ජනාධිපතිවරණයක් පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැති ලෙස පත් කරන්නැයි ලෙස පොලොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේ දී යෝජනාවක් සම්මත විය.
සමස්ත ලංකා ප්‍රාදේශීය සභාපතිවරුන්ගේ සම්මේලනයේ ලේකම් ප්‍රේමසිරි මුණසිංහ මහතා පැවැසූයේ අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද, මෛත්‍රීපාල සිරිසේන, මධ්‍යම පළාත් මහා ඇමැති සරත් ඒකනායක මහත්වරුන්ද එහි සිටි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිකමට මොහු ඉතා සුදුසුය. (නි)
ඔබතුමාට පැහැදිලි ඉදිරි ගමනක් තිබෙනවා (නි)
අගමැති විය යුත්තේ මීළඟ ජනාධිපතියි. දී මු දැන් වයසයි. මෛත්‍රිපාල හොඳයි. ඉවසීම තිබේ. රාජ්‍ය තාන්ත්‍රිකභාවය තිබේ. සමබරයි. (ර)
කවුරු මොනවා කිව්වත් අගමැති කම මීළගට යන්නේ දකුණට.(හේ)
මම නම් මේ ආණ්ඩුවට කොහෙත්ම කැමති නැහැ. හැබැයි මෛත්‍රීපාල මහතාට අගමැතිකම, ඊළඟ නිදහස් පක්ෂ නායකත්වය ලැබෙනවා නම් ගොඩක් හොඳයි (නි)
මමත් මොහුට බොහෝ ගරුකරනවා (නි)
පොළොන්නරුවේ වී සහ සහල් අධිකාරියක් තියෙන්නේ කවුරුත් නොදන්නවා වුනාට එතුමාගේ සහෝදරයා වන ඩඩ්ලි සිරිසේනගේ අරලිය සහල්. එ්ක නිසා තමයි පොළොන්නරුවේ කුඩා වී කර්මාන්ත ශාලා වැහුනේ. ඒවායේ කෑලි ගලවල යකඩ වලට විකුනන්න උනේ. අනිත් පළාත් වල මිනිසුන් නොදන්නවා වුනාට එ්ක තමයි තිත්ත ඇත්ත. (නදී)
මගේ පුද්ගලික අදහස නම් දේශපාලකයෙකුට හොඳ පවුල් ජීවිතයක් තිබීම අනිවාර්යයි. මගේ දේශපාලන අදහස් කුමක් වුණත් ඒ අතින් මම මෙතුමාට ගරුකරනවා. තමන්ගේ අතීතය ගැන නිහතමානිවීම සහ තමන්ගේගේ බිරිඳගේ ගුණයහපත්කම් ප්‍රසිද්ධියේ ප්‍රකාශකිරීම හැමෝටම කරන්න බැහැ. (නි)
හොඳ අදහස දැන්ම පත්කරන්න. එතකොට එතුමාට ටික කලක් හරි අගමැති වෙලා ඉන්න පුළුවන්. කවුද දන්නේ ජනපතිවරණය කොහෙන් කෙලවර වෙයිද කියලා. (නදී)
දේශපාලන ඉහඳ පණුවන්, මැර අන්තේවාසිකයන් , අඥාන උපදේශකයන් කිට්ටු කර නොගතහොත්, මෙතුමාට යහපත්, රටට වැඩදායක දිගු ගමනක් යා හැකියි. (නි)
එතකොට නිමල් සිරිපාල ඇමති තුමාට මොකක්ද දෙන්නේ? (නදී)
දේශපාලකයෙකු ලෙස නොව මම මනුස්සයෙකු වශයෙන් මෙතුමා දකිනවා නම් ඉතා ගරුකටයුතු චරිතයක් බව සඳහන් කිරීමට කැමතියි. විශේෂයෙන් තමන්ගේ මුල මතක,තමන්ට නැති බොරු වංශක්කාරකම් මවා නොපාන, පොළවේ පයගසා ජීවත්වෙන කෙනෙකු බව පේනවා. (නි)
අගමැති කමට සුදුසු හිත හොද මනුස්සයෙක්. බල තණ්හාව නිසා මෙවැනි මනුස්සයන්ට අවස්තාවක් ලැබෙන්නේ නැහැ. (නදී)
මගේ දේශපාන අදහස වෙනයි. නමුත් මේ වගේ තනතුරකට සුදුසු මෙතුමායි. ඥාති සංග්‍රහ වලින් තොරව රටට අවංකව සාධාරණව දේශපාලනය කරනවා නම් මිනිස්සු පක්ෂ භේදයක් නැතුව ඔබ ඉහළට ඔසවා තබාවි. (නි)
සුදුසු කෙනා බැසිල් රාජපක්ෂ (නදී)
සමහර දේශපාලකයින් අමාරුවේ වැටෙන්නේ ඥාතීන් නිසා. දේශපාලකයාගේ බලය තමන්ගේ කරගෙන හැසිරෙනවා. (නි)
මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙම තනතුරට සුදුසුයි. (නි)
තනතුරකට තමන්ගේ සුදුසුකම සදාකාලික නැහැ. අදාළ කාලයේදී නම්බු පිටින් නික්ම ගියොත් ජනතාවගේ හිතේ සදාරැඳේවි. අගමැති තනතුර සම්බන්ධවද මගේ අදහස එකයි. මේ ඇමතිතුමා සාපේක්ෂව අගමැති තනතුරට සුදුසුයි. (නි)
බොහොම හොඳයි (නි)
පිරිසිදු දේශපාලනයේ සංකේතයක් මෙන්ම මනුස්සකම අගයන පුද්ගලයෙක්. සුබ අනාගතයක්. (නි)
අදාළ තනතුර ලැබෙන්න මෙතුමා සුදුසුයි. ඒ නිසා ඒ බව, පත්කිරීමට බලය තිබෙන අයට වැටහුනොත් ඒක රටට යහපතක්. අපිට පොළවේ පයගහපු සාමාන්‍ය කෙනෙක් ඇති. (නි)
අඩුගානේ මෙතුමා මහජනයා ඉදිරියේ වැදගත් විදියට කතා කරනවා. පොළවේ පය ගසා ජීවත්වෙනවා. (නි)
සුබ පැතුම්! (නි)
මෙතුමාට අගමැතිකම දීලා බලමු එහෙනම්. නේද? (නි)
අපට ඇත්තටම අගමැති කෙනෙක් ඕනද කියන එක තමයි මගේ ප්‍රශ්නය. (අ)
ඔය තනතුරු කවුරු ගත්තත් සාමාන්‍ය මිනිසුන්වන අපට ඇති සෙතක් තියේවිද? (අ)
මෙම අවස්ථාවේ අලුත් අගමැති කෙනෙක් පත්කරනවා කියන්නේ පක්ෂය ඇතුලේ පිල් බෙදීමකට හේතු වෙනවා. (හේ)
පත් වුනත් මෙතුමාට වැඩක් කරන්න ඉඩ දේවිද ?(අ)
මව් බිමට කරන යහපත නම් තමන්ට පුරුදු විරුදු රස්සාව කරගෙන ඉන්න එක (නදී)
ඇයි දැන් ඉන්න අගමැතිතුමාට මොකක් වෙලාද.....? ඔය හොදට ඉන්නේ. (නදී)
ඔබ තුමාගේ වකු ගඩු දෙකෙන් එකක් අසරණ වකුගඩු රෝගී ඡන්ද දායකයෙකුට පරිත්‍යාග කරන්න. පරිත්‍යාග නොකලොත් මෙහාට ආවාම බලෙන් ගලවා ගන්නවා. (නදී)
හොදයි, හැබැයි කුඩු ගෙන්වන්න එපා හොදේ. (නදී)
සහල් කිලෝව රුපියල් දහසටවත් ගන්න පුළුවන් වේවිද එතකොට ? දැනටමත් මෙයාගේ නෑදෑයෝ නිසා අනිත් සහල් මෝල් වැහිලා කියල බොරුවක් නොවන රාවයක් තියෙනවනේ ? මෙයාව අගමැති කරලා අපි පාන් කමු මොකද කියන්නේ කට්ටිය රෙඩිද ? (නදී)
අගමැති විය යුත්තේ රටට දැනෙන වැඩක් කල හැකි පුද්ගලයකු නේද? මම හිතන්නේ සුදුස්සා බැසිල් රාජපක්ෂ මහතා. අගමැති දුරය වසර 6 කට එක අයකුට පමණක් සීමා කලහොත් හොඳ නේද ? (නදී)
මේතුමා හොඳ නිලධාරියෙක් (නදී)
මේ මාස 3-4 කට මොන අගමැති කමද? (නදී)
හොද යෝජනාවක්, අපි හැමෝම එකග වෙමු. මහත්මයෙකුට සැබෑ ගොවි පුතෙකුට මේ අවස්ථාව දෙමු. (නදී)
මා දන්නා තරමින් වත්මන් රජයේ සිටින නිහතමානී ඇමතිවරයෙක්. මම ඉතාමත් කැමති දේශපාලකයෙක්. එතුමාට අගමැතිකම ලැබෙනවා නම් ඉතාමත් සතුටුයි. රටට යහපතක් වෙන්න යහපත් උගත් හා බුද්ධිමත් නායකයින් අවශ්‍යයි (නදී)
මෛත්‍රීපාල මහත්මයෝ දේශපාලකයෙක් බෑනා කරගන්න එපා. පාලනය කරගත හැකි හොඳ කෙනෙක් හොයාගන්න . එය ඔබටත් ඔබගේ දේශපාලනයටත් හොඳයි. (නදී)
තව මාස හතර පහකට අගමැති කම මොකටද?(හේ)
මේ දවස්වල විධායක ජනාධිපති කම ඉවත් කරන්න සාකච්ඡාවක් යන නිසා, අර ඩී. බි. විජේතුංග මහත්තයට වගේ බෝනස් එකක් ලැබෙයි කියලත් හිතනවා ඇති.(අ)
චන්දන හරියටම හරි. (අ)
ගෝඨාභය මහත්තයාත් දේශපාලනයට එනවා නම් මම ඉතාම කැමතියි (නි)
ලබන ජනවාරිය වෙනතුරු පොඩ්ඩක් ඉන්නකෝ! (නි)
ටිකක් ඉවසන්නකෝ... (නි)
කම්කරු ප්‍රඥප්තිය ඉදිරිපත්කල අය අගමැති වුණා ප්‍රඥප්තිය යට ගියා. ඖෂධ ප්‍රඥප්තිය ඉදිරිපත්කල අයත් අගමැති වෙයි ප්‍රඥප්තිය යටයයි. ජනතාව එතැනමයි. (අ)
දෙවෙනි නායකත්වය සඳහා සුදුස්සෙකු පත්කර ගැනීම හොඳයි.(හේ)
මෛත්‍රිපාලට නිලය දුන්නොත් ජනාධිපතිවරණයේදී පොඩි වාසියක් තියෙනවා. ඔහු පොල්න්නරුව දිනවනවා ඒකාන්තයි. (හේ)
මෙතුමා තමයි දැනට ඉන්න සුදුස්සා.(හේ)
අපේ අගමැතිතුමා වයසට ගොස් නිසාත් , අසනීප නිසාත් ඊළඟ සුදුස්ස මෛත්‍රීපාල මහතායි. එතුමාට සුබ පතමු.(හේ)
සුභ පතනවා.සුභ අනාගතයක්.(හේ)
නිහතමානී දේශපාලකයෙකුට බලය ලැබීම ඉතාම හොඳයි (නි)
යෝජනාව හරිෙ.(හේ)
මෙතුමා තමයි දැනට ඉන්න නියම සුදුස්සා.(හේ)
හොඳ අදහසක්.(හේ)
එතුමාට අගමැතිකම දෙනවා නම් හොඳයි (නි)
මම එකසත් ජාතික පක්ෂයට සහයෝගය දෙන කෙනෙක්. හැබයි අගමැති තනතුරට මෛත්‍රිපාල පත් වෙන එක හොඳයි කියලා මාත් පිලිගන්නවා.(හේ)
ලංකාවේ මෙතෙක් බිහි වූ අගමැතිවරු කොළඹ, ගම්පහ,කුරුණෑගල ,කෑගල්ල, ගාල්ල, මහනුවර, හම්බන්තොට සහ කළුතර යන දිස්ත්‍රික්ක වලින් පමණයි බිහිවෙලා තියෙන්නේ. එහෙම බලනකොට පොළොන්නරුව වැනි දුෂ්කර දිස්ත්‍රික්කයකිනුත් අගමැතිවරයෙක් බිහිවෙන එක එහි වැසියන්ගේ අමන්දානන්දයට හේතුවනවාට සැක නැත. (නි)
තව ටික දවසයි නේද මහ මැතිවරණයට? (නි)
හොඳ යෝජනාවක් (නි)
හෙට අනිද්දා වෙනකොට තවත් එහෙන් මෙහෙන් යෝජනා සම්මත වේවි. (නි)
ජනාධිපතිතුමා අගමැතිතුමාව පත් කරගනිවී කළබල වෙන්න එපා.(හේ)
කවුරු පත් වුණත් වැඩක් නෑ.(හේ)
ඔබතුමා සහල් ජාවරමත් , වැලි කැපීමටත් විරුද්ධව යමක් කරයි කියා හිතනවා. වකුගඩු හා පිළිකා අවම කිරීමට වැඩ පිළිවෙලක් අගමැති වසයෙන් කරන්න පුළුවන්. සුභ අනාගතයක්.(හේ)
මෙතුමා ගැන නම් කියන්න කිසිම වැරැද්දක් නැහැ (නි)
මමත් හිතන්නේ අගමැතිකමට සුදුසුම කෙනා අපේ මෛත්‍රිපාල මැතිතුමා කියලයි. (නි)
මෙයා තමයි සුදුසු පුද්ගලයා.(හේ)
හෑමෝම එකයි.කිසි වෙනසක් නෑ.(හේ)
ඇයි මේ අපේ අයට ඉවසන්න බැරි? (නි)
පොළොන්නරුව සංවර්ධනය කරනවා නම් අපි සතුටුයි. තවම එකතැන පල්වෙන නගරයක්නේ පොළොන්නරුව. දැන්වත් වැඩක් කළොත් පිං ! (නි)
ජාතික ඖෂධ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කළොත් අපි කැමතියි. (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
හොඳයි. ඉක්මනින් යෝජනාව ක්‍රියාත්මක කරන්න (නි)
සහල් මිල ජනාධිපතිවරනයට පෙර රුපියල් 55 කළොත් ඔබට අගමැතිකම අරන් දෙන්න උදවු කරනවා, අපි. (නි)
දැන් ගෝටාභය මැති තුමා දේශපාලනයට ආ යුතු කාලය යි. ඔහු මී ළඟ රටේ නායකත්වයක් දැරිය යුතු කෙනෙකි. (නදී)
අපිත් කැමතියි! (නි)
හා හා බලාගෙනයි, කකුලේ කටු ඇනෙයි..... ඕක ගන්නේ නම් බලාගෙන හොඳේ ...... ඔය තනතුරට යටින් විෂකුරු කටු තිබේ...... හා හා බලාගෙනයි...... (නි)
මට හිතෙන හැටියට මීට සුදුසුම පුද්ගලයා මෙතුමා තමයි (නි)