මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මාතර ශාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
පළමු ඉනිමේදී අර්ධ ශතකයක් රැස්කළ ශාන්ත තෝමස් විද්‍යාලයේ ලසිත ලක්ෂාන් තම කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා මාවත විවර කර දුන්නේය.
දෙවන ඉනිමේදී ලකුණු 36 කට කඩුලූ 5 සමගින් සමස්ත තරගයේදීම ලකුණු 65 කට කඩුලූ 7 ක් දවාලීමට කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ තලීෂ දිල්ෂාන් සමත් වුවත් තරගය ජයග‍්‍රහණ කිරීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම සියලූ දෙනා දැවී 145
(මනොජ් කුමාර 48, යොහාන් මධුශංක 22, එස්. එම්. කරුණාසිංහ 20, නෙවිඳු උදේෂ් 14/3, අකිල තිවංක 14/2, තලීෂ දිල්ෂාන් 29/2)
ශාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 162
(ලසිත ලක්ෂාන් 50, රූසිරි අක්ෂය 20, නෙවිඳු උදේෂ් 23, එස් එම් කරුණාසිංහ 35/4, සුරේෂ් මධුශංක 20/2)
කරණ්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය - දෙවන ඉනිම සියලූ දෙනා දැවී 118
(සුරේෂ් මධුශංක 23, සුරංග මධුශංක 21, මහේෂ් වීරසිංහ 16, තලීෂ දිල්ෂාන් 36/5, සසිඳ නිසංක 15/2)
ශාන්ත තෝමස් විද්‍යාලය - දෙවන ඉනිම කඩුලූ 2 ක් දැවී 25
(ලසිත ලක්ෂාන් නොදැවී 17)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආඩම්බරයි කොල්ලනේ! රුහුණු මහා නිල් සටන මේ පාර නියමෙටම දෙමු. සුභ පැතුම්! (නි)
අපේ අය කවදත් හොදයි.. අපිත් තෝමියන් තමයි..!(නු)