මාතලේ වරාපිටියේ බන්නැහැයක වලව්වේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඩෙන්සිල් ජයවර්ධන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (11) නියෝග කළේය.
එදිනට සැකකරුගේ ඩීඑන්ඒ වාර්තාවක් ඉදිරිපත්කරන්නැයි ද මහෙස්ත්‍රාත්වරයා විසින් රහස් පොලීසියට නියෝග කැරිණි.
හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු ගෙවල් බිඳුම් සහ සොරකම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇති බවට පොලීසිය අධිකරණයට දැන්වීය.
සොරකමේ ආ මොහු මව සමඟ නිදා සිටි තරුණිය අවදි විම නිසා කලබලවී ඇය මරණයට පත් කරන්නට ඇතැයි පොලීසිය පවසයි
මොහු හය මාසයකට පසු රහස් පොලිසියෙන් සඳුදා (10) අත්අඩංගුවට ගත්තේය.
මහේෂ් කීර්තිරත්න
ඡායාරූපය විරාජ් අබේසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රහස් පොලිසියේ දක්ෂ නිලධාරීන් නිසා මොහු අසු වුණා. අනෙකුත් අයත් උත්සහ කළ නමුත් ගියේ දේපල අාරවුල් පසුපස නිසා මොහු බේරුනා රහස් පොලිසිය ප්‍රදේශයේ අපරාධකරුවන් දෙස ඇස යොමු කළනිසා රහස එලි වුණා. ගෙය තුළ සිටි කවරෙක් හෝ එනම් සාදයට පැමිණි කවරෙක් හෝ සහයෝගය තිබෙනවා දොර අගුලු හැර තිබීමෙන් (බ)
මේ වගේ අපරාධකාරයින්ට නීතියෙන් දියහැකි උපරිම දඬුවම දෙන්න (නි)
හෝකන්දර ඉදලා මේ හොරාව ගෙන්න ගත්තු අයව අල්ලන්නේ නැද්ද?(දිල්)
සේසතම හොරකම් කරගෙන ගියත් කමක් නැහැ මරන්නේ නැතිව. අපරාදේ නේ මේ ජීවිතයක් විනාශ කලේ.(දිල්)
මෙතන මීට වඩා දෙයක් තියෙන හැඩයි. (දිල්)
සමාජයෙන් මේ වගේ මිනිසුන්ව තුරන් කළ යුතුයි (දිල්)
මේ මරණය ගැන යන කටකතා වලට යම් පසුබිමක් තියනවද ? අසුවුයේ නියම මිනිමරුවාද ? (ර)
හෝකන්දර සිට මාතලේ හොරකමට අාව කියන එකත් පුදුමයි. මෙතන මිට වඩා යමක් තියෙනවා. (බ)
මේ සිද්දියට මොකද උනේ කියලා ගොඩ දවසක් බලන්හිටියා මෙතන මුණ වහල තියෙන්නේ කාගේද ? (බ)
සම්පත් - ඔබ නිවැරදියි... එක්ක යන්න ඕන මොනවා හරි ආයුධයක් පෙන්නන්න....(බ)
හරියටම හරි උමේෂ්. මමත් ඔයාගේ පැත්තේ? (ර)
මරන්න පාවිච්චි කරපු මිටිය හොයන්න එක්කන් යන්න අදම. (ස)
රටක් වටිනා ජීවිතයක් නේද මේ මනුස්සයා නැතිකළේ? (නි)
මොහු නියම මිනීමරුවා නම් මොහුටත් ජීවත් වීමේ අයිතිය නැති කල යුතුයි. එහෙත් මේක වුනේ කොහොමද මෙහෙම කරන්න හේතුව මොකද්ද කියල මෙතන සිද්ද වෙලා තියෙන දේ නිවැරදිව සොයා බැලිය යුතුයි.සමහර විට අපි කවුරුත් නොසිතන විදියේ ක්‍රියා දාමයක් වෙලා තියෙන්නත් පුළුවන්. කොහොම නමුත් මොහු අපරාධය කරානම් මගේ දඬුවම පණ පිටින් තබා සිරුර ටිකෙන් ටික කොටස් කිරීම . මෙවැනි අපරාධ කරන්නුන්ට වෙඩි තැබීම , එල්ලා මැරීම , ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ගොඩක් සුව දායක වැඩී. (දිල්)
නිකන්ම කෙනෙක්ව මරන්නේ නැහැනේ. මම නම් කියන්නේ, මොකක්හරි හේතුවක් ඇති මෙහෙම මරන්න. (නි)
අනේ මෙයාවත් සොරකම් කළ බඩු පෙන්වන්න එක්කගෙන යන්න.මෙවන් තිරිසන් ගති ඇති අය මහ පොළවටද බරකි. පොලිසියට අපේ උත්තමාචාරය! (නි)
මෙයාවත් ආයුධ පෙන්නන එක්ක යන්න (බ)