මාතලේ උකුවෙල ගරාජ හිමියෙකුගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඉන් අඩක් ලබා ගත් බව කියන කම්කරු නිලධාරී ලීල් කොඩිතුවක්කු ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
උකුවෙල අධිකාරම් වලව්වේ සචින් එන් කුලතුංග නම් ගරාජ් හිමියාගේ පැමිණිල්ලක් මත අල්ලස්හෝ දුෂණ කොමිසම වැටලීම කළේය
තමා ළගදී ඇරැඹු ගරාජයේ සේවකයිනට අර්ථසාදක අරමුදල් ආදීය වෙනුවෙන් රුපියල් අසු ලක්ෂයක් ගෙවීමට ඇති බව කම්කරු නිලධාරීයා පැවසු බවත් එතරම් මුදලක් නැතැයි කී විට රුපියල් තුන්ලක්ෂයක් දෙතොත් අර්ථසාදක අරමුදල් නොගෙවා සිටි හැකි බව ගරාජ හිමියා කොමිසමට දන්වා ඇත.එය ලක්ෂ එකහමාර දක්වා අඩුකර ගත හැකිබවද ඔහු දැන්වීමෙන් පසුව වැටලීම සංවිධානය කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"යුෂ්මතාට මීට පෙර තිබුන අල්ලස් චෝදනා වලින් ගැලවුනේ කෙසේද?" කියලා ඇහුවම කොහොමද කිවුවා නම් , පොඩි පගාවක් දීලා හාමුදුරුවනේ කියලා (නි)
මෙයා අහවලාගේ ඥාතියෙක්ම වෙන්න ඕනෑ. (නි)
කම්කරු නිලධාරීන් ගැන නම් කියලා වැඩක් නැහැ. හම්බන්තොට දිස්ත්‍රිකයේ ඉන්නවා. මම කියන දේ බොරු නම් උපාය දුතයෙක් යවලා බලන්න (නි)
බදුල්ල දිස්ත්‍රිකයේ සිටි අධ්‍යාපන ලොක්කෙක් මාරුවීම් ලබාදීමට ගුරුවරියන්ගෙන් ලිංගික අල්ලස් පවා ලබා ගත්තා.ඔවුන් තවමත් සුවසේ සිටි.ලංකාවේ අල්ලස් නඩු අහන්න වෙනම අධීකරණයක් ස්ථාපිත කළ යුතුය (නි)
අල්ලස් ගැනීම රටේ සෑම රාජ්‍ය ආයතනයකම ගජරාමෙට වෙන දෙයක්. මේ සදහා රජය දැන් කළ යුත්තේ ඊට අවසර දී චක්‍රලේඛනයක් නිකුත් කිරීම පමණයි. ඔය අල්ලස් ගැනීමත් හොරකමක්නේ. ඔය මුදල් කවදාවත් යාදෙන්නේ නැහැ මහත්වරුනි. (නි)
ගරාජ් හිමියා බලාගෙන ඉන්න ඇති මේ උගුලෙන් ගැළවෙන්නේ කොහොමද කියලා (නි)
මට තිබෙන ගැටලුව , මම කරන ලද පමිණිලි කීපයකට ලිඛිත සාක්කිත් එක්ක බාරදුන් ඒවට මොනවද වුණේ කියන එකයි. සියලුම පැමිණිලි අල්ලස් පනතට අඩංගු අංක 70 යටතේ ඒවා, අල්ලස් දීලා වැඩේ කරගත්තා නම් මම ගොඩම තමයි (නි)