දැඩි පෑවුමෙන් නිල්වලා ගඟේ ජලයට කරදිය මුසුවිම නිසා නාදුගල ජල පොම්පාගාරය අද (26) සිට තාවකාලිකව වසා දැමූ බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.
මේ නිසා මාතර මහ නගර සභා බල ප‍්‍රදේශය ඇතුළු දෙවිනුවර ගන්දර සහ කෝට්ටගොඩ යන ප‍්‍රදේශවලට ජලය බෙදාහැරීම පාලනය කිරිමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර වතුර කැපෙනවාලු! මම ලංකාවේ හිටියේ සති දෙකයි නිවාඩුවට. ලයිට් නැහැ. රටම එපා වුනා. වගකීමක් ගන්න කිසිම එකෙක් නැහැ. දේශපාලකයින්ට කිසිම ලැජ්ජාවක් නැහැ. හමුදාව හිටියනම් හරි!! (බ)
පායන කාලයට නිල්වලා ගඟට කරදිය මුසුවීම නිතරම සිදුවෙනවා මක්නිසාද ගඟ මුහුදු මට්ටමට වඩා පහල නිසා. ඒකාලේ මගල්ලගොඩ සහ නුපේ ඇළෙ කරදිය උඩුගන් යාම වලක්වන විදියේ ඒවා තිබුනා. (ර)
කළුතරටත් වතුර දෙන්නේ නැහැ දැන්. ඒ ගැනත් සළකා බලන්න (නි)
කළුතර ප්‍රදේශයේ බෙදා හරින ජලය සම්පූර්ණයෙන් කරදිය රහයි, විසඳුමක් දෙන්න දැනටමත් ප්‍රමාදයි. (බ)
මොනතරම් හොඳින් රට පාලනය කරනවාද? මිනිස්සුන්ට වතුරත් නැහැ.(රේ)
ඔය පෝට් සිටි හැදුවොත් මුළු ලංකාවේම තියෙන වේලිත් ,මදි ඕකට පුරවන්න එදාට පෙනේවි මුහුදු වතුර ගග දිගේ ඇවිත් කරන විනාශය පරිසරය ගැන නොහිතන රටකට නොවන විපතක් නැහැ රටේ ඉන්න මැට්ටන්ට ඕන කොහොම හරි කමක් නැහැ කීයක් හරි සාක්කුවට දාගන්න අද සති දෙකක් පායන කොට මුළු රටේම වතුර නැහැ අපේ රටේ ඉන්නේ ඉතා ඉකමනින් විනාශ වෙන ජාතියක් ගහ කොළට සතා සිවු පෑවාට ආදරය කරන සමාජයක් රටකට අවශ්‍යමයි (බ)
මාතරට දෙන වතුර ටිකත් ඇයි පිරිසිදු කරල එවන්න බැරි?(රේ)