අදට (15) යෙදී තිබෙන ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව “සර්වඡන ඡන්ද බලය පිළිබඳ අනාගත පුරවැසියන් දැනුවත් කිරීම” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 19ක හා අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් 13ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහිදි ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් කිරීම, ඡන්දය භාවිත කිරීම ආදී මාතෘකා යටතේ ද සිසුන් දැනුම්වත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පාසල්වල ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තු සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවක් මෙම වැඩසටහන ලබන වසරේ සිට සෑම පාසලකම ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදන බවත් එම කොමිසමේ අධ්‍යක්ෂ (සැලසුම්) චන්න ද සිල්වා මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකතුවෙලා මිනිස්සු රවටන එක නවත්තලා දැන්වත් ඡන්දය තියන්න (නි)
ඡන්දෙ නියමිත වෙලාවට තියන එක වෙනස්කළේ මහින්ද මහත්තයා. (නි)
සර්වජන තියා බාගජනවත් ඡන්ද අයිතියක් නැහැනේ දැන්. බොරු බයිලා ගහමින් ඡන්ද කල්දාන සංස්කෘතියක්නේ දැන් තියෙන්නේ. ප්‍රජතන්ත්‍රවාදය දොරේ ගලන නිසා යහපාලනය යටතේ. ඔය බොරු බයිලා නොකර ඡන්ද තිබ්බොත් නරකද? (නි)
මැතිවරණ කොමසාරිස් සිංහනාද කල නේද කලට වෙලාවට මැතිවරණ තියන බව? දැන් කෝ ඒ සිංහනාද? දැන් වෙනස ලැබිලා ඡන්ද නැවතිලා නේද? මිනිස්සුන්ගේ මුලික ප්‍රජාතන්ත්‍ර අයිතියත් අහිමිකරලා (හේ)
මීටවැඩිය හොඳ නැද්ද නියමිත වෙලාවට ඡන්දය පවත්වන්න කියලා දේශනයක් අදාළ බලධාරීන්ට දෙන එක (නි)