මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
පළමු ඉනිමේදී අර්ධ ශතකයක් රැස්කළ ශාන්ත තෝමස් විද්‍යාලයේ ලසිත ලක්ෂාන් තම කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා මාවත විවර කර දුන්නේය.
දෙවන ඉනිමේදී ලකුණු 36 කට කඩුලූ 5 සමගින් සමස්ත තරගයේදීම ලකුණු 65 කට කඩුලූ 7 ක් දවාලීමට කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ තලීෂ දිල්ෂාන් සමත් වුවත් තරගය ජයග‍්‍රහණ කිරීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම සියලූ දෙනා දැවී 145
(මනොජ් කුමාර 48, යොහාන් මධුශංක 22, එස්. එම්. කරුණාසිංහ 20, නෙවිඳු උදේෂ් 14/3, අකිල තිවංක 14/2, තලීෂ දිල්ෂාන් 29/2)
ශාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 162
(ලසිත ලක්ෂාන් 50, රූසිරි අක්ෂය 20, නෙවිඳු උදේෂ් 23, එස් එම් කරුණාසිංහ 35/4, සුරේෂ් මධුශංක 20/2)
කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය - දෙවන ඉනිම සියලූ දෙනා දැවී 118
(සුරේෂ් මධුශංක 23, සුරංග මධුශංක 21, මහේෂ් වීරසිංහ 16, තලීෂ දිල්ෂාන් 36/5, සසිඳ නිසංක 15/2)
ශාන්ත තෝමස් විද්‍යාලය - දෙවන ඉනිම කඩුලූ 2 ක් දැවී 25
(ලසිත ලක්ෂාන් නොදැවී 17)
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට මුල් ඉනිමේ ජයක්
මොහමඩ් නිfපාල් - දෝහා Saturday, 02 March 2013 01:18 AM
ආඩම්බරයි කොල්ලනේ! රුහුණු මහා නිල් සටන මේ පාර නියමෙටම දෙමු. සුභ පැතුම්! (නි)
කවිදු ගිම්හාන මාතර Thursday, 10 January 2013 05:59 PM
අපේ අය කවදත් හොදයි.. අපිත් තෝමියන් තමයි..!(නු)