‘යම් පුද්ගලයකුට ලැබෙන ලොකුම ගෞරවය හැටියට තමා උගත් පාසලේ උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම බවත් ඊටත් වඩා වැදගත් වන්නේ තමා ජීවත්වූ ගම්මනායේ පන්සලක උත්සවයක වැදගත් කර්තව්‍යයක් කිරීමට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවීම‘ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ පෝරඹ තම ගම්මානයේ සුගතබිම්බාරාම විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයේ කොත නිරාවරණයට ඉරිදා එක්වෙමින් පැවසීය.
තමාට එම කර්තව්‍යයන් දෙකම සිදුකිරීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වන බවද ඒ මහතා කීවේය.
දේශප්‍රිය මහතා ජීවත්වූ පෝරඹ ගම්මානයේ ගම්වාසීන් සමග සුහද පිළිසඳරකද නිරතවූ අතර විහාරාධිපති තැන්නෙකුඹුරේ සුමංගල හිමියෝ ප්‍රමුඛ දායක සභාව ඒ මහතා හරසරින් පිළිගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමල් යහපාලනේ එන්න කලින් මැකෝ හිටියද කියලත් දන්නෙ නැති කෙනෙක්. මැකෝ එදත් එහෙමයි අදත් එහෙමයි. (නදී)
මෙතන මහා ඇමැතිතුමාත් ඉන්නවා. එත් ප්‍රධාන අමුත්තා මැකෝ. දැක්කද දේශපාලකයන්ට වඩා රජයේ සේවකයා ලොකුයි කියන එක අපේ අම්බලන්ගොඩ බුද්දිමත් ජනතාව පෙන්නුවා. රටටම ආදර්ශයක්..!! (ස)
ඔබතුමා ගැන ඇතිවන්නේ නිහතමානී ආඩම්බරයක්.(ම)
මට නම් හරිම ප්‍රිය චරිතයක්.ඔබට සුබ පැතුම්.(ම)
ප්‍රසංසා ලැබීම උතුම් දෙයක්. (ර)
මේක තමයි යහපාලනය. වෙනස දැනෙනවා නේද? (ර)
මහත්තයෝ , මැකෝ කියන්නේ අපේ ගමේ මනුස්සයා, (ස)
මේ සියලු දේට ඔබ සුදුසු උනේ ඍජුව වැඩ කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසයි , ඔබ අපිටනම් වීරයෙක් , ඔබට නිදුක් නිරෝගී සුවය පතනවා. (ර)