විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡන්දය ඉල්ලා එන අයට ගස් බැඳ ගහන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නාවුලදී පැවැසීය.
ඔහු එසේ කීවේ නාඋල නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට එක් වෙමිනි.
තමන් ඝාතනය කිරිම සඳහාද මේ වනවිට කොන්ත්‍රාතුවක් ලබාදි ඇතැයි ද පෙරේරා මහතා කිවේය.
‘‘ කිරිවානා සල්ලිය කන්ද ආසන්නයේදි මා ඝාතනය කරන්න සැලසුමි කර තියෙනවා කියලා මට තොරතුරු ලැබි තියෙනවා.මම කියනවා අපි වෙඩි උණ්ඩයට බය නෑ. කව්රුන් හරි ඝාතනය කළොත් දාස් ගණනක් මිනිස්සු ඉන්නවා වෙඩි තියපු එවුන් ඝාතනය කරන්න.
‘මතක තියා ගන්න ගම්වලට කට්ටිය එයි ‘මම ආණ්ඩුවේ හිටියට අනික් පැත්තට යනවා මෛත්‍රිට ඡන්දය දෙන්න කියලා, මම තමුන්නාන්සෙලාට කියනවා ඒ එන එවුන්ට ගස් බැඳලා පහර දෙන්න කියලා.
ජනාධිපතිවරයා මෛත්‍රි අගමැති කර තිබුනා නම් මතක තියා ගන්න මේ ජනාධිපති සටනට එන්නේ අගමැති වරයෙක්.
අපි ලග්ගල ආසනේ සුදානම් කරලා ඉවරයි. නන්දිකඩාල් කලපුවේදි එල්. ටී.ටී.ඊ එක ඝාතනය කරන්න සැලසුම් කළාට වඩා මේ මැතිවරණය සැලැසුම් සහගතව ජයග්‍රහණය කරනවා කියලා මම තමුන්නාන්සේලාට කියනවා‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගස්බඳින මානසිකත්වය ඇති අය තමයි ජනාධිපතිතුමාව පහලට අදින්නේ. (දී)
ඒ කියන්නේ චන්දෙ ඉල්ලන්න මිනිස්සුන්ට තියෙන අයිතිය බොරුවක් (දී)
ඔන්න ප්‍රජතන්ත්‍රවාදය චන්දෙ ඉල්ලන අයට ගස්බැද පහරදීම. (දී)
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියල කවුරුහරි කියන්නකෝ. (ර)
වැඩිය දඟලන්න එපා... තීරණය තියෙන්නේ ජනතාව අතේ... (ස)
දැන් ඡන්දෙ දිනන්න යන්නේ මේ වගේ බෙලෙක් කටවල් ඉස්සරහට දාලාද ? (නදී)
ඉඳල ඉඳල බත් ටිකකුත් කෑවොත් හොඳයි නේද? තණකොළ විතරක් මදි. (ස)
තමුනුත් එනවකෝ ඉල්ලන්න. දෙන්නම් හොඳට (නදී)
මේ දේශපාලනය අවසන් කරන්න කලේ ඇවිත්, මේ වගේ අයට මෛත්‍රී කරන්න ඕනේ , පක්ෂයක් වැඩක් නෑ යහපත් රටක් අපට ඕනේ ,මේ වගේ අය ගෙදර යවන්නම ඕනේ. (ස)
ගස් බලා ගහන කාලේ වැඩි ඈතක නෑ (අ)
ගහන්න ඕනෑ මේ වගේ අයට ඡන්දය දුන් ජනතාවටයි (නි)
මොන ගැම්මක්ද බන්දුල ? ගැම්ම නෙවෙයි මට පේන්නේ ඇම්මක් වගේ. රටක මහජන නියෝජිතයන් කතා කරන හැටිද මේ ? (ස)
මම මේ ඇමතිතුමාව දැක්කෙත් අදයි. පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ද? (ර)
ෆයිල් එක සවුත්තු ඇති. එ්ක බේරා ගන්න ලකුණු දාගන්නවා (නදී)
මේකද ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
ඒ කියන්නේ වෙන කාටවත් ඡන්දෙ ඉල්ලන්න බැරිද? (නි)
කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)
ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ට මෙච්චර හොද බුද්ධියක් තියන බව මීට පෙර දැන් නැහැනේ.(හේ)
මෙහෙමත් බ්රේක් නැති කටවල් ටිකක් නිදහසින් පසු අපේ රටේ මේ ඇහුණාමයි. ඇත්තට වගකිවයුත්තන්ට මේ දේවල් ඇහෙන්නේ නැද්ද. එහෙම නැත්නම් ඇහිලාත් නෑහුනා වගේ ඉන්නවද? (නි)
මේ පාර ගස් බැඳලා ගහන්නද සූදානම? (නි)
මේ වගේ කතා කියන අයම තමයි ගස් බැඳලා ගහන්න ඕනේ.(හේ)
මේකද ප්‍රජාතන්ත්‍රවාදය? (නි)
එහෙම ගහන්න කොහේ තියෙන අයිතියක්ද? (නි)
මෙන්න නියම යුග පුරුෂයෙක්. ජයවේවා! (නි)
ඡන්ද ප්‍රතිඵලය දැනටමත් තීරණය කර හමාරබව තමයි පෙනෙන්න තියෙන්නේ. (නි)
ඡන්දෙ දීපු අයව තමයි ගස් බඳින්න ඕනා. (නදී)
මිනිස්සුන්ට ගහන්න කියලා ප්‍රසිද්දියේ කියනවද මහත්තයෝ (දී)
එතකොට අනිත් පැත්තෙන් ඡන්දෙ ඉල්ලගෙන එන අයට? ගහල ඉවරවෙලා ගස් බදින්ටද? (නදී)
අන්තිමට හැමදේටම වැරදි ආණ්ඩුව. (නි)
මේ රට මෙයාගේ පවුලේ බුදලයක්ද ? (නදී)
මෙන්න අන්තිමේ වටේට ඉතිරි වෙන කට්ටිය. (නදී)
මේ වගේ අයට ඡන්දෙ දෙන අයට ගහන්න ඕනේ (නදී)
මොකද්ද දැන් මේ රටට වෙලා තියෙන්නේ? මෛත්‍රීය ,නීතිය රටෙන් තුරන්වෙලාද? (නි)
මෙයා ගේ අඩවියද මේක , ? ගෙදර කතා කරන භාෂාව හිතා ගන්න පුළුවන්. (නදී)
ඔබතුමා එහෙම කියන එක වැරදියි (දී)
එහෙම මිනිසුන්ට ගහන්න පුළුවන්ද? (නි)
ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරන්න කියල බන්දුල හිතන්නේ අපිට කන් 1000ක් විතර තියනව කියලද මේගොල්ල තුට්ටු දෙකේ කතා කියන කියන වෙලාවට. (නදී)
තමන්ට එන චන්ද අඩු කර ගන්න වෙන මහන්සියක්.මෝඩකම තමා වෙන මොනවද?. (දී)
මෙහෙම මැරයෝද දැන් දෑත් ශක්තිමත් කරන්න ඉතිරි වෙලා ඉන්නේ. (නදී)
දැන් එතකොට මෙයාට තනතුරු දුන්නේ කවුද බන්දුල? (නි)
දැන් එතකොට ආණ්ඩුවේ සමහර උප ඇමතිවරුන්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශ ගැන වගකීම තියෙන්නේ කාටද බන්දුල? (නි)
නියම එඩිතර මන්ත්‍රී කෙනෙක්. මෙතුමාගේ කතා අහන ඉන්නත් ලස්සනයි. කරුණාකර ජනාධිපති තුමාව රැකෙන විදිහට අදහස් දාන්න, මෝඩ අදහස් දාන්න එපා.(ස)
මෙහෙම අයද ජනතා නියෝජිතයින් වෙන්නේ? (නි)
ඇයි ජනතාව මේ විදිහට ප්‍රකෝප කරන්නේ වගකිවයුතු අය. ඉතින් කොහොමද සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට පටු අදහස් දරනවානම්. (ර)
කවදාහරි මේ කට හොඳ නැති ගෝලයෝ ටික වැටෙන්න තියෙන හොඳම අමාරුවේ වැටෙන බව ස්ථිරයි. (නි)
මෙහෙම උප ඇමතිලා ඉන්න එක ආණ්ඩුවට හරි ආඩම්බරයක් වෙන්න ඇති. (ස)
මෙතෙක් බිහි වූ කිසිම ආණ්ඩුවක මේ වගේ කට හොඳ නැති ඇමතියෝ උප ඇමතියෝ සෙට් එකක් ඉඳලා නැහැ. (ස)
මේ කට්ටියව එන මැතිවරණයට කලින් "ෆිනිෂින් ස්කුල් " එකටවත් යවල තනතුරට හරි යන විදියට සිරිත් විරිත් උගන්නල හදා ගන්න . (නදී)
කව්ද මේ පඹය බන් - කන රත්වෙන්න දෙන්න ඕනේ (ස)
මේ හින්දා තමයි අපිට මේක වෙනස් කරගන්න අවශ්‍ය (නි)
කාවද අනේ මෙතුවක් චන්දෙ ඉල්ලන්න ආවට ගස් බැදලා ගැහුවේ..මේවා දේශපාලනයේදී අර නිකන් ගැම්මට කියන කතානෙ..ඕව මේ කනෙන් අහල අනෙක් කනෙන් පිට කරනවා මිසක් කවුරුත් මිනිස්සුන්ට ගහන්න යන්නේ නැහැ ඕව අහල.එච්චර නුගත් මෝඩයෝ දැන් රටේ නැහැ...(දී)
ලක්ෂ්මන් වසන්ත පෙරේරාගෙ මානසිකත්වය ? මැතිවරණය සැලැසුම් සහගතව ජයග්‍රහණය කරනවා කියන්නේ ? (දී)
මේ වගේ උදවිය තනතුරු දීල වටේට තියාගන්න හිතුනේ ඇයි කියල මට නම් තේරෙන්නේ නැහැ. ලජ්ජා නැතිව මේ මගේ උප ඇමති කියල පිටරටක වත් වැදගතෙකුට අඳුන්නල දෙන්න පුලුවන්ද ? (ස)
සැලසුම් සහගතව ඡන්දෙ දිනනවා කියන්නේ චන්ද හොරෙන් දාල එහෙම නෙමේ නේද .............ඔබතුමා කව්ද කියල අපි දන්නේ නෑ....එත් මෙහෙම දේවල් කිව්වම කියන අයගේ මොළ වල තරම අනිත් අයටත් තේරනව.ඊට පස්සේ කියයි ඒ අයම ගහේ බැදගත්ත කියල .....කව්රු ආවත් සාධාරණ ඡන්දයක් තියන්න ඕනි...නිතිය කාගෙවත් අතේ තියෙන්න බෑ.එක නිසා ජනතාව තීරණය කරන්න ඕනි කාටද චන්දය දෙන්න ඕනි කියල. ජනපති තුමනි මෙවන් අය පක්ෂයේ ඉන්නකල් ඔබ තුමාට බුදු සරණයි..... (ස)
මේ කියපු කතාවටනම් මම එකඟ නැහැ මොකද මිනිහෙක්ගේ මුලික අයිතිය නැති කරන්න කාටවත් බැහැ (දී)
දැන් මෙයාගේ ෆයිල් එක නැද්ද අවධානයට යොමු වෙලා. ? ගියපු අයගේ ෆයිල් විතරද මතු වෙලා තියෙන්නේ ? (හේ)
දැන් මේ කාලයේ ගස් ගැන කතාකරන මන්ත්‍රීලා වැඩියි. පක්ෂ ලාංඡනය ගසක් ලෙස පෙන්නුම් කළා නම් ඉවරයි. (නි)
බන්දුලලා වගේ අය මේ වගේ අයට කතිර ගහලා මේ රට මැරයන්ට ආශ්චර්යවත් රටක් කරවනවා. සුබ අනාගතයක්! (නි)
මොනවද මේ කියන්නේ. (ර)
මේ ලියලා තියෙන අදහස් ටික කවුරුහරි වගකිවයුත්තෙකුට පෙන්නුවා නම් කරන්න ඕනෑ දේ තේරේවි (නි)
මේ වගේ "දේශපාලඥයන්" එක්ක ද ජනාදිපති තුමා තමන්ගේ ඉදිරි ගමන යන්න හදන්නේ ? (ර)
කව්රු කොහොම කලත් දුප්පතුන්ගේ දුක දන්න, අසරණයන්ට පිහිටවෙන, දේව හදවතක් ලොවට වඩිවා.!
මේ වගේ අයනේ චන්දෙ ඉල්ලන්නේ? (දී)
බන්දුල පෙරේරා, කට පොඩ්ඩක් පාලනය කරගත්තොත් හොඳයි (නි)
ජනාධිපතිතුමාව නැති කරන්නේ මේ වගේ අයයි. ජනාධිපතිතුමාටත් හොඳයි ඉස්සෙල්ලම මේ වගේ අයගේ හැසිරීම ගැන බලල හිටියනම්. මේ අය නිසා තමයි අපේ රට ලෝකය පුරා කතා හදාගන්නේ. මේ ගොල්ලන් ආණ්ඩුවේ ඉඳන් ආණ්ඩුව විනාස කරන අය. (දී)
මේ තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්නා සමහර ජනතා නියෝජිතයන්ගේ මානසිකත්වය. ඔවුන් හිතන්නේ රට එයාලගේ පුද්ගලික බුදලයක් කියලා. කෙසේද මෙලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානුෂික අයිතීන් තහවුරු වන්නේ. මේ වගේ අය නිසා තමයි අපේ රටට විදේශ බලපෑම් ඇතිවන්නේ. (නි)
ඡන්ද කන්නේ මේ වගේ අය තමයි. මේ ගොල්ලෝ ජනාධිපතිට තියෙන්න ඡන්දත් නැති කරනවා මේ වගේ කථා හින්දා (නදී)
කියන කතා වලට තමයි ගස් බැඳලා ගහන්න ඕනේ. ඔබ තුමා කැමතිද ඔබතුමාට මිනිස්සු ගස් බැඳලා ගහනවට (නදී)
මහත්තයෝ, මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කතා කියන්නේ ඇයි.? (ර)
මෙන්න මෙයාව ඊළඟ ගස් භාර ඇමති තනතුරට පත් කරනවා නම් අපි හරි කැමතියි. (නදී)
":අපි ලග්ගල ආසනේ සුදානම් කරලා ඉවරයි. " ඒ කොහොමද? මොකක්ද මේගොල්ලෝ ජන්දේ වෙලාවට කරන්න අර අඳින්නේ. මේ වගේ උදවිය ඉන්නකම් මහින්ද මහත්තයට ලොකු වෙහෙසක් දරන්න වෙනවා දිනන්න. (ර)
අර ගමේ කට්ටිය මොකද කියන්නේ. (ර)
ජනාධිපතිගේ නියම අඩි පාරේ යන අය. (අ)
ජනපති තුමනි, ඉහතින් දැක්වෙන ජන මතයන් අනුව ඔබතුමාටම වටහා ගන්ට පුළුවන් වේවි ඔබතුමා වටේ ඉන්න සමහර අයම ඔබට අභාග්‍යය ගෙන දෙන හැටි. 'විධායක බලතල' යොදවා හරි ඔය වගේ අයව මට්ටු නොකලොත් නම් ඔබ තුමාගේ අනාගත පැතුම් ගැන අවිනිශ්චිත බවක් අපිට හැඟෙනවා. (නදී)
මෙයාල ලෑස්ති වෙන්නේ මේ පාර ඡන්ද මංකොල්ලයක් කරන්න වගෙයි මේ කතාවෙන් කියවෙන්නේ ? එ් විතරක් නෙවෙයි , මේක යුද්දයක් වෙයි ? (නදී)
පිස්සුද අනේ, ඔයාලාට විහිළුවක් වත් තේරෙන්නේ නැතිද? (නදී)
වැරදි පණිවිඩයක්. (නදී)
ගස් ගෙම්බෝ මෙහෙම කියනවා. (ස)
ඒ කියන්නේ මෙයාගේ සහයත් එම්.එස්.ට. (නදී)
කාගේදෝ හොඳ සුවච කීකරු ගෝලයෙක් වගෙයි. (නදී)
මේ වගේ අයට ඡන්දෙ දීපු අයට ගස් බැඳලා ගහලා දිමි ගොටුවකුත් කඩලා ඇඟට දාන්න ඕනෑ. (නදී)
ඔය කියපු කෙනා නීතිඥයෙක්. ගස් බැඳලා ගහන එක නීතියට පටහැනි නැති බව දැන් දැන් ඔප්පු වෙනවා (නදී)
පක්ෂ, පාට බේදයකින් තොරව පුවතට අදාළ ඉතාම බුද්ධිමත් පාඨක ප්‍රතිචාර ලැබී තිබෙන ලිපියක්. මෙවැනි මත ප්‍රකාශ කරන දේශපාලකයින් සිටින තුරු පක්ෂයකටවත්, පක්ෂ නායකයෙකුට හෝ රටේ ජනතාවට වත්, අගතියක් මිස සුගතියක් නම් නැත. (නධී)
මේවගේ මන්දබුද්ධිකයෝ හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව වෙනම ග්‍රහාලෝකයක් කියලද?මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහානය ස්ථිරයි(අ).
ඔබ අපිට මොනදේ කලත් අපි ඔබට මෛත්‍රී කරමු. (නදී)
මෙන්න නියම දේශපාලන සුදුසුකම තියෙන මිනිහෙක් , විරුද්ද පාක්ෂිකය ඡන්ද ඉල්ලන්න ආවම ගස් බඳින්න , මරන්න , ගහන්න උපදෙස් දීම තමා නුගත් මැර දේශපාලකයන් දෙන අවවාදය (අ)
කව්ද මේ වගේ අයට ඡන්දේ දෙන්නේ ? (නදී)
ගස් තියෙන ගෙවල් වලට නම් යන්න එපා. ඔන්න කිව්වා. එල්ලුම් ගස් ලංකාවේ නෑ පැටියෝ. බඳින ගසුත් කපලා පැටියෝ.(අ)
ගස් තියෙන ගෙවල් වලට නම් යන්න එපා. ඔන්න කිව්වා. (ර)
මෙයා විතරක් නෙවෙයි තව කට හොඳ නැති උදවිය ඉන්නවා. අර සත්තුන්ගේ නම් වලින් මහජනතාව අමතන කෙනා, උපවාස කටයුතු භාර කෙනා ඇතුළු හැමෝටම කටට බ්රේක් දාගන්න කියන්න. බැරි නම් අඩු ගානේ අවස්ථාවේ හැටියටවත් මොලේ ඇතිව හිතලා කට පියාගෙනම ඉන්න කෙනෙක් හරි ඒ තනතුරු වලට පත් කරන්න. (නදී)
මේ වගේ කයිවාරු ගහපු අය, එ් වගේම ගස් බැදල ගහපු අයට අද මොකද වෙලා තියෙන්නේ. හෙට අනිද්දා වෙනකොට ඔය ඇමති පට්ටම් දාල යනකොට ඔය කයිවාරු නැතිවෙයි. අද රටේ නීතිය බල්ලට ගිහිල්ලා. හරි නීතියක් තියෙනවා නම් ඔය වගේ මෝඩ කතා කියයිද ? (නදී)
ජනාධිපතිවරණයත් තියෙන නිසානේ විරුද්ධ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන්න එන්නේ. කතරගම දේවාලේ බස්නායක නිලමේ තෝරන ඡන්දෙ නැති කළා වගේ මේකත් නැතිකරලා මැරෙනකම් ජනාධිපති කියල පාර්ලිමේන්තුවේ 2/3 පනතක් සම්මත කරගත්තා නම් කවුරුවත් ගස් බදින්න ඕනේ නෑ. (නදී)
ඔයාලටම ගිය රටනේ .ගස් බදින්න ,මරන්න ,අතුරුදහන් කරන්න ,ඔයාලට ජයම වේවා .(අ)
මේ වගේ අයව තමයි ගස් බැද ගහන්න ඕනා (නදී)
වසන්ත මහත්තයෝ ඔයා දිනුව හැටි මම දන්නවා. මොකද ඔයා ඔච්චර බය වෙලා දගලන්නේ. ඔයාටත් ෆයිල් එකක් තියෙනවා නේද ? (නදී)
හරියට නන්දිකඩාල් සටන සැලසූම් කළ කාලේ සටනට සහභාගී උනේ මේ වගේ. මුළු ලග්ගල ආසනේම ඉන්නේ මෙයාගේ අතවැසියන් වෙන්න ඇති. මේ වගේ අය හැම පක්ෂයකම ඉන්නවා. (නදී)
මිනිස්සු ගහලා ගස් බඳින්න ඕනේ මේ වගේ හෙන්චයියෝ තමයි. රටකට ගිය කල. (නදී)
මෝඩ කතා, ගස්බදින්න ඕනේ ඔය කියන පාලකයන්ව...ජරා කතා ..ලස්සන සිංහල භාෂාව මරා දමන නුගත්තු.(අ)
ආදර්ශමත් ඇමැතියෙක්නේ මෙයා. ඔන්න ඕක තමයි තත්වෙ අද අපේ දේශපාලනයන්ගේ. (නදී)
ඔන්න මේගොල්ලන්ගේ සංස්කෘතිය, අන්තිමයි. අැයි තමන් කැමති පක්ෂයකට යන්න බැරිද ? මතක තියාගන්න මෛත්‍රී මැතිතුමා දිනනවා. පොදු අපේක්ෂක තුමනි, ජයශ්‍රී , ඔබට ජය වේවා (නදී)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හොද නායකයෙක් රට සංවර්ධනය කරනවා. හැබැයි දිවංගත මොන්ටි ගොපල්ලව මැතිතුමා වැනි නායකයන් නායකත්වය දුන් ලග්ගලට මේ වාගේ එතනොල් කාරයෝ දාලා මොනවද කරන සංවර්ධනය, අරක්කු විකුනලා හොයන සල්ලිවලින් මුලු මාතලේම ඉඩම් අරගෙන කට මැද දොඩවනවා. හැබැයි මේවාට වැඩි ආයුෂ නෑ. දෙවියෝ කියලා කොටසකුත් බලාගෙන ඉන්නවා. ජනතාව දැන්වත් තේරැම් ගත්තොත් හොදයි. නැත්නම් රටට දෙවියන්ගේ පිහිටයි. (අ)
මෛත්‍රී අවොත් සමහර දේවල් ගේන්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දයි මෙහෙම කියන්නේ ? (නදී)
අරවගේ බලේ තමයි පෙන්නන්නේ (නදී)
මාතලේ එන්නකෝ ඊළග පාර ඡන්දේ ඉල්ලගෙන. (ර)
මෙයා මේ දුටුගැමුණුගේ මල්ලි සද්ධා තිස්ස වෙන්න හදනවද මිනිස්සුන්ව ගස් බඳින්න යන්නේ. ඔය විදිහට නම් දිනන්න හිතන්නේ බටහිර රටවල් අපිට විරුද්ධ වෙන එකට පුදුම වෙන්න බෑ. ඡන්දය කියන්නේ මොකද්ද කියල දැනගන නෙවේ වගේ ඡන්දය ඉල්ලලා තියෙන්නේ. (නදී)
ශ්රී ලංකාවේ පවතින නිතිය මේක තමයි. ලංකාව ගමන් කරන්නේ ගල්යුගයට නේද ? ඉවසුවා ඇති හරි තීරණේ ගන්න. (නදී)
ඕන් රටේ හැටි නේද? (අ)
චාමික කියනවා වගේ ලංකාවේ මානව හිමිකම් තියෙනවද? මෙයා ගැනත් ගොඩක් අය දන්නවා. (නදී)
ඔබ තුමාගේ ගුවන් විදුලියේ සෝදිසිය මම ඉතාමත් ප්‍රිය කරනවා. ඒ තුල කල වැඩසටහන් දෙකකින්ම ප්‍රචන්ඩත්වය පිටු දකින ආකාරය මැනවින් අවබෝධ කොට දුන්නා. නමුත් ඔබ තුමාගේ මෙවන් අදහස් එයට සම්පූර්නයෙන්ම ප්‍රථිවිරුද්ධයි (නදී)
දැන් මහින්ද මහත්තයට ඉතිරි වෙලා ඉන්නෙ මේ වගේ අය තමා. මම නම් හිතන්නෙ විපක්ෂයෙන් වැඩිපුරම සල්ලි ගෙවන්න ඕන මෙන්න මේ වගේ අයට. මහින්ද ට වැඩියෙන්ම වින කපන්නෙ මෙයාලනෙ. (අ)
බලෙන් ඡන්ද ගන්න හදන්නේ ඒවා කොහොද අපිත් එක්ක.(හේ)
ඕව අහන එක මොඩයක් මේ රටේ ඉන්නවා ඒ බන්දුල (ස)
බලය නුගත්තු වටා ඒකරාශි වුනාම ලැබෙන ප්‍රතිපල මේවා තමයි බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ අවදානය පිණිසයි.(හේ)
මන්ද බුද්ධිකයෙක්! (අ)
ආ එහෙමද ඇමති තුමා පොඩ්ඩක් ඉන්නකෝ 8 වෙනිදා වෙනකන් අපේ අතින්ම ගහේ බැදලා දෙන්නම්කෝ.(හේ)
ඊලගට එයා එළියේ තමයි.තියෙන ඡන්දත් දැන් නැති වෙයි.(හේ)
අපිත් පොදු පෙරමුණේ තමයි. මොන නීතිය යටතේද, මොන බලය යටතේද මෙයා මෙහෙම කතා කරන්නේ? අපේ ජනපති මහින්ද රාජපක්ෂ තුමන්ට කරන බරපතලම නිග්‍රහයක් මේක. වහාම ආණ්ඩුවෙන් ඉවත් කල යුතුයි. නැතිනම් ජාතියෙන් සමාව ගත යුතුයි. මෙහෙම ගියොත් අපේ රට නවතින්නේ කොතනින්ද? (දී)
මේ මිනිස්සුන්ව ගස් බදින්න ඕනේ.(හේ)
නුගත්කම ද, මෝඩකම ද, දුෂ්ඨකම ද, විලි ලජ්ජා නැතිකම ද, අනේ මන්ද? මේ නම් චන්ඩියෙක් යුද්ධයකට වගේ සැරසෙන්නේ. (දී)
අපේ කතිරෙන් ඔතනට ඇවිල්ල අපිව ගස් බදින්න හදන්නේ ඊළගට අපි ගහන කතිරෙන් බෙල්ලේ වැලදාගන්න ගහක අත්තක්වත් නැති වෙයි.(හේ)
මෙන්න නියම ප්‍රජාතන්ත්‍රවාදය.!!! (දී)
නීතිඥයෙක් කීවට කතා කරපු නඩුවක්වත් නෑ ලියපු ඔප්පුවක්වත් නෑ. (ස)
මේ වගේ දේවල් කියද්දි ඡන්දය ලැබෙයිද?(හේ)
පිස්සු චරිතයක්. කතාවෙන්ම තේරෙන්නද්ද මානසිකත්වය .. බොරු ප්‍රචාර ඇරලා අර හොඳ මනුස්සයට කැත නමක් හදන්න දඟලනවා.(අ)
මම පක්ෂ භේදයකින් තොරව කතා කරන්නේ, ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය කියවලා බලන්න්න එහි ඇති බැරෑරුම් අරුත් ? මෙවැනි කථා මහජනය අමතා කිරීම නම් හරිම නින්දිතයි, මෙය මහජනයා නොමග යවා තව තවත් ම්ලේච්චයන්, තක්කඩියන් බිහි කරන පෙර දැක්මක්. මෙවැනි නුගත් අසෝබන පුද්ගලයන්ට අමාත්‍ය දූර දීමේ ප්‍රතිපලය මෙයයි. මැරයන්ගේ පිරුණු අප වැනි රටක මෙවැනි නොමනා මැති ඇමති වරුන් රටකට දෙන ආදර්ශය මෙයද ? (අ)
බලමුකෝ කියන විදියට කරන්න පුළුවන්ද කියලා.(හේ)
පෙනෙනවානේ මේ අයගේ ප්‍රජාතන්ත්‍රවාදය,මෙවැනි අය පාර්ලිමේන්තුවට යැවූ පුද්ගලයන් පිලිබදව අපි කනගාටු වෙන අතර බොරු වීරකම් පෙන්වන්න තමයි ඔය ඝාතන කතා කියානේ කවුද මේ වගේ හිස් මිනිසුන්ව ඝාතනය කරන්න හදන මෝඩයෝ මේ අයව ඝාතන කළා කියලා මොනවද ලැබෙන්නේ මේ අය සන්ධානය තුල ඉන්නකම් ආයේ වෙන මොනවත් කරන්න ඕන නැහැ සන්ධානය පරද්දන්න නියෝජ්‍ය ඇමතිකමෙන් ඇමතිකමක් ලබාගන්න තමයි මේ නන්දෙඩවිලි . (අ)
මේක කියන කෙනාව තමා ගස් බැඳලා ගහන්න ඕනේ (අ)
මෙයාට ඡන්දෙ දුන්නේ කව්ද ? (ස)
මේ වගේ අය ආයෙත් ඇමතිවරු කරන්න අපිනම් අපේ ඡන්දෙ පාවිච්චි කරන්නේ නෑ. අපේ ඡන්දය හැකර කටවල් වලට නෙමේ පරිනත ඔලු වලටයි. මෙයාට ගස් බැදලා ගහමුද? (නදී)
මෙයා ගැන තමා ජනක බණ්ඩාර ඇමතිතුමා පාර්ලිමෙන්ට් එකේ කිව්වේ (ස)
මේක ජනතා අයිතියයි.ඡන්දය ලබා දීම ජනතාව සතුයි.(හේ)
ජනාදිපති තුමනි , මෙයාලට කියන්න කට පරිස්සම් කරගන්න කියලා . ඔහේ දොඩවන්නේ නැතුව.(හේ)
එතනෝල් වල හයියෙන්ද ගස් බදින්නේ (නදී)
මේ වගේ අය හින්දා තියෙන ඡන්දත් නැතුව යනවා .(හේ)
ඒක මහජනයාගේ කැමැත්තයි.(හේ)
ආණ්ඩුවේ අයට මොනවා හරි කිව්වොත් බන්දුලට හරිම අමාරුයි. ගස් බැඳලා ගහන්න මිනිස්සු බල්ලෝද? එන්න බලන්න ගහන හැටි පෙන්නන්න. (නදී)
මේ මනුස්සයා දැක්කෙත් අදමයි. මෙයාට කියන්න ඕන බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ කියලා (නදී)
නමුත් අපි ඉන්න මේ ලංකාවේ තව ගොඩක් දෙනෙක් මේවා අනුමත කරනවා. එක තමයි දුක හිතෙන ඇත්ත.(හේ)
මේක ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.(හේ)
අනේ අපට විනය උගන්වන්න එන්න (නදී)
රන්ජා! ඔබ කියන විධියට "ජනාධිපතිතුමාව නැති කරන්නේ මේ වගේ අයයි" කියන දේ නොවෙයි සත්‍යය. ඇත්තෙන්ම සිදුවේ තිබෙන්නේ වැපුරූ ඇටවලින් හටගත් වල් පැලෑටි තමයි මේ ගොල්ලෝ. මර්වින් සමෘද්ධි නියාමක ගස් බැඳලා පෙන්නුවෙත් ඒ ආදර්ශයමයි. ඒ වැඩේට මර්වින් ට උසස්වීමකුත් ලැබුනා. (නදී)
මේක ප්‍රජාතන්ත්‍රවාවාදී රටක්. මිනිස්සු ඕනි කෙනාට ඡන්දේ දෙයි. වැඩිය දඟලන්න එපා. (ස)
නියම ආදර්ශමත් නායකයෝ.මෙහෙම අදර්ශ දුන්නොත් හොදට තියේවි (දිල්)
ඕකට තමයි කියන්නේ ඇතිදා සීනි නැතිදා ගෝනි කියලා ඔබතුමා ඉන්නකම් සර් සර් කිය කිය පස්සෙන් ගිහින් දැන් කියනව ගහන්නලු කවද හරි ජනතාවටත් ඔහොම තමයි කියන්නේ(දිල්)
බන්දුල පෙරේරා නමින් මේ පිටුවට ලියන්නෙ මේයාද ? (නදී)
එතුමා කියන්නේ එතුමාගේ නම විකුණලා ඡන්දෙ ඉල්ලන්න අවොත් ගස් බන්දින්න කියලා(දිල්)
ජනාධිපති මාමේ මේ ගොන් රැල කලින් පැන්නුවනම් මෛත්‍රී වගේ කෙනෙක් යන්නේ නෑ . ඔය රැළක් එක්ක ගියොත් අනාගතය ඔබේ (ස)
අතේ පිරිත් නූල් 60ක් විතර බැදගෙන හිටියත්, කියන්නේ ගස් බදින කතා. (නදී)
ඡන්දෙත් නැතිවෙන මහා මෝඩ කතාවක් ..ඔහොමකියන්න එපා..(ස)
අනේ මෙයාට මේකේ තියෙන කමෙන්ට්ස් දැකලා හෝ වැදගත් විදියට දේශපාලය කරන්න පුලුවන්නම් දැන් ආණ්ඩුවට නොලැබී යන්නා වූ ජන්ද ප්‍රමාණය යම් පමණකින් හෝ වලක්වා ගත හැකි වේවි (නදී)
ඕකට ඉතින් ලොකුතැන් වලිනුත් කියාවි මේ ප්‍රකාශය වැරදියි කියලා. නැතුව වෙන දඬුවමක් නැහැ. නාවුලට කැලේ නීතිය ගේන නියෝජිතයා මෙයා වෙන්න ඇති. (නදී)
ලංකාවේ හැටි මෙහෙමද? (නි)
කෙනෙකුට අපරාධ වරදක් කිරීමට උපදෙස් දෙන්න මන්ත්‍රී කෙනෙකුට පුලුවන්ද?මේ වගේ ආවේගශීලී කතා වලින් මිනිස්සු එකිනෙකා කොටවන එක මහා පාපයක්. අන්තිමට තමන්ගේම ගමේ අහල පහල මිනිස්සු මරා ගන්නවා. මේ අවස්ථාවේ කළ යුත්තේ ගිනි ඇවිලීම නොව ගිනි නිවීමයි.(හේ)
එයා කවුද කියලා අපි හොඳට දන්නවා (නි)
අනේද කියන්නේ !!! (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
මේ කතාවෙන් වෙන්නේ ළග ඉන්න පාක්ෂිකයොත් යන එක විතරයි.(හේ)
මේ වගේ අයටනේ මිනිස්සු ඡන්දය දෙන්නේ? (නි)
ජනාධිපතිට අන්තිමට ඉතුරුවෙන්නේ මේ වගේ අය ද?(හේ)
ඔබතුමා කැමතිද මිනිස්සු ඔය දේ ඔබතුමාට කරනවට ඔබතුමාලා රට හදන්න පාර්ලිමේන්තුවට යන්නේ ඕවා උගන්නද?(හේ)
මෙයා හිතන් ඇති මෙයා කියන දේවල් කරන්න අපි ගොන්නු කියලා. ඔය කව්රු ගැනත් අපි හොඳට දන්නවා (නදී)
කුඩු රටට ගෙන්වන්නේ සිමෙන්ති කොට්ට ගොඩබානවා වගේ.එහෙත් ගෙනා කෙනෙක් නැහැ.අල්ලා ගන්නවා.එහෙත් අල්ලාගත් ඒවට වෙන දෙයක් නැහැ. (නි)
නුසුදුස්සන් වටා බලය ඒකරාශි කිරීමේ වරදට සමස්ත ජනතාවම වන්දි ගෙවිය යුතුය. (නි)
දැන් දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)
මේ වගේ අය තමා දැන් ඉතුරු වෙලා ඉන්නේ.(හේ)
ඔය මොනවා කිවුවත් අන්තිමට ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ මිනිස්සු පමණයි. (නි)
මෙහෙම කට්ටිය තමයි දැන් දේශපලනයේ ඉන්නේ. අනේ රටකට ගිය කළ.(හේ)
රට කොහේටද මන්දා යන්නේ? (නි)
ඔය කතාකරන්නේ එතනෝල් බලයෙන්ද (නදී)
මෙයාල හිතාගන ඉන්නේ හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා. බලමුකෝ ජනවාරි 8 වෙනිදායින් පස්සේ මොකද වෙන්නේ කියලා. (නදී)
නීති ගරුක රටක නම් මෙයා ඉන්නේ මහගෙදර කම්බි කූරු ගණන් කර කර. කොහෙද අපේ රටේ නීතියක් කියල දෙයක් තියෙන එකක්ද? (නදී)
ගල් ගහල මරන්න ඕනි (නදී)
මේ බන්දුල පෙරේරා කියන කෙනාගේ කඩේ යාමේ ඉවරයක් නැහැනේ. මෙන්න මෙයාට ගහන්න කෙනෙක් නැද්ද?? (නි)
චන්දෙ ඉල්ලන්න එන මිනිස්සුන්ට ගස් බලා ගහන්න කියල මිනිස්සු උසිගනවල, ජාත්‍යන්තර සංවිදාන වලට මැදිහත් වෙන්න පාර හදල දෙන්නේ නුගත් අය තමයි. ඊට පස්සේ කොහෙවත් ඉන්න අයට බනිනවා කුමන්ත්‍රණකාරයෝ කියල. (දී)
රටකට නීතියක් කියලා නැද්ද (දී)
මිනිස්සු දෙන චන්දෙත් නැති වෙනවා ඔහොම කියුවහම (දී)
මේ මෝඩ දේශපාලුවන්ට ඡන්දේ දුන්න අයට එහෙම කළාට කමක් නෑ.(හේ)
මොන හයියක් අරන්ද එහෙම කියන්නේ (දී)
අනේ ඇත්තට, ලැජ්ජා නැතුව අර කට්ටිය මෙයාගේ කතාව අහගෙන ඉන්න හැටි. (නි)
මේවා මිනිස්සු තේරුම් ගන්න ඕනේ (දී)
කතිරය ගහපු අයට අත කපාගන්න හිතෙනවා ඇති මේවා අහලා. (නි)
කවුරු හරි චන්දෙ ඉල්ලුවහම ගස් බඳින ඕනෙද (දී)
අර සාක් සමුළුවට එක්ක යන්න තිබුනේ මෙන්න මේ වගේ උදවිය තමයි කථිකයෝ හැටියට. මෙයා එතැනත් ගිහින් ඉන්දියන් අගමැතිවත් ගස් බඳින්න කිව්වේ නැති නම් මම සභාවේ ඔලුවෙන් හිට ගන්නවා. (නදී)
මිනිස්සුන්ට ගස් බැඳලා ගහන්න මිනිස්සු උසි ගන්නන්නේ මොකද මහත්තයෝ ඕකද ප්‍රජාතන්ත්‍ර වාදය (දී)
මේ වගේ මිනිස්සුන්ට ඡන්දේ දුන්නේ මොන වගේ කට්ටියද (නදී)
මෙහෙම චන්ද කරන්න පුළුවන්ද (දී)
ඕකට තමයි කියන්නේ බුද්දිමත් මිතුරා හොඳයි මෝඩ මිතුරාට වඩා කියලා (නදී)
කුඩු ගෙන්නන එතනෝල් ගෙන්නන අයට ගස් බැඳ ගහන්න හිතෙන්නේ නැද්ද ඔබතුමාට (දී)