මාතර කඹුරුපිටිය ප්‍රදේශයෙන් කලා ලෝකයට එක්වී ඇති මල්සේයා රුවි දිසානායක මේ වනවිට ටෙලිනාට්‍ය රැසකම සිය රංගනයෙන් දායකත්වය ලබාදී ඇත. ටෙලිනාට්‍යවලට අමතරව චිත්‍රපට දෙකකද රඟපෑ ඇති මල්සේයා, නිරූපණ ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නීය. දැනට විසි තුන්වන වියේ පසුවන ඇයගේ කලා කටයුතු පිළිබඳව ඇය සමගින් කළ සංවාදයකි මේ.
ඔබගේ අධ්‍යාපනය තත්ත්වය හා ලබා ඇති පුහුණුවීම් පිළිබඳව සඳහන් කරනවානම්?
මගේ ගම් පළාත දකුණේ මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ. මාතර කඹුරුපිටිය මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා. පාසල් යන කාලේ නම් මම වැඩිපුරම ආස කෙරුවේ නැටුම්වලට. සාමාන්‍ය පෙළින් පස්සෙ තරුණ සේවා සභාව යටතේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව අවුරුද්දක පාඨමාලාවක් හැදෑරුවා. ඊට අමතරව ප්‍රේමසිරි හේවාවසම් මහතා යටතේ රූපලාවණ්‍ය පාඨමාලාවක් NVQ ලෙවල් 4 දක්වා ඉගෙන ගත්තා.
මේ වෙනකොට රඟපා ඇති ටෙලි නාට්‍ය හා චිත්‍රපට මොනවද?
2014 වර්ෂය වෙද්දී මම පුද්ගලික ආයතන රැකියාවක් සඳහා කොළඹට එන්න සිද්ධ වුණා. එහිදී තමයි මට මේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. දැන් මේ වෙනකොට මම ‘දෙරණ’ නාළිකාවේ ආටක මාරයි නවය හමාරයි, හිරු රූපවාහිනියේ ‘ආටක නාටක’, සිරස රූපවාහිනියේ ‘උතුම් පැතුම්’, ස්වරණවාහිනියේ ‘හංස පිහාටු’, ‘සි රජ’, ජාතික රුපවාහිනීයේ ‘ළබැදියේ’ ආදී ටෙලිනාට්‍ය රැසකම රඟපෑමෙන් දායකත්වය ලබාදී තියෙනවා. ඊට අමතරව තිරගතවීමට තිබෙන ‘සංසාරේ පිපාසය’ හා ‘ඩොක්ටර් නවරියන්’ යන චිත්‍රපටවලත් රඟපා තියෙනවා. මම මුල් කාලයේදී තරුණ සේවා සභාව මගින් සෑම වසරකම පවත්වන ලද අභිරූපණ රංග, වේදිකා නාට්‍ය වැනි තරග ඉසව්වලට දිගටම වගේ ඉදිරිපත් වුණා. එදා ඒ තුළින් ලබා ගත් අත්දැකීම් පසුව මගේ මේ කලා කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට ලොකු ශක්තියක් වුණා.
මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු
කලාව කියන්නේ ඉතා ලොකු දෙයක්. ඒකෙ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉදිරි කාලසීමාවේදී මම තවදුරටත් මේ සම්බන්ධව ඉගෙන ගෙන කලා ලොවේ දිගු ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම මේ වෙලාවේ මට මේ තරම් දුරක් එන්න අත හිත දුන් සියලුම දෙනාම මතක් කරනවා.
රෝහණ ආරියරත්න - හම්බන්තොට
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මාතරින් කලා ලෝකයට එක්වන මල්සේයා රුවි දිසානායක