ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය එක්ව කටයුතු කරන බවට 2007 වසරේ ගිවිසුමක් අත්සන් කරද්දීත්, එජාපයෙන් ආ 18 දෙනෙකු ශ්‍රීලනිපයට ගනිද්දීත් පක්‍ෂ බල මණ්ඩලවල අදහස් නොවිමසූ අය දැන් පක්‍ෂයේම සංවත්සර උළෙලට සහභාගී විය යුතුද යන්න ගැන බලමණ්ඩල වලින් විමසන්නේ කුමක් සඳහා දැයි තමන් ප‍්‍රශ්න කරන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

එදා එම කටයුතු පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ අනුව කරන්නට ඉඩ දුන් අය දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ පක්‍ෂය ඉදිරියට යද්දී පක්‍ෂ නායකත්වයේ කකුලෙන් අදින්නේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පමණක් බවද ඇමැති සඳහන් කළේය.

අබේවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.