ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යැවූ ලිපිය මාධ්‍ය මගින් යළි යළි ප්‍රචාරය කිරීමෙන් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වයට අගතියක් විය හැකි බැවින් එම ලිපිය යළි යළි ප්‍රචාරය අත්හිටුවන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා ගුවන් විදුලි සංස්ථාවට ලිඛිතව දන්වා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා අද (14) ඊට පිළිතුරු සැපයුවහොත් කළින් ලිපියට දුන් ප්‍රචාරය ඊට ද දෙන ලෙස ඔහු එම ආයතන වලින් ඉල්ලයි.
ඔහුගේ ලිපියේ පිටපත් සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වෙත ද, ජනමාධ්‍ය අමාත්‍යංශයට ද යවා ඇත.
මැතිවරණ කොමසාරිස්ගේ ලිපිය මෙසේ ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාට ඔය ආරක්ෂාව දෙන්න වුනේ ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කරන්න මුල්වුන නිසා. ඒ ටික නොකරානම් අද ඔය ආරක්ෂාව දෙන්න ඕනත් නැහැ, අපිටත් දෙයියනේ කියලා නිදහසේ බෝම්බ පාරක් කාලා මැරෙන්න තිබුණා. නැද්ද මං අහන්නේ. (අ)
එක නම් ඇත්ත. නමුත් ඒ කාලේ මාධ්‍ය භාවිතය මතක අය දන්නවා ඉතින්.(නදී)
අැත්ත තමා මොකටද මහින්දට එවපු ලියුම සැරින් සැරේ දාන්නේ ? (නදී)
මේවගේ දේවල් වලින් මහින්දවත් ජන්ද දායකයෝවත් වට්ටන්න බෑ.(ම)
නිතීෂා, ඔබ එජාපෙ නම් සතුටු විය යුතුයි. මේ වෙනස තමයි රටට අවශ්‍ය. (බ)
ඔය ලියුම හදල තියෙන්නේ මංගල සිරිකොතේ ඉදන් ජනාධිපති හරියට ගලේ පහ කරපු බළලා වගේ. රනිල් කියන කියන එකට හෝයිය කියල ශ්‍රී ල නි ප ය රැක ගන්නවලු. මේ වගේ තුප්පහි දේශපාලකයෝ රටට වැඩක් නැහැ. රටේ දියුණුවට කරන ඉදිරි වැඩපිළිවෙළවල් නැහැ. ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ කබා ගුලි හොයන එකයි කරන්නේ. ඒ ජා ප යත් ජ වී පෙත් ශ්‍රී ල නි ප කොටසකුත් එකම වල්ලේ පොල්. (බ)
ඇත්ත , හොදා-හොදා මඩේ දැමීම හොඳ නැත (ම)
ස්මිත් ගේ චුටි මොලේට රජාගේ පිළිතුර තේරේවිද මන්ද (බ)
අපට අවශ්‍ය වූ සෑබෑ වෙනස. (අ)
ඒ කියන්නේ ඒ ලියුමෙන් එයාට අගතියක් වෙනවා කියල එයා මැකෝට පැමිණිලි කරලා තියෙනවා අපිට හොරෙන්. (නදී)
බලාගෙන කේන්ති යයි (නදී)
ඈ ! ඒ කාලෙත් විරුද්ද පාක්ෂිකයන්ගේ ප්‍රකාශවලට රාජ්‍ය මාධ්‍යවලින් ප්‍රසිද්දිය දුන්නද ? බොරුවට දොඩවන්න එපා. (නදී)
පසුගිය ජනාධිපතිවරණයේදී නම් මේ වගේ දේවල් සිදු වුණේ නෑ.(ම)
පවා දෙන්නෝ එදත් හිටියා අදත් ඉන්නවා ඉදිරියේත් ඉන්නවා.(නදී)
මහින්ද අගමැති වෙනකල් බලන් ඉන්න එපා (බ)
ඇසල මහත්තයට හොඳටම රිදිල වගේ නේද. (නදී)
එතකොට එතුමාට දීල තියෙන ආදී ආරක්ෂාවෙන් වෙන බලපෑම් වලින් අනිත් අපේක්ෂකයන්ට අසාදාරනයක් නැද්ද? (අ)
අපේක්ෂයකුට ජනාදිපති මේ වෙලාවේ ඔය විදහට ළියුම් ලියන එක කැත වැඩක් පක්ෂයක අභ්‍යන්තර ප්‍රසන ඇතුළෙ විසඳගන්න ඕන , කාගෙවත් කීමට හිටපු නායකයට ඔහොම කියාන එක මම පිළිකුලෙන් හෙලා දකිනවා , (අ)
ඒකීය රටක් වෙනුවෙන් මහින්ද දිනවන්න. (අ)
මම ඒ ජා පෙ නමුත් මට සතුටුයි රටේ දැන් ඇතිවෙලා තියෙන මේ තත්වයට. මේක තමයි ඇතිවුන පැහැදිලි වෙනස. (අ)
බුද්දිමත් ජනතාව නිසි පිළිතුර දෙයි 18 වෙනිදට (නදී)