2004 සුනාමියේදී මාතර බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවක් වසර නවයකට පසු ඇහැළියගොඩ මින්නාලේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වඩුවකු සේ වෙස් වළාගෙන ව්‍යාජ හැදුනුම්පතකින් ජීවත් වු ඔහු හසු වී ඇත්තේ බිරියගේ බැංකු පොතෙනි. ඔහු බිරියගේ බැංකු පොතට ඇහැළියගොඩින් මුදල් බැර කිරීම ගැන සෙවිල්ලෙන් සිටි පොලීසිය සැකකරු සොයා ගත්තේය.
පොලීසියට අසුවෙතියි බියෙන් ඔහු ජංගම දුරකථන බැංකු පොත් පාවිච්චි කළේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මොකුත් මතක නැහැ කියල කීවානම් හරිනේ, (අ)
පෙර වැරදි බල්ලාට දමමුකෝ. 2004-2013 දක්වා වසර 13 කින් පස්සේ පසු වැරදි කරලා නැති මෙම චුදිතයා, වඩුවෙක් මිසක් පාතාලයෙක් නොවන්නේ නම්, රජයේ අනුග්‍රහයක් නැතිව ස්වයං පුනරුත්තාපනය කින් යහමගට හැරී ඇති හෙයින් නැවත දඬුවමක් කිරීම අසාධාරණ බව හැගී යයි.(නදී)
පව් අහිංසකයෙක්.හම්බකරපු ඔක්කොම සල්ලි තමන්ගේ බිරිදට දීල තියනවා.මේ වග්ව් මිනිසුන්ට සමව දෙන්න ඕනේ. (අ)
එතකොට අර ප්‍රසිද්ධියේ ඉන්න 'යකඩ හොරා' අල්ලන්න කවුරුවත් නැද්ද? (නි)
වැරදි කල කෙනෙකු සිරගෙදරට යවන්නේ ඔහු යහපත් පුද්ගලයෙකු කර ආපසු සමාජගත කිරීම පිණිසයි. පසුගිය අවුරුදු 9ක් තිස්සේ ඔහු විහින්ම යහපත් පුද්ගලයකු වශයෙන් ජීවත්වී ඇති බව හා දරුපවුල රැකගෙන ඇතිබව පුවතින් පෙනීයයි. එය එසේම නම්, එලෙසම ඔහු සිරගෙදරට යැවු වරද බරපතල නොවේ නම්, ඔහුට විශේෂ සමාවක් දී නිදහස් කිරීම උචිත බව සිතමි. අධිකරණය ඔහු දෙස සානුකම්පිතව බලනු ඇතැයි ම බලාපොරොත්තු වෙමි. ඔහුට බුදු සරණයි.(ස)
මිනීමරලත් අධිකරණය නොමග යවලා යහතින් ඉන්න අය ඉන්න රටේ මේක මොකක්ද? (නි)
කරදරයක් නැතිව ජීවත් උනානම් කමක් නැහැ.(ස)
ඇත්තටම අහිංසක මිනිහෙක් වෙන්න ඇති .නැති නම් පොදු සමාව ලැබිලානේ. (ස)
එයා මොනවා කරලා හිරේ ගිය කෙනෙක්ද දන්නේ නැහැ. කොහොම වුනත් මම නම් හිතන්නේ මිනිහා හැදිලා. යහමගට ආව කෙනෙක් නම් සමාව දිය හැකි වරදක් නම් කරලා තියෙන්නේ නිදහස් කරන්න තියෙන්නේ.(නදී)
හොඳ මිනිහෙක් වෙන්න හිතාගෙන වඩු වෑඩක් පටන් අරගෙන ජීවත් වෙලා තියෙන්නෙ සමාවක් දීල දෑම්මනම් ඉවරයි.(ස)
මේ පුංචි රටේ කොතැනකදී හෝ මතු කවදා හෝ යලි අප හමුවේවී. (නි)
සමාව දුන්නා නම් හොදයි තමා. (නි)
හැමෝම උණු වූ හදවතින් අදහස් යොමු කරන්නේ අහිංසකත්වය දැකලා සැම මිනිසකුම අපරාද කාරයක් නොවේ මේ සමාජයි අපරාද කරුවන් බෝ කරන්නේ අවුරුදු 9ක් කල්ක්‍රියාව බලා සමාවක් දුන්නනම් හොඳයි. (ස)
මෙයාට මොනවත් මතක නැත්තම් සමාව දීලා ආපහු වඩු වැඩ කරන්න කියන්න ඕන. නැත්තම් හොදටම දඩුවම් දෙන්න ඕන.(ස)
මේ වගේ මිනිස්සුන්ට සමව දෙන්නේ නැහැනේ ඉතින්. (නි)
ඇත්තටම මොහුට සමාව දිය යුතුයි. හිරෙන් පැනලා යන්න ඇත්තෙත් තමන්ගේ බිරිද ජිවත් කරන්න ඕනෑ නිසා වෙන්න ඇති. මට නම් පෙනෙන්නේ හොද සැමියෙක්. කරුණාකර අවවාද කර නිදහස් කරන්න (නි)
මොහු ගේ කල්ක්රියව බලල හොඳනම් මොහු පුනුරුතපන කදවුරකට යොමු කරන්න, අපහු හිරේට නම් යවන්න එපා, හිරේ ගියොත් අපරදකාරයෝ එක්ක එකතුවෙලා නරක අතට හැරේ. (ස)
මේ මනුස්සයා පහුගිය අවුරුදු 9දී වැරදි කර නැත්නම් කරපු එකම වැරැද්ද බොරු හැදුනුම්පත් විතරක් නම් මොහුට විශේෂ සමාවක් දිය යුතුය. (නි)
කවුරු මොනවා කිවුවත් අපගේ පොලිසිය බොහොම දක්ෂයි . අවුරුදු 9 කට පස්සේ වුනත් අපරාධකාරයට බේරෙන්න බැරිව ගියා. (නි)
අවුරුදු නවයක් යහපත් විදියට උන්නනම් තවත් මොනවද? (ස)
මොන එහෙකටද දැන් මේ අවුරුදු 9ක් පරණ කුනුකන්දල් අවුස්සන්නේ? මේ මිනිහා පහුගිය කාලේ කරලා තියෙන්නේ වඩු වැඩනේ. වෙන මොනවත් නීති විරෝධී වැඩක් නෙමෙයිනේ. ඒ කාලේ කල්කිරියාව බලලා හොඳනම් පොදු සමාවක් දීලා එළියට දාන්න. පව් අහිංසක මිනිහා . (නි)
අහිංසකයෙක් වෙන්න ඇති.පව් හම්බ කරලා බිරිඳට දීලා තියෙනවා.හොඳ පවුල් කාරයෙක් වෙන්න ඇති. (නි)
සමාව දෙන්න වටිනා පුද්ගලයෙක් නේ. හිරේ හිටියත්,කොච්චර වැරදි කළත් බිරිදට සතුටින් තියන්න උත්සහ කරලා තියෙන පාටයි. අල්ල ගත්තු උපක්‍රමය පොලිසිය මාධ්‍යට දීපු එක හරි නැහැ. අනිත් හොරු ඕකෙන් පාඩමක් ඉගෙන ගන්නවා (නි)