තමා සහල් සඟවාගෙන සිටින්නේ නම් ඕනෑම අයකුට ඕනෑම වේලාවක තම මෝලට පැමිණ පරීක්ෂා කළ හැකි යැයි පොළොන්නරුවේ අරලිය සහල් හිමිකරු ඩඩිලි සිරිසේන මහතා පොළොන්නරුවේදී අද (28) පැවසීය.
ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකි.තම සහෝදරයා රජයෙන් අස්වු සැණින් වෙළෙද ඇමැති ඇතුළු රජය තමාට එරෙහිව දැවැන්ත මඩ ප්‍රචාරයක් අරඹා ඇතැයි ද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කීවේය.
‘සහල් ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යාපාරිකයෝ තුන්දෙනයි.නිපුන සහල් ව්‍යාපාරයේ සිරිපාල ගම්ලත් නියෝජ්‍ය ඇමැති එක්කෙනෙක්.ලක් සහල් ව්‍යාපාරය ලක්ෂ්මන් වසන්ත පෙරේරා නියෝජ්‍ය ඇමැති තව එක්කෙනෙක්.අරලිය සහල් ව්‍යාපාරය හිමි මා තවත් අයෙක් . මට විතරක් එක නීතීයක් එපා.මා වරදක් කරනවානම් නීතීය ක්‍රියාත්මක කරන්න.බොරු චෝදනා කරන්න එපා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තනේ දැන් තමා හාල්පාරුවන්ට හාල් මතක් වෙලා තියෙන්නේ ගොට්ටේ ඉන්නකම් මොකුත් නැහැ මේවා සහ ගහන අපරාද
මෙන්න බොලේ නොදන්නා දෙන්නේකුගේත් නම් එලියට ආව ..හරියට එලිකලොත් ලංකාවේ හැම ව්‍යාපාරයකම මහා තැන් ටිකේ ඉන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අයයි පවුල් වල කට්ටියයි තමයි .මහා පවුලගේ ජාලය කොහොමට විහිදිලා ඇත්ද ? මට නම් හිතාගන්නත් බෑ. (අ)
ඔය එන්නේ ෆයිල් (නදී)
ඔය එන්නේ ෆයිල් (නදී)
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම දේශ ප්‍රේමී ශ්‍රී ලංකාවාසී පොදු ජනතතාවගේ අපේක්ෂාවයි. බලාපොරොත්තුව මෙන්ම සැබෑ විය යුතුම උවමනාවකි. (නදී)
අපේ ඇමති තුමත් දැන් සින්දු (බයිලා) කියන්න පුරුදු වෙලානේ. හාල් ගැන කියපු සින්දුවත් නරකම නැහැ. පව්, ලංකාවේ බයිලා ගායකයෝ ගැන තමයි අපිට දුක. (බ)
ඒක ඇත්ත.ලොකුම හාල් මෝල තියෙන්නේ ලක්ෂ්මන් වසන්තට.එය විවෘත කළේද මහින්ද ජනාධිපතිවරයායි.ලක්ෂ්මන් වසන්ත තමා හාල් වලින් බියර් නිෂ්පාදනය කරන්නේ.ඒක නිසා තමයි හාල් මිළ මෙතරම් ඉහළ ගියේ. (ස)
ජායා දවල්ද ? (නදී)
මෛත්‍රී පාල සිරිසේන මහත්තයා වැඩ කරන්නේ පවුල් වාදයට විරුද්ධව නව පොදු සටන දිනවන්න නම් එතුමාගේ සහෝදරයා මොනා කළත් අපිට මොකද. (ම)
අනේ මන්දා! (නි)
හොර එතනෝල් කොපමණ තියනවාද කියලාත් බලන්න ඕනෑ. (නි)
මෙතෙක් කල් හාල් වලට එක එක වෙනස් කම් කලේ මල්ලි ගේ නිසා වෙන්න ඇති නේ , හොද පිළිතුරු ලබෙයි 08 වෙනිදා, හිතන් එන්නේ ජනතාව තවම නුගත් කියල (අ)
කොහොමහරි ඔයාලා නිසා අපිට සහල් මිල අඩු වුණා. ඔබලාට ජය වේවා! (නි)
අන්න නියමයි! (නි)
ආණ්ඩුවේ ඉන්නකම් හොඳයි. දැන් තමා වැරදි. අපේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ (නදී)
ඕව ඔහම තමා. තව ටික කාලයක්නෙ? (අ)
සහල් තොග හොයන්නේ බියර් හදන්ඩ ගන්ඩද දන්නේ නැහැ . (අ)
අපොයි කට්ටියගේ රෙදි ගැලවෙනවා නේද (අ)
බය වෙන්නොනනේ වැරැද්දක් කරේ නැත්නං. බාල සිමෙන්ති, නරක්වූ පොල්, අල, එතනෝල්, කුඩු ඔවා තාම ජනතාවට අමතකවෙලා නැහේ කියන්න. (අ)
ඔබ නියම මහත්මයෙක්! (නි)
8 වෙනිදාට බලමු (නි)
මෙයා බබා.අරලිය කාරයාගේ මෝලකනේ මගේ මාමත් වැඩ.හාල් මිටි ලක්ෂ ගානක් රහස් හිතවතුන්ගේ ගබඩා වලට යවල.-මෛත්‍රී පාලනේ රග දැන්ම පේනවනේ. (ස)
27 වනදා සිට ආනයනික සහල් මිල වෙළඳ පොලේ අඩුකරලා සම්බා කිලෝව රු.60 යි. තව සහල් කිලෝ මෙට්‍රික් ටොන් 50,000 ක් බංගලාදේශයෙන් ආනයනය කරන්න යනවා. රටේ ජනතාවට ආදරේටද? (නි)
හාල් වැඩේ අපේ බාස් අනාගෙන වගේ. (අදිකාරී ) පාරිභෝගික සේවා අමතන්න (ස)
දැන් වෙළඳපොලේ ලංකාවේ සහල් ලෙස ඇත්තේ කීරි සම්බා, කීරි කැකුළු ආදී තත්වයෙන් උසස් සහල් පමණි. කැකුළු හා සම්බා සහල් ලෙස විකුණන්නේ ආනයනික සහල්ය. ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම නිපදවන්නේ කැකුළු සහල් හා සම්බා සහල් නමුදු වර්තමානයේ සුපිරි සහල් හැර අන් සියළුම සහල් වර්ග වෙළඳපොලෙන් අතුරුදහන් වී ඇත. ලංකාවේ නිපදවන සහල්වලට වෙන දේ සොයාබැලීම වටී. (ර)
අනිත් හාල් කාරයන්ට ෆයිල් තියනවා කියලා මට හිතෙනවා. (ර)
සම්පුර්ණ ඇත්ත. (ර)
කට්ටියගේ රෙදි ගැලවෙනවා නේද.?
මහත්තය රටට වැඩ ඇති ගොවි පරපුරක කෙනෙක් නේ මම හඳහන් බලන ළමයෙක් මේ ඡන්දය සන්බන්දව කියන්න දෙයක් තියනවා ඔබගේ බිස්නස් වලට බාධක තියනවා එ්ක ඕනෑම බබෙක් දන්නවා. නමුත් පසුතැවෙන්න එපා මහින්ද ඡන්ද ලක්ෂ 25 ක් ඉදිරියන් ඉන්නවා ගමේ ඡන්ද හදන්න කල් මදි. අපි කිවුවා අගමැති වෙන්න කියල එකටත් රාහු නීච උනා කරන්න දෙයක් දැන් නැහැ ජිවිත ආරක්ෂා කරගන්න ඔබලා රටකට ඕන මිනිස්සු (ස)
අපි කන්නේ අරලිය සහල් විතරයි. (ර)
මට නම් මේක ලොකු ප්‍රශ්නයක් (නි)
අන්න හරි කෙලින් කියන්න. (ර)
බොරුවට කෑ ගහනවා (අ)
ඔච්චර කල් ඕවා පෙනුනේ නැද්ද? නීතිය කෙනෙකුට එක විදිහක්, තව කෙනෙකුට තව විදිහක්. (නි)
ඔහොම යන්. තව ටික දවසනේ. (ර)
මෙච්චර කල් හාල් තොග හෙව්වේ නෑ මිනිස්සු. 90 ට හාල් ගත්තේ එතකොට හාල් ගණන අඩු කරන්න හිතුනේ නැත්තේ ඇයි දන්නේ. ? (ර)
අපොයි කට්ටියගේ රෙදි ගැලවෙනවා නේද? ගලවන්න මෙයාල රෙදි ඇඳගෙනද ඉන්නේ? අනික කවුරු බලයට ආවත් මෙයාලට ප්‍රශ්නයක් නැත. (හේ)
බොරුවට ෆයිල් ඇදලා වැඩක් නෑ.(හේ)
දැන් මේකේ කලුසුද්දෝ පතුරු අරිවී මෙන්න දේශපාලන පලි ගැනීම් කියල.. ඒ මෛත්‍රී මහත්තය එලියට ආපු නිසා.. එයා ඇතුලෙම හිටියනම් මෛත්‍රීගෙයි ඩඩ්ලි ගෙයි පලු අරිවී දුශිතයෝ..දේශපාලන බලේට හාල් හංගනෝ කියල.මේකත් බැලුවම පොඩි එවුන්ගේ ඔට්ටු සෙල්ලමක් වගේ තමයි..(ස)
ඔබේ අයියා පොදු අපෙක්ෂකයෙකු නොවුනා නම් ඔබට ඔය චෝදනා නැහැ (නදී)
ලංකාවේ තියෙන්නේ වී කන්න 02 යි. ඒ කන්න 02න් හම්බවෙන වී ලංකාවටම මුලු අවුරුද්දෙම දෙන්න ඕනේ. පහුගිය කන්න වල බලාපොරොත්තු උනු තරම් වී හම්බ වුනේ නෑ. ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. අතීසාරයට අමුඩ ගහන මන්ත්‍රීවරු ඉන්න රටේ මේ තව නාඩගමත් එකක් විතරයි. ප්‍රශ්නේ තේරුම් අරගෙන ගොවියට සාධාරනයක් කලා නම් හොදයි නේද ? (නදී)