ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව එහි සභාපතිවරයා ඉවත්කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාවට නොහැකි බව ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති එස්.බී. දිසානායක මහතා ‘‘ලංකාදීපය“ ට පැවැසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් ඔහු ඉවත්කිරීමට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නේ යැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘‘ලංකාදීප‘‘ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

 පක්ෂයේ බලය අල්ලන කතා, පක්ෂ සභාපතිවරයා එලවන කතා ආදිය කවුරුන් හෝ පවසන්නේ නම් එය පක්ෂයට කරන ද්‍රෝහිකමක් බව කී හෙතෙම සියලු දෙනාගේ අරමුණ විය යුත්තේ පක්ෂ සමගිය රැකගෙන සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම බව ද කීවේය.