මාතලේ නගර සභා බළ ප්‍රදේශයේ ඇති ආපන ශාලා හැටෙන් හතලිහක ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු බව සිදු කළ සමීක්ෂණවලදී හෙළිවී ඇතැයි මාතලේ නාගරික මන්ත්‍රී සෞඛ්‍ය කමිටු සභාපති රොෂාන්ද සිල්වා මහතා පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ,මාතලේ පරිසර පොලීසිය හා මහ නගරසභාව එක්ව කළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේරත්,මුස්ලිම් හොටෙල් වලට ඇයි බනින්නේ?ඒවායේ හොඳ පිරිසිදුකමක් තියෙනවා. නැත්තෙ සිංහල හෝටල් වල. (නි)
විශේෂයෙන් ලංකාවේ හැමතැනකම මේ විදියයි. පොඩි මිනිසුන් පුංචි සිල්ලර කඩයක් දැම්මොත් , පී.එච්.අයිලා බඩුවක් බිමවත් තියන්න දෙන්නෙ නැහැ. පොළවෙන් අගල් 6ක් උඩකින් විය යුතුයි. ඒත් නගර වලට ඒ නීතිය නැහැ. තොග බඩු කඩයකට ගියාම මුස්ලිම්වරුන්ගේ, අල ලුණු බිම. පනුවෝ දගලනවා. අපි ඇහුවහම එයාලගෙන් එයාලා දෙන උත්තරය , ඔයාලගේ කට්ටියම තමයි එන්නේ නෝනා,අපෙන් ගානක් එකතුකරන් යනවා , මේවා ටිකක් අස්කරලා තියන්න කියලා... ඒ කඩ හිමිය දෙන උත්තරයයි. අපි කාටද මේවා කියන්නේ ? (නි)
මේ අයව අල්ලා ඉක්මනින්ම ලොකු දඬුවම් දෙන්ඩ.(නදී)
මාතලේ පමණක් නොවෙයි රටපුරාම තත්වය ඔය විදිහයි. ඉඳහිට සිදුකරන වැටලීම් වලින් සාර්ථක ප්‍රතිපල ලබාගත නොහැකි බව පැහැදිලියි. නිරන්තරයෙන් මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නාක් මෙන්ම ඉහල දඩ මුදලක් අයකර ගැනීමේ සිට ව්‍යාපාරික බලපත්‍රය අහෝසි කිරීම දක්වා දැඩි දඬුවම් නියම කල හැකි පරිදි නීති සම්පාදනය කළ යුතුයි. (නි)
අපිරිසිදු ආහාර ගන්න රටවල් ශ්‍රේණිගත කලොත් ලංකාවට පලවෙනි තැන වුනත් ලැබෙන්න ඉඩ තිබෙනවා.මම පසුගිය වසර 4-5 තිස්සේ විවිධ ආයතනවලට ලිපි සිය ගණනක් යවලා තිබෙනවා එක දෙයක් වෙනුවෙන් අවධානය යොමුකර ගන්නට. එනම් ලංකාවේ එළවලු පලතුරු පිරිසිදුව ප්‍රවාහනය සහ විකිණීම වෙනුවෙන්. ඉරිදා හෝ සති පොළකට ගිහින් බලන්න.එළවලු සහ පලතුරු තියල තිබෙන ගෝනි පඩංගු දිහා.ඒවා ඉතාම අපිරිසිදුයි.රෑට බල්ලන් ලගින හෝ කැහි සෙම හොටු බුලත්කෙල ගහපු,බලු බෙටි දිය වුන පාරේ පඩංගුව එලපු වතාවල් අනන්ත ඇති.මේක උඩ තියපු පලා මිටි,සුද්ධකරපු කොස් වලට එහෙම ඇලෙන ජරාව කොපමණද.මේ නිසා කිසිම ආහාරයට ගන්නා දෙයක් අඩුම තරමින් පොළොවෙන් අඩි දෙකක්වත් තුනක්වත් ඉහල තබා තිබිය යුතුමය යන නීතියක් ගෙනා යුතුයි.සති පොළ වලින් බදු අයකරන පළාත්පාලන ආයතන වෙලදුන්ගෙන් ය කරන බදු මුදලින් මේවා (අකුලන මේස වැනි ) සදා ඔවුනට සැපයිය යුතුය. මෙම දේවල් නිසි අසුරා බල්ලන්ට ලැගීමට හෝ රාත්‍රියට යාචකයන්ට නිදාගන්නට ඉඩ නොදිය යුතුය.රටේ පිරිසිදුකම ඉහල යායුතුමයි.වකුගඩු රෝගය රටම වෙලාගෙන ඇති මොහොතක අපේ දරුවනට තව තවත් රෝග වසංගත අපි නොදිය යුතුයි.ඔවුනට අපි සැම දැනටම ඉතිරිකර ඇති විනාසය (ඩෙංගු,වකුගඩු රෝග.....) හොදටම ඇතිය. (නි)
අපේ මහජන සෞක්‍යපරීක්ෂක වරු වෙසක් පෝය දවසේ දන්සල් නම් පරික්ෂා කරා, නමුත් 365 දවසෙම අපිරිසිදුව පවත්වාගෙන යන මෙවැනි හෝටල් ලංකාව පුරාම තිබෙනවා ඔවුන්ට ඒවා පෙනේනේ නැහැ , මෙවැනි ජරා හෝටල් වලට විරුධවත් කටයුතු කරන්න. (ස)
ලංකාවේ අනිත් නගර වල ජරා හෝටල් ඔහොම වැහි වැහැල නැතුව ඇති නේද? (අ)
එන්කේඩී කියන දේ බලධාරීන්ට පෙනේවා කියලා මම ප්‍රර්ථනා කරනවා. මේවා පුරවැසියෝ, බදුගෙවන්නෝ පෙන්නලා දෙනකල් අපි පත්කරලා ඇරපු කට්ටියට පෙනෙනේනේ නැද්ද? ප්‍රාඩෝවල යනකොට ටිකක් වටපිට බලන්න අපි වෙනුවෙනුත්. ලොකු නගර කොයි එකත් ඔය වගේ තමයි. (නි)
දෙකක් නැහැ ආයේ, මුස්ලිම් හෝටල් වෙන්න ඇති (නි)
හේරත්, අපොයි ඔව් අපේ සිංහල අය බොහොම පිරිසිදුවටනේ හෝටල් පවත්වාගෙන යන්නේ. (නි)
මාතලේ නගරාධිපති පත්වෙලා ඉන්නේ එයාගේ ව්‍යාපාරික කටයුතු වලට තනතුර පාවිච්චිකරමින් ලෝකයේ ඕනෙම තැනකට විඅයිපි ලෙස යන්න වුවමනා නිසා. උපනගරාධිපති ගැන කියනවට වඩා හොදයි අපේ කට බිම උලාගන්න එක.එයා නීතිඥයෙක්.නඩුවක් බරදෙන්නටවත් නඩුවට අදාල දෙයක් කතාකරන්නවත් ඉඩ දෙන්නේ නෑ.(අ)
මාතලේ මස් කඩවල සහ මාළු කඩවල්වල මස් මාළු ඔතල දෙන්නේ පරණ පත්තරවල.පත්තර මුද්‍රණයට ගන්නා ඉතා විෂ සහිත තීන්ත ඔක්කොම මස් මාළු වලට උරාගන්නවා. මිනිස්සුත් ඔහේ කනවා.මාතලේ රථවාහන සෝදන, අලුත්වැඩියා ආයතනවල තෙල් ,අපද්‍රව්‍ය රදවාගැනීමට ප්‍රමිතියට හැදු වලවල් තිබෙනවා.නමුත් නීතියෙන් ගැලවෙන්න විතරයි.වලෙන් කෙලින්ම තෙල් ,අපද්‍රව්‍ය ඔක්කොම ජලමාර්ගවලට එකතුවෙනවා. මාතලේ නගරසභාවේ වැසිකිලි අදින වාහනය වැසිකිලි වළක් ඇදල ටැංකිය පිරුණම අපද්‍රව්‍ය සියල්ල නගරය මැද තිබෙන සුසානභුමියේ වළක් කපල ඒකට හලනවා.වැසි සහිත නිවාඩු දවසක හදිසියේ වැසිකිලි වළක් ඇදල වළක් කපන්න බැකෝ යන්ත්‍රය නැති නිසා වැසි ජලයත් සමග නගරයේ කාණුව දිගේ අසුචි යවන අවස්ථා තිබෙනවා.පොඩි වැස්සක් වැස්ස ගමන් ජල නළවලින් එන්නේ වතුර නොවේ කහ පාට මඩ වතුර.ලංකාවේ මුලින්ම නැතිවීයන්නේ මාතලේ මිනිස්සු.මේවා කියන්නේ කාටවත් රිදවන්න නොවේ. හිතේ වේදනාවට. (අ)
හෝටල්වල විතරක් වරද නොවේ.අපේ රටේ අයියලත් ඕනෑම ජරා තැනකින් ඕනෑම ජරාවක් කනවා.නොකන අයට අපහසයකුත් කරනවා ජරාව නිසා නොකන බව කීවොත්. ජරාව ගිලින අය නිසා නේද ඔය හෝටල් පවතින්නේ ? ඕවා කතාකරන්න ගිහින් මම කොතරම් විහිලුවට ලක්වෙලා තියනවද ? අපේ අය හැදෙන ජාතියක් නොවේ. (නි)
ඇත්තටම මාතලේ නගරයේ තියෙන හෝටල් ගොඩක් අපිරිසිදුයි. දැක්කම එපා වෙනවා කන්න තියා දැක්කමත් එපා වෙනවා මේ හෝටල් නතර කල යුතුම වෙනවා.(නදී)