
(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)
මෙවර පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කල ජගත් ප්‍රියංකර මහතාගේ මනාප ප්‍රථිපලය පිළිනොගන්නා බව පවසමින් ඔහුට සදාරණයක් ඉටුකරදෙන ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් දංකොටුව සිංක්කුලිය අයියනායක දේවාලයේදී අද (08) පොල් ගසා දේවකන්නලව්වක් පැවැත්වූහ.
ජගත් ප්‍රියංකර මහතා පොදුජන පෙරමුණ පක්ෂයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව මැතිවර්ණ කොට්ඨාශය නියෝජනය කරමින් තරඟ කරකර මෙවර 6වැනි ස්ථානය හිමිවීමෙන් පාර්ලිමේන්තුවටට යාමට වරම් අහිමි වූ අපේක්ෂකයෙක් බවද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ තමයි ප්‍රතිඵල ලබාදීලා තියෙන්නේ. මෙහෙමත් නියෝජිතයන් පත් නොකළාට ස්තුතියි.
මෙතන ඉන්න බොහෝ දෙනෙකුට මුඛ ආවරණ නැහැ. එබැවින් පොල් කෙසේ වෙතත්, කොරෝනා නම් ලැබිය හැකිය.
පොල් ගැසීම වැනි මිත්යාමතවාදී ක්‍රියාකාරකම් වලින් මන්ත්රීකම් ලැබෙන්නේ නැත.
මෙතරම් පොල් මිළ කාලේ මෙහෙම පොල් විනාශකරනවුන් නොතේරුන එකම හොඳයි
මේ වගේ මිස දිටුවන් පාර්ලිමේන්තුවට නොතේරුණම එක තමා හොඳ.. ගල් යුගේ ඉන්න ගෝත්‍රික හැත්ත..
මාරම මෝඩයි.
හොඳ වෙලාවට මේවගේ මන්ද මානසිකයෙක් පාර්ලිමේන්තුවට නොයෑවූවේ.
කරන මහා අපරාධ ගැන දන්නා නිසා තමයි ඒ අය කලින්ම "තිරුපති" වැඳ පුදාගෙන තියෙන්නේ?
අන්ධ වහලුන්නේ...
දැන් බලාගෙන යනකොට මිනිස්සු ඡන්දේ දමන්න ඕන කතිරේ ගහලා නෙවෙයි.
මේ වගේ මොඩ අදහස් තියෙන, පොල් ගහලා පාර්ලිමේන්තු යන්න හදන අය පාර්ලිමේන්තුවට නොයා ඉන්න එකයි සුදුසු.
දේවාලයක් දාගන්න නිකං මිනිස්සුන්ට පව් නොදී
බයියෝ මෝඩයෝ කියන්නේ නිකමටද?
ඕක කලින්ම කරානම් දෙවියෝ හෙල්ප් එකක් දෙයිනේ.
පොල් ගහන්න ඕන දෙවියන්ට නොවෙයි.
වපුරපු හැටියට නේද මහත්තයෝ අස්වැන්න ලැබෙන්නේ.. ඒක දෙවියන්ටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔය පොල් ටික නාස්ති නොකර කෙනෙකුට දෙන්න ආහාරයට ගන්න. ඒකෙ ආනිසංස පස්සෙ දවසක හරි ලැබෙයි..
මැ.කෝ. ළඟ පොල් ගහන්න. දෙවිවරු මොනවා කරන්නද මෙව්වට.
පුත්තලෙමෙ නිසා මුකුත් කියන්නෙ නෑ...
අයියෝ මනාප වලට වඩා පොල් ගණන්, ගහපු පොල් කෑලි අරගෙන ගෙදර ගෙනෙහින් සම්බෝලයක් හදා ගන්න.
අනේ මෙහෙමත් අය...!!! මේ වගේ අයද පාර්ලිමේන්තු යවන්න හිතන් ඉඳලා තියෙන්නේ... අනේ මන්දා... දෙයියන්ට ඡන්ද ප්‍රතිඵලේ වෙනස් කරන්න බැහැ බොලව්...
මේ වගේ අය කොහොමත් පරද්දපු එක හොඳයි...
අර උතුරේ සෂිකලාට බැනලා කමෙන්ට්ස් දාන අය මේ විගඩම් වලට මොකද කියන්නේ? ඒ දෙමළ නිසාද මේ සිංහල පොහොට්ටුවේ නිසාද?
හරියට හරි... නියම කෙනාට කියන්නේ...
අපරාදෙ පොල්ගෙඩි ටික... අපි මෙහෙ පොල් ගෙඩියක් ගන්න ලංකාවේ සල්ලිවලින් රුපියල් 185ක් දෙනවා. ඒවත් මේ දොඩම් ගෙඩි විතර ප්‍රමාණයේ...