(අංජුල මහික වීරරත්න)
මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
සෝදා පිරිසිදු කර නියමිත ප්‍රමිතියට සකස් කරන මුහුදු වැලි ජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙස ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී දුන්නේය.
මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි පොම්ප කිරීම සිදුකරනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට ....කළු ගල් වලට විකුණා කමු සීගිරිය.....රටේ සම්පත් විකුණනව හැරෙන්න මේ ආණ්ඩු කිසිදෙයක් දන්නෙ නෑ.අද ගංගා වලින් වැලි කොච්චර ගොඩදානවද.මනම්පිටියට ගිහින් බලන්න මහවැලි ගඟට වෙලා තියෙන දේ.හයිවේ හදන්න කළු ගල් කඩන්න කඳු කීයක් බිමට සමතලා කළාද.පතල් හාරල රත්නපුරේ පෙනේරයක් වෙලා තියෙන්නෙ.