IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ රැස්වීමක්

ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයගහණය සඳහා උදව්කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා  කැරුණු ප්‍රසිද්ධ රැස්වීමක් පසුගිය ඉරිදා ලන්ඩන් නුවරදී පැවැත් විණි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල 

බ්‍රිතාන්‍ය ශාඛා නිලධාරීන්, ආධාර කරුවන්, වෘත්තීයවේදීන් සහ ලන්ඩනයේ ශ්‍රී ලාංකික වෙළෙඳ ප්‍රජාවේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගිවූ මෙම රැස්වීම සංවිධානය කරන ලද්දේ එක්සත් රාජධානියේ මෛත්‍රී සහයෝගී කමිටුව විසිනි.

එම සංවිධානයේ කැඳවුම්කරු බෝධි වීරසිංහ මුලාසනය හෙබවිය.

රැස්වීම ආරම්භයේ මේදිනවල ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණය  සහ 2004 සුනාමි ව්‍යසනයෙන් විපතට පත් වුවන් සිහිපත් කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය.

පැමිණසිටි සියලුදෙනා පිළිගනිමින් කතාකළ බුද්ධි වීරසිංහ  මහතා දෙසුමක් කළේය. බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්හට මැතිවරණයේදී ඔවුනගේ ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්තාවක් නොමැතිබව ඇත්තක් වුවත් ශ්‍රී ලංකාවේ ඉන්නා  නෑදෑ හිතමිත්‍රාදීන් සියලුම දෙනා මෙවර මැතිවරණයේදී ඔවුනගේ ඡන්දය පාවිච්චි කිරීම වැදගත් වන නිසා ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කරන ලෙසද  සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියේය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විසින් ඒවා තිබුණ විශේෂ පණිවිඩයක්ද කියවනු ලැබිය.

එක්සත් රාජධානියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති නීතීඥ හර්ෂ කන්නන්ගර,හර්ෂ සිරිවර්ධන, වෛද්‍ය එස්.මුතුලිංගම්,වෛද්‍ය සම්පත් වික්‍රමරත්න, මාධ්‍යවේදිනී මහේෂි කොඩිකාර,ජාතික හෙළ උරුමයේ මහින්ද පෙරේරා උස්හෙට්ටිගේ, මුදිත රොෂාන්, රොෂාන් ඩැනියෙල්, චතුර මල්ලව, ජන හඬ පදනමේ සභාපති ශ්‍රී ලාල් ඩයස් සහ රොෂාන් සමන්ත යන අයද කතා කළහ.

මහාචාර්ය සරත් විජේසුරිය මහතා අන්තර්ජාලයෙන් විශේෂ දේශනයක් ද  පැවැත්වීය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම උදෙසා හැකි හැම අයුරකින්ම සහයෝගය දක්වන ලෙසට සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටි අතර පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත්ද සියලුදෙනා වෙත බෙදාහරිනු ලැබිය.

 

DSC_1150_00017 DSC_1154_00019-(1) DSC_1193_00015

 

 



අදහස් (0)

මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ රැස්වීමක්

කුමාර් Wednesday, 31 December 2014 08:22 AM

මෙයාල ටික දවසකට පෙර මහින්ද මහත්තයාට සහය දෙන බව කියා රැළියක් පවත්තුවානේ, එකපාටටම පාට මාරුවෙලා. දිනන පැත්තට හෝයියා. (හේ)

:       0       0

සුප්රා Wednesday, 31 December 2014 08:29 AM

මේ පාරනම් ලංකාවේ හොදම කාලය ලග ලගම එනවා . (හේ)

:       0       0

සරත් Wednesday, 31 December 2014 10:28 AM

මේ මොන බොරුවක්ද? මේ අයට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ජාතික හෙළ උරුමයේ ශාඛාවක් ලන්ඩනයේත් නැහැ. රජයෙන් වාසි ගන්න ඩබල් ගේම් කාරයෝ ගොඩක් මෙතන ඉන්නවා. සමහරු වාසි නොලබුනහම අමනාප වෙච්ච කට්ටිය. ලන්ඩන් වල අපිනේ දන්නේ මේගොල්ලන්ගේ කෙරුවාව 50 දෙනෙක් වත් හොයාගන්න බැරි පිරිසක්. (බ)

:       0       0

අජන්ත Wednesday, 31 December 2014 10:34 AM

අවශ්‍ය වෙලාවේ ඔබසැමගේ එකමුතුවට පැරිස්වල රටට හිතැති ජනතාවගෙන් ඔබට තුති!.(හේ)

:       0       0

අබේරත්න Friday, 02 January 2015 12:11 AM

ඔය අයට කරන්න පුළුවන් දෙයක් තිබෙනවද? (නි)

:       0       0

අබේරත්න Friday, 02 January 2015 12:16 AM

ඔතන ඉන්න සමහර අය ගැන අපි හොඳින් දන්නවා (නි)

:       0       0

ස්ප්‍රා Wednesday, 31 December 2014 11:49 AM

සරත්, ඔබගේ අදහස් වලට ඉස්තූතියි. (ර)

:       0       0

ප්‍රසාද් Wednesday, 31 December 2014 12:46 PM

හොද වැඩක්. ජයවේවා. (හේ)

:       0       0

වත්සලා Wednesday, 31 December 2014 03:44 PM

මේ රැස්වීම පවත්වපු අයට බොරුවට අපහාස කරන එක හරිම වැරදියි. (ර)

:       0       0

තිවංක Wednesday, 31 December 2014 04:21 PM

සරත් සමඟ මමද එකඟවෙමි (නි)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Wednesday, 31 December 2014 06:53 AM

යහපත් පාලනයක් ඇති, ප්‍රජාතන්ත්‍රවාදය නමට පමණක් සීමා නොවූ, ශ්‍රී ලංකාවක් බිහිකරන්න ඔබත් අදම අධිෂ්ටාන කරගන්න. මෛත්‍රියට අත වනන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site