සන්ධාන පක්ෂ නායක රැස්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර පැමිණි අතර පෙරදින මෛත්‍රිපාල සිරිසේන ජනපති කළ කථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී ‘ඒ කථාවට උත්තරේ අගෝස්තු 17 වැනිදාට දෙන්නම්‘ යැයි පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මෙම ඡන්දයේදීද පරදින බවට මෛත්‍රිපාල සිරිසේන ජනපති අඟහරුවාදා සවස විශේෂ ප්‍රකාශයක් කළේය. මාධ්‍යවේදීන් ඒ ගැන විමසූ විට ඔහු එසේ කීවේය.
සන්ධාන පක්ෂ නායකයින් රැසක් එහි පැමිණ අතර මින් මද වේලාවකට පෙර රැස්වීම ඇරඹිණි. ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ප්‍රභා ගනේෂන්, තිස්ස විතාරණ, තිස්ස අත්තනායක ඇතුළු සන්ධානයට සහාය දක්වන කණ්ඩායම් රැසක නියෝජිතයෝ එහි පැමිණියහ.

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රිට දෙවි පිහිටයි (ම)
මහින්ද මැතිතුමා අනිවාර්යෙන්ම දිනනවා ඒ ගැන සැකයක් තියා ගන්න එපා .. ඊට පස්සේ අපි බලමු මෛත්‍රී එලවන්න ... මාස හයක්ම රට නැති වෙන තැනට වැඩ කළේ ,, තවත් හිටියත් වෙනසක් නැ ...(බ)
දැන්වත් මෙයා එලවන්න බැරි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනිච්චා වත සංඛාරා (අ)
ඔය වටේ ඉන්න කට්ටිය අගෝස්තු 17වෙනිදා කට්ටියම මැදමූලනට යන්න.ජනෙල්පොලුවල එල්ලුන,නහෙන් හොටුපෙරාගත්තු කෙනෙක්ගෙන් උත්තර ලැබේවී.සහාතිකයි.(ස)
මේ දේශපාලනේ කරන උදවිය හිතාගන ඉන්නේ මහජනතාව එයාලගේ අම්මගේ අප්පාගේ බුදලයක් කියලද .ඡන්දෙ දෙන්නේ මහජනයාට ඕන විදිහට නමුත් මේ අය හැසිරෙන්නේ ඡන්ද දායකයා ඔවුන්ගේ අතපල්ලෙන් වැටුන ගානට.මොන පක්ෂෙන් ,මොන පාටින් ආවත් දුෂකයන්ට ,හොරකම් කළ අයට වෙන වෙන නීතියට පටහැනි මගඩි කළ අය ගෙදර යවන එක ඡන්ද දායක ඔබගේ මහගු වග කීමකි (හේ)
මොන උත්තරේද?නිකන් මහන්සි වෙන්න එපා මහත්තයෝ.ඔයාට තමයි ඡන්දදායකයෝ 17 උත්තර දෙන්න බලාගෙන ඉන්නේ. (නි)
අපිත් බලාගෙන ඉන්නේ 17 වෙනතුරු තමයි (නි)
නියමයි මහත්තයෝ! (නි)
මේවාට අදහස් දාලා වැඩක් නැහැ. (ස)