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිගණක ජිල්මාට් එහෙම තියෙනවද? අපි දැනගන්න කැමතියි (නි)
චන්ද පරදින අය කියයි කොම්පියුටර් ජිල්මාට් කියලා..(හේ)
මොහොමඩ් ඔයා කතා කරන්නේ මොනවත් නොදැන පරිගණකයෙන් කවදාවත් මේ රටේ ඡන්ද කොල්ල කාලා නැහැ ඒවා මේ පැරදිච්ච අය එයාලගේ බංකොලොත් බව වසා ගන්න කියන බොරු !(හේ)
මේ පර ජිල්මාට් බෑ.. හැමෝම අවදියෙන්...දැන් ලංකාවේ මෝඩයෝ නෑ.(හේ)
නිවරැදි ප්‍රතිඵලයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.(හේ)
බලමුකෝ.(හේ)
ඔය ජිල්මාට් කතා පරදින අය තමන්ගේ පරාජය දරාගන්න බැරිව කියන කතා. මේ පාරත් ඔහොම කට කතා තියෙයි. (ර)
නිරවද්‍ය විශ්ලේෂණ වාර්ථා ලැබෙනු ඇත. සුභ පැතුම්.(හේ)
නියමයි.(හේ)
උත්තරීතර ඡන්ද බලයත් වැඩියෙන්ම කොල්ල කන තැනක් බවට ඔය පරිගණකය පත්කරගෙන තියෙන නිසා ඔය ගැන වැඩි අවධානයක් යොමුවෙන්න ඕනේ.(හේ)
මේ අය අවංකව නිවැරදිව මධ්‍යස්ථව රාජකාරි කරනු ඇති බව අපගේ විශ්වාසයයි.(හේ)
කිසිම දේශපාලන පක්ෂයකට ගැතිනොවී මධ්‍යස්ථව සිය කාර්ය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු (නි)
අපේ විශ්වාසය ඔබය (නි)
නීතියට අනුව වැඩ කරයි කියලා හිතනවා (නි)
දැන් පරිගණකයත් විශ්වාස කරන්න බැරි තැනට ඇවිල්ලා තියෙන්නේ. (නි)
මෙතන කලින් ඉඳලා ලියන අයගේ නම් වලින් ලියන අරත් ඉන්නවා වගෙයි. (නි)
එහෙනම් ඉතින් අනිවාර්යයෙන් නිවැරදි ප්‍රතිඵල බලාගන්න පුළුවන් (නි)
කම්පියුටර් ජිල්මාර්ට් දාන්නේ කොහමද ....? මමත් IT නෙට්වොර්ක් සිස්ටම් ඇඩ්මිනිස්ට්ර් කෙනෙක් මම කැමතියි දැන ගන්න යූඑන්පී අයගෙන් ඒ වැඩේ කරන්නේ කොහොමද කියල .... (බ)