(දයාරත්න ඇඹෝගම)

මත්කුඩු අලෙවි කිරිමේ චෝදනා මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා  සිටින මිතුරාට කෑම පාර්සලයක් තුළ දමා හෙරොයින් සහ අයිස් වර්ගයේ මත්කුඩු රැගෙන ගිය මිතුරෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,ජයසිරිපුර පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාද මත්කුඩු අලෙවි කිරිමේ චෝදනා මත බන්ධානාගාර ගතව සිට පසුගියදා ඇප මත නිදහස්වු අයෙකු බව පොලිසිය පැවසිය.