(ඩයනා උදයංගනී)
එළඹෙන ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ඉවත් වී නැතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
පක්ෂයේ වත්මන් ස්ථාවරය වන්නේ ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතුය යන්න බව කී මහලේකම්වරයා සඳහන් කළේය.
තවමත් ඒ ගැන ස්ථිර තීන්දුවක් ගෙන නැතැයි කී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡාවල අවසන් තීන්දුව සළකා බලා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිම් මටට්මින් ශක්තිමත් කර ස්ථිර තීන්දුවක් ගන්නා බව ද කීවේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පක්ෂයේ සියලු දෙනාගේම අදහස් හා මතවාදය අනුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන පක්ෂයේ තීන්දුව ගන්නා බවත් පාක්ෂිකයින් හා මන්ත්‍රීවරුන් රැකගෙන, පක්ෂය දියවී නොයන අයුරින් එම තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බවත් මහලේකම්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය රැක ගැනීමට ජනාධිපතිතුමාගෙ සහ ඔබලාගෙ විශ්වාසය හා අදහස වෙනම තරග කිරීම නම් අැයි තවත් බල බලා ඉන්නෙ වෙනම තරග කරන්න ඉන්න ජනාධිපතිතුමා හො වෙන කෙනෙක් හො ඔබතුමා හරි තරග කරන්න ජනතාව නියම තැනට කතිරිය සළකුණු කරාවි මේ පාර.
තිරනය නිවැරදියි මිල්ටරි ජුනිටාවකට පක්ෂය යටකරන්න එපා
ඉවත් කළ යුතු නොකළ යුතු අය ගැන මහජනයා තීන්දු ගනියි. වැඩිය කලබල නොකර ඔහොම යමුකෝ.
බොහොම සතුටුයි ..වෙනම ඉල්ලලා බලන එක හොඳයි ..එතකොට කාගෙ කාගෙත් තරම බලාගන්න පුලුවන් ..හැබැයි එදාට ආයේ පක්ෂයක් ඉතුරු වෙයිද කියන එකයි ප්‍රශ්නෙ..මොකද මේ වගේ මැතිවරණයකදී ජන්ද ප්‍රධාන කඳවුරු දෙකකට බෙදෙනවා මිසක් ඔයාලට පළාත් පාලන ජන්දෙදී වැටුණු ලක්ෂ 15 වැටෙයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒක හීනයක් .
එහමනං ඇයි තවමත් පොහොට්ටුව සමග සාකච්චා කරන්නේ? ඔ පක්ෂය දිය වෙලා ඉවරයි. ඔ පක්ෂයේ ලේකම් ඔයාගේ ඔලුවේ ගැහුවට, වෙන කොව්රුත් ගන්න නැහැ.
රෝහණ පොහොට්ටුවේ කකුලක් . අන්තිමේදී නිදහස් පක්ෂය පහොට්ටුවට පවා දෙනවා.
ඔය කියන ජනපති 2015 දී කිඋවේ නැවත වතාවක් එන්නේ නැහැ , පොළොන්නරුවේ ඉදල රට පාලනය කරනවා කියල නේද . ඒ මදිවට ජනතාවට දහසක් පොරොන්දු දීල බලය අරගෙන දිවුරුම් දුන්න ගමන්ම කිවුවේ , අගමැති රනිල් වික්රමසිංහයන්ට සියලු විධායක බලතල පවරලා දෙනවා කියල. ඒක රටේ ජනතාව ගොනාට ඇන්දවීමක් නෙමෙයිද . එහෙම දෙන්න බැරිඋනේ අපවත්වුනු සෝභිත හාමුදුරුවෝ විරුද්ධ උණු නිසා. දුන්න නම් රටට කොහොම වෙයිද දැන් මේ දුන්නු ටිකෙන් රටට කරන හානිය බැලුවම පෙනෙනවා.
මරේ මරු " ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න :...
ඉල්ලුවොත් පීචන් වෙලා තමයි යන්න වෙන්නේ, ඉන්න විදියටම අයින් වුනොත් ගරු නම්බුනාම ටික යාන්තමින් හරි ගොඩ දා ගන්න පුළුවන් වෙයි.
ඉක්මනටම ඔය ස්තාවරයෙන් ඉවත් නොවුනොත් තමයි පුදුමේ.
එනකන් තමයි ඉන්නේ.. බෑග් ඔක්කොම ලෑස්ති කරලම ඉන්න. ගම, රට බලා යන්න. දේශපාලකයෝ හිතන්නේ රටේ ඔක්කොම හරක් කියලා. ඒ කාලේ ගියා මහත්තයෝ...
ලොක්කා අපිට දීපු දේවල් ඇති මහත්තයෝ. ආයේ හිනාවෙන්න නම් අපිට වෙලාවක් නැහැ. රට ගොඩගන්න පුළුවන් කියලා හිතෙන කෙනෙකුට සපෝර්ට් කරලා ඊගාව පාර්ලිමේන්තුවට පැනගන්න උත්සාහයක් කරන්න. එ්කනේ ඔයාලට වුනේ... රට නොවෙයිනේ වැදගත්. දුප්පත් අපි තමයි හැමදාමත් අසරණ...
ඔව්, අපි අපේ ජනාධිපතිතුමා නැවතත් ජනාධිපති කරනවා.
බණ්ඩාරනායකවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් හොඳ ශක්තිමත්... අපි අපේ සිරිසේන ජනාධිපතිතුමා 2020 දීත් ජනාධිපති කරනවා.