පාසල් ලමුන් සඳහා බෙදාහැරීමට ගෙනා බවට සැකකරන කෝලා පැණිබීම බෝතල් හා බබල්ගම් අඩංගු කුඩා බෝතල් කඩුගන්නාව වෙළඳසළකින් අද (05) දහවල් කළ වැටලීමකදී පොලිස් භාරයට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙම බීම බෝතල් හා බබල්ගම් පාසල් දරුවන්ට විකුණන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් වෙළඳසළ පරික්ෂා කිරීමේදී බීම බෝතල් 101 ක් සොයාගෙන ඇති බවත් එහි හිමිකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
258
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්වෙන පැණි බීම හා බබල්ගම් කඩුගන්නාවේ
තුෂාරි Wednesday, 05 August 2015 04:40 PM
මේ මිනිසුන් තමාගේ ළමයින්ට ඕවා දෙන්නේ නැහැ.අනෙකුත් ළමයින්ට හෙණගහලා ගියත් කමක් නැහැ. ඒ අසරණ දරුවෝ තමන්ගේ නොවන නිසා.මෙච්චර සාක්කි පිට මොවුන්ව ඇල්ලුවානම් දැඩි දඬුවම් දී මොවුන්ට නිසි පාඩමක් ඉගැන්විය යුතුයි.එවිටයි යහපාලනය නිසි පරිදි ක්‍රියාත්මක වුණා කියා අපට සැනසිය හැක්කේ. (නි)
චමල් Thursday, 06 August 2015 05:32 AM
මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
ජයන්ත Wednesday, 05 August 2015 06:22 PM
ස්තුතියි කඩුගන්නාව පොලිසියට හා රාජකාරියට බලපෑම් නොකරන දේශපාලන අධිකාරියට...! මේ වෙළෙන්දන් දැනගත යුතුයි තමන් විකුණන දේ ලැබෙන්නේ කොහෙන්ද කියලා.ඒ වගකීමෙන් එයාලට පැනලා යන්න බැහැ. හොඳ දඩයක් ගැහුවාම අනිත් අයත් පාඩමක් ඉගෙනගනීවී,හොඳට හොයලා බලලා බඩු ගන්නත්, විකුණන්නත් (නි)
ශ්‍රීලාල් Wednesday, 05 August 2015 07:43 PM
ඔය දහජරාව ගෙන්වන, බෙදාහරින, විකුණන කාටවත් හොඳක් නම් වෙන්න එපා. (නි)
මහේෂ් Thursday, 06 August 2015 06:08 AM
මෑත කාලයක සිට පාසල් ළමුන් ඉලක්ක කොටගෙන ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක කරන මෙවැනි මත්වෙන පැණි බීම, බබල්ගම් වැනි දේ අප සමාජය තුළ අසන්නට ලැබේ. මෙහි ඇති අනෙක් භයානකකම නම් මෙම පැණි බීම සහ බබල්ගම් වලට තරුණ තරුණියන් වඳභාවයට පත්කිරීම සඳහා අවශ්‍ය විෂ කවලම් කර තිබීමයි. එහෙත් ඒවා පොලිසියෙන් අල්ලාගත්විට එය ප්‍රවෘත්තියක් ලෙස පළකරතත්, එහි සුලමුල සෙවීමක් හෝ මෙම සාපරාධී හෙණගහන අපරාධ වල පිටුපස ඉන්න බලවේගයන් පිළිබඳව සෙවීමක් නැත. කෙළින්ම කියන්නේ නම් මෙම භාණ්ඩ මෙරටට ගෙනෙන්නේ පකිස්තානය සහ ඉන්දියාව හරහා පමණි. එසේම මෙම සාපරාධී ක්‍රියාවන් අපගේ තරුණ පරපුර විනාශ කිරීමේ පරම චේතනාවන් සංවිධානාත්මකව මෙරට සිදුකරන්නේ වර්ගවාදී කොටසක් වන අතර අප සමාජය මෙම තිත්ත ඇත්ත ඇති සැටියෙන් කියාගත නොහැකිව කසාය බීගත් ගොළුවන් සේ නිහඩව සිටින්නේ මෙම ඇත්ත එළිවුවහොත් සමාජයේ යම් කැළඹීමක් ඇතිවේ යැයි බයටද, නැත්නම් නිවටකමටද ,එසේ නැත්නම් ඒ දෙකම නිසාද වන්නට පුළුවන. (නි)
දීෂණ Thursday, 06 August 2015 09:36 AM
අතුරුගිරියේත් මත් සීනිබෝල අහුවුණා? රට හැම තැනම පැතිරිලා.? හොයන්න විනාස කරන්න ..(නදී)
අදිරි Thursday, 06 August 2015 09:46 AM
ඇයි කඩේ අයිතිකාරයගේ නම් දාන්නේ නැත්තේ ? (නදී)
ප්‍රීති Wednesday, 05 August 2015 11:57 PM
උසාවියට මේවා ඉදිරිපත් කරනකොට හරියටම මේ ජාතියෙම බෝතල් 101 ම තිබෙනවද බලන්න ඕනෑ (නි)
දුමින්ද Thursday, 06 August 2015 01:50 AM
මේවා ගෙන්වන්නත් තීරුබදු සහන දෙනවද කියලා දැනගන්න කැමතියි (නි)
වසන්ජය Thursday, 06 August 2015 04:32 AM
මත්ද්‍රව්‍ය තියෙනවා කිව්වාට රස පරික්ෂක වාර්තාව එනකල් බලන් ඉන්න වෙනවා (ම)
ගැමුණු Thursday, 06 August 2015 04:45 AM
මහින්ද මාමා දිනවන්න, මෙන්න තෑගී (නදී)