ශ්රී ලංකාවේ ජනාධිපතිගේ මෝටර් රිය පෙළ මාර්ගයේ රතු සංඥාවක් දුටු විට දැන් සිදු වන්නේ මීට මාස කීපයකට පෙර කිසිසේත් දැකිය නොහැකි වූ දසුනකි. රිය පෙළ නවතා කොළ සංඥාව ලැබෙන තුරු බලා සිටී. අලූත් අත්දැකීම එපමණක් ද නොවේ. ඉස්සර මෙය වාහන 16 ක් හෝ ඊට වැඩි ගණනක් වෙනුවට දැන් ජනාධිපති රිය පෙළට ඇත්තේ වාහන දෙක තුනක් සහ මෝටර් බයිසිකල් දෙකක් පමණි. එදා මාර්ග සංඥා නොතකා ගමන් කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රිය පෙළට බලාපොරොත්තු රහිත ලෙස රතු එළිය වැටුණේ ගිය ජනවාරි 8 වැනිදාය.
අවුරුදු 9 ක් එක දිගට මෙම දිවයින පාලනය කළ 69 හැවිරිදි රාජපක්‍ෂට පරාජයක් හිමිවන බව මැතිවරණ දා උදෑසන සිටම දක්නට ලැබිණි. දශක තුනක් සිවිල් යුද්ධයේ යෙදී සිටි දෙමළ සුළුතරයට අයත් බෙදුම්වාදීන් 2009 දී ඔහු පරාජය කළේය. එක්සත් ජාතීන්ගේ සමහර වාර්තා සඳහන් කරන පරිදි යුද්ධයේදී මිය ගිය දෙමළ වැසියන්ගේ සංඛ්‍යාව 40,000 ද විය හැකියි. වසරකට පසුව රාජපක්‍ෂ සිංහල බෞද්ධ බහුතරයේ සහායෙන් දෙවැනි වරට ද තේරී පත්විය. යුද්ධයේ අවසන් කාල සීමාවේ සිදුවී යයි කියන මානව හිමිකම් කඩකිරීම් ගැන සොයා බැලීමට කළ ඉල්ලීම ගැන කිසි සැලකිල්ලක් නොදැක්වූ රාජපක්‍ෂ, පාලනය ගෙන ගියේ සිය පවුලේ සාමාජිකයින්ට පාලන තන්ත‍්‍රයේ අණසක පැතිරවීමට ඉඩකඩ සලසමිනි. ජනාධිපතිගේ සහෝදරයෙක් ජාතික ආරක්‍ෂාව භාරව සිටියේය. තවකෙක් ආර්ථික සංවර්ධනය භාරව සිටියේය. තෙවැනි සහෝදරයා පාර්ලිමේන්තුවේ කථානායක විය. පාලනයට විරුද්ධ මත ධාරීන් රාජපක්ෂ විසින් නිහඬ කළේය. රජය විවේචනය කළ මාධ්‍යාවේදීන් සහ දේශපාලන ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම් පමණක් නොව නොම්මර තහඩු රහිත සුදු වෑන් වලින් පැහැර ගැනීම් ද සිදු විය. සමහරු අතුරුදන් වූහ. (කෙසේ වුවද රාජපක්‍ෂ රජය මේ සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරයි)
එහෙත් උඩු රැවුලක් සහිත මෙම ශක්තිමත් නායකයාට බලය බලාපොරොත්තු රහිත ලෙස අහිමි විය. ශ‍්‍රී ලංකාව එක් පවුලකට බලය හිමි ඒකාධිකාරී පාලනයක් වෙතට ගෙන යමින් සිටි එම නායකයා පරාජය කරමින් නව ජනාධිපති ලෙස කලින් බොහෝ දෙනා නොදැන සිටි, රාජපක්‍ෂ රජයේම හිටපු ඇමතිවරයකු වූ 63 හැවිරිදි මෛත‍්‍රීපාල සිරිසේන ඡන්ද දායකයා විසින් තෝරා ගැනිණි. ඡන්ද ප‍්‍රතිඵලය ගැන සිරිසේන ද පුදුමයට පත්විය. ‘‘ඡන්දයෙන් ජය ගත් නමුත් දින කීපයක් යනතුරු මා ජනාධිපති බව මටත් දැනුනේ නැහැ’’ ජනාධිපති සිරිසේන ජාත්‍යන්තර සඟරාවකට දුන් සිය ප‍්‍රථම සම්මුඛ සාකච්ඡාවේදී ‘ටයිම්’ සඟරාවට පැවසුවේ සිනා මුසු මුහුණිනි. ‘‘ඒ වාගේම රාජපක්‍ෂ පවුල ද සිතන්නට ඇති මොකක්ද මේ වුණේ කියා.’’
රාජපක්‍ෂගේ අති විශාල රිය පෙරහැර පමණක් නොව තවත් කටයුතු ගැන දැන් හෙළිදරව් වී ඇත. ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ 5000 කට අසුන් ගත හැකි සුඛෝපභෝගී භෝජනාගාරයක් ඉදි කර තිබුණේ ස්විඡයක් තද කිරීමෙන් වර්ණ වෙනස් කළ හැකි සුවිශාල සිවිලින් පහන් ආදී නවීන අංගෝපාංග ද සහිතවයි. දැන් එම සංකීර්ණය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කාර්යාලය බවට පත්ව ඇත. ජනපති සිරිසේන තවමත් පදිංචි වී සිටින්නේ රාජපක්‍ෂ රජයේ සෞඛ්‍ය ඇමති ලෙස නැවතී සිටි නිවසේමය.
සිරිසේනගේ සහායකයන් පවසන පරිදි ඔහුගේ පිළිවෙත පෙනුමට පමණක් සීමාවූවක් නොවේ. ජනාධිපති විධායක බලතල අඩු කිරීමට පමණක් නොව ජනාධිපති ධුර කාලය අඩු කිරීමට මෙන්ම අගමැති නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තුවට විධායක බලතල පැවරීමට ද ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටද ඔහු සහාය දෙයි. රාජපක්‍ෂ පාලනය යටතේ බලය එක් පවුලකට සීමා වූ බව සිරිසේන ටයිම් සඟරාවට පැවසීය. ‘‘එලෙස අනාගතයේදී කවදාවත් එක් පවුලකට බලය හිමි කර ගැනීමට ඉඩක් නොලැබෙන ලෙස අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.’’
චීනයේ ප‍්‍රතික‍්‍රියාව
ශ‍්‍රී ලංකාව දියුණුවන ලෝකයේ පැරණිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකි. 1948 දී බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ පසු දිගටම සම්ප‍්‍රදායික ලෙස මහ මැතිවරණ පැවැත්වේ. දීර්ඝ කාලීන ගැටුමකට පසු දැන් රටට අතීතයේ තිබූ නිදහස යළි ඇති කිරීමට සරල පාලන තන්ත‍්‍රයකුත් අවශ්‍යය. එහෙත් සිරිසේන අනපේක්‍ෂිත ලෙස බලයට පත්වීමේ දෝංකාරය රටින් පිටතට ද දැනුණි. කැමැති වුවද නොවූවද මෙම දිවයින බලවතුන්ගේ භූගෝලීය දේශපාලන සෙල්ලමේ කොටස්කරුවෙකි.
කොළඹ නගරයේ වෙරළාසන්න තේජාන්විත යටත් විජිත පාලනයේ ගොඩනැගිල්ලක පළමු මහළේ සුවිසල් කාර්යාලයේ සිට ජනාධිපති සිරිසේන සිය පාලන කටයුතු ගෙන යයි. මෙම ගොඩනැගිල්ල ඉදිරිපස ඇත්තේ ගල් සහ වැලි අතුරා මුහුද ගොඩ කරමින් ඉදි කෙරෙන ඩොලර් කෝටි 140 ක (රුපියල් කෝටි 18514.28) කොළඹ සුවිසල් වරාය නගර ව්‍යාපෘති ප‍්‍රදේශයයි. සුවිශාල හෝටල්, නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදිය ගොඩ නැඟීමේ මෙම යෝධ යෝජනා ක‍්‍රමය දැන් තාවකාලිකව නවතා ඇත්තේ එයට අනුමැතිය දුන් විවිධ බලපත‍්‍ර යළි පරීක්‍ෂා කර බැලීම සඳහා ය. චීනයේ සුවිශාල ණය ආධාර මත රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රයේදී ඇරඹුණු යොජනා ක‍්‍රම ගණනාවක් අතුරෙන් ප‍්‍රමුඛත්වය ගන්නේ පසුගිය සැප්තැම්බරයේ චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මුල්ගල් තබන ලද මෙම කොළඹ වරාය නගර යෝජනා ක‍්‍රමයයි.
ජනාධිපති ෂී ගේ සංචාරය ශ‍්‍රී ලංකාවට ක‍්‍රමෝපාය වැදගත් කමකින් යුක්තය. දෙකෝටියක ජනගහනයකට සීමා වූ කුඩා රටක් වුවද ශ‍්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවට දකුණෙන් වූ ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය සිය බලපෑම් තරකර ගැනීමට දැඩි උනන්දුවක් දක්වන ඉන්දියා සාගර කලාපයේය. මානව හිමිකම් කඩවීම් චෝදනා මත බටහිර ජාතීන්ගෙන් දුරස් වූ රාජපක්‍ෂ රජය කිට්ටු වූයේ චීනය දෙසට ය. චීනයෙන් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් ණය ආධාර ලබා ගැනීමට අමරතව පසුගිය වසරේ දෙවරක්ම චීන යුද සබ්මැරීන් යානාවලට කොළඹ වරායට ඇතු`ඵවීමට ඉඩදීම ඉන්දියාවේ කණස්සල්ලට හේතු විය. ශ‍්‍රී ලංකාවේ හිටපු ඇමරිකා තානාපතිවරිය වූ දැන් වොෂින්ටන්හි ‘බ්රූකිංස්’ බුද්ධි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක වන ටෙරසිටා ෂේෆර් පැවසුවේ රාජපක්‍ෂ චීනය සමග සිය සබඳතා ගැන ඉහළින් කතා කරන බවය. ඇය එම පිළිවෙත හැඳින්වූයේ සිදුවී යැයි කියන යුද අපරාධ ගැන බලපෑම් කරන බටහිර රටවල් නිගරුවටත් සමච්චලයටත් ලක් කිරීමක් ලෙසය.
2009 හමුදා ජයග‍්‍රහණයට පසු ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය නිසි දිසාවකින් තොර වී යයි සිරිසේන සිය මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් කළ බැවින් නව රජයේ බල කේන්‍ද්‍රය වෙනස් වන බවක් පෙනිණි. එහෙත් එය චීනයෙන් ඈත්වීමක් ලෙස විස්තර කළ නොහැකි යැයි අගමැති වික‍්‍රමසිංහ ටයිම් සඟරාවට පැවසීය. සත්‍යය නම් ගිය රජය චීනය පමණක් ඉතිරිකර අනෙක් රටවලින් ඈත්වීමය. අප බටහිර තරහ කර ගත්තා ඉන්දියාව ද තරහ කරගත්තා. එය දිගටම කළ හැකි දෙයක් නොවේ. ශ‍්‍රී ලංකාවට චීනය පමණක් නොව බටහිරත් අවශ්‍යයි. එමෙන්ම ඉන්දියාවත් අවශ්‍යයි.’’
සිරිසේන ජනවාරි ජයග‍්‍රහණයට පසු ප‍්‍රථම චාරිකාව සඳහා ඉන්දියාව තෝරා ගැනීමෙන් අනතුරුව ඉන්දියා ඇගමැති නරේන්‍ද්‍ර මෝදි ද ශ‍්‍රී ලංකාවේ චාරිකා කෙළේය. එමෙන්ම චීනයේ චාරිකා කරමින් බීජිං නුවර උත්තරීතර මහජන ශාලාවේදී සුවිශේෂ පිළිගැනීමකට ලක්විය. එහෙත් කොළඹ සහ බීජිං අතර සබඳතා ශක්තිය පැහැදිලි වන්නේ දැනට අත්හිටුවා ඇති කොළඹ වරාය නගර යෝජනා ක‍්‍රමයේ අනාගතය ගැන ගන්නා තීන්දුව මතය. සිරිසේන පැවසුවේ සිය රජය සියලූම විදේශික අරමුදල් ලැබූ යෝජනා ක‍්‍රම මෙන්ම දේශීය යෝජනා ක‍්‍රම ගැන ද යළි පරීක්‍ෂා කිරීමට තීරණය කළ බවයි. ඒවායේ විවිධ අක‍්‍රමිකතා සහ අල්ලස් දූෂණ පිළිබඳ චෝදනා තිබෙන බැවින් එසේ පරීක්‍ෂා කරනවා. ‘‘අපි කිසිවකුට පසමිතුරු වන්නේ නැහැ. අපි සියලූම රටවලට මිත‍්‍රත්වයේ සුරත දිගු කරන්නෙමු’’ ජනාධිපති සිරිසේන ටයිම් සඟරාවට පැවසීය.
අසාමාන්‍ය නායකයෙක්
සිරිසේනගේ දේශපාලන චරිතයේ පෙරළිකාරී ලක්‍ෂණයක් පෙනෙන්නට නැත. රාජපක්‍ෂ මෙන්ම සිරිසේන ද සිංහල බෞද්ධ බහුතරයට අයත් වෙයි. පාසල් වියේ පටන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබා දේශපාලන දිවිය ඇරඹූ චරිතයකි. 1970 දශකය මුලදී වාමාංශික රාජ්‍ය විරෝධී අසාර්ථක විප්ලවයට සම්බන්ධ යැයි චෝදනා ලබා මාස 15 ක් සිරබත්ද කෑවේය. රජයේ පාලන තන්ත‍්‍රයේ ග‍්‍රාමීය මට්ටමේ තමා දැරූ තනතුරෙන් ඉල්ලා අස්වී පූර්ණ කාලීන දේශපානඥයෙකු වූ සිරිසේන 1989 දී පාර්ලිමේන්තුවට මුල් වරට තේරී පත්විය. ඉන්පසු පක්‍ෂයේ නිලතල කීපයක් දැරූ ඔහු පසුව අමාත්‍යංශ කීපයක ද තනතුරු දැරීය. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික පරිසරයක දිවි ගෙවූ සිරිසේනගේ දේශපාලන දිවියේ ප`ඵදු දක්නට නොලැබුණු අතර, පිරිසිදු චරිතයක් ලෙස ඇතිකරගත් ප‍්‍රතිරූපය රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රයෙන් නොවැම්බර් මාසයේදී ඉවත් වූ අවස්ථාවේදී ඔහුට බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. ජාත්‍යන්තර අර්බුද විමර්ශන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන ඇලන් කීනන් පැවසුවේ සුඛෝපභෝගී පහසුකම්වලට ළැදි සුවිශාල දූෂණ චෝදනා එල්ලවූ රාජපක්‍ෂ පවුලේ පාරම්පරික පාලන ප‍්‍රතිරූපය ඉදිරියේ සිරිසේනගේ ප‍්‍රතිරූපය හාත්පසින්ම වෙනස් බවයි.
මහජන සබඳතා අතින් සිරිසේන ජාත්‍යන්තර තලයේ සටනින් ද පහසු ජයක් ලැබීය. දෙමළ විමුක්ති කොටි සංවිධානය සමග පැවති යුද්ධයේ අවසන් සමයේ සිදුවී යයි කියන මානව හිමිකම් චෝදනා ගැන ස්වාධීන පරීක්‍ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ට ඉඩ දිය යුතු යැයි ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම්වලට රාජපක්‍ෂ අවනත නොවීය. (කෲරත්වය ගැන කොටි සංවිධානය ද නම්දරා සිටි අතර, මරාගෙන මැරෙන බෝම්බකරුවන් පාවිච්චිය ආරම්භ කළේද එම සංවිධානයයි) සිරිසේන සිය මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූයේ දේශීය යාන්ත‍්‍රනයක් පිහිටවන බවටය. එම යාන්ත‍්‍රනය ජූනි මස අවසානය වනවිට පිහිටවන බව ජනාධිපති ටයිම් සඟරාවට පැවසීය. සිරිසේනට ඒ සඳහා කාලය දීමට එක්සත් ජාතීන් ද මානව හිමිකම් වාර්තාව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කර ඇත. එමෙන්ම නව රජය දෙමළ බහුතරය සහිත උතුරු ප‍්‍රාන්තයේ හමුදා ආණුඩුකාරවරයා වෙනුවට සිවිල් ආණ්ඩුකාරවරයකු පත් කළේය. එමෙන්ම දකුණු අප‍්‍රිකාවේ මෙන් සත්‍යය සහ සංහිඳියා කොමිසමක් පත් කිරීමට ද පියවර ගැනීමට නියමිතය.
එහෙත් පළමුව සිරිසේනගේ දේශපාලන ආධාරකරුවන් මහා මැතිවරණයකින් ජය ගත යුතුව ඇත. මැයි මස පාර්ලිමේන්තුව විසිරුවා හැර ජූනි අගදී හෝ ජූලි මස මුලදී මහ මැතිවරණයක් පවත්වන බව සිරිසේන ටයිම් සඟරාවට පැවසීය. එහිදී පාර්ලිමේන්තු අසුනකට තරඟ කර රාජපක්‍ෂ ද යළි දේශපාලන වේදිකාවය ඇතුළු වීමට ඉඩ තිබේ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවණමුත්තු පැවසුවේ රාජපක්‍ෂ සිරිසේන රජයට නිරන්තර තර්ජනයක් හා අනතුරක් බවයි. තංගල්ලේ නිවසේදී රාජපක්‍ෂ ටයිම් සඟරාවට පැවසුවේ තමා අවලංගු කාසියක් නොවන බවයි. තමා වැඩකට නැති මිනිසකු කිරීමට ගන්නා වෑයම හරිනොයන බවය. ඕනෑවට වඩා විශ්වාසය තබා ගැනීමත් හොඳ දෙයක් නොවේ.’’ රාජපක්‍ෂ පැවසීය. අයථා පාලනය, පවුල්වාදය ආදී චෝදනා මෙන්ම ජනවාරි මස මැතිවරණයට පසු බලෙන් පාලනයේ සිටීමට කුමන්ත‍්‍රණය කළේය යන චෝදනාව ද ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය. නව රජය උත්සාහ කරන්නේ තමන්ට මඩ ගැසීමට යැයි රාජපක්‍ෂ ටයිම් ස`ගාවට කිය.
දැනට සිරිසේන හොඳින් වැඩකරගෙන යයි. ඔහු දැන් සිය දින සියයේ ප‍්‍රථම අදියර අවසන් කිරීමට ආසන්නව සිටී. විවේචකයින් වෙත වඩාත් සංයමයෙන් හා ඉවසීමෙන් ජනපති සිරිසේන ක්‍රියාකරතියි කොළඹ මාධ්‍යවේදීහු සහ දේශපාලන ක‍්‍රියාකාරීහු පවසති. ‘‘මම දැන් ඉස්සර වාගේ බය නැහැ’’ පසුගිය වසරේදී දෙමළ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකුගේ අතුරුදන්වීම පිළිබඳ විරෝධය පළ කිරීම නිසා සිර භාරයේ සිටි මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙකු වන රුකී ප‍්‍රනාන්දු පැවසීය. ‘‘රාජ්‍ය මාධ්‍යයේ කලින් දේශද්‍රෝහීන් ලෙස හැඳින්වූවන් දැන් රූපවාහිනී සාකච්ඡාවලට සහභාගි වෙනවා’’ ඔහු කීය.
ජනාධිපති සිරිසේන පැවසුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම යළි සවිමත් කිරීමට අවශ්‍ය බවයි. ‘‘මා බලයට පත්වූයේ බලය සවිමත් කිරීම සඳහා නොවේ. මගේ අතේ තිබෙන බලය අනෙක් අංශවලට පැවරීමටයි.’’ ජනාධිපති පැවසීය. ‘‘බලය කේන්‍ද්‍රගත වීම රටට විශාල ප‍්‍රශ්නයක් වුණා. ඇත්තෙන්ම බලය බෙදා හැරිය යුතුයි.’’ මාසයකට පෙර සම්පූර්ණ ඒකාධිකාරී පාලන තන්ත‍්‍රයක් දෙසට තල්ලූවෙමින් පැවති රටකට මෙය පූර්ණ අපේක්‍ෂාව පිළිබඳ මෙය පණිවුඩයකි. බලාපොරොත්තුවකි. හැමදෙයකටම වඩා මහා හඬින් නද දෙන සීනුවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම අපරාදෙනේ, අර පාර්ලිමේන්තුවේ ඉන්න ඔය ඔක්කොම මන්ත්‍රීලට මහජන මුදලින් වැටුප් ගෙවන්නේ. සමහරක් හිතන විදිහට මේ රට පාලනය කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයාට විතරනේ. අනේ මන්දා කාටද පිස්සු කියලා! (නි)
ලාංකිකයින්ට හරි දෙය වැරදියටත් වැරදි දේ හරියටත් පෙනීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
අපොයි චතුරි,මම හිතුවේ ඔයාට ඊට වඩා වයස අඩුයි කියලා.කොහොම වුණත් අම්මා තාත්තාට අඩුම ගානේ පාලන යුග දෙකකවත් අත්දැකීම ඇති.එයාලගෙන් මහින්ද මහත්තයාගෙන් එහා ලෝකේ ගැන අහගන්න. (නි)
අදහස් ටික බැලුවහම මට නම් හිතෙන්නේ ස්වාධීනව අදහස් ලියන අය මෛත්‍රී මහත්තයාගේ පැත්තේ කියලයි. හැබැයි මහින්ද මහත්තයි මෛත්‍රී මහත්තයයි දෙන්නම ඉන්නේ එකම පක්ෂයේ නේද? (නි)
අනේ අපි නම් නැහැ ඕවට (නි)
ලැබුණු ජය පවත්වා ගැනීමට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි (නි)
බොහෝදෙනා කතා කරන්නේ වෙනත් ලෝකයක සිට වගෙයි.ඒ අයට රටෙහි තිබුන ත්‍රස්තවාදය ගැන කිසිම අවබෝධයක් නැතිගානයි.යුද්ධය වවාගෙන කාපු නිවට දේශපාලකයින් සිටි බව අමතකයි.දැන්වත් බටහිරට හෝ මෙරට නිවට පිරිස් වලට ගැතිකම් නොකර රට නිදහස් කරදුන් එකම සැබෑ නායකයාට මහින්ද මහත්මාට ගරුකරන්නට පුරුදු වෙමු. (නි)
රට විනාශය කරා ඇදීගෙන යනබවයි අපිට තේරෙන්නේ (නි)
මට නම් හිනාත් යනවා (නි)
මෛත්රීපාල කියන්නේ හොඳ නායකයෙක්. ඒත් පරිස්සම් වෙන්න ඕනෑ (නි)
සමහරුනට මහින්ද පෙනෙන්නේ පොළොවට බට දෙවි කෙනෙක් වගෙයි කියා මට හිතෙනවා. ඒකනේ පුද පූජා කද බැඳගෙන වලව්වේ පූජාවට පහුගිය දවස්වල රොත්ත පිටින් ගියේ!එයා දෙවියෙක් වගේ රටට පෙන්නන්න හැදුවට, මහජනයා දන්නවා එයාගේ හැටි. (නි)
නව රජය හරියට පොරොන්දු ඉටුකරමින් ඉස්සරහට යනකොට "ටයිම් සඟරාව" කියපු දේවල් වමාරන්න වේවි !!!! (නි)
යුද්ධය දිනූ ජනාධිපති කෙනෙකුට ඇති තර්ජන වෙනත් අයෙකුට තිබේයැයි ඔබ සිතනවාද (නි)
මහින්ද යුද්ධය දිනපු එක ඇත්ත. ඒකට අපි හැමදම එතුමාට ගරුකරනවා.ඒත් ඒ නිසා එයම රටේ ජනාධිපති වෙන්න ඕනෑ කියන එකට මම එකඟ නැහැ.මහින්ද මහත්තයාට අපි දෙපාරක්ම ඡන්දෙ දුන්නේ ඒ නිසා. තව කෙනෙකුට අවස්ථාව දෙන්න ඕනෑ නිසයි මිනිස්සු මේ පාර මෛත්‍රී මහත්තයට ඡන්දෙ දුන්නේ.මෛත්‍රී මහත්තයාගෙන් පස්සේ වෙන කෙනෙක් ජනාධිපති වේවි. මහින්දම ජනාධිපති වෙන්න ඕනෑ නැහැ. හැමදේම කාලය විසින් විසඳාවි (නි)
අනේ සිහළුනි, නැගිටිනු! (නි)
මොළය තියනවා නම් හරි වැරැද්ද තේරෙනවා. කව්ද කපටියා, කව්ද අවංකයා, කව්ද බල තණ්හාකාරයා කියලා හිතින් හිතාගෙන, අවබෝධ කරගෙන ලෝකවාසී මනුස්සයින්ට සාධාරණයක් සිදුවේවා කියලා ප්‍රාර්ථනා කරමු. (නි)
මහින්ද එනතුරු බලාගෙන ඉන්න අයට වෙන්නේ එළුවා පස්සේ ගිය අයට වෙච්චදේමයි. (නි)
ටයිම්ස් සඟරාව ඇමරිකන් නව යටත්විජිතවාදයට උඩගෙඩි දෙන සඟරාවක්. ඒකේ පළකරන්නේ ඇමරිකන් සීඅයිඒ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට අවශ්‍ය ප්‍රවෘත්ති. (නි)
සමහරු මැරිලා ඉපදිලා වගේ (නි)
වටේ හිටපු හොරු හොරාකෑවාට, රාජපක්ෂ වගේ කොන්ද කෙළින් වැඩකරන මිනිසෙකුයි අපේ රටට වැදගත්. බටහිරට ඔලුව නැමුවේ නැතුව වැඩ කළ නිසා තමයි ඒ රටවල් වෛර බැන්දේ. කියවන්න වැරදි නැතුවට මේවා හොඳයි. එයාලත් රට පාලනය කළානේ සැරයක්. ඇයි යුද්ධය ඉවර නොකළේ? (නි)
මේ මොන දේ කියන්න හැදුවත් වැඩක් නැහැ.මේ රට කරන්න පුළුවන් එකම නායකත්වයකටයි.රටට මෙතෙක් කාලයකට වැඩක්කළ නායකයෙක් හිටියා නම් මහින්ද මහත්තයා පමණයි.එතුමාගේ අගය වටිනාකම නුදුරේදීම කාට කාටත් දැනේවි. (නි)
මහින්ද මහතා කියන්නේ ආරක්ෂා කළයුතු පුද්ගලයෙක් (නි)
වීර මද්දුම කළා වගේ වැඩක් මහින්දගේ පුතෙක් කළා නම් අද අපි ඉඳලා ඉවරයි. මේ රට බේරාගත්තේ ආදිකාලේ අපේ රජවරු. (නි)
අපේ රටේ සමහර සිංහල මිනිස්සු ඉන්නවා සුද්දෝ මොනවාහරි කිව්වොත් ඒ දේ හරි ඉහළින් පිළිගන්න කොට්ඨාශයක්. (නි)
ඔය අදහස් දාන අය ජනවාරි 8 ට කලින් රටේ ජනපතිට විරුද්ධව කතා කළා නම් වෙන්නේ මොනවද? (නි)
මහින්ද මහතා ආරක්ෂා කළයුතු පුද්ගලයෙක්ද? මේ අය මහින්ද රකිනවා වගේ තම දෙමාපියන් සහෝදරයන්වත් බලාගන්න.මහින්දට මුදල් තිබෙනවා. (නි)
මොකටද ඉතින් මගේ කට .....? ලැජ්ජා නැද්ද සුද්දාට? (නි)
මේ අපිවිතුරු ගඳපාලයා මුහුණු පොතේ ඒලියන්ලා කියලා මේ අපහස කරලා තියෙන්නේ අපේ රටේ අනාගත පරපුරට නේද? මෙහෙම අයට කොහෙද ඉතින් අනාගත පරපුරක්? (නි)
නැවතත් මේ රට පාවාදෙන්න එපා සහෝදරවරුනි! (නි)
නිශාන්ත කියන දේ ඇත්ත (නි)
දරුණු ත්‍රස්ත සංවිධානයක් මර්දනය කළ නායකයා සිග්නල් කණු අසල සංඥාව ලැබෙනතෙක් සිටිය යුතු නොවේ.එතුමාගේ ආරක්ෂකයින්ද ඒ අවදානම් බව ගැන වඩා සිතනවා වන්නට පුළුවන්. (නි)
එදා බන්දුල පෙරේරා නොහොත් අද යහපාල,"මෝඩයා කට අරිනවිට ප්‍රඥාවන්තයා නිහඬ වියයුතුයි" අන්න ඒකම තමයි අපි ජනාධිපති මැතිවරණය සමයේ සිදුකළේ. කොහොමද ප්‍රතිඵලය? ඔය පරාජයට කොහෙවත් ඉන්න ඇමරිකන්කාරයින්ටයි, ඉන්දියන්කාරයින්ටයි ක්‍රෙඩිට් දෙන්න එපා. (නි)
මුහුද හත් ගව්වක් තියලා අමුඩ ගහන්න එපා. බලමු යහපාලනය රටට ගෙනෙන සුබසෙත. මම උතුරේ කෙනෙක්. (නි)
මහින්ද රට දියුණුකළා නම්,සංවර්ධනය කළා නම්, නිෂ්පාදන ආරම්භ කළා නම් කොහොමද බොලේ රුපියලේ අගය දිගටම කඩාවැටුනේ? ඔව් ඔහු දියුණුකළා ,සංවර්ධනය කළා... නමුත් රට නොවෙයි. (නි)
යුද්ධය අවසන්වීමෙන් නිදහස ලැබුනේ සිංහලයන්ට පමණක් නොවේ. දෙමළ ජනතාවටත් ලැබුනේ නිදහසක්. (නි)
හිටපු ජනාධිපතිතුමා තර්ජනයක්ව ඇත්තේ රටට එරෙහි විදේශීය බලවේග වලටත් ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ටත් එතුමන්ගෙන් කෙරුණු ජාතික මෙහෙවර හමුවේ හිරු දුටු කදෝපැණියන් බවට පත් වුණු දේශීය සතුරන්ටත්ය. ඔවුහු වර්ෂ ගණනාවක් පුරා සැළසුම්සහගතව ගෙනගිය පච ප්‍රචාර ඔස්සේ අත්දැකීම් රහිත තරුණයන් සේම ආත්මාර්ථකාමී බඩජාරි නාගරික උගත් මෝඩයන්ද රවටා සුළු ජාතීන් අතර ජාතිවාදය අවුළා මෙවර ජනපතිවරණයේදී තම අරමුණු සපුරාගත්හ. එහෙත් ඔහුගෙන් රටට කෙරුණු මෙහෙවර අමතක නොකළ කෘතවේදී ජනතාව නිරන්තරයෙන් ඔහු තනි නොකළෝය. ඔහුගේ සිතද සුවපත්කොට යළිදු ක්‍රියාකාරී දේශපාලනයට ඔහු එක්කර ගත්හ. (නි)
මහජන මුදලින් මහින්දගේ ප්‍රතිරූපය නංවන්න අවුරුදු 10 කල වියදම පල දරල තියෙනවා සමර කොමෙන්ට් දැක්කහම,තවම හිත ඉන්නේ එකම නායකයා මහින්ද විතරයි කියල (ස)
මහින්ද රට කළේ ප්‍රජාතන්ත්‍රවාදයට හිස නවමින් නොවේ කියා පෙන්වාදීමට හිසේ කෙස් ගානට කරුණු ගෙනහැර පෙන්විය හැක. අධිකරණ පද්ධතිය ඉන් ප්‍රධානයි.ජනතාව මේවා තේරුම්නොගෙන ඔහුව නැවත බලයට ගෙනෙන්න හදනවා නම් ඔබ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට හා ජනතාවට කරන ද්‍රෝහීකමකි (නි)
කොහොමත් බටහිර මාධ්‍ය වලට යම් රටක නායකයෙක් පෙනෙන්නට බැරි නම් එහි තේරුම එකී නායකයා එරටට ආශීර්වාදයක් බවත් ඔහු නිසා එරට සූරාකෑමට බටහිර බලවේග වලට බාධා ඇති වී තිබෙන බවත්, ඉතා කල්පනාකාරී නොවුවහොත් කෙක්කෙන් හෝ කොක්කෙන් ඔහුගේ ආණ්ඩුව පෙරළා දැමීමට ඔවුන් කටයුතු කරනු ඇති බවත්, ඔහුගෙන් පසු එරටට නරක කාලයක් උදාවුවද මේ බලවේග වලට හෝ බටහිර මාධ්‍ය වලට වගේ වගක් නොමැති බවත්ය. මේ ප්‍රචාර වලට රැවටීමෙන් තිබෙන දේ මදි කියා එක එක වසන්ත ඔස්සේ දෙව්ලොව පරසතු මල් නෙළන්නට ගොස් අන්තිමට සියල්ල අහිමිව නරකාදියටම වැටුණු රටවල් මෙයට සාක්ෂි දරයි. (නි)
මහින්ද පස්සේ දුවන්නම් වාලේ දුවන මිනිසුන්ට එහෙම වෙලා තියෙන්නේ ලංකාවේ උපන් හින්දා නොවෙයි. ලෝක ප්‍රජාවට අයත් තවත් එක මිනිස් කොට්ඨාශයක් නිසා. හිට්ලර් හොඳයි කියන අය තවම ඉන්නවා කියන්නේ ඔහු හෝ මහින්ද හෝ හරි කියන එක නොවෙයි. නොදන්නාකමට අමතරව යටි හිතේ ඇති පව්කාර සිතුවිලිද ඇති මුග්ධ මිනිසුන් ලොව ඉන්නාතාක් බලයට හා මුදලට ආදරය කළ පාලකයින්ට ඉතිහාසයේ කොහේ හෝ ඉඩක් තිබෙනවා. (නි)
බටහිරට ගැති වෙන්න ඕන නෑ අපි. ඒ අයට ඕන රූකඩ පාලනයක්. එඩිතර පාලනයක් නොවෙයි. (ස)
මේ රටේ තරුණ ජීවිත නිරපරාදේ වධ දී වනසලා දාපු පාලකයෝ හිටියත්, තරුණයන්ගේ මළමිනී පාරේ ටයර් සෑවල පිච්චුණත්,මාධ්‍ය වලට අවම නිදහසක්වත් නොතිබුනත්, බටහිර මාධ්‍ය හෝ බටහිර බලවේග නොවෙයි අපි දිහා ඇහැක් ඇරලා බැලුවේ. 17 අවුරුදු ශාපයේදී අපි අපිම අවදානමක් අරන් වැඩකරලා යන්තම් එය අවසන් කරගත්තා මිස කවුද අපේ මානව හිමිකම් රැකදෙන්න ආවේ? (නි)
බටහිරද මෙරටද සතුරු බලවේග වලට නොබියව රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ නායකයා ධුරය හැර ගෙදර ගියද ඔහුට දිගටම ආරක්ෂාව අවශ්‍ය වන්නේ සතුරු බලවේග ඔහුගෙන් පළිගැනීමට කල් යල් බැලීම ඔහුගේ ධුර කාලයෙන් පසුවද සිදුකරන බැවිනි. මේ අනුව ඔහුගේ ආරක්ෂාව ආභරණයක් හෝ තත්ත්ව සංකේතයක් හෝ නොව ඔහුගේ ජිවිතාරක්ෂාවට අවශ්‍ය දෙයක් බව අප අවබෝධ කරගත යුතුය. ජනාධිපතිවරුන් වූ පමණින් සැමගේම ආරක්ෂක අවශ්‍යතා එක සමාන නොවේ. (නි)
නායකයකුට ආරක්ෂාව අවශ්‍යයි නිකම් මිනිසෙකුට මොකටද ආරක්ෂාවක්. මේක අසාදාරන ලිපියක්.(ස)
මහඟු මාණික්‍ය රත්නයකට අවශ්‍ය වෙන ආරක්ෂාව අන්දේවලට වඩා වැඩිය (නි)
රටේ නායකයා චාම් වුණත් නැතත් ඒක ඔහුගේ කැමැත්තයි. එහි ඇති නිරපේක්ෂ හොඳක් හෝ නරකක් හෝ නැත. රටකට ද්‍රෝහීවෙමින් සරල චාම් බවක් පෙන්වන නායකයාගෙන් වෙන තරමේ හානියක් ලොකුවට චාම්කමක් සරලකමක් මවාගෙන නොහිටියත් රට වෙනුවෙන් කළයුත්ත නොබියව ඉටුකරන දේශයට හිතවත් නායකයාගෙන් සිදු නොවෙයි. (නි)
විධායක බලය ජනපති හට තිබිය යුතුය.හොරාකන්නේ රජයේ නිලධාරීන්ය.හැම දෙයකටම දේශපාලකයින්ට බනින එක වැරදියි (නි)
යහපාලනය පසුගිය 2010-2015 වනතුරු තිබුනෙම නැද්ද?දැන් මොනවද වෙනස්? 2005 පෙර යහපාලනය තිබුනද?ඒවා සිහලුනේ ඔබට අමතකද? (නි)
ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව වැරදි මිනිහෙක් අතට ගියොත් වඳුරට කඩුව දුන්න වගෙයි. (ස)
මහින්ද ඔබ නැවත මේ මඩ ගොඩේ එරෙන්න එපා.ජනතව ඔබ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඔබට දූෂන චෝදනා ගොඩක් තියෙනවා. ජේ.ආර්ගේ ව්‍යවස්ථාවට මුවාවෙලා ඒවා වහගන්න හදන්න එපා.හැම කෙනෙක්ම නීතිය ඉදිරියේ එක සමානයි. (ස)
ලෝක බලවතුන්ට ඕන ඔවුන්ගේ පදයට නටන්න-දක්ෂ පක්ෂ අය දිනවන්න (බ)
මෛත්‍රී ජනාධිපති තුමාව ඝාතන කිරීමට සැලසුමක් ඇතිබවත් යලි කෙසේ හෝ බලය ලබාගැනීමට වෙර දරන බවත් ඇති කටකතා සත්‍යක්ද ? (ස)
අපිට කොළ එලි වැටෙනකම් බලා ඉන්න හොද මනුස්සයෙක් කියන ඒවා වැඩක් නෑ, රටට ඕනේ හරි ප්‍රතිපත්තියක වැඩකරන, අනෙක් ළග පාත රටවල එහෙයියෙක් නොවන, රට ඉදිරියට ගෙනියන නායකයෙක්. හොද මනුස්සයෝ ඕනේ ආශ්‍රය කරන්න, නෑකම් පවත්වන්නනේ. (බ)
සුමුදු හේවා, ඔබට ස්තුතියි. මේ දවස්වල අපිට විවේකයක්. මොකද අපි ලියන්න හිතන දේ ඔබ කලින්ම ලියල.ඒ විතරක් නොවෙයි එය වඩා හොදින් සහ භාෂාව ලස්සනට යොදාගනිමින් ලියල.නැවත ස්තුති ! (ස)
දැන් කොටි නැති රටේ කෑගහපියව්. පාරේ යන්න පුළුවන් විදියට රට හදපු එවුන් ගෙදර . අහෝ සිංහලයනි තොපිට රටක් තියේවිද ? (බ)
මේ ලිපිය සමබර නෑ එක පැත්තක් පුම්බා අනිත් පැත්තේ හුලන් අැරිම කරලා තියෙන්නේ (බ)
කවුරු මොනවා කිවුවත්, ඇත්ත කුමක්ද කියලා හැමෝම දන්නවා. කවදා හෝ සත්‍ය ජය ගනී. ටිකක් විවේකීව ඉන්න දෙමු. (නි)
මහින්ද මහතා ඔබතුමාට නම් තර්ජනයක් නෑ , ඔබතුමාගෙන් එතුමාටත් නැ, නමුත් ඔබතුමාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නම් ලොකු තර්ජනයක් තියෙනවා වගේ . ඒ වගේම මහින්ද මහතා ගේ ඔබ තුමාට කෙසේ වෙතත් බෙදුම් වාදයට හා එයට උඩ ගෙඩි දෙන අයට නම් ලොකු තර්ජනයක් බව අමුතුවෙන් කිව යුතු නැ , එකේනේ එතුමාව පාරාජය කළේ කුමන්ත්‍රණය කරලා ( ඡන්දය 100% සාදාරනයි ) . මෙතුමාට මොකටද විශේෂ ආරක්ෂාවක් මොකද මරණ තර්ජන තියෙනවා කියලද ? කෙසේ වෙතත් මට පෞද්ගලිකව නම් , මෙතුමා සමග කිසිම ගැටළුවක් නැත මොකද අද රට පාලනය කරන්නේ මෙතුමා නොවන නිසා හා රටේ වෙන දේවල් මෙතුමා දන්නේ නැති නිසා . අපිට වැදගත් වන්නේ මෙතුමාගේ අවංක කම හෝ සරල කම නොවේ මෙතුමා රට පාලනය කරන ක්‍රමය හා රට ආරක්ෂා කරන ක්‍රමයයි . (බ)
රට අනතුරේ! (නි)
මෛත්‍රී අසාමාන්‍ය නායකයෙක්. මේවා බොහෝ අයට තේරෙන්නේ නැහැ (බ)
හොඳ ලිපියක් (නි)
සේසත්, ඔබට මම කෙටි පිළිතුරු දෙන්නම්. නැත. ඔබ හරි නැත.සුදු වෑන්,මංකොල්ලකෑම් ,මාධ්‍ය නිදහස,මහජන දේපොළ සූරාකෑම මේවා කොහෙද තිබුනේ?තමුන් යහපාලනය ගැන මොනවාද දන්නේ? (නි)
හැබැයි ඉතින් දින සියේ පොරොන්දුනම් බාගයක්වත් කළේ නැහැ. (බ)
මේවගේ කතා ටොන් ගන්න කියල තමා ආණ්ඩුව පෙරළුවේ (බ)
සිංහල පවුලකට දරුවන් අඩුම ගණන පස්දෙනෙකි. එසේ නැත්නම් සිංහල ජාතිය ලෝකයෙන් වද වී යනු ඇත. (නි)
මට පෙනෙන විදිහට මෛත්‍රී ගේ අසාමාන්‍ය නායකකම තියෙන්නේ සන්ධානයටත් නිදහස් පක්ෂයටත් පමණි. නැත්නම් රනිල්ගේ සහ ලොකු නෝනගේ පදයට නටන්න ඕනෙද (බ)
රට බේරාගත්තා කියලා මුළු රටේම සම්පත් එක පවුලකට දෙන්න ඕනෑ කියලා හිතන රාජකාරි ක්‍රමයට හරියන මිනිස්සුත් ඉන්නේ. මහින්ද පාරේ යනකොට එයා බලාපොරොත්තු වුණේ මිනිස්සු කාණුවට බහින්න.
මෛත්‍රී කොටි පරාජය කළා නම් ඔහොම යන්න බෑ (බ)
අගේ ඇති සුසංයෝගයක් ! (නි)
සත්‍යපාල එහෙම ලියන්නේ නැතුව පසුගිය කාලයේ කාපු බීපු ඒවාට ගෙවන්නේ කොහොමද? මහින්ද ගැන ලියන අනෙක් උදවිය ඔහොම මොළේ අමාරුවකින් මෙතන ලියන්නේ නැහැනේ. (නි)
බලය කාලයෙන් කාලයට වෙනස් වෙන්නම ඕනෑ. නැත්නම් බලයට එන කවුරුත් මේ ගැන දැනගන්න ඕනෑ (නි)
මහින්දගේ කාලෙත් රට නම් තිබුණා...නැති උනේ ජනතාවගේ ජාතික ධනය ...රටක් තිබිල ඇතිද ..රටේ සම්පත් සියල්ල එක පවුලක් කොල්ල කාපුවහම.. අනේ මෙහෙමත් කඩේ යන අය.(බ)
රට පාලනය කරන්න මෛත්‍රී සුදුසු නැහැ කිසිම පෞරුෂයක් නැහැ රූකඩ නායකයෙක් අපේ රටට ගැලපෙන්නේ නැහැ මහින්ද මහතා ලෝකයටම තර්ජනයක් වේවි කියලා තමයි කුමන්ත්‍රණ කරලා රටට මේ සාපෙ ගෙනාවේ (බ)
යුද්ද කරපු අයට ආරටවත් බහින්නවත් විදියක් නෑ..නිකන් හිටපු අයට මොකේ යන්න බැරිද..(බ)
රේණු, ඕනාවට වඩා පිම්බෙන්න ගියාම තමයි හුලන් වැඩිවෙලා පිපිරිලම යන්නේ. පිපිරුන බැලුමක් නම් ඉතින් ආයේ පුම්බන්න ලෙහෙසි වෙන එකක් නැහැ.(බ)
කවුරු මොන බයිලා කිව්වත් අපි දන්නවා මොකක්ද ඇත්ත කියල. (බ)
මෛත්‍රී කියන්නේ ඉතා නිහතමානී ප්‍රබුද්ධ නායකයෙක්. (බ)
සමහර නායකයෝ බොරුවට ජනතාව රවටනවා. ඔවුන් හැම විටම කියන්නේ ඇමෙරිකාව සහ බටහිර රටවල් ලංකාව ආක්‍රමණය කරනවා ලංකාවට ඇස ගසාගෙන ඉන්නවා වගේ දේවල්. නමුත් ඇත්ත කතාව නම් මේ රටේ කිසිම කෙනෙක් කිසිම රූපවාහිනියකින් හෝ කිසිම පුවත් පතකින් ලංකාව පිළිබඳව දකින්න අසන්න ලැබෙන්නේ නැහැ. අපි අාසාවෙන් බලන් ඉන්නේ ලංකාවේ දෙයක් අසන්න බලන්න. සමහරුන් ලංකාව කීවම උඩ බිම බලනවා කොහේ තිබෙන රටක්ද කියලා. ලංකාව පොඩ්ඩක් හරි දන්නේ සුනාමි ව්‍යසනය නිසා. එම නිසා දේශපාලකයන් කියන බොරුවලට අහුවෙන්න එපා. නමුත් ඔය දේශපාලකයෝ දන්නවා මෙම රටවල ඉතාමත් පිරිසිඳු නීති පද්දතියක් සහිත සියලු දෙනාටම පොදු වූ සමාන අවස්ථා කියන පාලනයක් තිබෙන බව. ඒ උනාට ඒවා ගැන දේශපාලකයන් අපේ රටේ ජනතාවට කියන්නේ නැහැ. මොකද ඒවා කීවොත් රටේ මහා ජනයා දැනුවත් වේවි කියන බයට. මිනිසුන් මුලා කර නොගෙන රටේ සම්පත් ගසා කන්න බැහැ කියන බය ඔවුන්ට තිබෙනවා. (නදී)
පැරදුන අය වෙනුවෙන් කවුරුවත් නොමිලයේ කඩේ යන්නේ නැහැ. එක්කෝ හොරකම් කරපු සල්ලි ටික ටික එලියට ඇදල කඩේ යන අයට දෙනවා සුපුරුදු ජරා වැඩේ කරන්න. එහෙමත් නැත්නම් නොදන්නා කම තුලින් බිහිවුන නිවට කමක් ඉස්සරහට ගෙන යන ගමනක් මේක. බලමු යන දුර. (නදී)
මම මේකට අදහස් දන්නේ නැහැ. මොකද මෙතෙන අදහස් දාපු අය එක පැත්තක් විතරක් හිතන අය නිසා. (ම)
සිරිසේන මහතා පවුලේ කිසිම කෙනෙක් දේශපාලනයට ගාවාගත්තේ නැහැනේ. මොනතරම් නිහතමානී නායකයෙක්ද? (නි)
මම දකින නියම නායකයා මහින්ද මහත්තයා තමයි.මෙතනදී වැදගත් වෙන්නේ මොන අවුරුදු වල උපත ලැබුවද කියන එක නෙමෙයි. එසේ නම් අපිට පෙර රජවරු වර්ණනා කිරීමට කිසිම දැනුමක් නැතිවෙන්න ඕනෑ. ඒත් අපි ඉගෙනගන්නවා මේ මේ කාලවලදී මේ මේ දේ සිදුවුණා කියලා. ඒත් මතක තියාගන්න ලෝකෙ කිසිම රටක් යුද්ධයක් අවසන්කර සාමකාමී පසුබිමක් ඇතිකර නොමැති බව. එසේ සිදුවූ එකම රට ශ්‍රී ලංකාව පමණි. එයට නියම ශක්තිය දුන්නේ එවකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂයාණන්ය. (නි)
කොහොම වුණත් රට කරවන්න සුදුසුම පුද්ගලයා තමයි රාජපක්ෂ මහතා.ඒක තමයි ඇත්ත. (නි)
මේකේ අදහස් දැමූ හුඟදෙනෙක් ගැන අපිට දුකයි (නි)
රටකට නායකත්වය දෙන තැනැත්තා සාමාන්‍ය පන්තියෙන් පැමිණි අයෙක් වීම හරි ආඩම්බරයක්. නමුත් නායකයා වු පසු ඔහුගේ හෝ ඇයගේ හැසිරීම සාමාන්‍ය නොවුණොත් එය රටට විනයක්. (නි)
රට බේරාගත්තා කියලා අර වැඩවසම් යුගයේ වගේ එයා පාරේ යනකොට කම්බි ලේන්සුව අතට අරගෙන කාණුවට බහින්න කැමති කට්ටියත් ඉන්නවානේ! (නි)
ජනවාරි 8 පත්වුණේ රටේ නිදහසට එරෙහිව පැමිණි කුමන්ත්‍රණ කල්ලියක්. මෛත්‍රිය නොව ඇත්තේ වෛරයයි.කරන්නේද වෛරයයි.මේ ද්‍රෝහී බලවේගවලට උල්පන්දන් දෙන අය කවදත් ඉන්නවා.මේ නඩයට එක්වුන පිරිස දෙස බලු විට මේ බව පේනවා.යුද්ධය වවාගෙන කාපු පිරිස් හිටියා,කොටියාව පරාජය කලේ නැහැ.නමුත් මහින්ද මහත්මා එඩිතරව නායකත්වය දී රටේ ආරක්ෂාව සුරක්ෂිත කළා.(අ)
සත්‍ය මහත්තයෝ,යහපාලනය යන දුර නම් අපිට හොඳින්ම පැහැදිලියි.අනෙක් අය යන දුරවල් ගැන හොයන්න කලින් පුලුවන් නම් ඒ දරුවාව ඇවිද්දවලා පෙන්නන්න. (නි)
චානක ලොස් ඇන්ජලිස්, කටේ මසුරන් දාන්න ඕනේ. අපේ ලිඳේ ඉන්න සමහර මැඩියෝ දන්නේ ලිඳ ගැන විතරයි. මහා මැඩියෝ ළිං කටේ ඉඳන් කියන බොරු අපේ ගෙඹි පැටව් ආයුබෝ වේවා කියලා පිළිගන්නවා. ඔය පංචායුධයේ ඉන්න මහා ලොකු දේශප්‍රේමියා වගේ අයට වචන දහයක් කතා කරන්න බැහැ, බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන වචන ටික නැතුව. බොරු බේගල්.(බ)
පසු ගිය රජය වැඩිම විවේචන වලට ලක් වූ අමාත්‍යංශ 2 ක කෘෂිකර්මය හා සෞඛ්‍ය ඒ දෙකේම හිටපු ඇමති මෛත්‍රීපාල මහතා එයා ඒ අමාත්‍යංශ දෙකේම වගකීම පැහැර හැර මහින්ද මහතා එයාට කරන්න දුන්නේ නැ කිව්වා. දැන් එතුමා ජනපති හැමදේම ඇන හිටලා එකටත් තව අය මාට්ටු කරලා ඇඟ බෙර ගනීද.(අ)
මෙම ලිපිය කියන්නේ ඇත්ත කතාවක්. ඇත්ත පිළිගන්න බොහොම දෙනෙක් කැමති නැහැ. (අ)
සෙව්වන්දි ප්‍රනාන්දු ඔබ ඔය පෞරුෂය කියන එක මනින්නේ මොකක් දිහා බලලද? අපි බලන විදිහට නම්, නිහතමානි කම හා ධර්මිෂ්ඨ කම තමයි නියම පෞරුෂය කියන්නේ. රටක නායකයෙක් ඒකාධිපති වියරුවෙන් ක්‍රියාකරන්න ගත්තම, ඒ රටේ ජනතාවට යන කල මොකක්ද? පෙනුණේ නැද්ද පසුගිය සමයේ සමහර අය, කතා කළේ මැරයින් වගේනේ. ඒ නිසා තමයි ලංකික සමාජය මේ තරම්ම පිරිහුනේ. මියන්මාරය විදිහට ලංකාවත් පාලනය කරන්න ගිහින් තමයි ඔය කොයි කටත් වැරදුනේ. (අ)
අයියෝ කරුණාපාල රේණු කියල තියෙන්නේ ලිපිය ගැන ඔය මොනවද මේ කියවන්නේ. අර මුලින්ම කියාවුණු කරුණත් ලංකාවට අදාල දෙයකුත් නෙවේ. ඉතින් කොහොමද මෛත්‍රීට අදාල වෙන්නේ. (අ)
අනේ මෙහෙමත් මිනිස්සු මේ රටේ තවත් ඉන්නවද?මේ තරම් පවුල පිටින්ම රටේ ධනය හොරා කාල තියෙන බව පෙනි පෙනෙද්දි තවත් මොවුන් ගැන වර්නාව ගායනය කරන පිදුරු කන හරක් ඉන්න රටකනෙ අපත් ඉන්නෙ. තමන්ගෙ දරුවන්ගෙ අනාගතය ගැනවත් සලකල මේ හොරුන් ඵලවන්න හිතෙන්නෙ නැද්ද? (අ)
මහින්ද සිටි අවදියේ: සංවර්ධන කටයුතු සිදු විය එවිට ඒ දුටු ඈයෝ සංවර්ධනය කන්නටදැයි ඇසීය එදා මහින්ද ජනපති නොවන්නට අදත් ලක්දිව යුද ගිණි මැද නොවේද එවන් යුගයක් නිම කල හෙළ නායකයා අසාමාන්‍ය පුද්ගලයෙක් නොවන්නේ මන්ද (අ)
මේ ලිපිය තිබුනේ ටයිම්ස් එකේ , අපි දැක්කේ ලංකාදීපේ. ඉතින් පසුබිම හිතා ගන්න පුළුවන්නේ. දෙමළ 40000ක් යුද්දෙන් මැරුණ කියන ලියන්නා එක සිංහලයෙක් මැරුණ බවක්වත් දැකල නැහැ. එ්කෙන්ම පේනවා ලිපියේ සමබර බව . මුන්ට ඕනේ අපේ රට තමන්ගේ පදයට නටවන්න මිසක් වෙන මොකක්ද. ඒ අනුව අපේ රටේම පවුලක් රට කන එක රටවල් ගානක් රට කනවට වඩා රටට ලාබයි (බ)
සමන්, දැන් ජනාධිපතිට එල්.ටී.ටී.ඊ තර්ජන නැහැ සාමාන්‍ය විදියට ජිවත් වෙන්න පුළුවන් ...(අ)
මෛත්‍රී මහතායි මේ රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට රැගෙන ගියේ (නි)
මහින්ද ලංකාවේ නිදහසෙන් පස්සේ පහළ වෙච හොදම නායකයා බව ඔප්පු කරලා එවරි.අපි ඖර්රුදු ගනනක් රට හිටිය නමුත් ඓර්පොර්ට් එකකදී අපිව ගන්නන් ගත්තේ නැහැ නමුත් අද තත්ත්ව වෙනස්.ඒ සියල්ල උනේ මහින්ද නිසා. මහින්ද කළ වැරැද්ද මර්වින් සිල්වලා වැනි අයට රටේ පිස්සු කෙල්ලින්න දුන්න එක.අද මොකද රටට වෙන්නේ කියල හිතල බලන්න.සිංහල ජාතිය ගැන කවුරුවත් හිතන්නේ නැහැ.කුරගල සිද්දිය බලන්න,වසර දහස් ගණනක ලිඛිත සාක්ෂි ඇති නමුත් එය අපිට බලන්නවත් බැහැ.රනිල් හොඳ නායකයෙක් නොවේ කියල ඔප්පු කරලා ඉවරයි. එ්ත් මේ නටන පිස්සු කාටද කියන්නේ.මොන පක්ෂයේ උනත් වරදක් කළොත් දඩුවම් දෙන්න ඕනේ. ජේඅආර් ගේ ඉදල කාටද දඩුවමක් ලැබුනේ.බොරුවට පත්තරවලට ලිපි ලිව්වා විතරයි වුනේ. (බ) අපිට සිංහල ජාතියට අනාගතයක් තියන නායකයෙක් ඕන.අපි කිස්සිම ආගමක විවේචනය කරන්නේ නැහැ.අපි සිංහල උනත් අපේ හොද යාලුවේ හැම ජාතියකම ඉන්න්නවා.අපි අතර කිස්සිම පර්ස්හනක් නැහැ. අපේ එතිහසය ඖරුදු 2500 උද්දා කරපු ජාතියක්.INDIA වල අපි පරාජය කල හැටි අදටත් ලෝකේ වටේ පීනනවා.KING RAWANA පරාජය කල එක පරම පර ගන්නක උගන්වල ඉවරඊ.අපි මොකද කරන්නේ අපි අපේ ඉතිහාසය කනවා. අපි සිංහලයෝ එහතු වෙන්න ඕන.එහෙම කරන්න අනෙක් ජාතින් පාගන්න නොවේ,අපේ ඉහිහසය අනාගත පරම පරාවට ගෙනියන්න ඕනේ.
මහින්ද කියන්නේ අපිට නම් පතාක යෝධයෙක් (නි)
මහින්ද මහතා පක්ෂය ආරක්ෂා කරනවද විනාශ කරනවද කියලා බුද්ධිමත්ව හිතාබලන්න. (නි)
සමන්, ඉෂාන් හරි වැරදි පිරික්සීමේ නිපුණ කමක් ඇත්තෝ වෙති... අරගලයකට එහා ගිය.. සැබෑ විසඳුම දන්නෝය.. අනෙකුන්ට යමක් නොවැට හෙන්නේ හැලියේ කෙළිනා කකුළුවන් මෙනි.. (අ)
මෙහි පළ වෙලා තිබෙන කමෙන්ට්ස් වලින් පෙනෙනවා දැන් ඉන්න එක්කෙනාට වඩා ඉස්සෙල්ලා හිටිය කෙනා ඉදිරියෙන් සිටින බව! (බ)
හරි (අ)
මේ ලිපියේ සිරස්තලයෙන් දෘශ්‍ය වනුයේ සෝදා පාලුවට ලක්වෙමින් පවතින සිරිසේන ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාව මහින්ද මහතාගෙන් තර්ජනයක් මවාපාමින් නැවත ලබාගැනීම් කුට උත්සාහයකි.අන්තර්ජාතිකව අප දැන් තනිවී හමාරය.චීනය සිටියා නම් ඔවුන්ගේ නිශේදබලය හමුවේ අපට යම් සහනයක් ලබාගැනීමට හැකියාව තිබුණි.....එක්සත් ජාතීන් හමුවේ දැන් අපට කිරීමට ඇත්තේ ඔවුන් කියන පරිදි නටමින් ඉල්ලන දේ දෙමින් හිඟාකැමට පමණි.. (අ)
කොහොම කව්රු ලිව්වත් අපිට නම් හැමදාම ජනපති රජානෝ මහින්ද රාජපක්ෂ තමා (අ)
ඕකෙම අනික් පැත්ත තමයි, යහපාලනය මේ රටට මහා තර්ජනයක් බව. (අ)
මහින්දගේ තියෙන්නේ කිසිම. නායකුට නැති අදහස් හැම බරම මහා ජනතාවට. පටවනවා එයාගේ. එක ළමයකුට ලක්ෂ ගණන් වියදම් කරනවා. ඉගෙනීමට. එත්. විභාග. අසමත්. විශ්වවිද්‍යාල දරුවන්ට. කිසිම. මුදලක් දෙන්නේ. නැහැ මහජනත්වගේ මුදල්. මහා බැංකුවෙන්. හොරෙන්. අරගෙන කොළඹ පන්සල්වෙලට බාගයක් දීලා ඒ පව් මකාගන්න. පිරිත් නුල් දා ගන්නවා. මහින්ද. බලන්නේ හොරකම් කරලා නිවන් දකින්න ඒකනේ හාමුදුරුවන්ට. මහින්ද නැතිව. බැහැ හාමුදුරුවන්ට දනය දෙන්නේ ජනතාව. බව අමතකයි මෛත්‍රිපාල ජනපති මෙපමණ. සහන දීලත්. මහින්ද ඕනලු ආගමත්. පාවෙලා. දෙනවා. මුදල් වලට (අ)
මහින්ද රාජපක්ෂට සම කළ හැකි නයකයෙක් ලොකයේ තවම බිහිවෙල නෑ. ඒවගේම මිනිස් හඩවත්ට මෙ තරම ලං වූන නයකෙයෙක් ශ්‍රි ලංකා ඉතිහසයෙ තව ඉන්නවඩ?? මේ මොහොතෙ ඔහුගෙ නිවසට ගියොත් මම මෙ කියු දේ ඔබටත් ඇස් වලින්ම බල ගන්න පුලුවන්. (අ)
දෙමළ, මුස්ලිම්, බර්ගර්, සිංහල මේ හැමෝම ලංකාවේ ජීවත්වෙන මිනිස්සු. රටක නිදහස සාමය බිය නැති නිදහස් මානසිකත්වය අගයන අපිට නම් මෛත්‍රී කියන්නේ ලංකාවේ ගාන්ධි කෙනෙක් (නි)
මලිත්, සෙව්වන්දි, තවම මහින්දට අාවඩන එක නතරවෙලා නැහැ පිස්සෝ වගේ කියවනවා.(නදී)
රටට අලුත් නායකයන් ඕනේ බව මේ රටේ ජනතාව බහුතරයක් වැඩි ඡන්ද දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළා. මහින්ද පරාජය උනේ ඔහුගෙන් රටට සේවයක් නොවුන නිසා නෙමෙයි. ඒකාධිපති වියරුව නිසයි. ඔහුගේ සිතේ පවතින බලයට ඇති තණ්හාව හා ආශාව නිසයි. පරාජය වී රටට එපා උන මහින්ද මහතාගේ ගෞරවය රැක ගන්න නම් පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව ස්වාධීනව ඉන්න ඕනේ. (බ)
සඳරුවන්, එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නේ අවසන් වෙලත් අවුරුදු ගානක් මහින්ද ගියේ වාහන පිරිවරාගෙන. පාරේ යන මිනිස්සුනට වාහන පේළියට ඉඩදෙන්න කාණුවට බහින්න වුණා ඒ දවස් වල. (නි)
මෙත්සාරත් ඒ පරපුරේද..? දෙවියන්ගේම පිහිටයි වැදූ හැදු අම්ම තාත්තට. කවදා හරි අගු පිල තමයි. රට දැය ගැන හැගීමක් නැති එකාට අම්ම තාත්ත ගැන හැගීමක් කොහොමටවත් එන්නේ නැහැ. (නදී)
මට හිතා ගන්න බැහැ කොහොමද සිංහලයෝ මහින්දට සහ ගෝඨාභයට දොස් කියන්නේ, දොස්කියන අයට මතක නැතුව ඇති ජේ.ආර් චන්ද්‍රිකා, සිරිමා කරපුවා. (නදී)
ඉස්සර තුවක්කු, බයිනෙත්තු පෙන්නලා අපි වගේ රටවල් යටත් විජිත කරගෙන සූරා කෑ සුද්දා දැන් යටත් විජිත මානසිකත්වය ඇති රූකඩ පාලකයන් බිහිකිරීමට උල්පන්දම් දී තමුන්ගේ පරමාර්ථ බොහොම සීතලෙන් ඉටු කරගන්නේ අපේ මිනිස්සුන්ගේ අනවබෝධය සහ බෙදීම් ප්‍රයෝජනයට ගනිමින් නොවේද ? මේ අගාධයෙන් අනාගත පරපුර බේරාගන්නේ කෙසේද ? (නදී)
මහින්දයි ගෝලයෝ රැලයි යටි මඩිගහපු අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යොදවන්න තිබූ සම්පත් ගැන උඹලට අමතකද ? (නදී)
මට තේරෙන්නේ නැත්තේ ඇයි අපේ මිනිස්සු මහින්ද මහත්තයට මෙච්චර බනින්නේ කියලා. තමුන්ගේ වැඩ කරලා හම්බ කරන්න තියෙන කම්මැලි කමට බෝක්කු උඩට වෙලා මහින්ද මහත්තය නය ගත්තාය, හොරකම් කළාය කියා දෝශාරෝපනය කර කර ඉන්නවා. දැන් මහින්ද මහත්තයා නෙමෙයිනේ බලයේ ඉන්නේ . ඉතින් අපේ ජාතියට බැරිද දැන්වත් මෙයාට දෝශාරෝපනය කර කර ඉන්නේ නැතුව මහන්සි වෙලා වැඩකරන්න.(නදී)
යුද්ධය මෙහෙයවපු හමුදා නායකයා හිරේ දාලා විශ්‍රාම වැටුප් තනතුරැ අහිමි කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දිවිනැගුම පනතට විරැද්ධවිම නිසා අග්‍රවිනිශ්චයකාරවරිය පන්නා දාලා තමන්ගේ හෙන්චයියෙක් ඒ තනතුරට දාලා මුළු අධිකරණයම තමන්ගේ අතට ගත්තා. අධිකරණ, පොලිස්. අල්ලස්, රාජ්‍ය ස්වාධින කොමිෂන් 18 සංශෝධනය ගෙනල්ලා තමන්ගේ අතට ගත්තා. රාජ්‍ය මාධ්‍ය තමන්ගේ විරැද්ධවාදින්ට පහරදිමට යොදා ගත්තා. මේ වගේ හොද යහපාලයක් එතුමා ගෙනගියත් නොසන්ඩාලයින් එතුමා පැරද්දුවා..(බ)
වත්මන් ජනපති අවංක විශිෂ්ට නායකයෙක් (නි)
යහපාල, චතුරි යනු තවමත් ප්‍රංචි කෙනෙක්. අපි ඉවසන් ඉමු. (නදී)
මම හැමෝටම කියන්නේ දෙයියන්ගේ නාමෙන් දරුවන්ගේ අනාගතය ගැන හිතල සියලු විද්වතුන්ගේ උපදෙස් අදහස් අරගෙන බුද්ධිමත් සියලු දෙනා එකතු වෙලා රට යහ මගට දියුණුවට ගෙනයන්න කියලය් වාද කර කර හිටියා දැන් හොදටම ඇති . අපි ඔක්කොම එකතු වෙලා සමගි වෙලා ශ්‍රී ලාංකිකයන් හැටියට නැගී සිටිමු. (නදී)
තිලක්, ඔහොම යන්න. ඔබතුමන්ගේ දරුවන්ගේ රැකියා ඉන්දියාවෙන් එන අඩු පඩි සේවකයෝ අරගත්තහම එයාලටත් කියන්න අර අන්තරේ මල්ලිලා වගේ පාරේ කෑගහන්න කියලා. එතකොට ඔයාටත් පිදුරු කකා ඉන්න පුළුවන්. අනික තිලක් ඇයි එම පවුලේ ධනය හොරාකෑම ගැන විතරක් කතාකරන්නේ? (නි)
මහින්ද රාජපක්‍ෂ සමයේ සිදුවූ සංවර්ධනය පිළිබඳව, එතුමා ලෝක බලවතුන්ගේ බලපෑම් හමුවේ නොසැළී සිටීම පිළිබඳව අපි දැනගන්න කැමතියි. වත්මන් ආණ්ඩුව සුළුතරයකින් යුක්තව බලය ලබාගැනීම කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදීද යන්න පිළිබඳවත් දැනගන්න කැමතියි. (නි)
ඉහළ පොලියට ණය අරගෙන හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල හැදුවා. මේවායේ ආදායම නැතිවුනාට සහ ඒවායේ ණය වොරික සහ පොලී ලැබෙන ආදායමෙන් ගෙවන්ඩ මතු පරම්පරා 300 ක් ගියත් ඒවායේ ආඩම්බර කාර තාත්තාගේ නම දාලා ඉතිහාසයට එක්කළා. මේ වටිනාකම ටොයියන්ට තේරෙන් නැහැ. හෙන්චයින්ට ඔවුන්ට ඕන විදිහට හම්බ කරගන්ඩ ඉඩ දුන්නා. පරම්පරා ගානකට ඔවුන් හම්බ කරගෙන තියෙනවා. ඒවා හොද නැද්ද. අපිට ඕන ඒ වගේ ඉතිහාසගතවෙන්ඩ වැඩ කරන කෙනෙක්. (බ)
මහින්ද පැරදුනේ එතුමාගේ වරදින් නොවේ (නි)
මෛත්රීපාල මහතා දිනූ නිසා සුළු ජාතීන් පවා දැන් නිදහසේ ජීවත්වෙනවා. (නි)
යුද්ධය අවසන් කිරීමේ සම්පූර්ණ ගෞරවය මහින්ද මහතාට තිබෙනවා. ඒත් එතනින් එහා කතාකරන්න දෙයක් නැහැ (නි)
එතුමා වටේ හිටිය හෙන්චයියන්ට හොදට සැලකුවා. ඔන්නම් කුඩු එතනොල් වුනත් ගේන්ඩ චාන්ස් දුන්නා. විදේශිකයෙක් වුනත් මරන්න විදේශික කාන්තාවක් වුනත් දුෂණය කරන්ඩ වල් බුරැ නිදහසක් හෙන්වයින්ට ලබා දුන්නා. හෙන්චයියන්ට පොලිසිය අතට ගන්ඩ දුන්නා. සුදු පොලවල් රට හැමතැනම අරින්ඩ දුන්නා. ඒවට වෙනම ව්‍යාපෘතියකුත් පටන් ගන්ඩ හැදුවත් යහපාලනය හන්දා බැරිවුනා. ඒ වුනාට අපි එ්ක වක්‍ර මාර්ගයෙන් කරන්ඩ ක්‍රමයොදා තිබුනා. මොන ජරා වැඩේද අපි නොකළේ එහෙම කරලත් එතුමා පරද්දපු එක ජරා වැඩක් නොවේද. (බ)
සැමවිටම බලයෙන් පූර්ණව සිටින්න කැමති මිනිසුන්ට වඩා සියල්ල උපේක්ෂාව බලන නායකයෙක් සෑම අදහසම අසා සිටින්නට පුළුවන් නායකයෙක් රජෙක් නොව මහත්මයෙකි. මිනිසුන්ගේ බඩගින්න ගැන කල්පනා කළ සියලු දේ ගැන හොඳින් සිතන බොරුවට කෑනොගහන තමන්ට විරුද්ධ අයට මඩ නොගහන මෙතුමා ජනාධිපති කරන්න ලැබීමම අපි බොහෝ වාසනාවන්ත වන්නෙමු (නි)
මේ රටේ හොර මගඩි වංචා දුෂණ කප්පම් මංකොල්කෑම් කරන පිරිසට උදව් කළ සහ ඊට ගැලපෙන නායකයෙක් යහපාලන අය ඇවිත් පන්නා දැම්මා. එ්කෙන් ලොකු අසාධාරණයක් ඒ අයට වුනා. මේක කොහෙම හරි නිවැරදි කළ යුතුයි එය වෙනුවෙන් අප පෙනි හිටිනවා (බ)
මම බොරු නම් කියන්නේ හොඳට ජනාධිපතිවරු දෙන්නම ගැන සංසන්දනය කරන්න.ඒත් හිටපු ජනාධිපති හොරෙක් වංචාකාරයෙක් කියන එක සාක්ෂි සහිතව ඉදිරිපත්වෙලා නැහැ නේද. (නි)
මෙතන එක්කෙනෙක්වත් කියන්නෙ නැහැ මහින්ද රාජපක්ෂගේ වරදක් ගැන. යුද්ධය නිමකළ වීරයා ලංකාවේ සෛවරීබවට භෞමික අඛණ්ඩතාවයට මොනවද කළේ? (නි)
සඳරුවන්, දැන් ඉන්න ජනපතිට කොටි තර්ජන නැහැ කිව්වේ, මහින්ද යනකොට ඒ කට්ටියත් ගෙදර ගියාද? මහින්ද මහතා කොන්ද පණ තිබුණු නායකයෙක් වෙන්න ඇති. හැබැයි ඔහු මෙතන ඉන්න සමහරුන්ගේ කොඳු නාරටියම කඩලා දාලා කියලා පේනවා අදහස් වල නිවට නියාලුබවින්ම. (නි)
ඔහොම යමු (නි)
මහින්ද මොන පක්ෂයෙන් ඉල්ලුවත් මෙවර දිනනවාමයි (නි)
මම හිතන්නේ ජනාධිපතිවරණයෙන් පසු ඇමති මණ්ඩලය විසුරුවාහැර නව පිරිසක් පත්කර ගන්නයි මෛත්‍රීපාල මහතාට තිබුණේ (නි)
ඩිලාන්, මහත්තයෝ, නිතර වැසිකිලි වලේ බැහැගෙන ඉන්න ඔය සුමුදු හේවාට ආයේ නැවත වැසිකිලියකට යන්න වෙලාවක් ඕන වෙන්නේ නැහැ. එතුමා කියනවා අපි රටට ආදරය කරන්නේ නැතිලු.. බලන්න, ඔය මනුස්සය එක වචනයක් රට වෙනුවෙන් කතා කරනවද? මහින්ද පරපුරටම කඹුරන්න පෙර ආත්මෙක ලොකු පවක් කරලා තියෙන කරුමක්කාරයෙක්. පෙන්නේ නැද්ද, හිතට ආපු අදහස අවංකව ලිවූ අර "චතුරි" කියන දැරිවියවත් හපා කන්න හදන හැටි. (බ)
ඔබතුමා දුන් පොරොන්දු ඒ ආකාරයට විසඳන්න (නි)
අනේ මන්දා මේවා! (නි)
මෛත්‍රී වගේ බොහොම හොඳ පාලකයෙක් ලබන්න ලංකාව පින්කරලා නැත (නි)
නිහතමානිකම වැඩක් නැහැ රටට. අපිටත් තේරෙනවා මෛත්‍රී හොඳ මනුස්සයෙක් කියලා (නි)
මහින්දට තවත් කඩේ යන්න එපා යකුනේ...! (නි)
අයියෝ විජයබාහු, මම එතන ලිව්වේ ඕනෑවට වඩා පිම්බෙන්න ගිහින් පිපිරුණ බැලුමක් ගැනනේ. ඔබතුමා ඒ මගේ කතාව ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුට ආදේශ කළා නේද? ටිකිරි මොළේටත් වැටහෙන දේවල්? මීටපස්සේ අනුන්ගේ කුණු ගොඩවල් වලට ඇඟිලි ගහන්න යන්න එපා. බලාගෙන මහත්තයෝ ඔය විදිහට ගියොත් බොරු වළවල් වලට වැටෙයි (නි)
21 වන ශතවර්ෂයේ වඳවීයන ජාතියක නායකයෙකුට තම ජාතිය වෙනුවෙන් සහ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඇත්තේ සුළුපටු වගකීමක්ද? අපිට ඇත්තටම ඕනෑ රතු එළියට නැවතිලා එළියට ඇවිල්ලා මඟීන්ව පාර දෙපසට මාරුකරන නායකයෙක්ද? මේක හින්දි චිත්‍රපටියක්ද? (නි)
විස්තරාත්මක ලිපියක් කියෙවුවා කාලයකට පස්සේ (නි)
රටේ දැන් වෙන දේවල් ඔයාලට පේනවා. කොටි විනාශකළ නායකයා අනිත් අයට වඩා වෙනස්. ඔහු පාවාදීම නොකළයුතු දෙයක් (නි)
චතුරිගේ මුණු පොතේ ලිපිනය කියන්නකෝ.හරි ආසයි 2009න් පස්සේ උප්පත්තිය ලද මේ ඒලියන්ලා පින්තූරෙකින් හරි දැකගන්න.රටේ දේශපාලන ඉතිහාසය දන්නේ නැති භීෂණ යුග දන්නේ නැති ත්‍රස්තවාදී බෙදුම්වාදී ව්‍යාපාර නිසා මේ රටට වුණ විනාශය, අහිමි වුණ දේපල ජීවිත ගණන ගැන දන්නේ නැති මහින්ද මහත්තයව පමණක් දැකලා තියෙන මේ මුහුණු පොතේ ඒලියන්ලා පිරුණු රටක හෙට දවසට දෙවියන්ගේම පිහිටයි.. (නි)
සමහරු ඔවුන්ගේ ජිවිත කාලය පුරාවටම බලයේ රැඳීසිටීමට උත්සාහ කරන්නේ රටට ආදරයටද? එහෙම නැත්නම්, බල තණ්හාවටද? එහෙම නැත්නම් යටි අරමුණකින්ද? (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
රට බේරාගැනීමට මහින්ද යළි පත්විය යුතුයි (නි)
සුමුදු හේවා මහින්ද මහතාගේ ගෙදර පදිංචිකාරයෙක් ද කොහෙද? මෙතන ලියන හැටියට වැසිකිළි යන්න වෙලාවක්වත් නැතුව ඇති. (නි)
මේ විදියට ජනපති එක්ක එකතුවෙලා හැමදාම මේ රටේ යහපැවැත්මට කටයුතු කරන්න සියලුම පක්ෂ තම තමන්ගේ උපරිම උත්සාහයෙන් අමාත්‍යංශ බාරගෙන තමන්ගේ හැකියාව රටට පෙන්වියයුතුව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, කටින් බතල හිටවන්නේ නැතුව. ගොඩක් අයට කලින් ක්‍රමය අමතකවෙලා ගිහින් තිබෙනවා. දැන් ජනපති ඉස්සර වගේ අමාත්‍යංශ වලට බලපෑම් කන්නේ නැතිබව පෙනෙනවා. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න දැන් ඉන්න ඇමතිවරුන්ට පුළුවන්. (නි)
සුමුදුහේවා දේශපාලන බඩගෝස්තරය නිසා උදම් වෙලා රටේම මිනිස්සුන්ට මෝඩයන් කියමින් බනිනවා.(නදී)
අදහස් දක්වන වැඩි දෙනෙක් හිතන්නේ හරියට මහින්ද රාජපක්ෂ /ගෝටාබය රාජපක්ෂ හින්දා පමණක් යුද්දය දිනුවා කියලා. නමුත් සරත් ෆොන්සේකා මහතා තමයි කෙලින්ම කීවේ "තවත් හමුදාපති කෙනෙක්ට මේ යුද්දය කරන්න ඉතිරි කරන්නේ නෑ."කියලා. නමුත් මහින්ද රාජපක්ෂට විරුද්දව ඡන්දය ඉල්ලපු වරදට ෆොන්සේකා මහතාට සැලකුවේ තිරිසනෙකුටවත් සලකන්නේ නැති විදියට.(නදී)
මහින්දගේ පවුල්වාදය සහ හොරාකාපුවා ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද කියලා මෙතන ලොකු කතා කියලා තියන අයගෙන් අහන්න කැමතියි මෛත්‍රී දුන් සහනේ මොකද්ද කියලත්. ඉන්ධන මිල අඩු කළා. කාටද සහන ලැබුනෙ? බස් ගාස්තු, ත්‍රීවීල් ගාස්තු ඊට සාපේක්ෂව අඩුවුණාද? හාල්මිලට මොකද වුණේ? දැන් තමුන්ගෙ බැංකු ගිණුමටත් ටැක්ස් ගහනවා නේද? ඒවටද සහන කියන්නෙ? එහෙම වෙලා මොකද්ද මේ රටේ දැන් සිද්ධවෙන සංවර්ධනේ? දැන් ජාත්‍යන්තරයේ අපිට කවුද ඉන්නෙ? ඔය ඉන්දියාව හරි බටහිර ලොක්කො හරි අපිට මොනවද කළේ? චීනය ළං කරගත්තෙ දිගු ගමනක් යන්න, සංවර්ධන ව්‍යාපෘති සියල්ල සිද්ධවුණේ දීර්ඝකාලීන සැළැස්මකට. දැන් ඒවාත් නතර කරලා. තේරුමක් නැහැ මේ තර්ක. (නි)
බටහිර රටවලට ඕන දර දිය අදින ජනමාධ්‍යය නාලිකා සඟරා වලින් ප්‍රධාන එකක් ටයිම්ස් සඟරාව. ඔවුන් ස්වාධීන බව පෙන්වමින් මහා පෙරළිවලට උදව් දෙමින් සිය කටයුතු කරගෙන යනවා.එහි ලියා ඇති ඇතැම් දේ වලට මා එකඟවෙනවා.නව ජනපතිතුමා පිළිබඳව ලියු කරුණු සමාලෝචනය අගෙයි. ජනතාවට සහන කියා පොරොන්දු මල්ලක් විතරක් දීලා වැඩක් නැහැ.ඔයාලා සල්ලි හොයන වැඩ කරලා කෙටි හෝ දිගුකාලීන ණය අරගෙන වැඩක් කරලා පෙන්වන්න.බටහිර රටවල් තවමත් කොටින්ට කත්අදිනවා (නි)
ඡානක ලෝස් ඇන්ජලිස් කියන විදියට රුපියලේ අගය කඩා වැටුනේ නෑ. දන්නේ නැත්නම් දැනගන්න රුපියල කඩා වැටුනේ මේ විදියට. මේකෙන් පේනවා මහින්දගේ කාලේ තමයි අඩුවෙන්ම කඩා වැටුනේ කියලා. මහින්ද ගත්තේ සුනාමියෙන් රට විනාසවෙලා, යුද්දෙන් ආර්ථිකේ විනාසවෙලා තිබිණු කාලෙක. 2008 සිටම ලෝකයම ආර්ථික අවපාතයකට ගියා. 1955 දී ඩොලරය = රුපියල් 1ක්, 1975 දී ඩොලරය = රුපියල් 7ක්, 1994 දී ඩොලරය = රුපියල් 55ක්, 2005 දී ඩොලරය = රුපියල් 108 ක්, 2015 දී ඩොලරය = රුපියල් 131ක්, දැන් බලන්න ප්‍රතිශතයක් විදියට මහින්දගේ අවුරුදු 9 තමයි අඩුවෙන්ම බාල්දු උනේ. ජේ.ආර් ගේ කාලෙත් රුපියල බාල්දු උනා. (නදී)
මහින්දට මේ සියළුදේම බාරදෙන්න අපි නම් මුළු හිතින්ම කැමතියි (නි)
ප්‍රභාකරන් රට විනාශ කරන කලේ ගණන් හැදුවද? ප්‍රභාකරන්ගේ වියදම් බැලුවද?බැංකු විනාශ කරලා බස් බෝම්බ තියපුවා ගණන් බැලුවද?සේරම නවත්තපු මිනිහගේ වියදම් බලන්නද අපි තිරිසන් වුණේ?යුද්ධයෙන් පස්සේ රට පුදුම විදියට දියුණු කරලා දැන් සේරම අමතක කරන්න තරම් ලෝකයේ පහත්ම ජාතිය අපි වෙන්න ඇති (නි)
චානක ලොස් ඇන්ජලිස් වලට වෙලා ඉන්නේ නැතුව ලංකාවට වෙලා හිටියා නම් ලොකු සේවයක් කරන්න තිබුනා. දැන් කොහොමද ප්‍රධයන මුල්‍ය මධ්‍යස්ථානයේ තත්වය? හොඳට හිතලා බලන්න එදා කොහොමද, දැන් කොහොමද කියලා. මොන දේ නැති වුණත් බය නැතුව පාරේ යන්න පුළුවන් නේද? ඒකම මදිද? (නි)
බටහිර රටවල් කවදාද දුප්පත් රටකට උදව්කළේ? වැඩි පොලියට ණයදෙන එක, ශ්‍රමය සූරාකන එක ඇරුනාම වෙන මොනවාද කරලා තියෙන්නේ?ඔවුන්ගේ පදයට නටලා දියුණු වෙන්න බැහැ. ඔවුන් කැමති නැහැ රට ජාතියට ආදරය කරන මහින්ද වගේ නායකයන් ලංකාවේ බිහිවෙනවාට. (නි)
බුද්ධිමතුන් මහින්ද මහතා ගැන එකම වැදගත් වැකියක් ලියා වුණත් අවධානය දිනාගන්නවා. (නි)
මෙත්සාරත් ඒ පරපුරේද..? රට දැය ගැන හැඟීමක් නැති කෙනාට අම්මා තාත්තා ගැන හැඟීමක් කොහොමටවත් එන්නේ නැහැ. (නි)
මේ යහපාලනය නමින් පෙනී සිටින කට්ටිය මේ රට විනාශ කරන්නේ බොරු බේගල් ඇද බාමින්ය.කොටින්ට හුලන් ගහපු පිරිසක් තමයි ඔය වටා ඉන්නේ.ප්‍රභාකරන්ව පරාජය කරන්න ඒ කට්ටිය කැමති වුනේ නැහැ නමුත් ඒවාට බිය නොවී මහින්ද මහත්මා යුද්ධය ජය ගත්තා.එතුමාට විරුද්ධව ප්‍රතිචාර දාපු නිවටයින් අදත් කරන්නේද එයයි. (බ)
යහපාල, මම ඉපදුනේ 2015 -01-08 දින. මම හරි වාසනාවන්තයි.මේ වගේ ජනාධිපති කෙනෙකුගේ බලයේ පළවන දවසේ ඉපදුන ඔබ ගැන නම් දුකයි. මහින්ද හරියට වද දුන්නලු නේද? ඔයාගේ පස්සෙන් සුදුවෑන් ආවද? ඔයා කඩේ ගියේ කොහොමද? (නි)
අනේ අපේ අය කටෙන් නම් සිංහලකම ගැන කියාවි.අඩුගානේ ඔය එක්කෙනෙක්වත් උදේ හවස බුදුන් වඳිනවාද?අඩු ගානේ සතියකට සැරයක්වත් පන්සලට යනවාද? කටින් බතල හිටවලා බැහැ.ක්‍රියාවෙන් කරලා පෙන්වන්න. (නි)
සුමුදුහේවාට කවදාහරි සිදුවෙන්නේ සීමාව තැන නොතැන නොදැන නිතර කට ඇර ගිරවාගේ වසුරු කටේ ලාගත් කේවට්ටයට වුණ දේ තමයි. (නි)
දැන් බලනකොට බලය කේන්ද්‍රගතවීම හොඳයි මිට වඩා. මහින්දට තව අවස්ථාවක් දිය යුතුයි කියලා හිතෙනවා. (නි)
ඔය එක එක සඟරා කොහොමද මෙහේ වෙන දේවල් ගැන දන්නේ? (නි)
ඇත්ත. හොඳ ලිපියක් (නි)
මෙතන මහින්ද මහතාට විරුද්ධව අදහස් දාන අයට මම මතක් කරනවා, යුද්ධයෙන් දිනන්න කවදාවත් බැහැ කියපු, දෙමාපියන් සමඟ එකට වැඩට ,එකට ගමනක් නොගිය, ඉතාමත් පරාජිත ඡාතියක් වෙලා තිබුනු කාලය ඔබලාට අමතකද? හිතාමතා අමතක කිරිමට උත්සාහ කරනවද .....? (නි)
විධායක බලය අහෝසිකර පාර්ලිමේන්තුවට වගකියන ඡන්ද පොරොන්දුව ඉටුකළොත් කවුරු බලයට එන්න දතකෑවත් වැඩක් නැහැ. මේක තමයි හොඳම අවස්ථාව (නි)
අනේ! අපිට මේවා කියලා වැඩක් නැහැ (නි)
හික් හික් හික්... එච්චරයි මට කියන්න තියෙන්නේ.මේවාට රැවටෙන අයත් ඉන්නවා. (නි)
පින් සිතින් නික්මගිය දුටුගැමුණු රජතුමාවත් ඉතිහාසයෙන් මකන්න සූදානම් අයත් මේ රටේ ඉන්නවා. (නි)
මොනවා කිව්වත් වඩාත් යහපත් දේ සිද්ධවෙනවා. සත්‍ය ජයගන්නවා (නි)
සුමුදු හේවාට බණින්නේ නැතුව එයා ගෙනහැරපාන කරුණු වැරදි නම් ඒවා බිදහෙළීමට තර්ක ගෙන එන්න .එවිට තමයි සුපිරි විසංවාදයක් ගොඩ නැගෙන්නේ .(බ)
මෙහි දමා ඇති සමහර අදහස් දැක්කහම මට නම් හිතෙන්නේ, පාසලේ හයවෙනි පන්තියේදී පටන් ඉගෙනගන්නා "ප්‍රජාතන්ත්‍රවාදය" කියන පාඩම ගැන අඩුතරමේ අහලවත් නැතුවා වගෙයි. රටක්, ජාතියක්, රටක දේශපාලනය කියන්නේ තනි පුද්ගලයෙකු පිළිබඳ කතිකාවක් නෙවෙයි. ලෝක ඉතිහාසය ගැන බැලුවොත් එදා සිටි ඒ සමහර විරෝධාර නායකයින් මොනතරම් අරගල කරලද ප්‍රජාතන්ත්‍රවාදය කරා මේ රටවල් රැගෙනවිත් තිබෙන්නේ. (නි)
එදා නොතිබුණු මාධ්‍ය නිදහස අද තියෙන නිසා තමයි අද මහින්දව රූපවාහිනියේ හරි පෙන්වන්නේ.දැනගෙන කතා කරන්න මහත්වරු නෝනලා. (නි)
චතුරි, ලොකු අයගේ කතාවට හොට නොදා පාඩුවේ ඉන්නකෝ (නි)
මේකද යහපාලනය! (නි)
කලින් කළ සෑම සංවර්ධනයක්ම දෙස වෛරී සහ පළිගැනීමේ ඍණාත්මක මනසකින් බැලුවොත් රටක් දියුණුකළ නොහැකිය (නි)
මහින්ද මහතා රටට වාසනාවක්! (නි)
මෛත්‍රී මහත්මයාට නම් ඔය කියන කාගෙන්වත් කිසිම තර්ජනයක් නැහැ. එතුමා දැන් මේ රටේ ජනාධිපති වෙලා ඉවරනේ... (නි)
මෙම ලිපිය කියන්නේ ඇත්ත කතාවක්. මහින්දට තව අවස්ථාවක් දියයුතුයි කියලා හිතෙනවා. (නි)
මාලසිංහගේ කතාව සහතික ඇත්ත. (නි)
බොහොම හොඳ පැහැදිලිිකිරීමක් (නි)
ඇයි එහෙම ඒ වගේ මිනිස්සු එතුමාට ළංවෙන්නේ කියන එක තමයි ප්‍රශ්නය? (නි)
ඔහු මුළු රටටම තර්ජනයක් වෙලයි තිබුනේ.අපි රට මුදාගත්තා. මොන සෙල්ලම් දාගෙන ආවත් නැවතත් එම පාලනයට රට බාරදෙන්න මොළේ කලඳක් තිබෙන කෙනෙක් කැමතිවේවි කියා හීනෙන්වත් හිතන්න බැහැ (නි)
දැන් තියෙන හොඳම දේ මහින්ද මහත්තයා විවේකයෙන් ඉන්න එක (නි)