‘කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.‘ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා බත්තරමුල්ල අපේගමදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
ඔහු ඒ රැස්වීමට පැමිණියේ පැය එකහමාරක ප්‍රමාදයකින් පසුවය.
ඇමැති මෙසේද කිවේය .
‘ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ.දුෂණ වංචා කරන්නත් නොවේ.ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි.බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි.ජනතාව යටපත් නොකළ යුතුයි.බලයෙන් මත් නොවිය යුතුයි.ජනතාවගේ (රජයේ )බාරකරු ජනතාව හා ජනතා නියෝජිතයින් යටපත් නොකළ යුතුයි.‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියමන් නම් ලස්සනයි , කෙරුවාවත් හොඳ වුණොත් හොඳයි. (නි)
ගරු මහින්ද ජනපති තුමා සිටියොත් නැවතත් අපේ රට රැකෙනු ඇත..(හේ)
මැතිතුමනි,අසරණ ජනතාවට පිහිටවෙනු මැනවි ! (නි)
මේ සේරටම මුල බල තන්හාව.කොහොම හරි ඇමති මණ්ඩලය අඩුවුනා එකනම් රටට ලොකු දෙයක්.(හේ)
ජනතාවට මුල අමතකයි. එ් නිසා මහින්ද දිනනවා. එකමදේ වැඩි ඡන්ද ප්‍රමාණය අඩුවෙනවා (නදී)
බලය ලැබුණුවිට බලයෙන් මත්නොවී රට ජාතිය ගැන හිතන්න (නි)
හොරකම, වංචාව, දුෂණය, පවුල්වාදය රටින් තුරන්කරමු (නි)
ලංකාවේ මිනිස්සුන්ට මුල අමතක වෙන එක සාමාන්‍ය දෙයක්නේ. (නදී)
මුළු ලංකාවම ඔබ සමඟයි. රට හදන්න එකතුවෙන්න !!! (නි)
ප්‍රමාද වෙලා හරි රට ගැන හිතල ගත්තෙ හොඳ තීරනයක්. අපෙන් උපරිම සහයෝගය. ජය වේවා! (ර)
රට බේරාගැනීමේ නියම තීරණයක් (නි)
අපේ රටට දැන් අවශ්‍ය වෙනසක් (නි)
ජය වේවා.(හේ)
මට නම් කිසිම සැකයක් නැහැ ජයග්‍රහණය ගැන (නි)
මේ කතා කරන්නේ කොහෙවත් හිටපු කෙනෙක් නෙමෙයි .. ලඟින්ම හිටපු කෙනෙක් .. කට්ටිය හිතන්නේ ළමයෙක් වඩා ගත්ත කියල හරි හොඳ කෙනා කියල .. ලමයව වඩාගෙන ඉඹල ළමයාගේ තාත්ත සෙල්ලම් දැම්මොත් හින් නුලෙන් වැඩේ දෙනවා ..
ඔබට ජය නියතයි (නි)
කව්රු මොනවා කිවත් නතරකරන්න ඕනි ජන වාර්ගික අර්බුදය.
කියා තියෙන ටික නම් තනිකරම ඇත්ත , නමුත් හවුලේ කැදත් එපා , කියලා කියමනකුත් සමාජයේ තියෙනවා,ජනතාව කල්පනාකාරී විය යුතුයි, ජනතාවට ජයවේවා!.(හේ)
හරි දේ හරියට කරන්න.වංචා කාරයන්,කුඩු කාරයන්,දුෂකයෝ නැති ඇමති මන්ඩලයකුත් හදලා මන්තිවරු ගණන අඩු කරන්න.දුප්පතුන් නගාසිටුවන්න . පළමුව තමන්ගේ රට .රටේ අනාගතය ගැන හිතන්න.ජනතාව ඔබ සමග ඉදිවි.ඔබ ජනතාව සමග එන්න.(හේ)
මෙම මොහොත දේශපාලනය ඉගෙනිමටද මහගු අවස්ථාවකි. වර්ධනය වන දේශපාලන තත්වයන් හමුවේ සියලු මහා දේශපාලන චරිත අබිබවමින් මෙතුමා පොදු අපේක්ෂක ලෙස ඉස්මතු වුනා. අන් කවරදාටත් වඩා විධායක ජනාධිපති ධුරය ඉතා කෙටි කාලයකදී අවසන් කිරීමට මෙතුමා බැඳී සිටිනවා. මෙතුමාට ශ්‍රී.ල නි.ප. ඇතුළු සියලුම පක්ෂ වල සහයෝගය ලැබෙනවා. පරිනත දේශපාලක්නයෙක් වන මෙතුමා එදා සරත් ෆොන්සේකා මහතාට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා වගේම වර්තමාන ජනධිපතිවරයා එදාට වඩා බොහෝ පිරිහී තිබෙන බව පසුගිය පලාත් සභා මැතිවරණ වලදීත් පෙනී ගියා එම තත්වය දවසින් වර්ධනය වෙනවා. එනිසා ජයග්‍රහණය නියත ලෙස ලැබීමට මනා සැලැස්මකට, සන්විධානාත්මකව වැඩ කළ යුතුය.(හේ)
කොළඹ රාජකීය මහත්තයා පොළොන්නරුවේ රාජකීය මහත්තයට ඉඩ ලබා දෙයි (දිල්)
ජයවේවා! දුෂිත පාලනය නිමා කරමු.(හේ)
මේතුමා දිහා බැලුවම බොහොම අවිහිංසක චරිතයක් හැටියට තමයි අපි හදුනාගෙන තිබුනේ, මේ වගේ වැඩකට ඉදිරිපත්වෙන්න තරමට ධෛර්යක් ශක්තියක් තිබීම ගැන අපි සතුටු වෙනවා ! (ර)
කුරුණෑගල අපිත් ඔබට. ජයවේවා ! (ර)
ගොවි කොල්ලට මගේ සුබපැතුම්...!ඉතාම කල්පනාවෙන් දලදසමිදු පිහිටි (අ)
ඔය ගිය කෙනත් හොරකන් කරන වන් ඡන්ද කරන ආණ්ඩුවේම අවරුදු ගණනක් හිටියනේ ..දැන් තම එයටත් හොරකම වංචාව එපාවෙලා තින්නේ ...(අ)
එල්බෞර්නෙ නුවර අපිත් ඔබ සමග මග රටට නීතිගරුක ජනාධිපති කෙනෙක් ලැබේවා (අ)
බුද්ධිමත් ජනතාවට මෛත්‍රී සමඟයි ඔබේ දිනුම සත්තයි. ජය වේවා (ස)
රත්නපුරත් ඔබ සමගයි. ජයවේවා.! (ර)
ගාල්ලේ ජනතාවත් ඔබ සමගයි.ජවිපෙ එකත්‍ෙඑක්කර ගන්න.(හේ)
රට අච්චාරුවක් කරන්න මේ අය කේන්දර හදනවා වගෙයි. (නදී)
අනේ අපිව මේ බල ලොබයින්ගෙන් ගලවලා දෙන්න මෛත්‍රී තුමනි.(හේ)
ඔබ තුමාට හොද හැකියාවක් තියෙනවා.(හේ)
ගරු අනාගත ජනපති තුමනි, රටේ යහපාලනය ඇතිකරලා සෑම දෙනාටම සාමයෙන් ජීවත් වෙන්න නීතිගරුක රටක් හදන්න.(හේ)
මෙවර පොදු අපේක්ෂකයත් ආණ්ඩුවෙනම වගේ අනේ අප්පෝ විපක්ෂෙට ගිය කලක් .(අ)
රජරට විතරක් නොවෙයි මුළු ලංකාවම ඹබ සමගයි... ජය නියතයි....(හේ)
ජයවේවා ඔබ තුමාට , මෛත්‍රිපාල සිරිසේන . අපේ රට ගොඩ ගන්නට , ඒකාධිපති බවයෙන් , කෙළේ නීතියෙන් බෙර ගන්නට ඔබ වෙනි කෙනෙකුට පුළුවන් (අ)
අපේ සහය ඔබතුමාට. ජයෙන් ජය...!!! (අ)
අපි බලාගෙන හිටියේ ඔබතුමා එනතුරු තමයි (අ)
කොයි කවුරුත් බලය කියන හඬ තමන් අතට ගන්නකන් ඔහොම කියනවා,පොළොන්නරුවේ අය එයාඑක්ක ගියාට ලංකාවේම 3/2ක් ජනපති මහින්ද සමගයි. (අ)
ඒක ඇත්ත වෙන්න පුළුවන්.මහින්ද මහත්තයා ගාවින් ගියා කියන්නෙ සදා විපක්‍ෂෙය් තමයි. රටේ මිනිසුන්ට අවශ්‍යතාවයක් තිබුනෙ නැහැ මෛත්‍රීපාල මහත්තයාව ජනාධිපති කරන්න. විපක්‍ෂයටත් ඔය වෙලා තියෙන්නෙ හැප්පෙන්න කෙනෙක් නැති කමට ෂේප් වෙන්න වත් කෙනෙක් අවශ්‍යතාවය. ආණ්ඩුවේ පාක්‍ෂකයන්ට අවශ්‍ය ජනාධිපති මහින්ද මහත්තයාම තමයි. (නදී)
අන්තිමේදී දෙවියෝ අපේ රට දිහා බැලුවා, විනාශයෙන් ලගදීම මගේ රට මුදාගන්නට ඔබට සියලු දෙවි රැකවරණය ලැබේවා. (නදී)
ඔබ තුමාට ජයවේවා. (නදී)
තනතුරු,,වරප්‍රසාද හැරදාලා යන්න අකමැති නිවටයන් ඉදිරියේ ඔබ තුමා යෝධ පියවරක් තැබුවා. ශ්‍රී ලංකික ජනතාව ඉදිරියේ සදා අනුස්මරණ සටහනක් වෙනු ඇත.ඔබට ජය ශ්‍රී ! නියමයි! ඔහොම යන්. ඉල්ලුවොත් මම පුළුවන් හැම ඡන්දයක්ම මෛත්‍රීට අරගෙන දෙනවා. හැබැයි රට ගැන හිතන්න. ජයවේවා (අ)
නියමයි
බලංගොඩ ජනතාවත් සුපිරියටම ඔබ සමගයි. අපිට මේ රජයෙන් අබමල් රේනුවක වැඩක් වෙලා නෑ. අපි වෙනසකට මුල පුරමු. ජයවේවා. (නදී)
මෙයාද පොදු අපේක්ෂකයා ? මේ පාර නම් ආණ්ඩුව නැති වෙයි වගේ (නදී)
කුමාරි හිතන්නේ රට ගැනද නැති නම් පුද්ගලයෙක් ගැනද ? (අ)
පෙර වැරදි හොයලා හිරේ යවයිද දන්නේ නැහැ (නදී)
අපි ඔබ වෙනුවෙන් ! (අ)
ඕවා රටේ වාසනාවට වෙන දේවල්. එළියට එන්න මැතිතුමණි... ඔබට ජය (නදී)
වෙනසක් ඕනෑමයි. (අ)
එළියට එන්න මැතිතුමණි... ඔබට ජය (නි)
ඔය පෑත්තට මර්වියත් එන්න බලයි. හෑබෑයි ඕකා ආවොත් අපි නෑ (අ)
ඕවා රටේ වාසනාවට වෙන දේවල්. (නි)
සම්පුර්ණ ඇත්ත. ලංකාවේ සෑම ජනාධිපතිවරයෙකුටම බලය ලැබුන පසු බලයට පත්කරපු අය අමතක වුණා. රටේ අවාසනාව. (නි)
කවුරු මොනවා කීවත් මහින්ද ජනපති තුමා සිටියොත් නැවතත් අපේ රට රැකෙනු ඇත. (දිල්)
නියමයි! ඔහොම යන්. ඉල්ලුවොත් මම පුළුවන් හැම ඡන්දයක්ම මෛත්‍රීට අරගෙන දෙනවා. හැබැයි රට ගැන හිතන්න. ජයවේවා!(දිල්)
මේ පක්ෂයට දරදිය ඇද්ද කෙනෙක්. මේ මනුස්සයාට වල්පයයි ගොඩ පයයි තියෙද්දී ද දන්නේ නැහැ නිසි තැන දෙන්න ඉඳල තියෙන්නේ. (අ)
අතීතේ මතක් වෙන්න නැවත යූද්ධයක් ඇති වෙන්නම ඕනේ. එවිට තේරැයි.....ගරැ මහින්ද ජනාධිපති තුමනි අප ඔබ සමගයි. ජය වේවා. (අ)
ගරු මහින්ද ජනාධිපති තුමනි අප ඔබ සමගයි. ජය වේවා. (අ)
රුපවති පිටරට ඉඳන් අත දික් කරලද ඡන්දෙ දාන්න හදන්නේ (අ)?
මුළු පොළොන්නරුවම ඔබ සමඟ පක්ෂ පාට නැතිව.(හේ)
සිරිසේනට ගිය කලක් මහින්ද ලඟින් තියන්නවත් පුලුවන්ද කිසිම රජය නායක ගතියක් නැහැ (අ)
රටට සුභදායි වෙනසක් ! (අ)
කොයි ජනපතිවරයකු පත් වුවද තුන් වරක් නතර කළ යුතුයි. නැත්නම් පසු පෙළට ඉහළට යාමක් හෝ පක්ෂයක පැවැත්මක් නැති වනු ඇත (දිල්)
රටට වැඩක් වෙන කාලෙක එ්ක ආපස්සට අදින බල ලෝබි නායකයෝ කවදත් ඉන්නවා. (නදී)
කුමන ජනපතිවරයකු පත් වුවද තුන් වරක් නතර කළ යුතුයි. නැත්නම් පසු පෙලට ඉහලට යාමක් හෝ පක්ෂයක පැවැත්මක් නැති වනු ඇත.(හේ)
ජය වේවා. ඔබතුමාව සාදරයෙන් පිළිගනිමු (නි)
සුමනදාස උන්නැහේට මේ පර ගණන් වරදුනාවද්ද. (අ)
අගමැතිකම ලැබුනා නම්... (නි)
පොළොන්නරුවේ ජනතාවට දැන්වත් හොද කලදසාවක් උදාවේවි අපේ අසරණ ජනතාව නොසලකන ආණ්ඩුව ගැන තේරුම් ගෙන ජනතාවාදී ගමනකට මුල පිරු මෛත්‍රී මහරජාණනි ඔබට අපේ උණුසුම් සුබ පැතුම් පොළොන්නරුවේ මානව හිතවාදී අපි (අ)
ඔබ මුල අමතක නොකළ , ගමෙත් නගරයේත් ඕනෑම තැනක එක ලෙස හිස ඔසවා ජනතාවගේ ඇස් දෙස කෙලින් බලන්නට හැකි කෙනෙක්. (දිල්)
මේක හොද පුර්වාදර්ශයක් වේවි අනාගත නායකයන්ට. අපි කොච්චර හිතුවත් අපිව වටන්න බැහැ කියලා, අපි සමාජ සදාචාර අමතක කරලා වැඩ කළොත් සොබාව ධර්මය අපිට තරගකරුවෙක් ලබලා දෙනවා. මේකත් එහෙම දෙයක්ද? (දිල්)
මර්විය නෙමෙයි සුනිල්, බැරි වෙලාවත් බන්දුල පෙරේරා ආවොත් අපිත් ඔය වැඩේට නැහැ. (අ)
අපි ඔබ සමගයි ! මුදු හතක් එහා ඉඳන් මේ ඔබට ජය පතන්නේ. !(දිල්)
අනාගත ජනාධිපතිතුමනි ඔබතුමාට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.මඩ ගොහොරුවක් වු ශ්‍රී ලංකාව නැවත එක්සත් රටක් කරා ගෙන යන්නට ඔබතුමාට වාසනාව ලැබේවා. මගෙන් චුටි උපදේශයක්- ඥාතින්ව දේශපාලනයට ගෙනෙන්න එපා. වැදගත් විදිහට එන්න - වැදගත් විදිහට යන්න. ඔබතුමාට ජය වේවා.(දිල්)
රටටත් ජාතියටත් සුභ පැතුම් (දිල්)
තව වෙන මොනවද ? ඔය කියපු ටිකම ඇති අලුත් වෙනසක් වෙනුවෙන් !(දිල්)
දැන්ද වැරදි පෙන්නේ ඇමතිතුමා?ඔය ගියා කියලා වෙනසක් කරන්න බෑ.ඔයා නගින්නේ රට පාවා දීපු මිනිස්සුන්ගේ වේදිකාවට.ඔයාගේ දේශපාලනේ අවසානේ.දුකයි. (අ)
ඔබ තුමා රටට අදරය කළ කෙනක් . අපි ඔබ තුමාට සුබ පත නවා (දිල්)
ගුණධර්මයෙන් පිරිහී ගිය දේශය අවදි කරනු මැන (දිල්)
කටුගම්පොළ අපිත් ඔබ තුමා එක්ක ඉන්නවා (දිල්)
එතකොට පොළොන්නරුවේ ඔබ තුමාගේ හාල් මෝල්, වැලි බිස්නස් එහෙම ඕවට අයිති නැද්ද? (දිල්)
සතුට කියන්න වචන නෑ (දිල්)
තනතුරු,,වරප්‍රසාද හැරදාලා යන්න අකමැති නිවටයන් ඉදිරියේ ඔබ තුමා යෝධ පියවරක් තැබුවා. ශ්‍රී ලංකික ජනතාව ඉදිරියේ සදා අනුස්මරණ සටහනක් වෙනු ඇත.ඔබට ජය ශ්‍රී ! (දිල්)
පක්ෂ පාට භේදයකින් තොරව මෙතෙක් ඔබ පොළොන්නරුවට සිදු කලාවූ සේවය රට වෙනුවෙන් සිදුකරන්න කාලය එලැඹි තිබේ.පක්ෂ පාට භේදයකින් තොරව ජනතාව ඔබ ඉහලට ඔසවා තබාවි.මෙතෙක් රැගෙන ආ ප්‍රතිපත්ති ගරුක නිහතමානී බව ඔබට ජයගෙන ඒවි..(හේ)
අපිට ඕන සාධාරණ රටක් සහ නැවුම් වෙනසක්.(හේ)
මහින්දට තුන් වරක් බැරි වෙයි වගේ.(හේ)
ඊළඟ පරම්පරාව පුටුවේ වාඩි වෙනකන් අල්ලාගෙන යාම හරිම අසාධාරණයි. (හේ)
ඔබ තුමාට මගේ ගෞරවනීය ආචාරය .(හේ)
ඔබ ශ්‍රේෂ්ට දේශපලාකයෙකි , මුළු ශ්‍රී ලංකාවාසී ජනතාවට ආලෝකයක් වෙන්න. ඔබගේ අනගිබවනීය දේශපාලන දායාදය තුලින් සියලුම විපක්ෂ ගුණවත් නයකින් සමගින් මගේ මවුබිම එක්සේසත් කරන්න, ඔබටත් ශ්‍රී ලංකික ජනතාවට ජය සහ සතුට !(හේ)
ගම්පහ අපිත් ඔබට. ජයවේවා ! නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්.(හේ)
විධායක ජනාධිපතේ ක්‍රමය අහෝසේ කරන්න. පාර්ලිමේන්තුවට වගකියන අගමැති කෙනෙක් පත් කරන්න. (අ)
ජයවේවා, බලයෙන් මත්වී ජනතාව තැලූ පාලනය නිමා කරමු, අපි ඔබ සමගයි.(හේ)
මේ අර ජනාදිපති උපදේශක රජිව විජේසිංහ මහත්තයත් ඇවිල්ල නේද? (ස)
ඇමැතිතුමනි මේක තමයි හොඳම අවස්ථාව රටට ගැලපෙන ව්‍යස්ථාවක් සම්මත කරගන්න. තවද මේ රජයේ ඉන්න රට ගැන හිතලා කටයුතු කරන දේශ ප්‍රේමීන්ටත් තමන්ගේ අවංක භාවය පෙන්නුම් කරන්නත් හොඳම අවස්ථාව. මේ අවස්ථාව මගහැරියොත් අපි වගේ අවාසනාවන්ත රටක් ලෝකේ කොහෙවත්ම නැත. මගේ සුබපැතුම්. (හේ)
ඕක දැන්වත් තෙරුන එක හොඳයි.(හේ)
එල් ටි ටි එකට එරෙහිව අන්තර්ජාතික ප්‍රජාව හමුවේ දේශපාලන සටන ගෙනගිය රජීව මැතිතුමාගේ පැමිණීම පොදු අපේක්ෂකයාට විශාල ශක්තියක් (ස)
ඉන්නකම් ඔය මොකවත් කියන්නේ නැහැ යන්න ඕන වුනාම මොනවහරි කියනවා. ගියොත් එයාගේ දේශපාලනයත් ඉවරයි.(හේ)
මහින්ද මහත්තයා එක්ක පුලුවන් කෙනෙක් ආවා නම් හොඳයි (නදී)
මෛත්‍රී වේවා! ඔබේ දිනුම සත්තයි. ජය වේවා (දිල්)
සුබම සුබ අනාගතයක් .ගොවි රජට ජයම ජයවේ .පොළොන්නරුවේ සියල්ලම ඔබ සමගින් .මැදිරිගිරිය සියල්ලම ඔබ සමගය (දිල්)
මගේ රටට දළදා හිමි සරණයි....... අසාධාරණ කාලේ ඉවර වෙන්න හදන්නේ.... වසන්තය උදා වේවි.ඔබතුමාට බුදු සරණයි....(දිල්)
සියල්ලට ම කලින් ජීවිත ප්‍රවේසම් කරගත යුතුයි..(දිල්)
ජයවේවා!. රටත් රටේ අනාගතයත්, අනේකවිදි දුක් විඳින අසරණ ජනතාවත් ගැන සිතා නිවැරදි තීරණයක් ගන්න. අපේ සහය ඔබතුමාට. ජයෙන් ජය...!!! (දිල්)
අහෝ ඒ ජ ප ය නොදිටි මොක් පුර.(හේ)
ඔබ ශ්‍රී ලංකාවේ මෝදී. (අ)
අපි ඔබ වෙනුවෙන් පාවිච්චි කරන වටිනා ඡන්දය හොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමට වගබලා ගන්න. ඔබට ජය.(හේ)
රට වෙනුවෙන් අපි ඔබ සමගයි. (හේ)
පුලතිසිපුරයට අභිමානයක් !(හේ)
හැම නායකයෙකුම ජනතාව පත්කළේ යුද්දේ දිනන්න තමා. යුද්දේ දින්න නිසා දෙපාරක් ජනාධිපති කම දුන්නා. ඒ මදිද? (අ)
දේශපාලනයේ සදාකාලික වීරයන් නැත. බලය කාගේවත් පුද්ගලික බුදලයක් නොවෙයි. (හේ)
රජුන් තනන්නත් රජුන් නැති කරන්නත් සන්ඝයා වහන්සේට ඇති ශක්තියේ සැබෑ අරුත තමයි මෙය. අපූරු තීරණයක්.(හේ)
කොහොම වුණත් එ්කනම් සුබ ආරංචියක් .මගේ සම්පුර්ණ සහයෝගය වෙනසක් කරන්න පුළුවන් ආණ්ඩුවේ හැර ඕනෑම කෙනෙක්ට.(හේ)
ඔබට ජය.! (ර)
පංච මහා බලවේගය ඔබ තුමා වටා පෙළ ගැසෙනු නොඅනුමානයි .(හේ)
හිටපු ඇමතිතුමනි රට බේරාගැනීමට ඉදිරිපත්වන ඔබට සදා ජය!(හේ)
අපි ඔබ සමගයි .. ජය වේවා .(හේ)
සාදරයෙන් පිළිගනිමු ! (හේ)
ඔබ තුමා දින්නත් පැරදි ,පැරදුනත් පැරදි.(හේ)
මහින්ද යුද්දෙ දිනලා දුන්නා.එ්ත් එකෙන් පස්සේ ඇමතියෝ එක්ක එකතු වෙලා රටේ දේවල් විනාශ කළා එකයි කලේ.දැන්වත් මේක නවත්තල විධායකය පාර්ලිමේන්තුවට දෙමු.(හේ)
නියමයි. ඔහොම යමු ඔබට ජය නියතයි. (ර)
ඔබ තුමාගේ ලස්සන අදයි දැක්කේ. ජයවේවා! අපි එනවා ඡන්දෙට ලංකාවට. (ර)
හොද තීරණයක් ගත්තේ, නියම වෙලාවට තැනට සුදුසු නුවන යෙදවූ බව හැමදෙනාටම පේනවා. (ර)
මහින්ද ජනධිපතිතුමා ලොකු සේවයක් කළා රටට.එක වෙන කිසිම ජනාධිපති කෙනෙක් කළේ නෑ. ඒ වුනාට දැන් එතුමා ගමන් කරන පාර වැරදි.එක නිවැරදි කරන්න ඕනි.අපේ ලංකාවේ මිනිස්සු කරන ලොකු වැරැද්දක් තමා පාට පක්ක්ෂ වලට බෙදිලා ඉන්න එක.මම කැපුවත් නිල්, කොළ රතු.ඇයි ඒ?එයාල රටට නෙවේ ආදරය කරන්නේ.පක්ෂයට.අපි මේ මොහෙතේ රටට ගැලපෙන රටට අවශ්‍ය කෙනා තෝරගන්න ඕනි.ඒ තම මෛත්‍රී. (හේ)
අලුත් බලාපොරොත්තුවක්. අඩුම තරමේ ඔබ තුමාගේ පොරොන්දුවත් කඩවුනු පොරොන්දු නොවේවායි පතමි. (නදී)
ඔබට ජයවේවා! (නි)
6 න් 5කට වැඩි බලයක් නියතයි (නදී)
මෛත්‍රීපාලත් ෆොන්සේකා වගේ ඉල්ලගෙන කන්න හදන්නේ (නදී)
රූපවති, ඔයාගේ ඔලුව පරික්ෂාකර ගත්තා නම් හොඳයි. (නි)
ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)
අද පෙනුමත් හොඳයි. පක්ෂ බේදයකින් තොරව ජනතාව ඔබ සමගයි. (ර)
බලයෙන් මත්වූවන් කවදාහෝ බලයෙන් ජනතාව විසින් නෙරපනවා (නි)
මේක දශක ගණනාවකට පසු උදාවූ ස්වර්ණමය අවස්ථාවකි. (නි)
මහින්දගේ කටු ලෙවකන නිවට වීරවංශ ඔලුවෙන් හිටගෙන කීවත් මෛත්‍රී මැතිතුමාගේ ජයග්‍රහණය නියතයි.රටේ බුද්ධිමත් ජනතාවට මෛත්‍රී සමඟයි. (අ)
අපගේ උණුසුම් සුබ පැතුම්! ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා! (නි)
මට නම් දේශපාලකයෝ කියන්නේ ඔක්කොම එකයි (නි)
නියමයි! ඔහොම යමු. ඉල්ලුවොත් මම පුළුවන් හැම ඡන්දයක්ම මෛත්‍රීට අරගෙන දෙනවා (නි)
මට නම් දැනෙන්නේ වෙනසක් වෙයි වගේ. සුබපැතුම්..! (නදී)