රට පුරා සිදුවන මැතිවරණ නීති කඩ කිරීම් පිළිබඳ ක්ෂණයකින් මැතිවරණ කොමසාරිස් වරයා දැනුම්වත් කළ හැකි ආකාරයේ කොමසාරිස්ට කියන්න අර්ථය ඇති "ටෙල් කමිෂනර්" නමින් ෆේස් බුක් පිටුවක් නිර්මාණය කැර ඇත. වර්තමානයේ සමාජ ජාල වෙබ් අඩවි වඩාත් ජනප්‍රිය වීමත් එවැනි වෙබ් අඩවි ඔස්සේ විශාල තොරතුරු ප්‍රමාණයක් ඉතා වේගවත්ව ජනතාව අතර හුවමාරු වීමත් සිදුවේ. මැතිවරණ කාලයේ දී සිදුවන නීති කඩකිරීම් ඉතා ඉක්මණින් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කිරීමටත් නීති රීති හා මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ ඡන්දදායකයන් දැනුම්වත් කිරීමටත් මෙම ෆේස්බුක් පිටුව මහත් රුකුලක් වනු ඇතැයි මැතිවරණ කාර්යාල නිලධාරීන් පවසයි. මෙම පිටුවවෙත පිවිස මැතිවරණය සම්බන්ධයෙන් තමන් අසන දකින ඕනෑම දෙයක් සටහන් කිරීමට ෆේස්බුක් භාවිතා කරන්නන්ට අවස්ථාව ලැබෙයි.
එහි සබැඳිය පහතින් දක්වා ඇත
https://www.facebook.com/groups/tellcommissioner/?fref=ts

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි මැකෝ! (නි)
අගමැති රැක ගැනීමට ගෙනා ඡන්දේ නිසා දරුවන්ගේ විභෘගය අඩාල වීමට ඉඩ නොදෙන්න (ම)
ප්‍රතිචාරනම් නිමක් නැතිව ගලා එයි මේ හරහා.නමුත් මේවා බලලා තීන්දු තීරණ ගන්නවානම් වඩාත් අගේ කොට සලකනවා.(ම)
මෙපමණ කලක් ඡන්ද දායකයන් හැටියට අපිට තිබුනේ 'දත්මිටි කකා' ඉවසගෙන ඉන්න. මැකෝගේ මේ ප්‍රගතිශීලී පියවරෙන් දේශපාලඥයින් අපගේ අයිතිවාසිකම් උදුරා ගනිමින් අවනීතියේ හැසිරෙද්දී අඩුම ගානේ කොමසාරිස්තුමා හරහා රටට කියන්න පුළුවන්නේ.
මතකද එක කාලයක් පහුගිය රජය ෆේස්බුක් තහනම් කරන්න හැදුවා? පව් අනේ (නදී)
සදාචාරය ගරු කරන යහපත් පුරවැසියන් සියල්ලම මෙය අගේ කරාවි. නමුත් සමාජයේ තව කොටසක් ඉන්නවා කිසිම සදාචාරයක් නැති, ඔවුන් " මැකෝ අපේ වැඩපිළිවෙලවල් ඔක්කොම කෑව යකෝ " කියල කියාවි.(ස)
මගේ ජීවිතේටම දුටු කොන්ද පනතියන රාජ්‍ය නිලධාරියා. ඔබට උපහාරය. (ස)
උගත් මැතිවරණ කොමසරි ගේ වැදගත් අදහසක්.ගොඩක් සතුටුයි මේ ගැන (ස)
කරුණා කරල කියන්නකො මේ පාර ඡන්දයට දින නියම කළේ කවුද ජාතික විභාගයක් තියන දිනවල. මට නම් මතක කාලෙක මෙහෙම මෝඩ වැඩක් වෙලාම නෑ. මෙතුමා පසුගිය ජනාදිපතිවරණ තීරණයෙදි කියපුවා මතකද ? (නදී)
මැකෝට ස්තූතියි. ! (ස)