ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් මතුව ඇතැයි ද, ජනපතිවරයා තම ආරක්ෂාව පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි ද පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.
ජනපතිවරයාගේ ආරක්ෂාවට සිටින ජනාධිපති ආරක්ෂක අංශය සිටින්නේ කුමක් සඳහා යනුවෙන් ප්‍රශ්න කළ සමන් රත්නප්‍රිය මහතා මීට පෙර ද ජනපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වූ බව කීවේය.
‘‘පසුගිය කාලය පුරාවට විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් ගැටළු ඇති වුණා. ජනාධිපතිවරයා සම්බන්ධ වූ වැඩසටහනක දී මේ ආකාරයෙන් විදුලි බිඳ වැටීමක් වාර්තා වුණා. ඇත්තටම කීවොත්, එය විදුලිය බිඳ වැටීමක් නොවෙයි. ඒ අවස්ථාවට ගෙනත් තිබූ විදුලි උත්පාදනය යන්ත්‍රය අක්‍රීය වීමක්. ජනාධිපතිවරයා සහභාගී වූ කුරුණෑගල ප්‍රදේශයේ උත්සවයකදී තමයි මෙය සිදු වුණේ.
බීමත්ව සිටි පුද්ගලයන් දෙදෙනකු ජනාධිපතිවරයා ආසන්නයේ කටයුතු කළ බවට තොරතුරු ලැබී තියෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කර තියෙනවා. එහෙත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කෙරිලා නැහැ. එය යහපත් තත්ත්වයක් නෙමෙයි.
දින සියයේ වැඩසටහන යටතේ, හම්බන්තොට පැවැති ජනාධිපතිවරයා සම්බන්ධ වූ වැඩසටහනකට පිස්තෝලයක් ගෙන ආ බවට තොරතුරු වාර්තා වුණා. ඒ පුද්ගලයා නාමල් රාජපක්ෂ මහතා ආරක්ෂකයකු බව මන්ත්‍රීවරයා පවසා තිබුණා.
මේ සිදුවීම්වලදී ජනාධිපති ආරක්ෂක අංශයේ හැසිරීම ඉතා දුර්වලයි. ජනපතිවරයා සහභාගී වන උත්සවයක ආලෝකය ලබා දීම, විදුලි උත්පාදන යන්ත්‍රයක් භාවිත කරනවා නම්, එය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න බැරි නම්, එය ආරක්ෂා කර ගන්න බැරි නම්, මේ ආරක්ෂක අංශවලින් වැඩක් තියෙනව ද? ආලෝකය කියන්නේ වැදගත් සාධකයක්. ආලෝකය නැති කරලා ජීවිතයට හානියක් කරන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතිවරයා මේ ආරක්ෂක අංශ කෙරෙහි වගේම තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මීට වඩා බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුයි. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ බොන්න දීලා තමයි එහෙනම් මේ රැස්වීම වලට සෙනඟ ගෙනවිත් තියෙන්නේ (නි)
හොඳ ආරක්ෂාවක් අවශ්‍යයි මෙතුමාට. (නි)
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ ආරක්ෂාව පිළිබඳ නොසැළකිලිමත්විම නම් කණගාටුවට කරුණක්. වහාම ආරක්ෂාව වැඩිකර ගතයුතුයි. (නි)
සමන් රත්නප්‍රිය හැම එකටම හොට දාන්න ඕනෑ නැහැ. මෙතුමනේ රටේ ජනාධිපති. ඉතින් එයාට වඩා ආරක්ෂාවක් වෙන කාටවත් හම්බ වෙන්නේ නැහැ. (නි)
ජයසිංහ, ඔය කියු කෙනා ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැම්මා කිව්වා නේද? දැන් කොහෙද ත්‍රස්තවාදීන්? (නි)
ලාල්, ජාතියේ කිසිවක් කරකියාගත හැකි හැම කෙනෙකුටම තර්ජන එල්ලවුණේ අද ඊයේ නොවේ. ඒකට පක්ෂ පාටක් නැහැ කියලා අපේ අයට තේරුම් යනකොට වෙන දේවල් හිතාගන්න බැහැ (නි)
ලාල්, අපිට ඉන්න නායකයෝ පක්ෂ බේදයකින් තොරව රැකගන්න ඕනෑ. වත්මන් ජනපතිතුමා සරල හොඳ නායකයෙක්. හිටපු ජනපති යුද්ධය අවසන් කරපු නායකයා. ඒ නිසා කුහක දේශපාලකයෙක් මෙතනට ගාවගෙන විකාර කියවන්න එපා! (නි)
ලාල් ඊයෙ පෙරෙයිදාද ඉපදුනේ කියන ප්‍රශ්නය මතුවෙනවා (නි)
ඔබතුමාලට ඒක විශාල ප්‍රශ්නයක් නම් ඔයාලගේ කට්ටියට පුළුවන්නේ මීට වඩා හොඳ හමුදාවක් දෙන්න. එතකොට ලකුණු වැටෙනවා. (නි)
හොඳ කවුද, නරක කවුද, මිතුරා කවුද, සතුරා කවුද කියා හරියට තේරුම් ගන්න බැරි මේ කාලයේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ වඩාත් අවධානය යොමු වියයුතුය කියන අදහස අගය කළ යුතුයි. (නි)
ජනපතිට ප්‍රවේශම් වෙන්න තියෙන්නේ ළඟම ඉන්න අයගෙන්. මහින්ද ළඟ ඉඳලා එයාටම කොකා පෙන්නුවා වගේ ඔබටත් වෙන්න පුළුවන්. (නි)
හැබැයි දැන් ලංකාවේ ගොවියන් මහපාරට අැදදමා තිබෙන නිසා ඒ තර්ජනය ගැනත් සළකා බලන්න වෙයි (නි)
එතුමා අපිට සම්පතක්. අපිට එතුමාව වටිනවා (නි)
රටක ජනාධිපතිවරයා වශයෙන් ඔහු තම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළයුතුයි (නි)
ජනාධිපතිතුමාව අරක්ෂා කරන්න ඕනෑ. (නි)
මරණ තර්ජන වැඩිපුර තිබෙන්නේ ත්‍රස්තවාදයෙන් රට බේරාගත් එඩිතර නායකයාටයි. දෙමළ ත්‍රස්තවාදයට වෛරය තිබෙන්නේ එතුමා එක්ක. එතුමාට හමුදාවේ 200ක් නෙමෙයි 500ක් දුන්නත් මදි. එතුමා කටින් බතල හිටෙවුවේ නැහැ. ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. ඒ නිදහස දැන් අපි භුක්ති විඳිනවා. සිංහලයාට මුල අමතකවෙලා. (නි)
කොටි විනාශ කළ, තවමත් ඒ මතයේම ඉන්න කෙනාටයි වැඩි ආරක්ෂාව උවමනා. (නි)
විජය කුමාරතුංගත් හිතුවේ මට සතුරන් නැහැ කියා. නමුත් මොනවද වුණේ අවසානයේදී? නොසිතූ මොහොතක නොසිතූ දෙයක්. ගරු ජනපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි (නි)
සමහර අදහස් දැක්කහම නම් හිතට ඇත්තටම කණගාටුවක් දැනෙනවා (නි)
ලාල් සහ ගාමිණීගේ අදහස් මමද අනුමත කරමි. ජයසිංහ, හරියට යන්නේ කොහෙද, මල්ලේ පොල් වැනි අදහස් පළකරන්නේ. (නි)
දැන් කොටිත් නැති නිසා අපි නම් කිසිම බයක් නැතුවයි ඉන්නේ (නි)
මමත් මේ කතාවට එකඟයි. එතුමාගේ ආරක්ෂාව රටට වැදගත් (නි)
පිස්සු හැදෙනවා මේවා අහලා. අර මරාගෙන මැරෙන්න අා කෙනාවත් නිදහස් කළේ මෙතුමාමනේ. (නි)
රටක් පාලනය කරන්න පුළුවන් නම් තමන් ආරක්ෂා වෙන හැටි එතුමා නොදන්නවා වෙන්න බැහැ. එතුමානේ සේනාධිනායකයා. (නි)
සමන් රත්නප්‍රිය මහතාගේ කතාවේ සත්‍යයක් තිබෙනවා. මෛත්‍රී ජනපතිතුමාට විරුද්ධවාදී තර්ජන ඉදිරියට පැමිණෙන්නට පුළුවන්. (නි)
ජයසිංහ, කලබල වෙන්න එපා ලාල් ඊයේ පෙරේදා ඉපදුන කෙනෙක්. කොටි විනාශකළ මහින්ද මහතාටයි මරණ තර්ජන තිබෙන්නේ. මහින්ද මහතාට ඔබ අපි අකමැති වුණත් කැමති වුණත් ඇත්ත එයයි. සිංහල අපි එය අමතක කරනවානම් අපි ගුණමකුවෝ. (නි)
නඳුන් දිසානායක කවුරුත් නොදන්නා වැදගත් තොරතුරක් දන්නවා වගෙයි (නි)
අනේ මන්දා මේවට අපි මොනවා කියලා කියන්නද? (නි)
කවුරු මොනවා කිවුවත් ජනපති, හිටපු ජනපති, හිටපු ආරක්ෂක ලේකම්, අගමැති, විපක්ෂ නායක අපේ සම්පත්. අපි ඔවුන් ආරක්ෂා කළයුතුයි. පාර්ලිමේන්තු පනතකින් හිටපු ජනපතිට අවශ්‍ය පරිදි ආරක්ෂාව සළසාදීම අපේ පරම යුතුකමක්. ඔහු කියනවා නම් හමුදා ආරක්ෂාව අවශ්‍යයි කියලා අපි එක ලබාදීමට බැඳිලා ඉන්නවා. කරුණාකර මේ ගැන තර්ක විතර්ක දාන්න එපා. (නි)
කොටි විනාශ කරපු අයට තමයි වැඩිපුර ආරක්ෂාව දෙන්න ඕනෑ (නි)
එතුමාගේ ආරක්ෂාව ඉතාම වැදගත් රටට (නි)
මේක පුදුම රටක්. මාතෘකාව වර්තමාන ජනාධිපතිගේ ආරක්ෂාව ගැන. සමහරු කියන්නේ මල්ලෙ පොල් කතා. ජනාධිපති, අගමැති, විපක්ෂ නායක අයට පමණද ජීවත්වීමේ අයිතිය ඇත්තේ. රටේ ජීවත්වෙන හිඟන්නාගේ සිටම ආරක්ෂාව වැදගත්. මරණ සහතිකය හෝ නොලැබී මැරුන අයත් මිනිස්සු. (නි)
මොකද මේ හදිසියේම ආරක්ෂාව ගැන කතාකරන්න මතක්වුණේ? (නි)
මෙතුරමාගේ ආරක්ෂාව තමයි රටේත් ආක්ෂාව (නි)
දැන් එතකොට කාගෙන්ද මෙතුමාට තර්ජන තිබෙන්නේ? (නි)
අපි බලමු ඉදිරියට මේ සම්බන්ධයෙන් ගන්නා පියවර මොකක්ද කියලා (නි)
සමහරු හිතාගෙන ඉන්නේ එයාලා හැමදේම දන්නවා කියලා (නි)
ජනාධිපතිතුමනි, පරිස්සමින්! ළඟ ඉඳගෙන තමයි අඟේ ඉඳන් කණ කන්නේ (නි)
අපේ නව ජනාධිපතිතුමා දන්නවා ඔහුගේ ආරක්ෂාව සළසාගන්නට. ඔහුට වෙන අයට වාගේ ලෝකෙට පෙන්වන්න ආරක්ෂක බල ඇණියක් ඕනෑ නැහැ (නි)
අනේ ඔව් චතුරි, ඒක නම් ඇත්ත (නි)
සමන්, ඔබ හරියට හරි. ජනාධිපතිතුමනි, ඔබයි මේ රටේ ප්‍රධාන පුරවැසියා. ඔබ ආරක්ෂා වුණොත් පමණයි රට ආරක්ෂා වෙන්නේ. කුමන්ත්‍රණකාරයෝ බලාඉන්නේ අවස්ථාවක් එනකල්. අතීත සිදුවීම් වගේ සැහැල්ලුවට හිතන්න එපා. ඔබට කාගෙවත් අනුමැතියක් අවශ්‍ය නැත. වහාම හමුදා ආරක්ෂාව යොදාගන්න. බුදු සරණයි! (නි)
පොලිස්පතිත් පත්කරන්න යන මේ වෙලාවේ මේක අනවශ්‍ය ප්‍රශ්නයක් හැටියටයි මට නම් පෙනෙන්නේ (නි)
දැන් ප්‍රශ්නයක් නැත්තේ කොතැනද? බලනකොට ආරක්ෂාවේත් ප්‍රශ්න! (නි)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වගේම හිටපු ජනපතිටත් ආරක්ෂාවක් අවශ්‍යයි (නි)
ප්‍රියංකර, ඔබ හරියට හරි නියමෙට කිවුවා. (නි)
රටේ ප්‍රභූ පාර්ශවය තමන්ගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් සිතිය යුතුයි (නි)
මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගතයුතුයි (නි)
ජනපතිතුමනි, ඔබතුමා ළඟ ඉන්න සමහර අයගෙන් ප්‍රවේශම් වෙන්න (නි)
සමහරු හිතුවේ අනාරක්ෂිත වෙන්නේ මහින්ද විතරයි කියලා වෙන්න ඇති. ඉන්දිරා ගාන්ධි හදපු ත්‍රස්තවාදින්ගෙන් තමයි එයාගේ පුතා අවසන් ගමන් ගියේ. මේ කිරි පොවන්න යන්නේ එහෙම උදවියට. (නි)
අනේ මන්දා මට නම් මේවා තේරෙන්නේ නැහැ. අපි වෙන දෙයක් බලාගෙන ඉන්නවා (නි)
ඔය විදිහට රට කරගෙන ගියොත් නම් හරියන්නේ නැහැ. එ් තරමටම පවතින රජය එපාවෙලා ඉන්නේ මිනිසුන්ට (නි)
සමන් කියන එක ඇත්ත. නමුත් යුද්ධය නැතිකළේ ශ්‍රී ලංකා හමුදාවන් පමණි. රටේ නායකයා හැටියට හමුදාවට අවශ්‍ය ද්‍රව්‍ය සපයපු එකත් ඇත්ත. නමුත් යුද්ධය කරලා කොටි නැති කළේ හමුදාවන් විසින්ම පමණි. එහි කතා දෙකක් නැහැ (නි)
සමහරුන්ට ඉස්සෙලා ආපු කණට වැඩිය පස්සේ ආ අඟ ලොකුවුණාම ඔහොම වෙන එක අහන්න දෙයක් නෙමෙයි. (නි)
ඒ වගේම අනෙකුත් ප්‍රභූන්ගේ ආරක්ෂාවත් වටිනවා (නි)
දැන් නින්දෙන් නැගිටලා අැවිල්ලා වගේනේ සමහරු හද්ද පරණ සිද්ධි ගැන කියවන්නේ (නි)
ප්‍රියංකර, කොහොමද දන්නෙ නැහැ නේද එහෙම කරන්නේ? (නි)
කැතකුණු තවරාගත් දේශපාලුවන් අතරේ, මෛත්‍රී ජනපතිවරයා අපිට මහමෙරක් සේ වටිනවා. සමන් රත්නප්‍රිය මහත්තයාගේ කතාවට මමත් 100%ක් එකඟවෙනවා. අපි මෛයිත්‍රී මහත්තයා රැකගත යුතුයි. පැරදුණු අය ඉන්නේ තාම මරු විකල්ලෙන්. හිටපු උදවිය මේ පුංචි දුප්පත් රටේ හිටියේ රජකෙනෙක් වගේ. සාමාන්‍ය ජනතා සේවකයෙක් යැයි තමන්ටම කියාගන්නා මෛත්‍රී මහත්තයාව අපිට රජ කෙනෙකුටත් වඩා බිලියන වාරයක් වටිනවා. ඒ නිසාම ආරක්ෂා කරගත යුතුයි. (නි)
දැන් මොකටද හමුදාවක්? විසුරුවා හරිමුද? (නි)
ජනාධිපතිතුමා ඔහුගේ ආරක්ෂාව ගැන සිතිය යුතුමයි (නි)
තමන් හිසට තම අතමය සෙවණැල්ල කියනවනේ! (නි)
සිංහල රටටම ආරක්ෂාව අවශ්‍යයි ඉදිරියේදී. කාටත් අයි.එස්.අයි. තර්ජනය සමඟ කොටි තර්ජනයටත් මුහුණ දෙන්න වෙන්න පුලුවන් (නි)
ඔබතුමා විනාශ කරන්න අපි කාටවත් ඉඩදෙන්නේ නැහැ (නි)
තමන්ට හිතවත් සමහරුන් ගැන වැඩිපුර අවධානය යොමුකරන්න (නි)
රණවිරුවෝ හිරේ දානවා. දැන් අඬනවා ආරක්ෂාව මදි කියාගෙන. මේ රටේ දවසකට පොඩි ළමයින් කීදෙනෙක් මැරෙනවද? කෝ එහෙනම් ළමයින්ට ආරක්ෂාව? (නි)
තර්ජනය මොන පැත්තෙන්ද කියලා බලන එක හොඳයි. (නි)
ලාල් වැනි අය මෙරට ඉපදීමත් රටේ අවාසනාවක් (නි)
කිසිම මරණ තර්ජනයක් නැති සමහර අයත් ආරක්ෂාව මදියි කියකියා ලතෝනිදෙන අවස්ථාවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ ආරක්ෂාව පිළිබඳ නොසැලිකිලිමත්විම නම් කනගාටුවට කරුනක්. අතීතයේ අවංක පිරිසිදු මහාත්මා දේශපලනකම කරන්න ගිය අයට වෙච්චදේ අමුතුවෙන් මතක්කරන්න ඕනද?(අ)
විරුද්ධවාදීන්ට හොඳ ප්‍රවෘත්තියක්. ඉක්මනට ගිහින් මරාගත්තොත් උඹල මර ලතෝනි දෙන කෙනාව පත් කරගන්න පුළුවන් වෙයි (බ)
ඔබේ කතාව හරියටම හරි සමන්. 56 බණ්ඩාරනායකට වුන දේ වගේම තම ආරක්ෂාව සඳහා දුන් කිසිම උපදෙසක් ගණන් නොගත් පක්ෂේ දමල වෙනත් පක්ෂයක් හදපු ලලිත් ඇතුලත් මුදලිට වුණදේ මතකද? එදා එතන ආලෝකය පිළිබඳව ප්‍රශ්නයක් තිබුන. අඳුරු ස්ථානයක රැස්වීම තිබුනේ. මෙතුමා රටට යමක් කරන්න හිතාගන ඉන්නවා නම් එතුමාගේ ආරක්ෂාව පිළිබඳ වහාම පියවර ගත යුතුයි. බණ්ඩාරනායක මහත්තය මැරුවෙත් පක්ෂයේම උදවිය නේද? අදත් ඒ දෙයම සිදුවිය හැක. (බ)
අනේ ඔය අහිංසකයට මොන තර්ජනද (බ)
ලාල් ඔයා මැරිලා ඉපදුනු කෙනෙක් ද ? කාටද මරණ තර්ජන නෑ කියන්නේ ? ඔයා ත්‍රස්තවාදීන් ගැන දන්නේ මොනවද ? ඔයාගේ පවුලේ කෙනෙක් ත්‍රස්තවාදය නිසා මියගියේ නෑ නේද ?(බ)