(නිමන්ති රණසිංහ )
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගේ නේවාසික පුනරුත්ථාපන කාලසීමාව රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් උපරිම වශයෙන් මාස තුනකට සීමා කිරීමට රජය තීරණය කර ඇත.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ගෙන් සිරමැදිරි පිරීයෑම හේතුවෙන් ඔවුන්ට ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් පහසුකම් ලබාදීමට රජයට අද දවසේ විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි වාර්තා වේ. ඉහත තීරණය ගෙන ඇත්තේ මේ තත්වය සැලකිල්ලට ගෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් ප්‍රතිකාර හා පුනරුත්ථාපනයට යොමු කිරීම සම්බන්ධ විශේෂ චක්‍රලේඛයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම මහාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන්ට දැනටමත් නිකුත් කරනු ලැබ ඇත
අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ගි අමරබන්දු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න අධිකරණ අමාත්‍යාංශය හරහා යොමු කරන ලද ලිපි සලකා බැලීමෙන් අනතුරුව අදාළ චක්‍රයලේඛය නිකුත් කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච් සංජීව සෝමරත්න මහතා සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තීරණ ගන්න මිනිස්සුම දන්නවා මාස තුනෙන් මතට ඇබ්බැහි වුවෙකු වෙනස් කරන්න බැහැ කියලා... අවම වශයෙන් මාස 9-10ක් යනවා. ඇබ්බැහි වීම වළක්වන්න. මනස හදන්න.. තව මාස 9-10ක් යනවා.. මේ කරන වියදම් සියල්ල කරන්න වෙලා තියෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අය ආත්මාර්ථකාමීන් නිසා. මේ රටේ ළමයින් දහස් ගණනක් මත් කුඩු, අයිස් වලට ඇබ්බැහි වෙන්න දීලා ඒවායින් ලැබෙන සල්ලිවලින් කාලකන්නි සැපක් ගන්න ටිකක් ඉන්නේ. මේ රටේ තරුණ පරම්පරාව යම් මට්ටමකට මතට ඇබ්බැහි කරලා ඉන්නේ... ඊළඟ පරම්පරාවේ අය ඊට වඩා ඇබ්බැහි වේවි... මේ රට ඉබේම ඇවිදින මළමිනී ඉන්න රටක් වගේ වේවි. පිලිපීනයේ හිටපු නායකයාට මතට ඇබ්බැහි වුණු, විකුණන අයව වෙඩි තියලා මරණ තත්වෙකට පත් වුණේ මේ වගේ මත් කුඩු රටපුරා ව්‍යාප්ත වෙනකන් බලන් හිටපු නිසා අපේ රටේත්, ඒ දේ වෙන්න තව දශකයක් දෙකක් යයි.
මේ රටේ ළමයින් දහස් ගණනක් මත් කුඩු, අයිස් වලට ඇබ්බැහි වෙන්න දීලා ඒවායින් ලැබෙන සල්ලිවලින් කාලකන්නි සැපක් ගන්න ටිකක් තමයි ඉන්නේ... මේ රටේ තරුණ පරම්පරාව යම් මට්ටමකට මතට ඇබ්බැහි කරලා ඉන්නේ. ඊළඟ පරම්පරාවේ ඊට වඩා ඇබ්බැහි වේවි. මේ රට ඉබේම ඇවිදින මළමිනී ඉන්න රටක් වගේ වේවි. පිලිපීනයේ හිටපු නායකයාට මතට ඇබ්බැහි වුණු, විකුණන අයව වෙඩි තියලා මරණ තත්වෙකට පත් වුණේ මේ වගේ මත්කුඩු රටපුරා ව්‍යාප්ත වෙනකන් බලන් හිටපු නිසායි. අපේ රටේත් ඒ දේ වෙන්න තව දශකයක්, දෙකක් යයි. මත්කුඩු ළමයින්ට පොවලා සල්ලි හම්බ කරලා ආතල් ගත්තු අයට යන්න අපායවල් නැහැ
මත්ලෝලීන් මාස තුනෙන් ගෙදර... ඉන්පසු ජයටම වෙළඳාම...!
ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර ඔවුන් නැවත එම පරිසරයේම සිටිම තුළින් ඔවුන් නැවත එම තත්වයටම පත්වේ... එම නිසා සිටිනා පරිසරය වෙනස් කර වෘත්තීය පුහුණුවක් ලබාදී රටට වැඩක්ගත යුතුය.