උතුරු මැද ආහාර, සමූපකාර, කර්මාන්ත පේෂකර්ම හා ග්‍රාම සංවර්ධන ඇමැති ලෙස මහ ඇමැති රංජිත් සමරකෝන් මහතා ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අද උදේ 11 වන තුරු එම පදවිය දැරූයේ පොළොන්නරුවෙන් පළාත් සභාවට තේරී පත්වූ පේෂල ජයරත්න මහතාය.
ඔහුට සමීප ආරංචි කියනුයේ ඔහු ඇමැතිකමින් ඉවත් කළ බව මෙතෙක් ඔහුට දන්වා නැති බවයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වීමෙන් පසුව පොළොන්නරුවේ පැවැත්වූ සන්ධාන රැස්වීමට ද, ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී පැවැති රැස්වීමට ද ජයරත්න මහතා නොගිය බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ අළුත් එක්කෙනාගේ වැඩ කටයුතු කොහොමද කියලා (නි)
එදා උතුරු මැද පළාතේ අධ්‍යාපනය හදන්න හිටිය හොදම මහත්තයෙක් උතුරු මැදට නැති වුනා. ඒ මෙතුමාගේ නොනැමෙන කමට.(නදී)
මේ දවස් වල ටොයිලට් යන්නත් ඇමති වරු බය ඇති. එලියට එනකොට පුටුව ගිහින්,, දිට්ට ධම්ම වේදනීය කර්මය ලුහුබඳිනවා (නදී)
ඕවා ඉතින් ඔහොම තමයි (නි)
ඉස්සරහට මිට වැඩිය දරුණු පුවත් අසන්නට දකින්නට ලැබෙයි, මේ පටන් ගැනීම විතරයි. (නදී)
එහෙම කරන්න පුලුවන්ද කචුද දන්නේ එතුමට අසනීපයක්ද කියල හරිම අසාදාරන වැඩක් මහා ඇමති කරලා තියෙන්නේ. මෛත්‍රීපාල මහතා රජයෙන් ඉවත් උනා කියල මෙතුමා ගියේ නැහැනේ. (නදී)
ඔන්න කනෝ පිනුම්. (නදී)
තව කී දෙනෙක්ගේ ඇමතිකම් භාර ගන්න වේද?.(හේ)
වෛරී දේශපාලනයක් කරන්නේ නෑ කියලා පැය 24ක් ගියේ නෑ මං හිතන්නේ.(හේ)
තවත් එක ඡන්දයක් සන්දානයට අඩු උනා (නදී)
ඔහොම යන් (නදී)
දයාබර මිතුර, ඔබට දිගු ගමනක් යා හැකියි. සත්‍යය නුදුරේදීම ජය ගනු ඇත. එදා ඔබ උතුරු මැද දුවාදරුවන් වෙනුවෙන් ඇරඹූ සටන වැඩිකල් නොගොස් යළි ආරම්භ කළ හැකියි. ඔබට ජය! (නි)
මම මේ බන්දුල අයියගෙන් අහන්නමයි හිතන් හිටියේ සුමනදාසට මොකද වුනේ ? (නදී)
පේෂල ඇමතිතුමා එකක්ත් තව අය ඉන්නවා. ඒ අයගේ ඡන්දත් අඩුවෙනවා නේද. මේක වෛරී දේශපාලනයක්. (හේ)
එතකොට මෙයාගේ ෆයිල්.(හේ)
ඉල්ලගෙන කන්න යන්නේ (නදී)
බටන්ගලගේ අර නැකත් බලන වෙලාවේ නැතිවෙච්ච එක තාම හම්බ වුනේ නැද්ද? (අ)
ඔය පත්වීම් දෙන්න හදිසි වෙන්න ඕනේ නැහැ, කියලයි මමනම් හිතන්නේ.(හේ)
දැන් ඔබට හරි තීරණයක් ගන්න පුළුවන් .(හේ)
වෛරීය දේශපාලනය කියන්නේ මේකට.(හේ)
මේවා දැක දැක තවත් ඉවසනවද ? (නදී)
බන්දුලට පුදුම මතකයක් තියෙනව වෙන මාතෘකා වලට දුන්න ප්‍රකාශ ගැනත්. මේක පුර්ණ කාලීන රස්සාව වෙන්න ඇති. පව් ඉතින් තව ටික කාලයනේ. (නදී)
කට්ටිය දැන්ම බය වෙලා වගේ.(හේ)
ඒ ක්‍රියාව අනුමත කරන්න බෑ.(හේ)
මෛත්‍රී යුගයක් ලගදීම.(හේ)
ඔහු හොඳ උගත් වැදගත් විදියට දේශපාලනය කරන මහත්මයෙක් (නි)
දැන් මෙතන පලී ගැනීමක් වෙලා තියනවනේ.(හේ)
දැන් කට්ටියට තේරෙනවද කට්ටියගේ ඇතුල් පැත්ත.හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්.(හේ)
ජනවාරි 8 වෙනිදා සියලුම ශ්‍රී ලාංකිකයන් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා .(හේ)
තව කී දෙනෙක්ට මේ වගේ තනතුරු අහිමි වෙයිද?(හේ)
ඉල්ලන් කෑම හා බෙදාගෙන කෑම. (නදී)
සාධාරණය වෙනුවෙන් පෙනී සිට තනතුරු නැති වුවත් අපි ඔබ සමගයි.(හේ)
අයියෝ! මේ මොකද වෙන්නේ? (නි)
බටන්ගල ඔබ හරි. අපිට නම් එසැණහි අකුරු කොටන්න කාලය හොයා ගන්න පුළුවන් රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා පැය කිහිපයයි. නමුත් පඩිතුමා පැය 24 ම අන්තර්ජාලයේ ඉන්නේ ඔබ කිව්වා වගේ. ඔහුගේ පුර්ණකාලින රැකියාව මේක තමයි. එසැණ විතරක් නොවෙයි තව තැන් තියෙනවා අන්තර්ජාලයේ, මෙයා පාට්ටයිම් වැඩ කරන. (නදී)
වෛරී දේශපාලනයක් කරන්නේ නෑ කියලා පැය 24ක් ගියේ නෑ දැන් කට්ටියට තේරෙනවද ඇතුල් පැත්ත. (නදී)
හරිම අසාධාරණයි.මෙහෙම ගියොත් ඉස්සරහට කටක් ඇරලා කතා කරන්නවත් වෙන එකක් නෑ.(හේ)
මේ අය මෛත්‍රිපාල මහතාගේ හිතවතුන් නිසා ඒ අයට තීරණයක් ගන්න පහසු කරන්න තමයි මෙහෙම කරන්න ඇත්තේ. දැන් බලන්න මෙතුමාට දෙපාරක් හිතන්නේ නැතිව පොදු අපේක්ෂකයාට සහය දක්වන්න පුළුවන්නේ.(හේ)
මකුණෝ ඔක්කොටම එකම උණුවතුර.(හේ)
මේවට තමා දේශපාලන පළිගැනීම කියන්නේ (දිල්)
විධායක බලතල (දිල්)
අත්තෙන් අත්තට්ට පනින්න යන අයට ඔහොම වෙන්න ඕන.(හේ)
දැන් ඔබට හරි තීරණයක් ගන්න පුළුවන් .මෛත්‍රී සමග යන්න ජනතා සහ යෝගය නියතව ලැබෙනවා .ඔබට ජය.(හේ)
ඕකට කියන්නේ ඒකාධිපති වියරුව.(හේ)
අන්න සැලුන් දොර වහනවා.(හේ)
දැන් ඉතින් කට්ටියගේ යාළුවො විතරක් නෙවෙයි නැන්දම්මලා බාප්පලා ඔක්කොමලා එලවාවී. (නදී)
ඡන්දෙට හත් ගව්වකට කලින්ම අර ගන්නේ නැති කිව්ව පලිය ඔය ශෝක් එකට අරන් තියෙන්නේ. අපේ සින්දු කියන ආණ්ඩුකාරතුමා නම් ඔක්කොම දන්නවා ඇති නේද? (නදී)
වෛරී දේශපාලනයක තියෙන පටු අදහස් මේ ඉවක් බවක් නැති පත්කිරීම් තුලින් අපුරුවට කියවෙනවා. (ස)
අහලා ඇතිනේ බෙන්තර ගගෙන් එහා කතාව (නදී)
පයිල් ඇදලා වත් අදින්නේ වත් නෑ.. වෙන දෙයක් තමා ඇදල තියෙන්නේ. (නදී)
මේ වගේ වැඩනම් අනුමත කරන්න බෑ.(හේ)