‘අපි මඩ අවලාද දේශපාලනය කරන්නේ නෑ. පොරොන්දු දේශපාලනයේ යෙදිලත් නෑ. නමුත් සමහර ප්‍රධාන පක්ෂ පුරුදු දේශපාලනයේම යෙදී ඉන්නවා. බලය ගිලිහෙමින් ඉන්න අය නොයෙකුත් මඩ ප්‍රචාර ගෙනයමින් ජනතා විමුක්ති පෙරමුණට පහර ගහන්න පටන් ගෙන තිබෙනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (26) මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
‘සමහරු අල්ලේ පැලවෙල බොරු පොරොන්දු දෙනවා. මල් වට්ටි වෙන්දේසියක් කරගෙන තිබෙනවා. ඒ බාල දේශපාලනය අපි කරන්නේ නෑ. සමාජය පිළිගත් උගත් අය අපේ පක්ෂයේ අපේක්ෂකයන් ලෙස දමා තිබෙනවා.‘ යැයි ද ටිල්වින් සිල්වා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බනිනකොට මහින්දගෙ අයට රිදෙනවා නේද? ජවිපෙට ජයවේවා (බ)
අලියාගේ බෙල්ලේ සීනුව බැඳ ඇති බව හිටපු නායක කියන්නේ ලන්සු තියන්නද (ම)
මොහාන් මමත් හොද ශ්‍රී ලංකාකාරයෙක්. හැබැයි මම එක දකින්නේ මඩකට වඩා චෝදනාවක් විදිහට.(ම)
මඩ අවලාද දේශපාලනය කරන්නේ නෑ. අනේ මේ කටින්ද කතා කරන්නේ. කට ඇරියොත් මහින්ද හොරා, මහින්ද හොරා. මඩ අවලාද දේශපාලනය කරන්නේ නෑලු. (නදී)
රටේ දුෂනයට වංචාවට ඵරෙහිව හඩ නගන ජවිපෙ ට ජයවේවා (බ)
බොරු චෝදනා නෙවෙයිද මඩ කියන්නේ? (ස)
ඔයාලා මල් වට්ටියට අත ගහලා ඉවරයි නේ? (ස)
හොරාට හොරා නොකිය හොද පාලකයා කියල කියන්නද. (බ)
එතකොට මේ අගමැතිතුමා අනුග්‍රහය දැක් වූ රැලිය මොකක්ද කියල ජනතාවට කියන්න (බ)
අපොයි ඊයේ මෙගොල්ලන්ගෙ හිටපු නායකතුමා සෝමවංශ සහෝදරය කිවුවෙ මේගොල්ලන්ගෙ කෙරුවාව (බ)
හැමදාම චෝදනා කරනවා ඇරෙන්න කරපු දෙයක් නැහැ! කිසිම දෙයක වගකීමක් ගත්තේ නැති පක්ෂයක් ජේවීපේ එක කියන්නේ. ජනවාරි 8 ඡන්දෙ දෙන්න කියල පස්සේ කිව්වා එ්ක අපි සුවර් නෑ කිව්වේ කියල. එහෙනම් මොන මගුලටද ඡන්දෙ දෙන්න කිව්වේ? 71, 89 කැරලිවල තරුණ ජීවිත නැති වීම එයාලගේ නායකයෝ අදටත් මග හරිනවා.මොකද්ද දුන්නත් එකයි... මෙයාල ඇත්තටම විපක්ෂේ හිටියම ඇති... අනිත් අය කරන වැරදි ගැන කියවන එක විතරමයි මෙයාලට කරන්න පුළුවන්. ඉතින් එ්ක කරන්න විපක්ෂෙට යවලා කරන්න පුළුවන් මිනිහෙකුට මේක දෙන්න බලන්න!!! (බ)
බුද්ධිමත් ජනතාව මෙවර ජේවීපෙට වැඩි ආසන ගානක් ලබාදෙන්න හොරු පන්නනං (බ)