ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයගහණය සඳහා උදව්කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කැරුණු ප්‍රසිද්ධ රැස්වීමක් පසුගිය ඉරිදා ලන්ඩන් නුවරදී පැවැත් විණි.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල
බ්‍රිතාන්‍ය ශාඛා නිලධාරීන්, ආධාර කරුවන්, වෘත්තීයවේදීන් සහ ලන්ඩනයේ ශ්‍රී ලාංකික වෙළෙඳ ප්‍රජාවේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගිවූ මෙම රැස්වීම සංවිධානය කරන ලද්දේ එක්සත් රාජධානියේ මෛත්‍රී සහයෝගී කමිටුව විසිනි.
එම සංවිධානයේ කැඳවුම්කරු බෝධි වීරසිංහ මුලාසනය හෙබවිය.
රැස්වීම ආරම්භයේ මේදිනවල ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණය සහ 2004 සුනාමි ව්‍යසනයෙන් විපතට පත් වුවන් සිහිපත් කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය.
පැමිණසිටි සියලුදෙනා පිළිගනිමින් කතාකළ බුද්ධි වීරසිංහ මහතා දෙසුමක් කළේය. බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්හට මැතිවරණයේදී ඔවුනගේ ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්තාවක් නොමැතිබව ඇත්තක් වුවත් ශ්‍රී ලංකාවේ ඉන්නා නෑදෑ හිතමිත්‍රාදීන් සියලුම දෙනා මෙවර මැතිවරණයේදී ඔවුනගේ ඡන්දය පාවිච්චි කිරීම වැදගත් වන නිසා ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කරන ලෙසද සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විසින් ඒවා තිබුණ විශේෂ පණිවිඩයක්ද කියවනු ලැබිය.
එක්සත් රාජධානියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති නීතීඥ හර්ෂ කන්නන්ගර,හර්ෂ සිරිවර්ධන, වෛද්‍ය එස්.මුතුලිංගම්,වෛද්‍ය සම්පත් වික්‍රමරත්න, මාධ්‍යවේදිනී මහේෂි කොඩිකාර,ජාතික හෙළ උරුමයේ මහින්ද පෙරේරා උස්හෙට්ටිගේ, මුදිත රොෂාන්, රොෂාන් ඩැනියෙල්, චතුර මල්ලව, ජන හඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් සහ රොෂාන් සමන්ත යන අයද කතා කළහ.
මහාචාර්ය සරත් විජේසුරිය මහතා අන්තර්ජාලයෙන් විශේෂ දේශනයක් ද පැවැත්වීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම උදෙසා හැකි හැම අයුරකින්ම සහයෝගය දක්වන ලෙසට සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටි අතර පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත්ද සියලුදෙනා වෙත බෙදාහරිනු ලැබිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල ටික දවසකට පෙර මහින්ද මහත්තයාට සහය දෙන බව කියා රැළියක් පවත්තුවානේ, එකපාටටම පාට මාරුවෙලා. දිනන පැත්තට හෝයියා. (හේ)
මේ පාරනම් ලංකාවේ හොදම කාලය ලග ලගම එනවා . (හේ)
මේ මොන බොරුවක්ද? මේ අයට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ජාතික හෙළ උරුමයේ ශාඛාවක් ලන්ඩනයේත් නැහැ. රජයෙන් වාසි ගන්න ඩබල් ගේම් කාරයෝ ගොඩක් මෙතන ඉන්නවා. සමහරු වාසි නොලබුනහම අමනාප වෙච්ච කට්ටිය. ලන්ඩන් වල අපිනේ දන්නේ මේගොල්ලන්ගේ කෙරුවාව 50 දෙනෙක් වත් හොයාගන්න බැරි පිරිසක්. (බ)
අවශ්‍ය වෙලාවේ ඔබසැමගේ එකමුතුවට පැරිස්වල රටට හිතැති ජනතාවගෙන් ඔබට තුති!.(හේ)
ඔය අයට කරන්න පුළුවන් දෙයක් තිබෙනවද? (නි)
ඔතන ඉන්න සමහර අය ගැන අපි හොඳින් දන්නවා (නි)
සරත්, ඔබගේ අදහස් වලට ඉස්තූතියි. (ර)
හොද වැඩක්. ජයවේවා. (හේ)
මේ රැස්වීම පවත්වපු අයට බොරුවට අපහාස කරන එක හරිම වැරදියි. (ර)
සරත් සමඟ මමද එකඟවෙමි (නි)
යහපත් පාලනයක් ඇති, ප්‍රජාතන්ත්‍රවාදය නමට පමණක් සීමා නොවූ, ශ්‍රී ලංකාවක් බිහිකරන්න ඔබත් අදම අධිෂ්ටාන කරගන්න. මෛත්‍රියට අත වනන්න. (ර)