ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ආරාධනය මත රෝමය බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වතිකානුවේ දී අද (14) පාප්තුමා හමුවිය.
ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරවලින් හෙබි සුහදශීලී ජනතාවක් වෙසෙන ස්වාභාවික සෞන්දර්යයෙන් ද අනූන රටක් ලෙස තමා දකින බව පාප්තුමෝ කීහ.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සාමය වෙනුවෙන් ජනාධිපති ගෙන යන වැඩපිළිවෙළට සිය ප්‍රසාදය පළ කළ පාප්තුමෝ ලෝකයේ දැනට සිදුවන දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා පරිසරය සුරැකීමේ වැදගත්කම ද පෙන්වා දුන්හ.
ලෝකයේ යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය යුද ආයුධ නිෂ්පාදනය නතර කිරීම බව අවධාරණය කළ පාප්තුමෝ සරල දිවි පෙවෙත සහ සාමය සඳහා කැප වූ නායකයකු ලෙස ජනාධිපති පිළිබඳව සමීප ලෙන්ගතුකමක් තම හදවතට දැනෙන බව ද සඳහන් කළහ.
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික ඇමැති ජෝන් අමරතුංග, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා ද මේ ගමනට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහිළුවක් තමයි. දැන් රට සංවර්ධනය වෙයි. ඔහොම කිව්වම. අධිරාජ්‍යවාදී යුගවල සිද්ධවුනෙත් ඔය ටික තමයි. (බ)
මෙහි ඡායාරූප වල සිටින කට්ටිය දෙස කල්පනාවෙන් බලනවිට කලින් ක්‍රියාවලියම සිදුවෙමින් පවතින බව පෙනේ. ඔහොම යන්න. බොහොම හොඳයි. (නි)
අති උතුම් පාප් වහන්සේ නොවේ , ලෝක බලවතා බරක් ඔබාමා කිව්වත් , නායකයෙකුගෙන් බලාපොරොත්තු වන්නේ ප්‍රධාන වශයෙන් සරලකම නොවේ , නිවැරදි තැනදී , නිවැරදි වෙලාවට , නිවැරදි තීරණ ගැනීම හා තව නායකත්ව ලක්ෂණ ඇත. අනු පිළිවෙළින් . කරුණා කර අනතර්ජාලය නායකත්ව ලක්ෂණ බලා අදහස් දාන එක හොදයි නේද ? එවිට බලන්න සරල කම තියෙනවාද ? කීවෙනි ලක්ෂණයද කියලා ? ඉන්පසු මෙතුමාගේ නායකත්වය ගැන හොදින් සන්සන්දනය කර බලන්න (බ)
අපිට හරිම සතුටුයි. (නි)
නායකයෙක් වුණාම සරල වෙලාම බෑ.අවස්ථාවට අනුව වෙනස්විය යුතුයි. (ම)
මෙය ශ්‍රී ලංකාවටම ලද ජයග්‍රහණයක්. ලෝකයේ සිටින පිළිගත්ම නායකයාගෙන් අපිට තිබෙන පිළිගැනීම සැම පැත්තකින්ම වටිනවා (නි)
නායකයා තම සරලකම නායකත්ව ලක්ෂණයක් කර ගැනීම වැදගත්ය (ම)
ඒ කතාවට අපිත් එකඟයි (නි)
මේ කට්ටියට සංචාර වලට යන වියදම් ගෙවන්නේ කොහොමද? (නි)
ඔබට අපි අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා ජනපතිතුමනි (නි)
අපි ලාංකිකයින් හැටියට ඔහු ගැන ආඩම්බර වියයුතුයි (නි)
ඇත්තටම ඔබතුමා අපිට ආඩම්බරයක් (නි)
ඔබවහන්සේ නිවැරදියි (නි)
මේ කතාවට අපි සම්පූර්ණයෙන් එකඟයි (නි)
ඒ වගේම නිහතමානී නායකයෙක් (නි)
රටේ ප්‍රෞඪත්වය රැකෙන විදියට වර්තමාන ජනාධිපතිතුමා සිටින ආකාරය ගැන අපිට ආඩම්බරයි. සමහරුන්ට නොපෙනුනාට මේවත් වැදගත් දේවල්. (නි)
ඔබතුමා නියම සිංහල නායකයෙක් (නි)
සරල කම කටින් විතරක් බව දැන් හොඳටම පැහැදිලියි. ඒවා ගිලින අය ඉන්නකම් රටට දෙවියන්ගේම පිහිටයි ! (ම)
ජනාධිපතිතුමා සරල නායකයෙක්. ඒත් එකතුවුණ සමහර කට්ටිය හරි නැහැ (නි)
සරල නොවුණාට කමක් නැහැ. නියම නායකයෙක් වෙලා රටට වැඩක් කරන්නයි ඕනෑ. (නි)
පාප්තුමා වැනි කෙනෙක් මෙහෙම කියන එකම ඇති අපිට. ඔබවහන්සේ නිවැරදියි. මෙය ශ්‍රී ලංකාවම ලද ජයග්‍රහණයක්. අපිට හරිම සතුටුයි. ලෝකයේ සිටින පිළිගත්ම නායකයාගෙන් අපිට තිබෙන පිළිගැනීම සෑම පැත්තකින්ම වටිනවා (නි)
හරීම සරල නායකයෙක්...(බ)
හොද පෙර නිමිත්තක්. (ම)
රෝමය ගිනි ගනිද්දි නිරෝ විනා වාදනය කරාලු නේද අපේ පාර්ලිමේන්තුවත් හොඳටම ගිනි අරන්.......(බ)
නියමයි (බ)
පාප්තුමා වැනි කෙනෙක් මෙහෙම කියන එකම ඇති අපිට. ඇත්තෙන්ම හරිම සතුටුයි (නි)
නමුත් දුන් පොරොන්දු සරල ගීත වගේ නම් නොවේවා! (නි)
නිහතමානීකම අවංකවම අගයන ජාත්‍යන්තරයක් අපට ඉන්නවාද කියන එකයි ප්‍රශ්නය.නිහතමානීකම මෙන්ම සෘජු හා ප්‍රතිපත්ති ගරුකවීම නායකයකු තුළ තිබියයුතුම ගුණාංගයි.(ම)
මහානාම ඔයාගේ කතාව හරියටම හරි. (ම)
එතුමාගේ සරලබව සැමටම ආදර්ශයක් (නි)
එතුමාගේ සරල චාම් බවට අපිත් කැමතියි (නි)