රාජපක්ෂත්, රාජපක්ෂගේ පවුල් පාලනයත් මේ රටත් රටේ ජනතාවත් දැඩි අගාධයට තල්ලු කරමින් කප්පම්කාරයෝ, හොරු දූෂිතයෝ, පගාකාරයෝ, කුඩුකාරයෝ එතනෝල්කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඔවුන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව හොර ගුහාවක් බවට පත් කළා නේද යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නිට්ටඹුව දංගොල්ලවත්තේදී ප්‍රකාශ කළේය.
අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ ජවිපෙ ප්‍රධාන කාර්යාලය දංගොල්ලවත්තේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඒ බව කීවේය.
‘කප්පම්කාරයන්ගෙන් වැඩියෙන්ම පීඩාවට පත්වුණේ මේ අත්තනගල්ල ජනතාවයි. අහිංසක රඹුටන් වෙළෙඳුන්ගෙන් පවා කප්පම් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ තමයි රාජපක්ෂත්, රාජපක්ෂගේ පවුල් පාලනයත් පළවා හැරීම සඳහා පළමු වෙඩි මුරය පත්තුකෙරුවේ. චන්ද්‍රිකා හිටපු ජනපතිනිය ඒකට නොබියව මුහුණ දුන්නා. එදා අපි කිව්වදේ අද ඔප්පු වෙලා තියෙනවා නේද? මෛත්‍රිපාල මහතාව ජනපති පුටුවේ වාඩි කළේ හොරුන්ව ආරක්ෂා කරන්නද? හැට දෙලක්ෂයක් ජනතාව පාවා දීලා අද මෛත්‍රී මහත්මයා කොහාටද යන්නේ? මෙය වහාම වෙනස් කළ යුතුවෙනවා. මෛත්‍රී රනිල් එකතුවට මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බැහැ. රටේ ජනතාවට අයිතීන් ලබාදෙන්නත් බැහැ. රටේ ජනතාවගේ සැබෑ අයිතීන් ලබාදෙන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණු පාලනයකට විතරයි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල්ද? (බ)
අපි බලමු හෙට වෙනතුරු (නි)
ජනතාවට ඇත්ත පිළිගන්න සිද්ධවෙනවා (නි)
ඕගොල්ලන්ගේ පක්ෂේ හොඳයි. ඒ උනාට ඕගොල්ලෝ ඒ තරම් හොඳ නැහැ. ඒක කියන්නේ මම නොවෙයි ජනතාව. ඕගොල්ලන්ට ඕනේ විදියට නොවෙයි රටේ ජනතාවට අවශ්‍ය විදියට පක්ෂය තනා ගෙන ඔයගොල්ලොත් රටට ගැලපෙන විදියට වෙනස් උනොත් තව වසර 20 කින් විතර ඕගොල්ලන්ට බලයට එන්න පුළුවන්. (බ)
මේ රටේ හොඳ කමෙන්ට් වීරයො ටිකක් ඉන්නවා. දේශපාලකෙයො කියන්නෙ වෙන රටකින් ගෙනත් දාපු අය නෙමෛයි. ඒ කියන්නෙ තමන්ගෙ දරුවා සොරකම් නොකරන මිනිහෙක් කරල පාර්ලිමෙන්තුවට යවන්න පුළුවන් කමක් තියෙන එක මිනිහෙක්වත් මේ රටේ නෑ. සොරකම් නොකළ මිනිසාවත් සොරා කියමින් එළවා දැමුවා. ඒ තරමට හොරු. (නදී)
මෛත්‍රී මහතා නිවැරදියි කියලයි මට හිතෙන්නේ (නි)
තව ටික දවසනේ. අපි බලමුකෝ (නි)
නුඹ නාඬන් නුඹ නාඬන්... (නි)
ශානකලට දවල් තරු පෙනෙන්න බවත් නොදැනෙන එකනේ පුදුමේ (බ)
ඇයි දුකයිද. ? (බ)
මුන්ගේ කටවල් විතරයි වෑඩ නැහැ අන්තිමයි (බ)
ඔබතුමන්ලා ගේ පෝස්ටරයක් අද අපේ නගරයේ දුටුවා. 'දේශයේ හෘද සාක්ෂිය' යනුවෙන් එහි ලියා තිබුණා. එ වේලේ මට හිතුණේ 'දේශයේ ද්වේශය' හෝ 'දේශයේ හෘදාබාධය' කියා ලිවුවා නම් වඩාත් අර්ථාන්විත වනු ඇතියි කියා. (නදී)
මේ කතා අහලා එපාවෙලා තියෙන්නේ. (නි)
සීනුව හෙල්ලුවට සද්දේත් නැහැ- මිනිස්සුත් නැහැ , අපි ගන්ටාරයක් දෙමු මෙයාලට නාද කරන්න එතකොටවත් මිනිස්සු එකතුවෙයි මෙයාලගේ සුරංගනා කතා අහන්න (බ)
62 ලක්ෂයේ සිංහල කොටස් මෛත්‍රී සමග බව දැනගනු. (බ)
ඔබතුමා ඕකට ඔච්චර කෑගහන්න ඕනෑ නැහැ.ජනතාව හරි වැරැද්ද නියමෙට කියාදෙයි. (නි)
දැන් ඕවා කීමෙන් වැඩක් නැහැ (නි)
නිල්,කොළ කට්ටියට ඡන්දය දීලා අපි හැමදාම රැවටුනා විශ්වාස කරන්න තියන්නේ දැන් ජ.වි.පි.විතරයි (නදී)
සමහර අදහස් දැක්කහම පුදුමත් හිතුනා (නි)
රොෂාන්,මේ කටවල් ටිකත් නැත්නම් මෙහෙමවත් ලංකාවක් තියෙන එකක් නැහැ (නි)
දැන් අපි මොනවද කරන්න ඕනෑ? (නි)
සිංහල කොටස් කියනවාට වඩා හොඳයි ජාතිකවාදී කොටස් කියනවා නම්, මොකද මහින්ද ජාතිවාදී නෑ. (නදී)
සහතික ඇත්ත යහ පාලනය වතුරේ යයි දුසිතයන් පාර්ලිමේන්තුවට. ජවිපෙ වටා එකතු වෙමු !ජය වේවා ! (නදී)
ජනතාව ගන්නා තීරණය උඩ සියල්ල විසඳෙයිනේ (නි)
ජනතා විමුක්ති පෙරමුණ අනුන්ට කඩේ නොයා සිංහල බෞද්ධ ප්‍රතිපත්තියක් අනුගමනය කළා නම් අද හොඳ තැනක ඉන්නවා (නි)
මම නම් මේ කතාවට එකඟයි (නි)
තමන්ම තමන්ට මහන්සියෙන් යමක් හම්බ කරගෙන කන්න දේශපාලඥයින් කවදා ඉගෙනගනීවිද? (නි)
මැණික් ගලේ පය හැපුනට කණා හඳුනලා ගනීද කිවුවලු! (නි)
ඒ ගැන ජනතාව බලාගනීවිනේ! (නි)
ජ වී පෙ කතා කරන්නේ දූෂණය ගැන විතරයි. එ්කෙන් තමා ජීවත්වෙන්න හදන්නේ. හොරකම් කරනවට මෙයාල කැමතියි. එතකොට අපි හොරු අල්ලන්නම් කියා කියා ඉන්න පුළුවන් ජීවිකාව විදියට. රටේ ආර්ථිකය හදන හැටි, ජාතික ආරක්ෂාව ගැන වචනයක් කියන්නේ නෑ. බෙදුම්වාදීන් ගැන වචනයක් කියන්නේ නෑ. මහින්ද මහින්ද කියා කියා ඉන්නවා ඡන්දෙ දෙයි කියල බලන් ඉන්න (නදී)
ජනාධිපති තුමා ජෙව්පී එකේ සහ එන්ජිඕ නඩේ රූකඩයක් උනානම් මෙම විවේචන නැහැ. හොඳට හිතල බලන්න මෙයාලගේ පදේට නටනවා නම් විතරයි මෙයාලගේ සෙනෙහස තියෙන්නේ. ඉතිහාසයයේ හැමවිටම මෙහම වෙලා අධි තක්සේරුවකට එනවා. නියම තක්සේරුව පෙනුනට පස්සේ ද්වේශ සහගත වෙනවා. මෙයාලගේ හැම ජන්ද ව්‍යාපාරයක්ම බල්ලන්නකෝ. ගම් මට්ටමේ හිත හොඳ දහසක් දෙනා නිතරම වල්මත් වෙනවා. මෙම හිත හොඳ අය ප්‍රධාන දේශපාලන දහරාවට සම්බන්ධ වෙනවා නම් එයට රිංගන හොරුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. මොවුන්ගේ ව්‍යාපෘතිය වන්නේ ගම් මට්ටමේ අවංක මිනිසුන්ගේ දේශපාලන දිශානතිය විකෘතී කිරීම. තරුණ පරම්පරාව මේ ගැන අවදී සිතින් බලත්වා! (නදී)
මහින්ද මහත්තයාට හොරා කියන එක මන්තරයක් වගේ කියනවා, වෙන කියන්න දෙයක් නැහැ. ඉතින් ගොබල්ස් තියරිය අනුව යු එන් පි සහ ජේ වී පි ඔක්කොම එකම මන්තරයනේ මතුරන්නේ. සටන් පාඨ එකම තැනින් හැදෙන්නේ. බැලුවහම මහින්ද මහත්තයා මොකුත්ම කරලා නැහැ. (නි)
ජවිපෙ කවදත් ජනතා හදවතට සමීපයි (නි)
ජවිපෙට ජයවේවා! (නි)
සමහරුන්ට නම් වෙන්න යන දේ ගැන දුකයි වගේ (නි)
67 අවුරුදු තට්ටු මාරු දේශපාලනය අවසන් කළ යුතුව තිබේ. ඒ සඳහා ජනතාව වෙනුවෙන් නිරතුරුව සටන් වදින අවංක අව්‍යාජ මිනිසුන්ගෙන් සැදුනු ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් මෙවර උදා කරදෙමු. සීනුව දිනවමු...(බ)