ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් නොව ජාතික සමගි ආණ්ඩුවක් බවත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට ඇතුළත් බවත්, ඒ සදහා මහින්ද රාජපක්ෂට ද සහභාගී විය හැකි බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
චම්පික රණවක මහතා මෙසේ ද කීවේය.
එළඹෙන ජනාධිපතිවරණයේ දී හෙළ උරුමයේ සහාය ජාතියේ පොදු පේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන්න අපි තීරණය කළා. එහෙම තීරණය කළේ සිරිසේන මහතා සහ ඕමල්පේ සෝභිත හිමියන් අතර ජාතික ප්‍රතිඥාවකට අත්සන් තැබීමෙන් පසුවයි.
ඔහු බලයට පත්වී දින සියයක් ඇතුළත කරුණු ගණනක් ස්ථාපිත කරගන්න බලාපොරොත්තු වනවා.
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවා ව්‍යවස්ථා සංශෝධන කරන්න අපි එකඟ වෙලා ඉන්නවා.
මෙය කිසිවකුගේ කුමන්ත්‍රණයක් නොවෙයි. මෙය රටට ජාතියට අත්‍යවශ්‍ය දෙයක්.
මේ වැඩපිළිවල සියලු ජනවර්ගවලට අවශ්‍ය වැඩපිළිවෙලක්. මෙතන තියෙන්නේ යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන වැඩ පිළිවෙලක්. එයට දෙමළ ජාතික සන්ධාන නෙමේ වෙන ඕන පක්ෂයකට සහාය දෙන්න පුළුවන්. අපේ මන්ද්‍රව්‍ය පනතටත් දෙමළ ජාතික සන්ධානය සහාය දුන්නා.
පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න මන්ත්‍රී ආසන 113ක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 113ක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට ප්‍රශ්නයක් නෑ. එතකොට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අගමැති එක්සත් ජාතික පක්ෂයේ. හැබැයි එය එජාපයේ වැඩ පිළිවෙළක් නොවෙයි. හැමෝම එකතු වෙලා කරන වැඩ පිළිවෙළක්.
බෞද්ධ සංවිධාන රැසක් ජාතික හෙළ උරුමයේ යෝජනාවලට එකඟ වුණා.
ජාතික හෙළ උරුමයට විදේශ කුමන්ත්‍රණ කතා කියන්න බෑ. විදේශ කුමන්ත්‍රණ පරාජය කළේ අපි. මෙය බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි හැමෝගෙම පක්ෂයක්. රටේ හොරකම, වංචාව, මන්ද්‍රව්‍ය නවත්වන එක හැමෝටම අවශ්‍ය දෙයක්.
අපි අපේ රට ජයග්‍රහණය කරා ගෙන යනවා.
මෛත්‍රීපාල සිරිසේන -
අරලියගහ මන්ධිරයේ සිටි මැතිවරණ සම්බන්ධීකරණ නිලධාරීන් දැන් ඉවත් වෙලා අපට සහාය දෙන්න ඇවිත්. පසුගිය දින කිහිපය තුළ රට තුළු ලොකු පෙරළියක් ඇති වෙලා.
ජාතික හෙළ උරුමය කියන්නේ මේ රටේ ජනාවට ආදරය කරන පක්ෂයක්. පසුගිය වකවානුවේ එය පෙන්නුම් කළා.
දැන් සමහරුන් අසත්‍ය ප්‍රචාරයන් ගෙන යනවා. මා රාජ්‍ය නායකයා වුණාට පස්සේ ඉතා පුළුල් වගකීමකින් කටයුතු කරන්නේ. ආරක්ෂක අංශවල සෑම කෙනකුගේම ගෞරවය ආරක්ෂා වෙන විදියට කටයුතු කරනවා. ආරක්ෂක නිල ඇඳුමට සුදුසු රාජකාරිය විනා ජනාධිපති මන්ධිරයේ මුළුතැන් ගෙයි වැඩවලට යොදවන්නේ නැහැ. ආරක්ෂක අංශ අතර කල්ලි හදන්නේ නෑ. ජාතික ආරක්ෂව සම්බන්ධයෙන් ස්වාධීනව තීරණ ගන්න අවස්ථාව දෙනවා. දේශපාලන බලපෑම් එන්න දෙන්නේ නැහැ. ‘
අතුරලියේ රතන හිමි -
‘අද සමහර රජයේ මාධ්‍ය අපේ කතාවේ කොටස් දාන්නේ ඉතා අසීලාචාර විදියට. සමාජ පණිවුඩය විකෘති කරන්න කරන වැඩ ගැන කණගාටු වෙනවා. පසුගිය දා සිරස නාලිකාවේ තිබුණු වැඩසටහන පියෝටීවී හා ඩයලොග් ටීවී මගින් නැවැත්වුවා.
කාලයක් තිස්සේ හෙව්වා කවුද මේ පොදු අපේක්ෂකයා කියලා. කාටුන් ඇන්දා පොදු අපේක්ෂකයා ගැන. සැඟවුණු අමුත්තා අපි එළියට ගෙනවා. මෙවැනි අපේකෂකයෙක් අපි ගෙනාවේ රජයේ මාධ්‍ය ඉතා අශිෂ්ඨ විදියට යොදා ගන්න නිසා. රාජ්‍ය බලය, ධනය අයතා ලෙස යොදා ගන්න නිසා තමයි සියලු පක්ෂ පාට බේදයකින් තොරව තෝරා ගන්න පුළුවන් කෙනෙක් අපි ගෙනාවේ.
මේ රටේ පූජාභූමිවල සුරා සල් අපට බවත් කර ගන්න බැරි වුණා විධායක ජනාධිපතිවරණය නිසා. කිසිම බෞද්ධ සංවිධානයක් මේවගේ සංවේදී කාරණයක් සම්බන්ධයෙන් එක වචනයක් කතා කළේ නැහැ. මතට තිත කියන්නේ බොරුවක්. මෙතුමා ගෙන ආපු රූපමය අවවාද පනත අධිකරණයේ හිර කළා.
රාජ්‍ය බලය, රාජ්‍ය ධනය වැරදි සෙල භාවිත කරද්දී අපේ හඩ ගෙනියන්න උත්සාහ කරන ස්වාධීන මාධ්‍යවේදීන්ට අපි ස්තුතිවන්ත වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ යහපත මිසක් වෙන දෙයක් අපිට අවශ්‍ය නැහැ. (නදී)
ෆයිල් ගැන කියල බයකරන්නේ නැත්නම් තව කොපමණ මෛත්‍රී මහතා සමග එක්වෙනවද කියල බලාගන්න පුළුවන්. ඒත් හම්බකරන්න පුළුවන් ඇමතිවරු නම් පනින්නේ නැහැ (නදී)
මෛත්‍රීපාල මහත්ත්තයෝ,පරිස්සමින්. ඔබ දිනුවොත් දුෂිත දේශපාලකයන් ගාවාගන්න එපා. (නි)
නිතරම විදේශිය කුමන්ත්‍රණ ගැන කතා කරන වාචාල ඇමති කෙනෙක් වෙබ් සයිට් එකක් දාගෙන පාළු ගෙදර වලන් බිඳිනවා. සැමගේ අදහස් ස්වාදීනව පලකරන ලංකාදීපයට අපගේ ප්‍රණාමය. (නදී)
හෙළ උරුමය හුදෙක්ම රටේ යහපත සඳහා වැඩ කරපු පක්ෂයක්. මහින්ද ජනාධිපතිතුමාට තිබුනා මේ අයගේ යෝජනා වලට සවන්දීල එතුමාගේ ආණ්ඩුවේම තියාගන්න. (නදී)
කවුද කිව්වලු අවුරුදු 75 ක් අසවල් උදවියගේ පවුලට රට පාලනය කරන්න විශේෂ අයිතියක් තියනවා කියලා. එහෙනම් ඉතින් මගේ වයසේ මිනිස්සුන්ට වෙන්නේ ඉපදුනේ කොටි කටේ මැරෙන්නේ මකර කටේ කියල හිතා ගන්න. (නදී)
පැහැදිලි ප්‍රතිපත්තියක් නැති මෛත්‍රී කණ්ඩායමේ බලාපොරොත්තුව පුද්ගලික අරමුණු බව පැහැදිලියි. යහ පාලනය කියන්නේ බෝම්බ පුපුරලා මිනිස්සු මැරෙන එකද ? පාරවල් පුරා මිනී කඳු පිච්චෙන එකද? රජයේ සේවක කප්පාදුවද? වැඩ වර්ජනය කරනකොට බැටන් ප්‍රහාර දෙන එකද? දෙමාපියන් පාසැල් ගාව මුරකරන එකද ? (නදී)
පාඨලී, ජනාදිපති තුමාගේ යම් අඩුපාඩු තිබුනට එතුමා මේ රටත් ජාතියත් පාවලා දෙන මිනිහෙක් නොවේ. සුනාමි සහන මණ්ඩල පනත පාර්ලිමන්ට් එකට ගෙනාපු කෙනා සමග ඊට විරුද්දව උපවාස කරපු හාමුදුරුවෝ ගිවිසුම් ගහනවා. බලන්න එන් ජි ඕ නඩය කොතරම් බලවත් ද කියලා. පස්ස හැරිලා බලන්න ඔය ඉන්නේ කොටි එක්ක ගිවිසුම් ගහපු අය නෙමෙයිද ? හමුදාවට කොලොප්පම් කරපු අය නෙවෙයි ද? හීනෙන් උනත් ෆෙඩරල් ගැන කියන අය නෙමෙයිද? (නදී)
මහින්ද මහත්තයට ජනතාව ඕනේ තරම් කාලය දුන්නා වැරදි උන තැන් නිවැරදි කරන්න. නමුත් එතුමා ඒවා නිවැරදි කරන බවක් පේන තෙක් මානයක නැති බැවි මේ වෙනස් වීම තුල කියවෙන්නේ. ඒ අතරතුර බොර දියේ මාලු බාන අය නැතුවා නෙවෙයි. එ්ත් නිවැරදි දැක්මක් තුල සමගි ආණ්ඩුවක් පිහිටුවලා රටේ දුෂණ, මැරකම් නැති කරලා, රටට සේවයක් සිදු වෙනවා නම් එ්ක තමයි රටට ආදරේ සියලු දෙනාගේ පැතුම. (නදී)
එක මනුස්සයෙකුට මෙතරම් බය වෙලා. මුළු ලෝකයම එක පැත්තක. ඉතින් කවුද ශක්තිමත් කියලා ඔබට තේරෙන්නේ නැත්තේ ඇයි? (ස)
පාඨලී ඇමති තුමා අපි ගොඩාක් ගරු කරන පුද්ගලයෙක්. කෙලින් තීරණ ගන්න කෙනෙක්. ඔබ තුමා ඇතුළු අය හොඳ තීරණයක් ගත්තා. මෛත්‍රී මහත්තය හදල ගන්න පුළුවන් පුද්ගලයෙක්. ජය වේවා...! (ස)
ජාතිය ආගම සියල්ල ඉවරයි. අනේ අපිට වෙච්ච දේ. (ස)
තෙන්නකෝන් මහත්තයෝ, මහින්ද මහත්තයාව සදාකාලිකවම ආරක්ෂා කලයුතුයි. එ්කේ කිසිම තර්කයක් නැහැ පොදු අපේක්ෂකයා කියලා තියෙනවා එතුමාව ආරක්ෂා කරනවා කියලා. නමුත් පසුගිය කාලේ රටේ සිද්දවෙච්ච දේවල් බලනකොට හොදටම තේරෙනවා එතුමා නැවත බලයට පත්කරන්න දෙන හැම ඡන්දයක්ම අපේ රට විනාස කිරීමට දෙන ඡන්දයක් කියලා. (නදී)
දැන් පක්ෂ, පාට වලින් තොරව එක මුතු වෙන්න කාලය ඇවිත්. මිනිසුන් අද ගැන පමනක් නොව අනාගතය ගැන සිතා කටයුතු කල යුතුයි. මම නම් හිතන්නේ රටේ වෙනසක් වෙන්න ඕනා. එකාවන්ව සැමට සාමකාමී, නිති ගරුක සමාජයක් බිහි කිරිමේ අයිතිය මහ ජනතාව සතුය. (නදී)
ඕනිම කෙනෙකුට ස්වාදීන තීරණයක් ගන්න පුළුවන්. මහජනතාව ඡන්දෙ දෙන කෙනෙකුට දිනන්න පුළුවන්. සාදාරන ඡන්දයක් තියලා දිනන ඕනි කෙනෙකුට රට පාලනය කරන්න පුළුවන්. ඒත් මෙතන ඉන්න අය එක්ක ඕක කරන්න පුළුවන් ද කියන එක සැකයක් තියනවා. රටේ මොන ප්‍රශ්ණයක් තිබුනත් අද ලංකාවේ ඕනි තැනකට නිදහසේ යන්න පුළුවන්. ඒ මහින්දගේ දේශපාලන නායකත්වයෙන් කොටි පරද්දපු නිසා. (නදී)
ඕ ගොල්ලන්ට තමයි චම්පික මහත්තයෝ කියන්නේ කන්න ඕන උනාම කබරයාවත් තලගොයා කියල කනවා කියලා. හැබැයි මිට පස්සේ වේදිකාවල් වලට නැගල කෑ මොර දෙන්න හදන්න එපා. අපි සිංහල ජාතියට කැප වෙච්ච කණ්ඩායමක් කියලා. (නදී)
මහින්ද දිනුම් උඩින්ම. (නදී)
මේවා නාඩගම්. (නදී)
මේ විකාර ජනාධිපති ක්‍රමය නැතිනම් එතුමා රටට අවශ්‍ය දක්ෂ නායකයෙක්. (අ)
අනේ මහත්තයෝ මට මොකක්දෝ දැනෙනවා (අ)
ඔබ ගත් තීරණය ගොඩක් හොදයි මොකද පවතින රජය විසින් ඔබ පක්ෂයේ යෝජනාවලට යහපත් ප්‍රතිචාරයක් දුන්නේ නැහැ, මෙතැනින්ම නිගමනය කරන්න පුළුවන් රජයේ ස්ථාවරය කුමක්ද කියල මේ රජයට හොද ප්‍රතිපත්ති පෙන්න බැහැ මොකද පවුල් භාවය රැකගෙන සොරකම් කරන්න තියෙන ඉඩ ප්‍රස්තාව ඇහිරෙන නිසා (අ)
මෛත්‍රී මැතිදුනි ඔබ මේ ඡන්දය ඉතා විසල ඡන්ද ප්‍රමාණයකින් ජය ගන්නවා නියතයි අපි සාමාන්‍ය මහජනයෝ අපි දන්නවා ඔබ යන ගමන හරි ඔබට යොදා සක්තිය ලැබේවා (අ)
මන්ත්‍රීවරු පස්සේ නොගොස් තමාගේ ළමයව පාසලකට යවාගන්න හැකි පාලන ක්‍රමයක් ඇති පාලනයක්, යහපත මිසක් වෙන දෙයක් අපිට අවශ්‍ය නැහැ. (අ)
එක්කෙනෙක් කියනව පැය 24 න විධායකය අහෝසියිලු. තව අයෙක් කියනවා දින 100 න් ලු. ඊයේ කීවා රනිල් අගමැතිලු. අයෙක් කියනවා විධායකයේ බලතල අහෝසි කරනවලු. දැන් ජාතික ආණ්ඩු කතාවක්. මේක හරියට ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වගේ. නිදහස් පාක්ෂිකයන් රනිල් බලයට ගෙන ඒමට ඡන්දය දෙනවා යැයි සිතීම ලොකුම මෝඩ කමයි. හෙළ උරුමයට ලැබෙන්න තිබු ඡන්ද ටිකත් නැති වෙන බව දැනගන්න.(නදී)
දැන්නම් " ආඩි අම්බලමේ කැඳ දහැලිය වගෙයි ." කෙසේ වෙතත් ලෝකෙන් උතුම් රට අපේ ලංකාව බව පෙන්නුම් කරන්නට අපේ බුද්ධිමත් පාලකයින්ට හැකියාව ලැබේවා (නදී)
අනෙකුත් ක්‍රියාකාරී බොදු බලවේග මේ අනතුර සහ මේ අශුද්ධ සංවිධානයේ පරමාර්ථ තේරුම් ගෙන සිටීම සතුටට කරුණක්. චම්පික සහ ගම්මන්පිල දෙපල ගැන ඇත්තටම කනගාටුයි..ඔවුන්ට මේ අශුද්ද සංවිධානයත් එක්ක හිට ගන්න පුළුවන්නම් ඔවුන් මෙතුවක් කරලා තියෙන්නේ ලොකු රඟපෑමක් මවාපෑමක් පමණයි. ඔය එක එක්කෙනා වෙන වෙනම අත්සන් කල ඔක්කොම ගිවිසුම් එකට අරන් බලන්න පොදු ගිවිසුම විහිළුවක් ".එක තේරුම් ගන්න බැරි තරම් අදුරදර්ශී දැක්මක් ඔබට ඇති කියල මම හිතු වෙනම් නැහැ..යා දෙක නොරත රත ..සමග පැහිමක්නම් නැත.".. ඔබ තුමා ගැන තිබුණු ගෞරවය අවසානයි චම්පික මහත්තයෝ..හෙළ උරුමය කියන්නේ අද නාමික පක්ෂයක්..එකේ බලය පැවැත්ම තිබුනේ සන්ධානය මත..සන්ධානයේ සිංහල බොදු නියෝජනය වශයෙන්...දැන් එක අවසානයි..ඔබට හෙටක් නැත. (ස)
ඇත්තටම මහජනතාවට මේ විධායක ජනාධිපති ක්‍රමය එපාවෙලාද? මෑත කාලයේ නම් මහජනතාවට එකෙන් අවැඩක් උනේ නෑ. මේක ක්‍රමයේ වැරැද්දක් නොවේ. එතන ඉන්න පුද්ගලයාගේ වැරැද්ද . මීට ඉස්සෙල්ල හිටිය ජනාධිපතිවරුන් නම් (විජේතුංග මහතා හැර) ඕක පාවිච්චි කලේ නරක අතට. මේ තනතුර යහපත් අතට හොඳට යොදාගන්න පුළුවනි. එ්කෙන් තමා යුද්දය දිනලා මේ සංවර්දන වැඩ වෙන්නේ. රටක් ඉදිරියට එන එක තරම් ඉවසගන්න බැරි දෙයක් බටහිරයන්ට තවත් නෑ. ඉතින් ඔවුන් කරන්නේ ඊර්ෂියා කාරයෝ ටිකක් හොයල ඔවුන්ට බැකප් එකක් දීල ආණ්ඩු නන්නත්තාර කරන එකයි. මෙතැන ඉන්න ගොඩ දෙනෙක් ඊර්ෂියාව සහ වයිරය ඉහ වහා ගිය අය. මට පේන්නේ චම්පිකයි ගම්මන්පිලයි ගියේ රතන උන්නාන්සේගේ ඕනි කමට මිසක් කැමැත්තකින් නොවේ.(නදී)
මගේ නමින් කඩේ යන ජයලාල් ට ජය වේවා ! (නදී)
හෙළ උරුමය ගැන තිබුණු ගෞරවය එහෙම පිටින්ම නැති වෙලා ගියා. (ම)
කව්රු ගියත් සාමාන්‍ය ජනතාව මහින්ද මහතා සමගයි. බලමුකෝ මහින්ද පරද්දන විදිහ. (නදී)
සිල්වා හරි ! වෙන්න ඕනි එක තමයි. (ස)
නයි කයිද රෝස් පාන් කිව්වා (නදී)
මනෝජ්.... තව තියනවා කොටින්ගේ ඩයස්පෝරාව,ගෝලීය ද්‍රවිඩ සංගමය,ඔබාමා බන්කීමුන්, නවනීදන්පිල්ලේ ඒරික් සොල්හෛම් ....එන් ජී ඔ නඩ .....මෙයාල හැමෝගෙම බලාපොරොත්තුවත් ...එ්ක තමා....(නදී)
දී කිරි ..දී කිරි...ගෙනාවදීකිරි ..කාටත් හොඳ ගුණ ගෙන දෙන දීකිරි......මුට්ටිය බිදුනාම.....ඔක්කොම ඉවරයි....// (බ)
මොහාන්, බන්දුල පෙරේරාට කොහොමවත් එන්න බැහැ. (නි)
මම හොද උඩරට සිංහලයෙක්.. බෞද්ධයෙක් . ඔබලාගේ ජාතිමාමක තර්කානු කුල කතා පිළිගත්තු කෙනෙක් (මෛත්‍රිපාල මහත්තයත් අපේ මනුස්සය එය නරක නැහැ) නමුත් ඔබ කියන වැරදි ඇතත්..අපිව රෙක්කේ මහින්ද මහත්තය .. මෙච්චරි රණවක මහත්තය ලිබියාවේ ජනාධිපති ගල් පාරවල් කල මෙරුන හැටි අපි දෙකක්නේ.. ඔබ තුමාලා අපි අදරෙකරපු අපේ මහින්ද මතයට එක වෙනවා දකින්න තරම් ඔබතුම කාලකන්නි හිතක් නැතිවග අපි දන්නවා.. එත් ඔය වටේ ඉන්න අනිත් අය ඔය ටික කලොත් එදාට ඔබතුමාට එක නවත්තන්නත් බැරිවග තෙරුම් ගන්න (අ) මහින්ද මහත්තය ස්වාබවිකව මෙරෙනකම් මේ රටේ මිනිස්සු එතුමාව රකින්න ඕන.
මොනවා නැතත් හොඳ කතාටිකක්.... (නි)
නියම කතාව චම්පික මහත්තයෝ (නි)
දැන් ඉතින් ඔබතුමන්ලා ඔක්කොම බොඩි ආමර් අඳින්න කාලෙ ඇවිත්. බලාපොරොත්තු බිඳ වැටීම - කෝපය - වියරුව - පළි ගැනීම. මෙහෙම තමා වැඩ වෙන්නේ. (නදී)
ජයවේවා! බල සුබ නිමිති පෙර මග ලකුණටත් වැඩි! හෙළ උරුමය සිටි පැත්ත හැමදාමත් දින්නා...මෙදා පාරත් එය එලෙසමයි! (නදී)
බන්දුල පෙරේරා මැතිදුනි මෙහි එන්න මේ පෙරළියට දැන්වත් ඔබ ඇහැරෙන්න හොර බොරු මඩවලින් තව දුර බැහැ යන්න හෙට ඉර උදාවන මෙනි ජය කැට මෙන්න (බ)
රතන හාමුදුරුවනේ කවුරුත් බලයට එනකන් ඔය විදියට කතා කරනවා. එ්ත් බලය අතට ගත්තම හැමෝම විවිධ ආකාරයෙන් කරගෙන යන්නේ ඕකමයි. (බ)
එතකොට මහින්ද හොඳද? (නදී)
යහපාලනය , සමාජ සුභසාධනය, නීතිය ආරක්ෂා කිරීම වැනි දේවල් වෙනුවට විපක්ෂය භේද භින්න කිරීම, විරුද්ධ මත දරන අය එකිනෙකා කෙටවීම, මුදලට විරුද්ධ පාක්ෂිකයන් මිලදී ගැනීම, බරපතල වැරදි කළ විපාක්ෂකයින් එම වැරදි වලින් බේරා ඔවුන්ව තමන්ගේ අනසකට යටත් වහලුන් ලෙස යොදා ගැනීම ආදී මෙකී නොකී වැරදි ඉදිරි ආණ්ඩුවකදී දකින්න නොලැබේවා කියා පතමි. (නදී)
තෙන්නකෝන්, දවල් හීන බලන්න එපා. ලංකාවේ ඉන්නේ ශීලාචාර මිනිස්සු. කොච්චර වැරදි තිබුනත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. (නි)
ටී.එන්.ඒ එක මත් ද්‍රව්‍ය පනතට ඡන්දෙ දීපු එක කොහොමද දෙමල ඉල්ලීම් එක්ක සමාන කරන්නේ. ඉරිසියාව නිසා තමුන් නැසෙන එක ගැන දුකයි (නදී)
මේ වගේ මහගු අවස්ථාවක් ආයේ ලැබෙනේ නැහැ. දේශපාලන වෛරයෙන් තොර දුශිතයෙන් තොර පවුල් වාදයක් නොමැති සමගි ආණ්ඩුවක් පිහිටුවන්න මේක තමා හොදම අවස්ථාව. (අ)
පුදුම කැද හැලියක් නේ. එක එක්කෙනාට ඕන දේවල් කියනවා. (නදී)
මේ දේ නම් කවදාවත්ම සිදු කරන්න එපා.(හේ)
වර්තමාන ජනාදිපතිතුමා රට එක් සේසත් කල රජෙක් විදියට තව පාරක් ඉල්ලන්නේ නැතිව වෙන කාටහරි දී අයින් උනානම් හොදයි. රටේ ත්‍රස්ත වාදය අවසන් කර වේදිකාවල විවේචනයට ලක්වෙනවට වඩා පැරදුනත් මිනිසුන්ගේ හදවතේ සදා රැදෙනු ඇත. නිකමටහරි පැරදුනොත් මහා අපරාදයක් (නදී)
අපි කැමතියි මේකට රනිල් මහත්තයා මොකද කියනේ බලන්න. (නදී)
චන්ද්‍රිකාත් එක්කද ඕවා කරන්න යන්නේ. (නදී)
බලන් ගියාම මේ ඔකොම හොද මිනිසුනේ.(දිල්)
බලයට එන්න ඉස්සෙල්ල ඕන තරම් පොරොන්දු දෙයි(දිල්)
මෛත්‍රීපාල මහත්තයා දන්නවා මේ රට අද ගෙන යන්න ජනාධිපති තුමන්ට හැර වෙන කාටවත් බැහැ කියලා.කිසිම නායකයෙක් ජනතාවට සේවය කරලා නැහැ.ජනපති තුමනි ඔබතුමාගේ ජය ස්ථිරයි.(හේ)
හෙළ උරුමයේ ඉන්නේ උගත් බුද්ධිමත් අය බව අපි කවුරුත් දන්නවා. එන්.ජී.ඕ. සල්ලි වලට යටවෙලා මේ ඡන්දෙ මෙහෙයවනවා කියන බේගල් ඔබේ ආගමනයත් එක්ක පුස්සක් වුණා. (ර)
මේක ප්‍රජාතාන්ත්‍රික රටක් වුනාට දැන් රාජාණ්ඩුවක් පවත්තගෙන යන රටක් බවට පත් වෙලා. (නදී)
ඔබතුමා බුද්ධිමත්, උගත්, මන්ත්‍රී කෙනෙක් ලෙසට යම් පිළිගැනීමක් ඇතත්, දේශපාලන පෙරළියකින් අපේක්ෂිත අරමුණු කරා ලඟාවීමේ සැකය බැහැර කළ නොහැක. එබැවින් මෙම වෙනස අපේ රට තවත් අගාධයකට තල්ලුකර පසුව ජනතාවගෙන් සමාව ගැනීමට වේදිකාවට නොනගින්න. (නදී)
ඕවා කරයි කියලා කාටද විශ්වාස ? (නදී)
ඔබතුමන් ලාත් දැන් කේන්දරේ බලා ගන්න. (නදී)
පොදු අපේක්ෂකෝ බෞද්ධ නොවන ආගම් ගැන කතා කරන්නේ නැහැ. එ් මොකද. ජාතික හෙළ උරුමය අනෙක් ආගම් වලට විරුද්ධව වැඩ කළා ඒක හරිද? (නදී)
දැන් ඔක්කොම හොඳයි ඡන්ද දායකයන් වන අපි ඇරෙන්න. (ර)
බලාගෙන යන කොට මේ තියන විධිය හොදයිනෙ? මෙතන අදහස නූල් බෝලයක් වගේනෙ? අපි ලඟට එනවා නම් හැම කෙනාම හොදයි කියන ප්‍රතිපත්තිය. (ර)
සමගිය බලය වේ. රට හරිමගට ගන්න සියලු දෙනා එකතු වීම සතුටට කරුණක්. මෙතන වෙන්නේ පොදු වැඩ කටයුක්තක්. ඒ හැම දෙයක්ම බලපාන්නේ රටේ අනාගතයට. අපේ දරුවන් හට ඉතින් කොහොමද කැද හැලියක් වෙන්නේ දැන් රටේ තියෙන්නේ මඩ හැලියක් (නදී)
අදහස් දාන සමහරුන්ට මේ වගේ කතාවක් වත් දිරවන්නේ නැහැනේ. මෙයාල ලාංකිකයෝද නැත්නම් ඉන්දියාවෙන් ආව කට්ටියක්ද කියල සැකයි. මේ රටට යහපතක් වෙනවට මෙච්චර බය ඇයි? වාසි ගන්න මැති ඇමතිවරු වගේනේ. (නදී)
යහ පාලනයකින් යුතු ආණ්ඩුවකට මම බන්දුල පෙරේරා මහතාටත් ආරාධනා කරනවා. (නදී)
මෛත්‍රි මහත්තයාගේ බඹරේ වැල්ලේ කැරකෙන කාලය ඇවිත් .යුඑන්පි,හෙළ උරුමය ,ජේවිපි ,සරත් පොන්සේකා ,ද්‍රවිඩ සංදානය තව .එතුමාට තරඟයක් නැති පාටයි. (අ)
අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් සැලකු හෙළ උරුමයට රතන හාමදුරුවෝ පැන් වඩවා පාංශ කුලය දීල අවසන් කටයුතු කරවා අහවරයි. දැන් තියෙන්නේ හොද සොහොන් කොතක් බදින්න විතරයි..උන්වහන්සේ ඒකත් කරාවිද?(දිල්)
ඔයා සිහින දකිනවද ? මහින්ද තමයි රටේ ජනපති. අපි මහින්දට (නදී)
අනුන්ගේ වැරදි හදාගන්න ඉඩ හැර අපි රට වෙනුවෙන් අපේ යුතුකම් ඉටුකරමු. ඒ අ සඳහා පෝස්ටර් කටවුට් බැනර් ඉටිකොළ අවශ්‍ය නෑ. සල්ලි වියදම්කරන්න පරිසරය විනාශ කරන්න ඕන නෑ. අපි අපේ ඡන්දය ඊට වඩාත් සුදුසුම පුද්ගලයාට බැතියෙන් ලබා දෙමු. (නදී)
ඔව් මොහාන් අපිට විකට කටයුතු පිළිබද ඇමති කෙනෙක් නැතිව කොච්චර කල් බලන් හිටියද ? (නදී)
ඇත්තටම මහින්ද මහතාට තිබුනේ තව අවුරුදු 2 ක් කාලය තියෙන නිසා ඒ කාලය ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරලා මහජනයා වෙනුවෙන් හොද තීරණ ගන්නයි දැවෙන ප්‍රශ්න විසදන්නයි රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වයට ගේන්න.(නදී)
දසුනි, ඔය තවම පොඩි වැඩියි. කියනකොට මොනවා කියන්න බැරිද. කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. 1960 ඉඳන්ම එහෙම තමයි. මොකද විපක්ෂේ ඉන්න කොට බලයට එන්න ඕනෑම දෙයක් කියනවා. පස්සේ ඒවා කරන්න ඕනේ නැති බව ඒ ගොල්ලෝ හොඳට දන්නවා. (නදී)