‘‘මම දිනුවාම පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කුණු කූඩයට දමනවා. අද ප්‍රදේශ රැසකට ගිහින් මෙහේට ආවේ. මට පැහැදිලිව කියන්න පුළුවන් අපි අති විශිෂ්ට ජයක් ලබන බව. අපි මහින්දෝදය විද්‍යාගාර දුන්නා. සෑම දිස්ත්‍රික්කයකටම යුනිවර්සිටි කොලේජ් ඉදිකරනවා. ලක්ෂයක් සිසුන් බඳවා ගැනීමට කටයුතු කරනවා. මම උතුරේත් දකුණේත් කියන්නේ එකම දෙය. කළු නම් කළු සුදු නම් සුදු. මම ඔබේ දරුවා ලෝකය දිනන්න පුළුවන් දරුවන් බවට පත් කරනවා. මගේ පිරිසිදු දෑතට එන දරුවන් රකිනවා.‘‘
ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් ජන රැලිය අමතමින් අද (5) කැස්බෑවේදී කීවේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, තිස්ස අත්තනායක, ගාමිණී ලොකුගේ, වාසුදේව නානායක්කාර ඇතුළු අමාත්‍යවරුන් විශාල පිරිසක්ද ඊට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරාගත් නායකයාණෙනි, ඔබට ජයවේවා! (නි)
රටේ කොහේගියත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබෙන පිළිගැනීම ඒ ජය ඝෝෂාව වෙන කිසිම කෙනෙකුට නැහැ (නි)
ඒ ඔබතුමා දිනුවොත්නේ. අපි බලමුකෝ.... (නි)
ජනාධිපතිතුමනි, ඔබට වඩා හොඳ කෙනෙක් රටේ ජනාධිපති සටනට එනතුරු මා ඔබටම ඡන්දය දෙමි. මෙවර ඔබව පරදන්න හදන්නේ තනි නායකයෙක් නොවේ. නමුත් ඒ සියල්ලන්ටම වඩා ඔබ ප්‍රබලය. ඔබට සියලු දෙවි පිහිටයි! බුදු සරණයි! (නි)
9 වෙනිදා උදේට බලමු මොකද වෙන්නේ කියලා (නි)
ජනපතිට ජයවේවා! (නි)
නමුත් අපි ඡන්දය දෙන්නේ නම් මෛත්‍රීට (නි)
ඔබතුමාට ජය නියතයි (නි)
ඔබතුමා යුග පුරුෂයෙක්. ජය වේවා ! (නි)
නමුත් අපිට පෙනෙන්නේ නම් මෛත්‍රී පාලනයකට මිනිසුන් කැමති බවයි (නි)
ජනතාව මහින්ද මහතා පත්කරගන්නා බව පැහැදිලියි (නි)
ඔවුන් දෙදෙනාටම හිමි තැන් මහජනතාව විසින් 9 වෙනිදා පෙන්වාදෙනු ඇත. (නි)
තව ටික දවසනේ. අපි බලමු නේද? (නි)