මාතලේ නව කච්චේරි සංකිර්ණයක් ඉදිකිරිම් සඳහා අත්තිවාරම් කපද්දී වසර ගණනාවකට පෙර වළ දැමු බව කියන ගිනි අවි තොගයක් සොයා ගත් බව පොලිසිය කියයි.
දිරාපත් වී තිබු මෙම ගිනි අවි රජයේ රස පරික්ෂකට ඉදිරිපත් කළ බව පොලිසිය කියයි. මාතලේ මහේස්ත්‍රාත් එස්.බී.එච්.එම්. සේසිරි හේරත් මහතා එම අවි පරික්ෂා කළේය.
ගොඩගත් ගිනි අවි අතර තනි කානුවේ තුවක්කු 137ක්ද කානු දෙකේ තුවක්කු කඳන් 6ක්ද රිවෝල්වර 6ක කොටස් ද ඇතැයි පොලිසිය මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේය.
1971 අප්‍රේල් කැරැල්ල සමයේත් 1988/89 දෙවැනි කැරැල්ල සමයේත් මාතලේ දිස්ත්‍රික්කයේ ගැටුම් පැවතියේය. මීට පෙර මාතලේ රෝහල් භූමිය කනිද්දී වසර ගණනාවකට පෙර වළ දැමුණු බව කියන මිනිසුන්ගේ ඇට කටුද ගොඩ ගැනිණි. අද ගොඩගත් අවි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අවි නොවිය හැකි බව බැලූ බැල්මට පෙනෙතියි කියති.
මෙම කැරලි දෙකේදීම ළඟම ඇති පොලිසියකට හෝ රජයේ කාර්යාලයකට අවි බාරදීමේ ඉඩකඩ සලසා තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට ඉහත මාතලෙන් සමුහ මිනීවළවල් වගේකුත් මතුවුනා අපට මතකයි. ඒකේ පරීක්ෂණ එහෙම්ම යට ගියාද?සමහරු කීවා ඒවා ලෝක යුද්ධ කාලේ මිනී වෙන්න ඇති කියල. එහෙම නම් මේ තුවක්කු විජය රජ්ජුරුවන්ගේ කාලේ ඒවා වෙන්න පුළුවනි.! (බ)
සේන, කොටි දඟලන එකට සමහරුන්ට ආශා ඇති. මොකද සටන් විරාම කාලෙත් අපේ සමහරක් ගියානේ උතුරේ ඇවිදින්න. හැබැයි ඇස් කන් මොළේ තියෙන අයට තේරෙනවා කොටියා නැගිටින්න අරඅදිනවද, වෙනත් වේශයකින් එහෙම නැත්නම් නිදාගෙන ඉන්නවද කියලා. (නි)
ජෙප්පන්ගෙ ගල් කටස් තොගයක්ද ? (බ)
88/89 කාලයේ මාතලේ සිටි අදාළ බලධාරීන්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න (නි)
සිරි, ඔබ හරි (නි)
මේවා නම් සෑහෙන පරණයි (නි)
මේ පිළිබඳ වාර්තාවක් ඉදිරියේදී නිකුත්වේවි. (නි)
පෙනුමේ හැටියට නම් ගොඩාක් පැරණි ආයුධ තොගයක්. (නි)
එළාර රජතුමාගේ කාලයේ යුද්ධයට ගෙනාපුවා වෙන්න ඇති.
රට මෙච්චර පරිහානියට පත්වෙලා තියෙද්දී සේන වගේ අය ඒකෙනුත් සතුටුවෙනවා (නි)
1848 කැරැල්ල මැඩලන්න සුද්දෝ ගෙනාපුවා වගේ. (නි)
අර 88/89 කාලේ හිටිය සම්බන්ධීකරණ නිලධාරීන්ගෙන් ඇහුවා නම් කියයි .
විමලේ ඇතුළු අය මේක දැක්කොත් "මෙන්න කොටි නැගිටිනවෝ" කියලා බෙරිහන් දෙන්න බැරි නැහැ (නි)
රජයට පක්ෂ පාත නැති අය නම් වහාම පරීක්ෂණ කර වැරදි කරුවන්ද නිසි දඩුවම් දෙන්න (අ)
පරණ තුවක්කු රසපරික්ෂකට යවන්නේ ලුණු ඇඹුල් බලන්නද?.(අ)