දැඩි පෑවුමෙන් නිල්වලා ගඟේ ජලයට කරදිය මුසුවිම නිසා නාදුගල ජල පොම්පාගාරය අද (26) සිට තාවකාලිකව වසා දැමූ බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.
මේ නිසා මාතර මහ නගර සභා බල ප‍්‍රදේශය ඇතුළු දෙවිනුවර ගන්දර සහ කෝට්ටගොඩ යන ප‍්‍රදේශවලට ජලය බෙදාහැරීම පාලනය කිරිමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතරට වතුර කපයි
ගාමිණි - ඩෙන්මාර්කය Saturday, 26 March 2016 10:09 AM
ඒ පාර වතුර කැපෙනවාලු! මම ලංකාවේ හිටියේ සති දෙකයි නිවාඩුවට. ලයිට් නැහැ. රටම එපා වුනා. වගකීමක් ගන්න කිසිම එකෙක් නැහැ. දේශපාලකයින්ට කිසිම ලැජ්ජාවක් නැහැ. හමුදාව හිටියනම් හරි!! (බ)
බන්දුල Sunday, 27 March 2016 07:12 AM
පායන කාලයට නිල්වලා ගඟට කරදිය මුසුවීම නිතරම සිදුවෙනවා මක්නිසාද ගඟ මුහුදු මට්ටමට වඩා පහල නිසා. ඒකාලේ මගල්ලගොඩ සහ නුපේ ඇළෙ කරදිය උඩුගන් යාම වලක්වන විදියේ ඒවා තිබුනා. (ර)
සුජිත් Saturday, 26 March 2016 03:34 PM
කළුතරටත් වතුර දෙන්නේ නැහැ දැන්. ඒ ගැනත් සළකා බලන්න (නි)
දීපාල් නිරෝෂ් Sunday, 27 March 2016 10:47 AM
කළුතර ප්‍රදේශයේ බෙදා හරින ජලය සම්පූර්ණයෙන් කරදිය රහයි, විසඳුමක් දෙන්න දැනටමත් ප්‍රමාදයි. (බ)
ඩිල්ෂාන් Sunday, 27 March 2016 03:06 AM
මොනතරම් හොඳින් රට පාලනය කරනවාද? මිනිස්සුන්ට වතුරත් නැහැ.(රේ)
අතුල Sunday, 27 March 2016 01:07 PM
ඔය පෝට් සිටි හැදුවොත් මුළු ලංකාවේම තියෙන වේලිත් ,මදි ඕකට පුරවන්න එදාට පෙනේවි මුහුදු වතුර ගග දිගේ ඇවිත් කරන විනාශය පරිසරය ගැන නොහිතන රටකට නොවන විපතක් නැහැ රටේ ඉන්න මැට්ටන්ට ඕන කොහොම හරි කමක් නැහැ කීයක් හරි සාක්කුවට දාගන්න අද සති දෙකක් පායන කොට මුළු රටේම වතුර නැහැ අපේ රටේ ඉන්නේ ඉතා ඉකමනින් විනාශ වෙන ජාතියක් ගහ කොළට සතා සිවු පෑවාට ආදරය කරන සමාජයක් රටකට අවශ්‍යමයි (බ)
නුවන් Sunday, 27 March 2016 04:06 AM
මාතරට දෙන වතුර ටිකත් ඇයි පිරිසිදු කරල එවන්න බැරි?(රේ)