මාතර හිටපු දිසාපතිවරයකු වූ ගාමිණී ජයසේකර මහතා (69) අභාවප්‍රාප්ත විය. 2004 සුනාමි සමයේ විපතට පත්වූවනට මෙහෙයක් ඉටු කිරීම ඔහුගේ දිසාපති ජීවිතයේ කැපී පෙනුණු ලක්ෂණයකි. ඔහුද සුනාමියට අසුවී උදම් රළ පහරට ගසාගෙන ගොස් ගසක එල්ලී ජීවිතය බේරා ගත්තේය.
මාතර බටුවිට පදිංචිව සිටි ගුරු යුවළකගේ පුතකු වූ ඔහු මාතර බටුවිට පාසලින් මූලික අධ්‍යාපනය ලැබීය.
අඟහරුවාදා (6) සවස 6ට මාතර පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා උතුම් මිනිසෙක්. නිවන් සුව පතමි. (ම)
ජීවත්වුණා මිනිසෙකු ලෙස සේවේ කර.... සුනාමියේදී ඔහු ඇද්දා බොහෝ බර.... අවසන් ගමන ලියවී තිබුනත් මෙහෙම..... සුවබර උපතක්ම හිමිවෙයි කළ පිනට! (නි)
ගාමිණී ජයසේකර මහතා මෑත කාලයේ බිහිවූ විශිෂ්ට පරිපාලන නිලධාරියෙක්. සුනාමියට අසුවී අසීරුවෙන් දිවිගළවාගෙනත් එම මොහොතේම කාර්යාලයට පැමිණ විපතටපත් ජනතාව වෙනුවෙන් තම වගකීම් ඉටුකළ නිලධාරියෙක් බවටයි එතුමා ප්‍රසිද්ධ. සුනාමියෙන් පසුව තමන්ගේ වැඩිමල් පුතා ගැන ආරංචියක් නැතුව තිබියදීත් එතුමා තමන්ගේ කාර්යාලයේ රැඳී සිටිමින් මාතර ජනතාව වෙනුවෙන් තම වගකීම ඉටුකරපු බව ප්රකටයි. ඔහු වැනි මිනිසුන් රටට අවශ්‍යම මොහොතේ මෙහෙම සමුගෙනයාම දැඩි කණගාටුවක්. ඔබට නිවන් සුව! (නි)
මෙතුමා ගැන සුනාමි වෙලාවේ එතුමා කරපු සේවය ගැන මමත් අහල තියනවා. උතුම් ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඔබ තුමාට නිවන් සැප ලැබේවා (බ)
හොඳ අයටත් 69 මාරකයක්ද? (බ)
පැතුම් පතමු මෙවන් අයෙකු යළිත් ලබන්න
සුනාමියට වඩා මිනිසත් කමින් වැඩි මිනිසෙක් (බ)