මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාලත් ශ්‍රීලනිප ලේකම් ලෙස පත්කෙරුණු දුමින්ද දිසානායකත් ඔවුන්ගේ කටයුතු හිටපු ලේකම්වරුන්ගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (14) කොළඹ දිසා අධිකරණයේ අතුරු වාරණයක් ලබාගත්හ.
ශ්‍රීලනිප සභාපති ලෙස ලැබී ඇති බලතල අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා ඉවත් කැර ඒ වෙනුවට වර්ණපාල හා දිසානායක පත්කර තිබිණැයි අධිකරණයේදී කියැවිණි.
සන්ධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත හා ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාගෙන් තම රාජකාරි කරගෙන යාමට ඇතිවිය හැකි අවහිර වළක්වන ලෙස ඒ දෙදෙනා අතුරු තහනමක් පැතූහ.
කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටික කලින් කරා නම් ඉවරයිනේ (නදී)
අපේ අතිගරු ජනපතිතුමා නියම කොන්ද පණ ඇති මහත්මයෙක්. ජයවේවා! (නි)
මේක කරන්න තිබුනේ මුලින්මයි.ප්‍රමාද වුණා වැඩියි. (නි)
යහපාලනය කියන්නේ 100% ක් නිවැරදි හා සාන්තුවරයෝ වගේ ඉන්නවා කියන එකවත්, අනුන්න කරන කපටි වැඩ දිහා නිකන් බලන් ඉන්නවා කියන එකවත් නෙමෙයි. වැරදි දුටු තැන නිවැරදි කළයුතුයි. (නි)
යහපලානය දැන්නම් අච්චාරු හැළියක් වගේ වෙලා (නි)
ශ්‍රීලනිපය මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ වූ වගයි.(ම)
මේ හැම ලේකම් ල ගැන මෛත්‍රී මහත්තයා තමා දන්නේ (අ)
ජාතියේ පිනට පහල වූ කොන්දක් ඇති ජනාධිපති වරයෙක්...(අ)
හරිම ෂෝක් නේද. හරිම ප්‍රජාතන්ත්‍රවාදී. (අ)
යහපාලනය අච්චාරු හැළියක නෙමෙයි. හරියට ලුණු ඇඹුල් දාලා හදාගත්ත සුප් එකක් වගේ ඒකේ රස දැනෙන්නේ හරියට අවබෝධ කරගත් විටයි. දැන් ඒ සුප් එක හදන්න පටන් අරගෙන. රටට ජයවේවා! (නි)
ඔහොම යමු ඔහොම යමු තව තව සෙල්ලම් හෙට අනිද්දා දකින්න ලැබෙවී ලංකා ඉතිහාසයේ කවදාවත් නොවූ ලෙස පාලකයෝ අර්බුදයට යමින් සිතිනවා පාලිත ජනතාවට මේක හොදක් දුර්වල පාලකයෝ ඉන්නකොට ජනතාවට ගිනි බිදින්න බැහැ කොහොම හරි ජෙප්පෝ ටිකක් වැඩිපුර අරිමු (අ)
අයියෝ යහපාලනය. (අ)
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
නිදහස් පාක්ෂිකයන් පක්ෂයට සුළු වශයෙන් හරි ඡන්දය පාවිච්චි කරනවා නම් කරන්නේ මෛත්‍රී ජනපති, මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ කියන පොරොන්දුව නිසා. ඒ ජනතාව රවටන්න නම් සූදානම් වෙන්න එපා. (නි)
බොහොම හොඳයි (නි)
ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන, ලෝකෙම පිළිගත්, ආසියාවේ මිණිපහන ලෙස නම් ලද රනිල් තරම් හොඳ අගමැති කෙනෙක් ලංකාවට ආයෙත් කවදාවත් ලැබෙන්නේ නැහැ. (නි)
බොහොම සන්තෝෂයි (නි)
මම මහින්ද ගැන හිතාගෙන හිටිය හැටි වැරදිනේ (නි)
කම්බ හොරු පළවාහැරීම ඇරඹේ. (නි)
නියම වැඩක්. මේ දෙන්නා හැමදාම කලේ මෛත්‍රී මහත්තයාගේ කකුලෙන් ඇදීම. දැන් ඉතින් වැඩේ හමාරයි. (නදී)
ඇයි මේ දෙන්නා අගමැති කමටත් යෝජනා කලා නේද ? (නදී)
කස්තුරිආරච්චි, ඔබේ කතාව අපි පිළිගන්නවා. හැබැයි 87-89 වගේ කාලයක් නම් අපිට ඕනෑ නැහැ. (නි)
මම නම් හිතන්නේ මේ වැඩ නිසා මහින්දට තව ඡන්ද වැඩිවෙන බවයි (නි)
මේ රට පාවාදෙන්න කරන කුමන්ත්‍රණ රටේ ජනතාව තේරුම් ගත යුතුයි.(නදී)
මෙන්න නියම යහපාලනය! (නි)
පක්ෂයෙන් කොන්ද නමා වඳින භීතිකව අයින් කර කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුලුවන් මිනිස්සු ගන්න ඕනේ. කොඳු නවන ප්‍රමාණයට ගසා කෑමත් වැඩියි (නදී)
අගමැතිකම දිය යුත්තේ කොන්දක් තියෙන අයටය. (නදී)
යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? කියන දේ අහන්නේ නැති මිනිස්සු පාලනය කරන්න තිබෙන සභාපති බලතල ක්‍රියාත්මක කිරීම වැරදිද? මේ ගොල්ලන්ට කොච්චර අවස්ථාව දුන්නද? ශ්‍රීලනිපය පිරිසුදු කරගෙන ඉදිරියට යන්න. පක්ෂයක් සාර්ථකවීමට දෙවන පෙළ නායකත්වයක් උවමනාය. (නි)
ජනතාව දැන්වත් තේරුම්ගත යුතුයි මොකක්ද යහපාලනය කියලා (නි)
ජේ. ආර්. ජයවර්දන මැතිදුන් විදායක ජනපති තනතුර හඳුන්වා දුන් දින සිට මෙතෙක් එම අසුනේ හිඳගත් සෑම ජනපතිවරයෙකුම මන්ද බුද්දික ලෙස හැසිරුනා. ජේ.ආර්. ගැහැණියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගැහැණියෙක් හැර අන් සියල්ල තමන්ට කල හැකියි උදම් අනමින් පන්සල් වලට කම්බි වැටවල් ගැහුවා. ප්‍රබාකරන් තමන්ගේ ගැටේට අසුවේයයි සිතු ප්‍රේමදාස කොටින්ට ආයුද දුන්නා. අසරණ පොලිස් නිලදරුවන් හයසිය ගණනක් අමු අමුවේ මැරෙන්න හැරීයා. බුද්දිමත් රජයේ නිලදාරියෙකුවූ ඩී.බී . විජේතුංග තනතුරේ බලතල තේරුම් ගැනීමට නොහැකිවූ හෙයින් තම පක්ෂයේ බලයද අහිමි කරගත්තා. උගතුන්, බුද්දිමතුන්ගේ කරපිටින් පැමිණි චන්ද්‍රිකා, ඔවුන්ට නින්දා කරමින් ඈත් කොට රාජ්‍ය දේපල තුට්ටු දෙකට විකුණමින් රටේ ආර්ථිකය රින කළා. මහින්ද යුද්දය නිම කලත් දෙමල ජනතාව හැත්තෑව දසකයේ ඔහුන් සිටි තැනට රැගෙන නොගොස් තම සහෝදර සමාගමේ හා බොරුවෙන් ජීවිතය ගැටගසා ගන්න නක්සාස්තර කාරයින්ගේ බසට අවනත වුනා. කෙසේ වෙතත් මේ සියලු දෙනා එම තත්වයට පත්වීමට මදක් කල්ගියා. නමුත් අද සිටින අපේ ජනපතිට එම තත්වයට පත්වීමට එපමණ කල්ගියේ නැහැ. මෙම රෝගයට හැකි විගස ප්‍රතිකාර සොයා නොගතහොත් අනාගත පරපුර හා අපේ රට ?. (නදී)
මේවා ඔක්කොම වෙන්නේ සමහර අයගේ අවශ්‍යතාවයන් උඩ. මෙතුමා දේශපාලන සිරකරුවෙක් වෙලා වගෙයි (නදී) .
නියමයි ! ජනපති මෛතිපාල ගැන මහින්ද පැත්තෙන් හිතන් ඉන්නේ කොහොම හරි තමන්ගේ හොරුන් ටික බේරගන්න පුළුවන් කියලද ? අමාරුයි ! ඉදිරියේදී තව සෙල්ලම් බලා පොරොත්තු වෙමු ! (නදී)
අපි හැමදාමත් බලාපොරොත්තු පමණක් තියාගෙන ජීවත් වෙන කොටසක් වෙලා.(නදී)
මෛත්‍රිට පොඩි හරි ගෞරවයක් තිබුන නම් ඒකත් ඉවරයි. (නදී)
ජනාධිපතිතුමන්ට රට කරවීමට සහය දක්වනවා වෙනුවට මෙයාලා කළේ එතුමන්ව අපහසුතාවයට පත්කරමින් රටත් පක්ෂයත් අරාජික කිරීම. තම පක්ෂයෙන් පත්වූ ජනාධිපතිතුමන්ට රට කරවීමට සහය දැක්වීම මෙයාලගේ යුතුකමක් මෙන්ම වගකීම. ඒවා පැහැරහරිනකොට මෙවැනි දේවල් වෙනවා. (නි)
ඔය ඔක්කොම සෙල්ලම් මධ්‍යම කාරක සභාව රැස් කරන තුරු පමණයි (බ)
මෙහෙම ගැටුම් තියෙන සන්ධානෙට අපේ වටිනා ඡන්දය දෙන්නේ නැහැ (බ)
ලොකු දෙයක්. මේ දේ සිදුවන්න ප්‍රමාදවීම ගැන බලවත් කනගාටුව. (නදී)
මැතිවරණයක් පවත්වන වෙලාවේ පක්ෂයක ලේකම් වෙනස් කරන්න පුලුවන්ද? (නදී)
හරියටම හරි. පහුගිය දවස් වල සමහරු කෑගැහුවා ජනාධිපතිතුමාගේ කොන්ද පණ නැහැ කියල ...හා දැන් කොහොමද? කෑගහපු අයගේ කොඳු කැඩෙන්නම පාර වැදුනා නේද? (නි)
මෙහෙම තමයි වෙන්න ඕනෑ (නි)
මෛතිපාල ජනපති හදන්නේ ජේ.ආර් සහ ප්‍රේමදාසටත් වඩා රට අරාජික කර ජනතාව අවුස්සන්න. (අ)
මාරයි
එතුමා පක්ෂය පිරිසිදු කරනවා.ඒක හොඳයි (නි)
මෛත්‍රීපාල මහතාට කොච්චර දේවල් කිවුවද මුලින්? කොහොමද දැන් වැඩ? ඔහුගේ තීරණයට සියල්ලන්ම හිස නැමිය යුතුය (නි)
මහින්ද අගමැති වෙයි යන බයට සිදුවු කුමන්ත්‍රණ. (අ)
දැන්වත් ගෞවරවනීය ලෙස දේශපාලනයෙන් සමුගන්න. මිනීමරුවන් කුඩුකාරයන් සමග ඔබත් දේශපාලන දිවිය විනාශ කරගන්නවද ? නිදහස් පක්ෂය විනාස කරනවාද ? තීරණය ඔබ අතේ. (නදී)
අන්න හරි. එහෙම තමයි කරන්න ඕනෑ. (නි)
දැන් ඉතින් හරිනේ වෙලාවට බෙහෙත් හම්බුනා බබත් හම්බ උනා. (නදී)
තව දවස් දෙකයි. හොරකම් මැරකම් වලට තිත තියන්න ජනතා රැල්ල එකතුවෙලා ඉවරයි. (නි)
වැඩේ නියමයි. ඇයි මෙච්චර ප්‍රමාද කළේ? (නි)
ගරු ජනපතිතුමාගේ හොඳ තීරණයක් (නි)
නායකයෙක් හැටියට මෛත්‍රී දෙවන පෙළ නායකයින්ට ලොකු අවස්ථාවක් දුන්නා, තමන් සමඟ වැඩකරන්න. (නි)
වැඩකට නැති අය අනිවාර්යෙන්ම අයින්කල යුතුයි.(නදී)
කිසිවෙකුට හෝ වෛරය සුදුසු නොවේ.එය රට හා පක්ෂය යන දෙකම විනාශ කරනු ඇත (නි)
නහී වෙරෙන වෙරානී - සම්මන්තීච කුදාචනං අවෙරෙන ච නසම්මන්තී - එස ධම්මෝ සනන්තනෝ.(නදී)
දැන් තේරෙනවනේ කාටද තන්හාව කියලා. (නදී)