සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා බත්තරමුල්ල ‘අපේගම‘ උත්සවයකට අද (21) පෙරවරු 9 ට සහභාගි වීමට නියමිතව තිබුණත් පෙරවරු 10 වන විටත් පැමිණ නැති බව දැනගන්නට ඇත.අමාත්‍යංශයේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් එහි සංවිධානය කැර ඇත.
එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධරයකු පැවසුයේ ඇමැතිවරයා එම උත්සවයට පැමිණිම ප්‍රමාද වන බවයි.ඊට හේතුව වශයෙන් ඔහු පැවසුයේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ හදිසි කැඳවීමක් අනුව අරලියගහ මන්දිරයට යෑමට නියමිතව සිටි බවයි.
මේ අතර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇමැතිවරයා පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව වෙනත් පුද්ගලයකුගේ නමින් වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි රොක් වී සිටිති.බොහෝ විට එම පුවත්පත් සාකච්ඡාව සවස්වරුව දක්වා පමා වීමට හෝ අවලංගු කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට අවශ්‍ය වන්නේ මහින්ද මිස අන් අය නොවේ. ඒ ගොල්ලෝ තමන්ගේ පුද්ගලික කරනා මත කරන දේවල් අපට වැඩක් නැත. (නදී)
අපෙන් උණුසුම් සුභ පැතුම්.(හේ)
සුබ පැතුම්.! (ර)
මේ නිව්ටන් ගේ තුන්වන නියමෙද (දිල්)
සුබපැතුම් (දිල්)
ජයග්‍රහණයේ නියමුවාණෙනි ඔබට සුභ පැතුම් (දිල්)
කාලය පැමිණ ඇත දුෂිතයන්ගෙන් රට බේරගන්න. ඔබට සුබ පැතුම්.. (දිල්)
රට ගෙන හොදට හිතලා තීරණයක් ගන්න.(දිල්)
ඔබට ලැබෙන ඇගමැති කම වලක්වන්න බොරු ප්‍රචාරයක් ගියා. මතක තියාගන්න පක්ෂය රාජපක්ෂලාගේ පමණක් නොවේ (නදී)
යනවනම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන් (නදී)
මොකද දන්නැහැ හදිසි කැදවීම. (නදී)
තුන් වරක් අහෝසි කල යුතුයි. නැත්නම් පක්ෂය රැකගැනීමට නොහැකි වනු ඇත. මන්ද පරදින තුරු එකම පුද්ගලයා දිගටම රැදී සිටීමට උත්සාහ දැරීම හා පසු පෙලට ඉදිරියක් නොමැති වීම (නදී)
මොකද දන්නැහැ හදිසි කැඳවීම. (නදී)
එන්න කිව්වේ බෙල්ල හිර කරන්නද දන්නේ නැහැ...(නදී)
අනාගතේ පහල වන බුදුන් මයිත්‍රී බුදුන්. ඒ වගේම ලබන ජනවාරියේ ලංකාවට නායකයා වන්නේත් මෛත්‍රී. බන්දුල පෙරේරාව කරකවල අත ඇරියා වගේ වෙයි මේවා දකිනකොට.(නදී)
එළිය වැටෙන්න කලින් ගොඩක් කරුවලයි (නදී)
අනිත් පැත්තට ගිහින් පොදු අපේක්ෂකයා වුණා කියමුකෝ, ටික දවසක් ගිහින් ආයෙත් මෙහා පැත්තට පැන්නොත්? (නි)
වංචාවෙන් රැවටීමෙන් සහ අංජනම් කාරයින්ගේ කීමට කටයුතු කරන අය අමාරුවේ වැටුනාම බේරාගන්න අංජනම් කාරයෝ එන්නේ නැහැ.හැමදාම තමා අනුන්ව රැවටුවා කියා සිතන අයත් රැවටෙන දවසක් එනවා. . අවංක දේශපාලනඥයෙක් වන මෛත්‍රීපාල මහතාට වරදින්නේ නැහැ. එතුමාගේ ජයග්‍රහණයත් ස්ථිරයි(දිල්)
මගෙනුත් සුබ පැතුම් අනාගත අගමැතිතුමාට.(හේ)
ජයවේවා (අ)
කෝ මේ වේලපත්කඩේ බලල වෙලාව හදපු කෙනා. එයාම තමයි මේ පොදු අපේක්ෂකයාට හදන්නත් ඇත්තේ (නදී)
ජය නියතයි (නදී)