වසර ගණනාවක සිට දැන හඳුනන අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ හදිසි අභාවය පිළිබඳව අසා දැඩිලෙස ශෝකයට පත් වූ බව විපක්ෂ නායක සහ දෙමළ ජතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා කියයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගුණවර්ධන මහතා විවිධ අමාත්‍ය ධූර හොබවා ඇති බවත්, දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී, එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කළ බැවින් ගුණවර්ධන මහතා සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නැගුණු බවත් සම්බන්දන් පවසයි.
එතුමා මෑත කාලයේදී රටේ සිදුවූ දේශපාලන වෙනස්කම් සම්බන්ධයෙන් අද්විතීය දායකත්වයක් දැක්වූ දේශපාලනඥයකු බව ද, සෑමවිටම ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළ බව ද සම්බන්දන් මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරන් සිංහල මිනිස්සු මරනකොට නම් දුක හිතුනේ නැහැ නේද ඉස්සර..? දැන් ඒවා සිංහල මිනිසුන්ටත් මතක නැති හැටි.... (නි)
පසුගිය ආණ්ඩුවේ හොර අල්ලනවා කියලා කියපු යහපාලන ආණ්ඩුව හැසිරෙන ආකාරයෙන්ම මෙය හොඳ හැටි ඔප්පු වෙනවා .(හේ)
ඔහොම තමයි සම්බන්දන් මහතා 60 - 70 පැන්නම ඔය කාට කාටත් යන්න වෙනවා ඒක දැනගෙන ජීවත් වෙන එක තමයි හොඳ (හේ)
වර්ගවාදය අවුලුවල නූගත් මිනිස්සුන්ගේ ඡන්දය කඩාගන්න ගොඩක් දෙනා පාර්ලිමේන්තුව ඇතුළෙදි වගේම පෞද්ගලිකවත් ගජ මිතුරෝ බව අපි දන්නවා ලොකු උන්නැහේ (බ)
දේශපාලුවන් පාර්ලිමේන්තුවෙන් පිට කරන රඟපෑම් වලට රැවටෙන සාමාන්‍ය මිනිස්සු දේශපාලන පක්ෂ බදාගෙන රණ්ඩු වෙනවා. නමුත් පාර්ලිමේන්තුවට ගිය එවුන් තුල පක්ෂ භේද නැහැ,හැමෝම හොඳ හිතවතුන්. පිටදී රඟපෑම් කරන්නේ බලය සහ මුදල් වෙනුවෙන් ජනතාව රවටගන්න.(හේ)